Chapter 3

58 6 0
                                    


දින සති වෙලා කාලය ඉක්මනින් ම ගෙවිලා ගියා.. කොහොමින් කොහොම හරි අන්තිමට ඒ දවස උදා වුණා..

කොරියාවේ කලාකරුවන් වෙනුවෙන් පවත්වන විශාලම සම්මාන ප්‍රදානෝත්සවය, සෝල් සංගීත සම්මාන උළෙල ඒ විදිහට එදින රාත්‍රියේ යෙදිලා තිබුණා..

කොරියානු පොප් සංගීතය කියන්නේ 2034 වර්ශයේ ලෝකයේ ජනප්‍රිය දෙයක් වෙනකොට මේ කලා උළෙල වෙනුවෙන් දෑස් දල්වා ගෙන බලා ගෙන හිටියේ කොරියානු රසිකයෝ විතරක් නෙවෙයි.. ලෝකයේ පුරා විහිදුනු රසිකයින් හැමෝම මේ අවස්ථාව වෙනුවෙන් හිටියේ ඇඟිලි ගනිමින්..

එළිමහන් ප්‍රේක්ෂකාගාරයක තියෙන මේ සම්මාන උළෙල ට ඒ වෙනකොටත් පිරිස රැස් වෙලා හිටියා.. රසිකයින් ගේ ප්‍රීති ඝෝෂා එක්ක ඒ පරිසරයේ තිබුණේ වෙනස් ම දර්ශනයක්...

" බලන්නකෝ ලීස්.. අද ගොඩක් අය ඇවිත් "

ප්‍රධාන වේදිකාවට පිටුපසින් කලාකරුවන් රැදිලා හිටපු තැන කේ පොප් ක්ශේත්‍රයේ හැම කලාකරුවෙක් ම හිටියා..

පරණ අය වගේම අලුත් පරම්පරාවේ කලාකරුවන් එතනට රැස් වෙලා හිටියේ පරම්පරා කීපයක් ම නියෝජනය කරන ගමන්..

" ඔව් ඔන්නි.. මට අපේ පලවෙනි දවස මතක් වෙනවා.. "

ලීසා කිව්වේ ජිසූ දිහා බලාගෙන හිනාවෙලා.. පරණ අතීතයෙ දි එයාලගේ පලවෙනි ඉදිරිපත් කිරිම ලීසට මතක් වුනා.. මේ තරම් නැතත් එදත් පිරිසක් එයාලට ඔරවරසන් දුන්නා කියන දේ ලීසට මතක් තිබුණා...

" ඒ කාලේ අපිට අමාරු වුනත් හරිම ලස්සනයි ලීස්.. ඒවා හරියට ලස්සන ෆිල්ම් එකක් වගේ.. "

ජීසූ කිව්වේ ඒ හැම දෙයක්ම දිහා බලන් ගමන්.. ඒ වෙනකොට පස්වෙනි පරම්පරාවේ සංගීත කණ්ඩායම් පවා කේ පොප් සංගීතයට එකතු වෙලා හිටියා..

" සුබ සන්ධ්‍යාවක් ප්‍රේක්ෂක රසික හිතවතුනි.. මේ ඇරඹෙන්නේ ඒ ආදරණීය කලාකරුවන් ගේ රාත්‍රියයි.. සෝල් සංගීත උලෙල මෙතැන් පටන් ආරම්භ වෙයි.. "

නිවේදකයා මව් භාෂාවෙන් අමතන කොට තවත් නිවේදිකාවක් විසින් ඉංග්‍රීසි භාෂාවෙන් මෙහෙය වීම් සිදු කරා..

|| SORRY IM FROM FUTURE || ✓Where stories live. Discover now