කතා පසුබිම

319 18 0
                                    

ජීවිතය සහ මරණය .. අපි හැමෝටම පොදු දෙයක් .සමහරු ජීවිතය ඉල්ලා හඩා වැටෙද්දි තවත් සමහරු මරණය ඉල්ලා හඩා වැටෙනවා .

ඔවුන්ගේ ඒ ඉල්ලීම් ඉශ්ට වෙන්නේ තම තමා කරපු පවු සහ පින් එක්කයි .

මේ පවු සහ පින් ගනන් කරන්න මෙන්ම ඒවා වලට කර්මය ලබා දෙන්නත් වෙනම කට්ටියක් ඉන්නවා . ඒගොල්ලෝ තමා මරණයේ දූතයෝ සහ ජීවයේ දූතයෝ කියලා හදුන්වන්නේ .

ජීවයේ දූතයෝ කියන්නේ අපි ජීවත් වෙලා ඉන්න කාලේ අපි හිතන පතන දේවල් ඉශ්ඨ කරලා දෙන ඉශ්ඨ දෙවියෙක් වගේ කෙනෙක් .

නමුත් අපේ ඒ ඉල්ලීම් ලැබෙන්නේ අපේ පිං වලට අනුවයි . කඩෙන් බඩුවක් ගන්නවා වගේ . යම්කිසි ආත්මයක් , ආත්ම අධිකරණයෙන් නැවතත් ජීවිතයකට නියම උනොත් මරණයේ දූතයන් ඒ ආත්මය ගෙනත් දෙන්නේ ජීවයේ දූතයන්ටයි .

ඒගොල්ලෝ ඒ ආත්මය ප්‍රවේශමෙන් , සුදුසු නව භවයකට ඇතුල් කරනවා . ඒත් එක්කම ඒ ආත්මයේ එයාගේ මතකයන් සියල්ලම මකා දමනවා .

එතකොට මරණයේ දූතයාගේ කාර්‍ය වෙන්නේ කවුරු හරි කෙනෙක් මැරෙන්න යනවානම් , ඒ පුද්ගලයා කරලා තියෙන පවු පින් අනුව ඒ මරණය අත්කර දීම හෝ මරණයෙන් බේරීමයි . මැරුණු ඕනෑම කෙනෙක්ව ආත්ම අධිකරණයට එක්කගෙන ගිහින් ඔහුගේ නඩුව අහලා මරණය ලබා දුන්නට පස්සෙත් පවු ඉතුරුයි නම් , දඩුවම් ලබා දෙන්න වධකයන්ට භාර දෙනවා .

නැත්තම් , පින් ඉතුරුයි නම් මැරිච්ච කෙනාට ඒහා සුදුසු ඊලග ආත්මයක් කරා යන්න ජීවයේ දූතයන්ට භාර දෙනවා .

ජීවයේ දූතයන් , මරණයේ දූතයන්ට වඩා බලයෙන් ගොඩක් දුර්වලයි . ඒවගේම මරණයේ දූතයන් ගොඩක් බලවත් . මරණයේ දූතයන් නපුරුයි කියලා හිතුවට එහෙම නෑ .

ඒගොල්ලොන්ට හැගීම් දැනුනත් ඔවුන් ගොඩක් වෙලාවට ඒවා නොසලකා හැරලා තමාගේ රාජකාරිය පමණක් ඉටු කරනවා . නමුත් ජීවයේ දූතයන්ට එහෙම නෑ . ඔවුන් මිනිස්සු වගේ . එකම වෙනස ඔවුන් දේවදූතයන් වීම පමණයි .

ජීවයේ දූතයන්ගේ හිතේ ගොඩක් වෙලාවට ඊරිසියාව , තරහව වැනි හැගීම් හටගන්නවා මරණයේ දූතයො එක්ක .

මේගොල්ලෝ දේවදූතයෝ උනාට මැරිච්ච අය නෙමෙයි . ඒගොල්ලො ජීවතුන් අතර ඉන්න අය . මුල් කාලයේදී මරණයට සහ ජීවිතයට දේවදූතයෝ හිටියේ නෑ .

🇱 🇮 🇫 🇪  🇴 🇷  🇩 🇪 🇦 🇹 🇭✔︎Where stories live. Discover now