If our love is wrong..(15)

Start from the beginning
                                    

"මට සමාවෙන්න මන් මේ ගැන ඔයාලට කිවුවේ නැති එකට ....ඒ වගේම මන් පීට් ගෙනුත් සමාව ගන්නවා...කැන් එහෙම කියලා පීට් දිහාවට හැරුනා..

"Phi can...??

"පීට් මට සමාවෙන්න ඔයාව රිද්දෙව්වට...මට මටත් වඩා ආදරේ කරපු ඔයා වෙනුවෙන් මුකුත් කරන්න බැරි වුනාට..මේ fan meeting එකටත් ඊයේ medias වලටත් ඔයාට තනියෙම යන්න සැලැස්සුවට...කොතෝනා කාප් පීට්...(sorry pete )

"මන් ආපහු ඔයාලගෙන් සමාව ගන්නම්...ඔයාලා මට වෛර කරන්න එපා...ඔයාලට මාව එපානම් කමක් නෑ මන් මේකෙන් අයින් වෙන්නම්...ඒත් පීට් ව මගෙන් ඈත් කරන එකනම් මට කරන්න බෑ...සමාවෙන්න...කැන් එයාගේ ෆෑන්ස්ලගෙන් ඉල්ලුවා..

විනාඩි 5ක් යනකන් කිසිම හාවක් හූවක් නැතිව තිබ්බත් ඊට පස්සේ එක ෆෑන් ගර්ල් කෙනෙක් හිටපු තැනින් නැගිටලා අත්පුඩි ගහන්න ගත්තා . අනිත් අයත් එයාව අනුගමනය කලා...අන්තිනට ඔක්කොමලා අත්පුඩි ගහන්න ගත්තා...මොන්ඩ් , ෂමූන් වගේම ජේම්ස් , ජිනිත් පුදුම වෙලා බලන් හිටියා .

"මොකක්ද මේ වෙන්නේ phi ජේම්ස්...? ෂමූන් ඇහුවා..

"ෆෑන්ස්ලා එයාලගේ කැමැත්ත ප්‍රකාශ කලා..කැන් කතා කරපු වචන එයා මුලු හදවතින්ම කියපු දේවල් ඉතින් කැන්ට ආදරේ කරන , පීට් ට ආදරේ කරන හැමෝටම ඕනී එයාලගේ සතුටනේ..එයාලගේ සතුට තියෙන්නේ ඒ දෙන්නම එකට ඉන්න තැන නම් ෆෑන්ස් ලා එයාලට ආදරෙයි නම් ඒ දෙන්නට කැමැත්ත දෙයි...ජේම්ස් කිවුවා..

ජේම්ස් කිවුව විදියටම හැමෝම අත්පුඩි ගහලා එයාලගේ කැමැත්ත ප්‍රකාශ කලා..එක ෆෑන් ගර්ල් කෙනෙක් ඉස්සරහට ආවිත් කැන් ගෙ අතට මල් බොකී එකක් දුන්නා..

"Phi can ඔයා කතා කරපු විදියෙන් ඔයාගේ හිතේ phi පීට් ට ලොකු ආදරයක් තියෙනවා කියලා ඔප්පු කලා..මේක ඔයාගේ ජීවිතේ ඔයාගේ ජීවිතේ ඔයා ඉන්න ඕනී ඔයා කැමති අය එක්කනේ...ඇත්තටම අපි මෙතනදි හැසිරුනු විදිය හරිම වැරදියි...අපිට ඇත්ත මොකක්ද කියන එක තේරුම් ගන්න බැරි වුනේ එකපාරටම ඔයාලගේ සම්බන්දේ ගොඩක් සවුත්ති විදියට එලියට ආපු නිසයි...අපිට ඕනී වුනේ මේක ඔයාලගෙන්ම අහගන්න . ඇත්ත මොකක්ද කියන එක . ඒත් ඔය දෙන්නවම දැක්කාම අපි ඇත්ත තේරුම් ගත්තා...අපි ඔයාලගේ නියම ෆෑන්ස්ලනම් කවදාවත් ඔයාලගේ සතුට නැති වෙන්න දෙන්නේ නෑ..ඉතින් අපිට ඔයාලා දෙන්නවම ඕනී ඔයාලා දෙන්නවම නැති කරගන්න බෑ..

💎 𝗜𝗳 𝗼𝘂𝗿 𝗹𝗼𝘃𝗲 𝗶𝘀 𝘄𝗿𝗼𝗻𝗴 💎Where stories live. Discover now