පළවෙනි කොටස.

1.1K 88 25
                                    


❌❌❌ සත්‍ය කතා කිහිපයක් සම්බන්ධ කර ලියන ලද මා විසින්  මනක්කල්පිත කොටස් එකතු කර නිර්මාණය කරන ලද්දකි. කෘත්‍ය අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්❌❌❌

*                 *                 *                 *                      *





“ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
විදගන්න ඒ සිසිල මා සිත්සේ
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ
පිණි බිංදු මල් වැහි අරන්....
සඳ මිතුරි සිත මිහිරි කළ මැනවි- ”




“ ඌට්ටෝ මේ හෙන ගාගහ වහින  වැස්සේ ඉගිලෙන්න ගිහින් අර සරුංගලයක් යවපු ඒකා වගේ ඇල වෙන්නද ඕනේ පාගෝ! ”


“  හැබැයි බං එතකොට නම් වරම් ගත්තා වගේ තමා”



“ කට වහපන් ”


ආතල් එකේ සින්දුවක් මුමුන මුමුන වහින එක නතර වෙනකම් බලාගෙන උන්නු මම මගේ අතිජාත මිත්‍රයො දෙන්නට කිව්වේ කේන්තියෙන්. ආතල් එකේ සින්දුවක් කියන්න ගත්තොත් මුන් දෙන්නා හැමදාම ඔවාගේ පාගේ ආතල් එකක් දෙනවා.




“ අඩෝ මේ එක නෙවේ මේ සතියේ පූජාව භාර දීලා තියෙන්නේ අපේ පන්තියට බං. ”



මණුකයා කියද්දී තමා මටත් සීන් ඒක මතක් වුනේ . අද සිකුරාදා ඉරිදා පූජාවට අපේ පන්තියේ උන් ට බඩු සෙට් වෙයි වගේ.




“ අඩෝ සිරාවට මටත් දැන් මතක් වුණේ! උබලා මොනාහරි ශේප් නියාමෙන් කරපං , මම පූජා උදව් සමිතියේ ඉඳන් ශේප් එකේ ඒ වැඩ ටික කරන්නම්.”




“ හා , උබ අල්තාරේ අස් පස් කරලා එතන වැඩ ටික කරපං , මතිෂයා පඩරු වැඩ ටික බලපන් ! මම පූජාවේ පළමු කියවීමයි දෙවෙනි කියවීමයි බයිබලෙන් බලලා හොයලා ශේප් එකක් මිස් එක්ක දාගන්නම්. යසියා උබට පුළුවන් නම් පිළිතුරු ගීය හදපන්. ”



මනුකයා කියද්දී මම අහස දිහා බලාගෙන ම ඔලුව වැනුවා. දහම්පාසලේ ප්‍රදාන ශිෂ්‍ය න්‍යකයා කියන එකත් ලේසි නෑ. පන්තියේ අය කරන පූජාව කියලා නැ හැම පූජාවකට ම මම මේ වගේ එහෙට මෙහෙට පැනලා වැඩ කරන්න ඕනේ.



ආඩම්බරකාරි Where stories live. Discover now