Chapter 5

49 9 0
                                    


ප්‍රිය සම්භාශණය ඉවර වුනාම ලීසා ලෑස්ති වුණේ තමන් ගේ මහල් නිවාසයට යන්න..

" ලීස් නූනා.. ආ යූ ඕකේ.. "

කේ පොප් ක්ශේත්‍රයට ලීසා ආව මුල් කාලයේ ඉදන් ම ජන්ග්කුක් ලීසා ගේ හොඳ යාළුවෙක් වුණා.. කණ්ඩායම් දෙකේම පොඩ්ඩෝ දෙන්නා හින්දා තමන්ගේ අක්කලා අයියලා එක්ක ඒ දෙන්නා ලොකු වුණා..

" නෑ.. ජන්ග්කුක්.. "

ලීසාව ජන්ග්කුක් වැලදගෙන ටික වෙලාවකින් ලීසා ව ඈත් කරා..

" නූනා.. ආර්මිලාත් එක්ක හිටපු අන්තිම දවසේ මටත් ඔය වගේ ම දැනුනා.. ඒත් විශ්වාස කරන්න එයාලා අපිව ලේසියෙන් අත අරින්නේ නෑ.. "

ජන්ග්කුක් කියන කොට ලීසා ඔළුව වැනුවා..

' ඔයාලා මාත් එක්ක ඉඳියි.. ඒත් මටයි ඔයාලව අත් අරින්න වෙන්නේ.. '

ලීසා හිතුවත් කිසිම දෙයක් කිව්වේ නෑ.. ජන්ග්කුක් ට වගේ ම එතන හිටපු හැම කලාකරුවෙක් ටම සමුදුන්න ලීස් එතනින් පිටත් වුණා..

<>

" ලීස් හරි අවුලෙන් හිටියේ.. දැක්ක ද කෙල්ලගේ මූණේ හැටි.. පව්.. "

සනා කිව්වේ අන්තිමට තමන්ට සමුදීලා ලීසා ගියාට පස්සේ.. ලීසගේ වෙනස එතන හිටපු හැමෝටම තේරිලා තිබුනේ..

වෙනදට හිනා වෙවී එයාලත් එක්ක ඉන්න ලීසා අද සද්ද නැතුව පාඩුවේ ඉන්නකොට ඒක එයාලට ප්‍රශ්නයක් වුණා..

" ජෙනියාහ්.. ලීස් කලින් ම ගියා නේද.. "

" ඔව් ඔන්නි.. මම යන්න හැදුවත් එපා කිව්වා එන්න.. හරි අවුලෙන් ඉන්නේ.. මං හිතුවේ නෑ ලීස් මෙච්චර අවුල් යයි කියලා.. "

එතන හිටපු තවත් කෙනෙක් අහනකොට ජෙනී උත්තර දුන්නා..  ලීසා මේ තරම් ම අවුල් වෙයි කියලා අනික් අය හිතුවේ නෑ.. ලීසා සාමාන්‍යයෙන් මේ වගේ කෙනෙක් නොවන හින්දා ඇත්තටම හැමෝටම ඒක ප්‍රශ්නයක් වුණා..

තමන් ගේ මහල් නිවාසයට ආව ලීසා සෝෆා එකෙන් වාඩි වුණේ ලොකු හුස්මක් අරගෙන..ඇස් වලින් කදුළු කඩා ගෙන වැටෙන කොට තමන් ගේ සාලේ බිත්තියේ රැදිලා තිබුණ පිංතූර දිහා එයා බලාගෙන හිටියා..

|| SORRY IM FROM FUTURE || ✓Where stories live. Discover now