දහතුන් වන අගස්තිය 💎

203 30 174
                                    

" අ.... අත්තම්මා ?!"

කොල්ලා කතා කරේ පුදුමය පිරුණු කටහඬකින් ! අත්තම්මා තමන්ට අත ඉස්සුවා !!! දෙවිනු කොහොම නම් විශ්වාස කරන්න ද ?

" ඇ ... ඇයි !?"

දෙවිනු හඬට කලින් බිඳුණු හදවතක් එක්ක ඇහුවත් අත්තම්මගෙ හැඟීම් වල වෙනස් නොතිබුනා.

" උබ මොන හයියකටද බොරු කරේ ? ආහ්හ් ?"

වෙනදට කනට ඇහෙන්න කතා නොකරන අත්තම්මා අද ගේ දෙදරන්න කෑගහන්නේ වැස්සේ සද්දෙ පවා පරයා යන විදිහට .

ඇයි දෙවිනුගෙ ඇස් ඉස්සරහ පිටම කොල්ලා ආදරේ කරන හැමදේම වෙනස් වෙන්නේ ?!

" මො...මොකක්ද ? "

" උබ මොන මගුලටද දේවාලෙටවත්, ඇකඩමියටවත් නොයා වෙන ගුබ්බෑයම් වල රිංගුවේ ආහ් ? මොකටද අර සුභාෂ් කියන එකාගෙ ගෙදර ගියෙ ?  ආහ් ? උබට හැමදේම එකපාරටම අමතක වෙලා යනවද දැන්  ?  කියපන් ඉතින් . තොගෙ හිතුවක්කාරකම් වලට සීමාවක් තියාගනින් දෙවිනු !!"

අත්තම්මා කැමති නෑ දෙවිනු සුභාෂ්ව ආශ්‍රය කරනවට. ඒත් දෙවිනුට පුලුවන් ද එයාලා කරන , කරපු උදව් අමතක කරන්න ?
බෑ කොහෙත්ම බෑනේ !

" අත්තම්මා එයාලා ම්... "

" මොකක්ද ? ආ මොකක්ද ? කියපන් ඉතින් !
උන් උබෙ ස්කෝලෙට සල්ලි ඕනි උනාම ගෙව්වද  ? පක තමා ! උබට ආදරෙන් සැලකුවාද ? අම්මා අප්පා වගේද හිටියෙ ? එහෙනම් දැන් කෝ උන් ආ ? උබ දන්න ලබ්බක් නෑ දෙවිනු උබ දන්න ලබ්බක් නෑ . උන් උඩ දාගෙන ගිහින් ගෙව්වෙ මං උන්ට ගෙවපන් කියලා දෙන සල්ලි. උබ් .... "

ක්ෂණික ආවේගය නම් කිසිම වෙලාවක හොඳ දෙයක් නෙවෙයි . මොකද ඒකේ අවසානෙ වෙනකම් අපට තේරෙන්නෙ නෑ අපි වරද්දගත්ත වගක්.

" ඔව් අත්තම්මා . මං දන්නෙ නෑ . මං දන්නෙ ඔයා මං දැනගන්න ඕනියි කියලා හිතපු සමහර කොටස් විතරයි නෙ. ඉතින් ඇයි මට බනින්නෙ මං නොදන්න දේවල් වලට ? "

දෙවිනු කියන්නෙ පර්සනෑලිටි දෙකක්. ඒ පෞරුෂයන් දෙකෙන් දෙවිනු කියන්නෙ අහිංසක කරබාගෙන ඉන්න චරිතයක් උනත් , තක්ෂිල කියන්නෙ හීනී නූලෙන් ගේම ගහන්න ගානට බෝලෙ බස්සන්න දන්න කෙනෙක් .

අගස්ති ♡     ( Yizhan /Non fiction )Where stories live. Discover now