Chapter 2

62 10 0
                                    


" සර් දැන්වත් ලාලිසා ව අපිට ගෙන්නන්න බැරි ද.. එයා ඉල්ලපු කාලය ඉවරයි.. "

ඒක හරිම වෙනස් තැනක්.. හරියටම කිව්වොත් තාක්ෂණය අතින් දියුණු තැනක්.. සම්පූර්ණයෙන් එතන ලා නිල් එක්ක සුදු පාටින් තමයි තිබුණේ.. පේන සහ මම හිතන විදියට ඒක අනිවාර්යයෙන් ම කාර්යාල කාමරයක් වෙන්න ඕන.. ඒත් අපි දකින කාර්යාලයක් නම් නෙවෙයි..

ඒ අයගේ කතාවට සවන් දෙන ගමන් එතන වීදුරුවෙන් පේන පිට නගරය දිහා මං බැලුවා..

ඒ අයගේ කතාවට සවන් දෙන ගමන් එතන වීදුරුවෙන් පේන පිට නගරය දිහා මං බැලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔහ් අපි දකින ගොඩනැගිලි වලට වඩා ගොඩක් වෙනස්.. ඒ නිල් සුදු සම්මිශ්‍රණය හරිම ලස්සනයි... අහස උසට විහිදුනු මේ ගොඩනැගිලිත් ඒ හා සමාන වර්ණයෙන් සැරසුනු මිනිස්සු නිසා හරිම වෙනස් දෙයක් තමයි දැනෙන්නේ..

" ඔව් ජේන්.. එයාට පෘථිවි කාලයෙන් තව සති තුනක කාලයක් විතරයි තියෙන්නේ.. "

කළු පාට ඇදුමින් සැරසුණු ප්‍රධානියා යැයි කිව හැකි පුද්ගලයෙක් අනිත් තරුණියට කිව්වා..

" මොනවා කරත් ලාලිසා දක්ශයි.. ලීසා විදියට පෘථිවියේ එයා ගොඩක් ජනප්‍රියයි.. "

නැවතත් අර තරුණිය කිව්වේ තමන්ගේ අතේ තිබුණු වීදුරු තිරය මත ඇඟිලි තුඩු යවමින්.. ඒ තිරයේ ලීසා ගේ පිංතූර වගේ ම ලීසා ගේ වර්තමාන තත්වය ගැන සඳහන් වෙලා තිබුණා..

" ලාලිසා ගේ පනිශ්මන්ට් කාලය ඉවරයි එයාව ඉක්මනට ගෙන්නන්න ඕන.."

ඒ ප්‍රධානියා ආයෙමත් කිව්වා.. ඒ අයගේ කතාවට ගැන ලොකු වැටහීමක් මට නැතත් ඒ කිව්වේ ලීස් ගැන කියලා නම් විශ්වාසයි.. බලමු අපි ඊළඟට මොකද වෙන්නේ කියලා..

<>

කොරියාවේ කලාකරුවන් වෙනුවෙන් පවත්වන  ප්‍රධාන සම්මාන උළෙල වන Seoul Music Awards උළෙල සඳහා පුහුණු වීම් කටයුතු පටන් අරගෙන තිබුණා..

|| SORRY IM FROM FUTURE || ✓Where stories live. Discover now