19

580 104 46
                                    

කොස්ස අල්ලන්න හරි කම්මැලි ඕයි. මේ සිමෙන්ති පොලව අතු ගාන එක ඊට වඩා හපන්. කේන්ති බං වැලි ඉල්ලුවේ ඌනේ. නුවර ඈයෝ කොළඹ ආවාම ඔහොම තමා. ඒ කියද්දිම ආව කෝල් එක නිසා කොස්සත් කකුල් දෙක අස්සට දාගෙන ෆෝන් එක අන්සවර් කරා..

"මම ගත්තෙ නැත්තම් මාව මතකම නෑ නේද?" පූර්ණා එහා පැත්තෙ ඉදන් කියවන නිසා මමත් පොඩ්ඩක් හිනා වුනා

"ඉතින් මම බලනවා ඔයාට මාව මතක් වෙනවද කියලා."

"මට නම් මතක් වෙනවා. එත් ගන්න ගන්න වේලාවට ෆෝන් එක බිසි."

"බිසි වෙනවා ලමයෝ ඉතින් මම බිසිනෙ."

"මේ වයසට ඔහොම බිසි නම් ලොකු වුනාම කොහොම වෙයිද?"

"පූර්ණා... ඔයා හරි ලස්සනයි..." මම කතාවේ පිලි පැන්නා. මෙහෙමනෙ බං ගෑණියෙක් එක්ක රණ්ඩුවක් පටන්  ගන්න ඔන්න මෙන්න නම් තියෙන්නෙ ලස්සනයි කියලා කියපම්. වැඩේ සරලයි.

"ඇති ඇති බටර් පාර..."

"මම බොරු කියන්නෙ නෑ... ඔයාගෙ කොණ්ඩේ මාරම ලස්සනයි... ඔයත් එක්කම..."

"ටෂි... අම්මා කිව්වා..." කොහෙද ඉදන් සනා කෑ ගහගෙන එළියට එද්දි මම දොර දිහා බැලුවා. අරු බිම තිබ්බ වැලි දිහා බලලා ආයෙත් මුකුත්ම නොකියා ඇතුලට ගියා. පුහ් ඌගෙ ගෑස්.

"යකෝ මෙන්න එහෙ අම්මාබබා මගෙ අම්මා ගාවත් බබා වෙනවා." සිමෙන්ති බිමේ හැලුන ඔක්කොම වැලි අස් කරලා මම ඇවිත් සනා හිටිය අම්මගෙ රූම් එකට ගිහින් අම්මගෙ ඇදෙන් ඉදගෙන කෑ ගැහුවා. මෑන්ස් අද ඉන්නවද කොහෙද අම්මා ටවල් අවුස්සන්නෙ.

"කට කට... ඉන්නවා මගෙ පොඩි එකාට මුකුත් නොකියා."

"අම්මට අමතක වෙලා මමයි ඔයාගෙ පුතා." අම්මා හොද බෙට්ෂිට් එකක් කොල්ලා අතේ තියලා ටවල් එකකුත් තිබ්බා.

"අයියෝ ඔය ටවල් මොකටද එයාට පුලුවන් මගෙ එකෙන් පිහිදාන්න." දෝණි, අම්මයි බය වෙලා මගෙ දිහා බැලුවා.

"ඔව් නැන්දේ එහෙම අවුලක් නෑ මම තුහිනගෙ ටවල් එකෙන් පිහ දාන්නම්."

"ඔයාට ශුවර්ද?" දෝණි නියපොතු සුද්ද කරන ගමන් ආයෙත් ඇහුවා.

"ඔව් සුදු නෝනා.."

❄ ශීත 🍻Where stories live. Discover now