93

433 89 172
                                    

මට ඕනේ වුනේ නෑ හැමදාම ගමනේ යන්න. එත් මම නුවරඑළියට පය තිබ්බ දවසෙ ඉදලා අතෝරක් නැතුව ඇවිද්ද එක කරේ. අරහෙන් මෙහෙට දුවනවා මෙහෙන් එහෙට්ට දුවනවා. ජොබ් එකට කියලා ට්‍රේනින් කියලා මම දුවපු තරම දන්නෙ මගෙ කකුල් දෙක විතරයි. නුවරඑළියෙ වේවා මධ්‍යම කදුකරේ වේවා මම නොගියපු අස්සක් මුල්ලක් නෑ. හති වැටෙනකල් දිව්වා. කදු නැග්ගා කැලෑ ගානේ ගියා. ඉතින් මම තාමත් දුවනවා... දැන් නම් කලින් වගෙ නැතුව කේප්ප වස්සෙකුත් අරන්ම දුවනවා.

"ඒ මට බඩගිනි ටූන..."

"ඕක බඩක්ද?"

"බඩක්ද අහන්නෙ මම ගන්න ඔක්කොගෙන්ම කටක් කෑවාම ඉතුරු ඔක්කොම වැටෙන්නෙ උඹේ බඩටනෙ"

"ඇත්ත කියපන් උඹට ලෙඩක්ද?"

"මට මොකක්ද?"

"නෑ උඹමනෙ මට කාපන් කාපන් කියලා දිග් කරේ. දැන් බෙරිහන් දෙන්නෙ මම බලෙන් කෑවා වගෙ..."

"හේයි තඩියෝ... අමතක කරන්න එපා... මම ඇමරිකන් පොප් ස්ටයිලිෂ් බැලේ ඩාන්සර් කෙනෙක් කියලා..." අලි ලොකුවට කියන ගමන් බඩේ ඉදන් අත ගෙනියනවා... හැබැයි මිනිහා මාර සෙක්සි. නොවි බෑනේ ඩෙනිමක් ඇන්දත් දැන් ලස්සනට ඇග පේනවා, ගෑණු උකුලකට වඩා ලස්සන ඒ පිරිමි උකුල දැන් ඩෙනිමටත් සතූ විනිවිද පෙන්න ගන්නවා වහගන්න තියෙන ටී එකත් උස්ස උස්ස මගුල් නටනකොට තමයි

"ටූන වංගුව වංගුව..."  හුස්මත් නැවතුනා වගෙ ඉස්සරහා බලලා යාන්තමින් බ්‍රේක් එකට කකුල ගෙනිච්චා... මම ඉස්සරහට වදින්න යනකොට සතුගෙ අත් මගෙ පපුව හරස් කරනවා දැනුනා. ඒ නිසාම ඔලුව නොවැදි බේරුනේ.

"මොන ලෝකේද මනුස්සයෝ ඉන්නේ... මේ නුවර කොළඹ කෙලින් පාරවල් මෙහෙ නෑ.." පපුව 160ට ගැහෙද්දි මට වුන දේ මටම හිතාගන්න බෑ. ඒ මදිවට ෆෝන් එක රින්ග් වෙනවා.

"හලෝ..." සතුගෙ බැනුම් වලින්, තර්ක වලින් බේරෙන්න හොදම දේ තමයි මේක.

"සර් මම බණ්ඩාරවෙල."

"ආහ් මට විනාඩි පහක් දෙන්න මලිත් මම එන ගමන්."

"හරි සර් මම ස්ටේශන් එක ගාව ඉන්නවා."

"හරි." මම ෆෝන් එක තියලා ආයෙත් හොද හුස්මක් අරන් සතු දිහා බැලුවා.

❄ ශීත 🍻Where stories live. Discover now