දොළොස්වන අගස්තිය 💎

162 27 201
                                    

" දෙවිනූ ... දෙවිනූ...//"

" අ.. අහ් ? ඇයි අත්තම්මා ? "

අනපේක්ෂිත සද්ද පූජාව හින්දා ගැස්සිලා ගිය දෙවිනු වෙනසක් නොකරම අත්තම්මා දිහා බැලුවත් හොර හිත හින්දම කොල්ලට ඇස් දෙක හතර අතේ යන එක නම් පාලනය කරගන්න සෑහෙන්න ට්‍රයි එකක් දෙන්න සිද්ධ උනා.

" උබ මොනවද ඔච්චර කල්පනා කරන්නේ... ම්ම් ? එක රැයයි ඇකඩමියෙ ගෙව්වේ , දැන් කන් ඇහෙන්නෙත් නෑ රස්නෙ දැනෙන්නෙත් නෑද ? "

" ඈ ? "

අත්තම්මා කියපු දේ පොඩි එකාගෙ පොඩි මොලේට ප්‍රොසෙස් නොවුන එකේ කොල්ලා ඇස් දෙකත් ටොම්බ සයිස් කරන් හෑ ගෑවේ අට වෙනි ලෝක පුදුමේ ගෙදර දොරට තට්ටු කරා කිව්වා වගේ පුදුමෙකින්.

" ඈයා ගල යට වේයා පස් යට. හනේ බොල කොල්ලෝ !!! මං අහන්නෙ මොකක්ද උබ ඔය පුච්චපු කජු පිඟාන දිහා බලාගෙන බවුන් වඩන්න හේතුව කියලා ? අනික මේ රස්නෙ මොකද උබ හඳට යන්න වගේ මුලු ඇඟම වැහෙන ඇදගෙන ? ඔය බෙල්ල හිර වෙලත් එක්ක උබේ ඇදුමට ! "

ඇයි වයි ඈ..
ඇයි මේ අත්තම්මට බැ‍රි ෂර්ලොක් හෝම් ආ නෑ රෝසී ආච්චි නොවී ඉන්න...

කොල්ලටමනේ කරදර කරන්නේ !

" යෝහ් එහෙම කේස් එකක් නෑ අප්පා ආච්චික්හ්හ් අත්තම්මියේහ්හ්... හි හී "

ඉදලා ඉදලා ට්‍රැක පනින සබ්දකෝසෙ හින්දා ඇදගෙන නාන්න ගිය දෙවිනු යූ ටර්න් එකක් ගහලා මෝඩපහේ හිනාවක් දැම්මේ අත්තම්මගේ සියලු හිතලුවන් ඒ හිනාවේනුභාවයෙන් අමතක වෙලා නැති බංගස්තාන වෙලා පලයාන්න් කියන පරමාර්ථෙන්.

දෙවිනු හිනාව ඉතින් ආයෙ දැක්කොත් දැක්කා මොලෙත් එක්කම හෙල්ලිලා යන ජාතියේ එකක්. හීනි වෙන ඇස් දෙක එක්ක දත් තිස් දෙක කිරිපාටට රෝස දෙතොල් අතරින් මතු වෙද්දි ෆ්ලෑෂ් ලයිට් වගේ එන සාරසොබාවට ඕනි කෙනෙක්ට යන එනමන් නැති වෙන එක අහන්නත් දෙයක් යෑ....

" දෙවිනු මට බොරු කියන්න විතරක් ලෑස්ති වෙන්න එපා ! ම්ම්. මං උබව දන්නෙ ඉපදිච්ච දා පටන්. ඉතින් මක්කද කාරණේ මයෙ අම්මා මූණ පුලුටු කරන් ඉන්න තරම් ? "

අගස්ති ♡     ( Yizhan /Non fiction )Where stories live. Discover now