🐇 " ආච්චම්..."
🧓 " වහපන්, වහපන් උබෙ කට... දැන් ඔය දාගෙන ඉන්න අහිංසක වෙස් මූණ ගලවපන් දෙවිනු...
'දෙවිනු තක්ශිල විජේබණ්ඩාර' "
ඒ කටහඬේ තිබ්බෙ පුදුම තදක්... හදවතට ගල් පැටෙව්වා වගේ බරක් දෙවිනුට දැනෙන්න ගත්තෙ මෙච්චර කල් එයාට හිටපු එකම ආදරණීයයත් නැති උනාදෝ බයෙන්...
🧓 " ම්ම්ම්. මගෙ ආදරණීය මුණුබුරා... එහෙමනේ .. එතකොට මං උබේ ආච්චි අම්මා ... මං උබේ ආච්චි අම්මා නම් උබ කොහොමද මට මෙහෙම බොරු කරේ .. ආ . ඉතින් කියපන් ... "
මෙච්චර වෙලාම දෙවිනුට අගක් මුලක් හොයාගන්න බැරි උනා ආච්චිඅම්මා මොකක්ද කිව්වෙ කියලා .
හැබැයි එකපාරටම ආච්චි අම්මා මූණ ඉස්සරහට අල්ලපු සුදු හාෆ්ෂීට් එකේ ප්‍රින්ට් වෙලා තියෙන දේ දැක්කාම නම් කොල්ලව ක්ෂණිකව සුදු මැලි වෙලා ගියා...🐇 " න්..නෑ නෑ .. ඒක වෙන්න බෑ . නෑ .. "
මෙහෙම දෙයක් උනේ කොහොමද ? දෙවිනුට දැනෙන හැඟීම... අනේ මන්දා . නිකම් මුලු ඇගම සීතලවෙලා හදවත විතරක් ගිනි ගන්නවා වගේ. ඇයි මෙහෙම දෙයක් උනේ..
🧓 " ඇයි උබ හැංගුවේ දෙවිනු ඇයී ? ඇයි කියපන්... "
කියාගන්න හෝ වෙන දේවල් තේරුම් ගන්න වුවමනාවක් කොල්ලට ඇත්තටම තිබුනෙ නැති තරම්...
එකපාරටම දැනුනු බය , චකිතය හින්දා කකුල් දෙක පණ නෑ වගේ දැනෙද්දි කොල්ලා උලුවස්ස දිගේ රූටලා ගිහින් ඔලුවෙ ගහගත්තෙ අත් දෙක.
කම්මුල් දෙක දිගේ පෙරන කදුලු බිමට වැටෙද්දි ඒ පොළොවටත් වෙනසක් නොදැනෙන්න ඇති මොකද දෙවිනුගෙ බර කදුලු පොළෝ මහී මෑණියන්ට වෙනදට වගේම අදටත් අරුමයක් නොවුන නිසා...
සමහරවිට මේ දෙවිනුගෙ උරුමෙ වෙන්න ඇති. කඳුලු එක්කම ලියවුනු ඉරණමක්...
ඊළඟ තප්පරේ දෙවිනුගෙ කකුල් දෙක ඉස්සරහට වැටුනු හාෆ්ෂීට් කොලේ එක්ක ඇහුනෙ ආච්චම්මගෙ කළකිරුණු කටහඬ.
🧓 " උබ මේවා හැංගුවේ මං මැරිලා කියලා හිතාගෙනද දෙවිනු ?!"
නෑ නෑ නෑ ; දෙවිනු කවදාවත් එහෙම හිතපු කොල්ලෙක් නෙවෙයි . තමන්ගෙ හිත කොනකවත් නොතිබ්බ දෙයක් ආච්චිඅම්මගෙ කටෙන් පිට වෙද්දි කොල්ලට ඉකි ගැහුනා...
YOU ARE READING
අගස්ති ♡ ( Yizhan /Non fiction )
Fanfiction🛑 " අල්ලන්න එපා. ඒක බිඳිලා." 🦁 " මං අතින්ම නම් බිඳුනෙ ? " 🛑 " විශ්වාස කරන්න අමාරුයි ඔබ අතින් බිඳුනා කියලා ? " 🦁 " ඒක ඇත්ත. බිඳුනා නෙවෙයි මං හිතා මතාම බින්ඳා ! " 🛑 " ඒක හදවතක් !" 🦁 " මං දන්නවා. මට සමාවෙන්න ." 🛑 " සමාව ගැන නම් මං දන්නෙ නෑ නමුත්...