Part 2

127 12 0
                                    

" මෙම අනතුර අද ප.ව. 2:30 ට පමණ සිදු වී ඇති අතර , ඉතා වේගයෙන් පැමිණි ට්‍රක් රථයකට හිතා මතාම පුද්ගලයෙකු පැනීමෙන් මෙම අනතුර සිදුවී ඇත . "

" මම වාහනේ එලවගෙන එද්දි එකපාරම තරුණ කොල්ලෙක් පාරෙ මැද්දෙන් හිටගත්තා . එයා ට්‍රක් එකට ගොඩක් ලංවෙලා හිටපු නිසා බ්‍රේක් ගහන්න වෙලාවක් තිබ්බෙත් නෑ . එහෙම ගැහුවා නම් මේ ට්‍රක් එක පෙරලෙනවා .. පුපුරන්නත් ඉඩ තිබුනා .."

ඔව් ඒ ඇහෙන්නේ මම මැරුනා කියලා හිතාගෙන , මාව වටකරගෙන මේ අනතුර වීඩියෝ කරන පත්තරකාරයංගේ කටහඩවල් .

මගේ මුලු ඇගම හිරිවැටිලා වගේ , මට කිසිම දෙයක් දැනෙන්නේ නෑ .. නමුත් තාමත් මගේ හුස්ම වැටෙනවා .. බාගෙට ඇරිලා තියෙන ඇස් දෙකෙන් හොදට ඉර පායලා නිල්ම නිල් පාටින් දිලිසෙන අහසත් මට හොදට පේනවා ..

අතපය සේරම හිරිවැටිලා වගේ .. ඒත් ඔලුවෙන් උනු උනුවේ ලේ ගලනවා මට දැනෙනවා , ඒ වගේම මගේ ඇස් කොනකට පේනවා ..

මේහැම දෙයක්ම ඉවර වෙලා මම ඉක්මනට මැරිලා යනවානම් හොදයි කියලයි මම ප්‍රාර්ථනා කරන්නේ ..

" මේ .. මේ බලන්න .. මේ ලමයට තාම සිහිය තියෙනවා .. ඉක්මන් කරන්න .. අපි මෙයාව හොස්පිට්ල් එකකට ගෙනියමු .."

කට්ටියක් මාව උස්සලා වාහනයක් ඇතුලට දාගත්තේ හොස්පිට්ල් එකකට ගෙනියන්න .

..........................................................................

🤱" අනේ ඩොක්ටර් .. දැං එයාගේ තත්වේ කොහොමද ..? "

" අපිට එයා ගැන මුකුත්ම කියන්න බෑ.. එයාගේ ඔලුවට ගොඩක් හානි වෙලා . ඒ වගේම කොදු නාරටියට වගේම අස්ථි වලටත් දැඩි ලෙස හානිවෙලා .

ගෑස් ටැංකි පුරවපු ලොකු ට්‍රක් එකක් ඇග උඩින් යනවා කියන්නේ පොඩි දෙයක් නෙමෙයි නේ .. මම නම් පුදුමත් උනා මේ ලමයා තාම ජීවත් වෙනවා කිව්වාම ."

මට සිහිය ආපු මුල්ම මොහොතේ මට ඇහුන වචන තමයි ඒ . නමුත් එතන හිටපු හැමෝම මං දිහා බැලුවේ , මට දැනුනු ඇගේ අමාරුවට මම කෙදිරිගාපු නිසයි .

මුලු ඇගම බැන්ඩේජ් කරලා කියලා මට තේරෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ . ඇස් වලින් කදුලු වැටෙන්නේ ඇගේ අමාරුවටයි . මට පේන රූප හැම එකක් ම බොදවෙලා දෙක දෙක පෙනුනා . ඒක මට හරිම හිසරදයක් නිසා මං ඇස් දෙක වහගත්තා .

🇱 🇮 🇫 🇪  🇴 🇷  🇩 🇪 🇦 🇹 🇭✔︎Where stories live. Discover now