"ඔයා ගොඩක් වෙලා මෙතන හිටියද?" නුවරඑළිය බස් ස්ටෑන්ඩ් එකෙ මම ඉදගෙන ඉද්දි බලන් හිටිය රූපෙ මගෙ ඉස්සරහට ආවා. පූර්ණා... එදා රවාගෙන බලපු ගෑණිගෙ මූණේ හිනාව පුරවලා තිබ්බා. අනික් දේ එදාටත් වඩා මේකිගෙ ගවුම කොට වෙලා. යකො මුන්ට රෙදි නැත්තම් කියන්න ඕනේ... එළියෙ දාන් කැරකුනාම වටේම ඉන්න සෙවලයො ටික රොක් වෙලා එක එක එවා කියද්දි හෙනට ඩෝං යනවා.
"මොකො අමුතු විදියට බැලුවේ."
"රෙදි යාරයක් ගෙන්න යනවද කියලා කල්පනා කරේ." මම එකිගෙ ඕනේවට වඩා නිරුවත් වෙලා තිබ්බ කකුල් පෙන්නලා එහෙම කිව්වේ. ඇත්තනෙ ගෑණිට රෙදි මදි වෙලානෙ.
"ඔන්න ඕකනෙ බැරි.. ඇනුම් පද කියනව හම්බුන ගමන්ම."
"ඇනුම් පදයක් නෙවේ හිතපු දේ තමයි කිව්වේ."
"හරි හරි ආයෙ තමුසෙ එක්ක ඉද්දි නම් මම කොටට ඇදන් එන්නෙ නෑ."
"ඇයි ඉතින් එහෙම අවුලක් නෑ."
"නැද්ද?"
"නෑ ඉතින්..."
"තෝ නම් විකාරයක්."
"හරි හරි... "
"යමු යමු ක්ලාස් එකට... නැත්තම් මගෙ දිග අඩු නිසා අඩු බැනුමුත් උඹේ කලිසම දිග නිසා වෙනමම බැනුමකුත් අහන්න වෙන්නෙ."
"ඒක ඇත්ත ඌට පුරුෂ ලිංග පෙන්න බෑනේ..."
පූර්ණා බදුල්ලෙ ඉදන් ට්‍රේන් එකෙ හැම සෙනසුරාදාම මාත් එක්ක පොලිටිකල් ක්ලාස් එන්න නුවරඑළියට එනවා. ඉතින් දෙන්නා එක්කම කයියක් දාගෙන සිප් රා කියන දෙනිපිටියගෙ ක්ලාස් එකට 9 වෙද්දි රිංගනවා. ක්ලාස් එකෙ විශාල් මට පුටුවල් අල්ල ගද්දි පූර්ණාට නම් එකිගෙ යාලුවා සීට් එකක් අල්ල ගන්නවා. ඉතින් හරි අපි දෙන්නා සාපේක්ෂව ක්ලාස් යන්නෙ පරක්කු පිට.
"ළමයි ඔයාලා ගොයම් කොළේ කතාව දන්නවද? ලංකා.... ඔය පිටිපස්සෙන් රිංගන ඩබල ඉස්සරහට ආවා නම්." උගන්න උගන්න හිටිය දෙනි අපිට දෙහි කපන්න කතා කරද්දි ශේප් එකෙ මම පූර්ණාව ඉන්දවලා විශාලයාව නැගිට්ටව ගත්තා.
"ඒ මම කලින්ම ආවා බං..."
"අරකිගෙ ගවුම කොටයි යකො..."