දාහතර වන අගස්තිය 💎

195 26 336
                                    

🦍 "යේක අපිලා මුකුත් කලා ඉල්ලෛ තමා ලොකු මෙඩම්. ෂමා .. ෂමා තමා වෙනව අයියෝ. පොඩි බොෂ් එනව තමා අප්පා. කලබල වේන්ඩා අප්පා. නේරමුක්කු  ( වෙලාවට ) බොෂා මෙතන. අඩේ අක්කාආආආඅ ... "

🐍 " යකෝ දර්ශන්. මං කලබල නොවී කොහොමද ? දැන් මං කොහොමද කියහන්කෝ ඒ මිනිස්සුන්ගෙ මූණ බලන්නේ . මගෙ පුතා කියලා මං තමුසෙවද පෙන්නන්න යෑ උස්සන් ගිහින්? හරි තමුසෙව පෙන්නුවාමයි කියමුකො. බෑනේ ඕයී බෑනේ එතකොට . සෙට් නෑනෙ. මගුල බලන්න යන්නෙ එකෙක් බදින්නෙ තව එකෙක්නේ.  "

දර්ශන් එක පැත්තකින් මායන් වෙද්දි අනික් පැත්තෙන් ආනන්යා නෝනා මායන් වෙනව. මේ ඔක්කොම මායන් වෙන්න හේතුව තමා ගෙදර පුංචි මිණි කැටේ අතුරුදහන් උනු එක. වෙන කවුරුත් නෙවෙයි ධිවේන් බේබී තමා දැන් නැත්තෙ !

🦍 " යේක යෙයි අප්පා අපේ බොෂාට පූ ( මල ) තෙමා පෙන්නේ ? යේක යකා යොක්කොම බිදඟෙන තමා සෙන්රාන් ( ගියා ) අක්කා "

යන යකා කොරහත් බිඳගෙන යනවා කියන්නැහේ ධිවේන් ගෙයින් එලියට බැස්සේ ගෙට ගොඩවෙන්න පඩිපෙල් නැග නැග හිටපු දර්ශන්ගෙත් ඇගේ හැප්පිලයි. හැප්පික්චි පාර කීයූට් දෙමළාව බිමට වැටෙන්න නොදී ජැක් රෝස් පෝස් එකෙක් මොහොමඩ් අල්ල ගත්ත හින්දා හොඳයි.

හැබැයි ඉතින් ඔය ඇල්ලිලි කරන්න ගිහින් දෙන්නා එක්කම බිම වැටිලා මොහොමඩ්ගෙ ඇටේ බිදුනු එක ගැන අපි කතා නොකර ඉමු.

මං කිව්වේ අතේ ඇටේ ගැන. වැලමිටේ එක. ඔව් ඒක බිඳුනා.

කොසුමිට වගේ කෙට්ටුවට බනිස් අත පය තියන් හිටියට ඉතින් දර්ශන් බරසාර මනුස්සයෙක්. එහෙම එකෙක්ව අර මොහොමඩ් කොල්ලගෙ අත් දෙකෙන් අල්ලලා නවත්තන්නට බෑනේ.

දෙන්නම එකා පිට එකා වැටිලා , එහෙම කිව්වට දර්ශන් තමා මොහොමඩ්ගෙ ඇග උඩ හිටියෙ ;  මොහොමඩ්ගෙ යට වෙච්චි අතේ වැලමිටේ ඇටේ පිපිරුවා. අන්තිමට ඒ මනුස්සයාවත් ඇදගෙන ධිවේන් වාෂ්ප උනා. ඕකයි සිද්ධිය..

🐍 " එන්නෙ නැතෑ එන්නෙ නැතෑ මහ ලොකු පුත්තරයා. බලහන්කො ඉතින් දර්ශන් දැන් මුගෙ වයසම කීයක් කියලද . 92 ක් නේ...අ නෑ මේ 29 ක් නේ ! තව ටික කාලෙකින් 30 යි. හරි නම් අපි මේ ඉන්නෙ දරු මුණුබුරෝ හුරතල් කරන්න ඕනි වයසක ! කොහෙද ඉතින් අපට වෙලා තියෙන්නෙ ඉන්න එකම කොල්ලටත් කසාඳ හොය හොයා ඉන්න.

අගස්ති ♡     ( Yizhan /Non fiction )Where stories live. Discover now