Part 9

56 6 0
                                    


කොහොමහරි JK ව එයාගේ කාමරෙන් තියලා KAIZER , TAE වත් එක්කගෙනම මරණයේ දෙවිදුන්ව හමුවෙන්න ගියා .

මරණයේ දෙවිදුන් ඉදිරියට ගියපු KAIZER සහ TAEHYUNG දෙදෙනාම හිස නමා ඔහුට ආචාර කලා .

" මරණයේ දෙවිදුනි .. මම මරණයේ දොරටුවේ ආරක්ශකයා KAIZER .. ඒ වගේම මරණයේ අණදෙන දූතයෙක් වන JK ගේ ලගම මිතුරෙක් . "

KAIZER මුලින්ම තමාව හදුන්වා දුන්නා .

⚫" ඔව් KAIZER මම ඔයාව දන්නවා.. ඉතින් කියන්නකෝ බලන්න ඇයි ඔයා මේ හදිස්සියේම මාව හොයාගෙන ආවේ කියලා "

මරණයේ දෙවිදුන් KAIZER දිහාත් TAEHYUNG දිහාත් බලලා KAIZER සමග කතා කලා .

" දෙවිදුනි ඔබ තුමාගේ අකමැත්තක් නැත්තම් SUGA වත් මෙතනට කැදවන්න පුලුවන් ද ? ඔහු මේ වෙලාවේ රාජකාරි කටයුතු වල නියැලෙන නිසා මට ඔහුව මෙතනට ගෙන්නගන්න බැරි උනා . නමුත් මම මේ කියන්න යන දේත් JK ගේ ලගම කෙනෙක් වන SUGA ත් දැනගෙන සිටිය යුතුයි . මොකද මේ කාරණාව ගොඩක් වැදගත් ."

KAIZER ඉතාමත් යටහත් පහත්ව මරණයේ දෙවිදුන්ට එහෙම කියද්දි මරණයේ දෙවිදුන් මෙන්ම TAEHYUNG ද KAIZER දිහා බැලුවේ ඔහු මේ කියන්න යන මෙච්චර වැදගත් කාරණාව මොකද්ද කියලා .

SUGA වත් කැදවන්න අවසර දීපු ගමන් KAIZER ඉක්මනින්ම SUGA සමග මනසින් සම්භන්ධ වෙලා ( mind link ) ඉක්මනටම BLACK CASTLE එකට එන්න කිව්වේ ඒක මරණයේ දෙවිදුන්ගේ අණක් කියන දේත් කියන ගමන් මයි .

KAIZER , JK හා SUGA ගේ හොද යාලුවෙක් උන නිසා SUGA සමග මනසින් සම්භන්ධ වෙන එක KAIZER ට මහලොකු දෙයක් උනේ නෑ .

තමාගේ මායා බලය පාවිච්චි කරමින් SUGA ත් තමාට හැකි ඉක්මනින් මරණයේ දෙවිදුන් ඉදිරියේ පෙනීසිටියා .

SUGA ආපු ගමන් මරණයේ දෙවිදුන් KAIZER අණ කලේ ඔහු කියන්න හදපු වැදගත් කාරණාව මොකද්ද කියන්න කියලයි .

" හොදයි හැමෝම මුලින්ම මේක හොදට අහගන්න . මම මේ කතාව මුල ඉදන්ම කියන්නම් . "

එහෙම කියපු KAIZER , JK ව මරණයේ දොරටුවේදී තමාට හමුවුනු විදිහත් JK මරණයේ සංග්‍රාම භූමියේදී අදුරු මායාවේ මකරා සමග සටන් කරලා මකරාව පරද්දපු විදිහත් SUGA , TAEHYUNG සහ මරණයේ දෙවිදුන්ට පැහැදිලි කලා .

🇱 🇮 🇫 🇪  🇴 🇷  🇩 🇪 🇦 🇹 🇭✔︎Where stories live. Discover now