30

569 100 86
                                    

අලගිය තැන් මුලගිය තැන් කියලා බලන් ගියාම අපේ සේනාව වගෙම තමයි කොයි කාගෙත් වේයෝ පරපුර. සල්ලි තියෙනවා නම් කකුලුත් ඉඹිනවා. නෑ ඉඹිනවා වගෙ පෙන්නලා කනට ගහනවා. කෑලි කැපෙන කලුවරක මම එළියට ආවේ තාම සරදියල් වත් ආවේ නැති නිසා. දෝණි නම් උයනවා. මෙහෙ ආව දවසෙ ඉදන් මේ ගෑණිගෙ ගොබ්බ කෑම කාලා මාව සුවසැරියෙ නවත්තන්න වෙයි කියලා මට නොහිතුනාම නෙවේ. එත් මොනවා කරන්නද? අම්මා දෑවැද්දට හදලා තිබ්බ මෝජු ටිකෙන් බඩ බේරගන්නවා ඇරෙන්න.

රෑ 8 විතර වෙද්දි මෙහෙ කලුවරම කලුවරයි. ශීතල ඇගට කා වදිද්දි දැනෙන්නෙ වෙනමම ගතියක්.

"ටෂි... යමු කන්න..." දෝණි මම හිටිය තැනට ඇවිත් කියද්දි මම හිටියෙ අහස දිහා බලාගෙන කල්පනා කරන ගමන්. 

"හ්ම්ම්ම්..."

"මොනවද දරුවෝ කල්පනා කරන්නෙ ඔච්චර."

"මුකුත් නෑ දෝණි."

"සනා කිව්වා."

"ආ තෝල්කයාට ඇවිත් තියෙන්නෙ."

"මොකක්ද වුනේ."

"මුකුත් නෑ."

"අනේ මන්දා යමන්කො එහෙනම් කන්න."

දෝණි දන්නවා මම කියන්න අකමැති දෙයක් නම් ඒක කවදවත් මගෙ කටින් එළියට පනින්නෙ නෑ කියලා. අන්න එහෙමයි ටෂිගෙ කොලිටිස් තියෙන්නෙ... යකඩෝ මෙන්න සරදියල් කෑම මේසෙ. මම මූ එනවා වත් දැක්කෙ නෑනේ. කෑම මේසෙන් ඉදගත්තාම මගෙ මූණ කෙලින්ම හිටියෙ සනා. ඌ හරි නම් දෝණිගෙ කෙලින් නෙවේද ඉදගන්න ඕනේ.

"දෝණි..."

"ඕඕ සුදුමල්ලි..."

"ඔයාගෙ යාලුවෙක් ඉන්නවා එයා ඔයා එක්ක කතා කරන්නෙ නෑ... ඔයා මොකද කරන්නෙ."

"අත්තැරලා දානවා බං. කාගෙවත් පු... නෑ මම කිව්වේ කාගෙවත් ආඩම්බර බලන්නෙ මොකටද?" කෑම මේසෙ දෝණි උපදෙස් දෙනවා එයාගෙ අලුත් මල්ලිට.

"රුවන් අයියා ඔයා මොකද කරන්නෙ."

"මමත් එච්චරයි. පළවෙනි පාර කතා කරා, දෙවෙනි පාර කතා කරා... තුන් වෙනි පාර ඉතින් අයින් කරනවා."  සනා දිහා හොරෙන් බැලුවාම මිනිහගෙ මූණ ලෙසටම සවුත්තු වුනා.

❄ ශීත 🍻Where stories live. Discover now