Part 3

64 11 0
                                    

සිද්ධ වෙච්ච අනතුරෙන් පස්සේ මම ඉස්කෝලේ යන පලවෙනි දවස අදයි . පහුගිය මාස වල වගේම අදත් 147 වෙනි සහයක කණ්ඩායම මගේ පිටුපසින් රැදුනා .

වෙනදා වගේම මම බස් එකේ එද්දී ඒගොල්ලෝ හැමෝම බයික් වලින් ඉස්කෝලෙට ඇවිත් හිටියා .

මාව දැකපු ගොඩක් ලමයි හිතුවේ මම ඉස්කෝලෙට අලුත් කියලා . ඒත් මං ගැන අහපු හැම කෙනෙක්ටම මම ගැන කිව්වාම හැමෝම පුදුම උනා .

සහයක කණ්ඩායම මගේ යාලුවන් විදිහට මුලු ඉස්කෝලෙටම හදුන්වලා දුන්නා . ගොඩක් ලමයි අපිට බය ගතියක් පෙන්නුවා මොකද අපේ පෙනුම නිසා .

ඒත් මගේ මල්ලි වගේ කට්ටිය කැමති උනේ නෑ අපි නිසා ඒගොල්ලොන්ට ඉස්කෝලේ ඇතුලේ තියෙන තැන නැති වෙනවාට .

ඒ නිසා මල්ලීයි එයාගේ කල්ලියේ අයයි දවසක් ආවා අපිට සද්දෙ දාන්න . මමයි සහයකයෝ ටිකයි පංතියේ ඇතුලේ වැඩ කරකර ඉන්නකොට මට දැනුනා මගේ මල්ලී පන්තිය පැත්තට එනවා කියලා .

💜️" දැන් මෙතනට මගේ මල්ලීයි එයාගේ කට්ටියයි එයි .. කලිනුත් අපිත් එක්ක වලියක් ඇදගන්න ගිහින් ඒක කරගන්න බැරි උනානේ ..

මේ පාරනම් වලියක් අනිවා ඇදගනීයි .. වලියක් අදින්න ආවොත් අපි ශේප් එකේ ඉමු . ඒත් සීමාව පැන්නට පස්සේ නම් උන්ව කුඩු කරලා දැම්මත් කමක් නෑ..

හැබැයි කිසිම කෙනෙක්ව මරන්න එපා , මාස පහ හයකට ඇදකට කරලා තියන්න වැඩේ තිබ්බනම් ඇති . උපරිම ඉවසපල්ලා .. ගහන්න පව් පින් බලන්න එපා .. "

මරණයේ දූතයෙක් වෙන්න කලින් නොනවත්වා කතා කරපු මම අද අවශ්‍ය දේ විතරක් කියලා ආපහු මගේ මේසෙට ඇවිත් වැඩ පටන් ගත්තා .

හිතුවා වගේම මගේ මල්ලීයි එයාගේ කණ්ඩායමයි ආවා .

" මම තමුන්ව අල්ලගන්නම තමා හිටියේ .."

මල්ලී මගේ මේසෙ උඩට අත්දෙක තියලා මගේ දිහාට නැමිලා කතා කලා . නමුත් මම ඔහුව ගනන්ගත්තෙවත් නෑ .

💜️" කතාකරන දෙයක් පිටිපස්සට වෙලා කතාකරනවා .. මම මෙතන වැඩ කරනවා කියලා පේනවා නේ .."

මල්ලීව ගනන්ගන්නෙවත් නැතුව , ඔලුව උස්සන්නෙවත් නැතුව මම මගේ වැඩේ කරන ගමන් ම කියලා දැම්මා .

🇱 🇮 🇫 🇪  🇴 🇷  🇩 🇪 🇦 🇹 🇭✔︎Where stories live. Discover now