Chapter 1

75 14 0
                                    

" ජෙනි.... ආයෙමත් වතාවක් ප්‍රැක්ටිස් පටන් ගන්න ඕන.. මට ඒ සෝන්ග් එකේ සමහර ස්ටෙප් මතක් නෑ.. "

රෝස් කිව්වේ බිම ඉදගන්න ගමන්.. තව සති දෙකකින් තියෙන SMA සම්මාන උළෙලේදී ඉදිරිපත් කරන්න නියමිත ගීතය ගැන තමයි රෝස් කිව්වේ..

" ඔව් ජෙනි..මටත් හිතෙනවා.. මේ ප්‍රෆෝම් එක අපි හොඳට කරන්න ඕන.. "

ජිසුත් ඒකට එකඟ වුණා.. ටික වෙලාවකින් හතර දෙනාම එයාලගේ පුහුණු වීම් කටයුතු කරන කලාගාරය ඇතුලේ තව පැය කීපයක් ගත කරේ ඒ ගීතය වගේ ම තවත් ගීත කිහිපයක් පුහුණු වෙන ගමන්..

පුහුණු වීම් අවසානයේ කණ්ඩායම් සාමාජිකාවෝ වෙන් වෙලා ගියේ තම තමන්ට වෙන් වෙලා තිබුණ මහල් නිවාස වලට...

රෝස් එන්ගේජ් වෙලා ඉන්නකොට ජෙනී ට වගේ ම ජිසූට පෙම්වතුන් හිටියා.. ඒ නිසා තවදුරටත් එකට ඉන්න ඒ අයට බැරිවුනා..

ලීසා විතරයි තවම කණ්ඩායමේ තනිකඩ සාමාජිකාවකට හිටියේ..

කාලය කොයිතරම් වෙනස් වෙලා ද.. අවුරුදු දහ හතරකට කලින් ඒ අය කොහොමද හිටියේ.. නොදැනුවත්වම ලීසා ගියේ තමන්ගේ අතීත මතකයන් ට..

" හෙලෝ ලීසා.. ඒක නේද ඔයාගේ ස්ටේජ් නේම් එක.. මම ජිසූ කියලා දන්නවනේ.. "

ලීසා දඟකාර චරිතයක්.. මුලදී එයා ටිකක් බයෙන් හිටියත් එයාගේ අක්කලා එක්ක එකතු වුණාම එයාගේ බය නැතිවෙලා ලාලිසා මනෝබන් චරිතය එලියට ආවා..

ඒ කාලය හරි ලස්සනයි... සමහරවිට මේ ගෙවෙන්නේ අන්තිම කාලය වෙන්න පුළුවන්..

" ඒ කාලේ හරිම ලස්සනයි.. "

ලීසා වීදුරු ජනේලයෙන් පිටත පේන ගොඩනැගිලි දිහා බලාගෙන හිටියා.. වේගයෙන් ඇදුන ලීසා ගේ වාහනය නැවතුනේ ලීසා ගේ මහල් නිවාසය ලඟ..

පුරුදු විදිහට ම තමන්ගේ මුහුණ ආවරණය දාගත්ත ලීසා වේගයෙන් තමන්ගේ මහල් නිවාසය වෙත ඇදුනා..

මුර පදය දුන්න ලීසා ඉක්මනට ගෙදරට ඇතුළු වෙලා දොර වැහුවා.. මේක සාමාන්‍යය දෙයක්.. අයිඩල් කෙනෙක් විදියට එයාලගේ පෞද්ගලික ජීවිත රහසක් විදියට තියාගන්න ඕන..

" හ්ම් බඩගිනියි.. මොනවද කන්නේ.. "

ශීතකරණය විවෘත කරපු ලීසා පලතුරු ටිකක් එක්ක යෝගට් එකක් එලියට ගත්තා.. අත් දෙකත් හෝදගෙන වතුර එකක් අරගෙන කෑම මේසයෙන් වාඩි වෙලා එයා ඒක කන්න පටන් ගත්තා..

තමන්ගේ දුරකථනය අරගෙන සමාජ මාධ්‍ය ජාල වල එහෙ මෙහෙ ටික වෙලාවක් සැරි සරපු ලීසා ටික වෙලාවකින් නාන කාමරයට ගියේ පිරිසිදු වෙන්න..

පැයක විතර කාලයක් එතන ගත කරපු ලීසා ඇවිත් නිදා ගත්තේ හෙට ඉදන් කරන පුහුණු වීම් වලට හොඳ නින්දක් ඕන නිසා...















' ඒක කණ්ඩායමක් විදියට එයාලගේ අන්තිම පුහුණු වීම වෙන්න පුළුවන් '

' ඒක කණ්ඩායමක් විදියට එයාලගේ අන්තිම පුහුණු වීම වෙන්න පුළුවන් '

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
|| SORRY IM FROM FUTURE || ✓Where stories live. Discover now