09 party day

151 19 0
                                    

❤.......𝗟𝗢𝗩𝗘 𝗦𝗵𝗼𝘂𝗹𝗱 𝗻𝗼𝘁 𝗯𝗲 𝗮𝗻 𝗮𝘁𝘁𝗿𝗮𝗰𝘁𝗶𝗼𝗻.......❤

Jungkook POV

මං බ්ලේසර් එක අරගෙන නවලා අතක් උඩට දාගෙන අනික් අතින් ගත්තෙ කාර් එකේ කී එක.. මාක්ස් එක අතට අරගෙන ෆෝන් එකත් ඒ අතින්ම අර ගත්තා.. ජින් හියෝන්ට අපි එනවා කියලා මැසේජ් එකක් ‍යවලා මං පහලට ගියා.

" ටේයා.... ඔයා ඉන්නවද.. "
පහලින් නැවතිලා මං කතා කරේ ටේහ්‍යුංට. Dorm එකේ ඉන්නෙ ජිමිනයි ටේහ්‍යුනයි විතරයි. අනික් කට්ටියත් එලියට ගිහිල්ලා.

" ඕ... කුක්කා "
දුවගෙන වගේ මගෙ ළඟට ආව ටේහ්‍යුං අහද්දිම..

'' ලෑස්ති වෙලා ඉවර නැද්ද තමුසෙ තාම.. "
ගැස්සිලා ගියෙ ආයම දොර දිහායින් ඇහුණ කෙල්ලගෙ කටහඬට..

" පේනවා ඇතිනෙ තමුසෙට.. මම ඉවරද නැද්ද කියලා.. කාර් එකට වෙලා ඉන්නවා.. මං එන්නන්.. නවය වෙද්දිනෙ යන්න ඕන.. ''
ආයුලි දිහා නොබලම මං කීවෙ මගෙ වචනත් එක්ක ආයුලි යන්න යද්දි.. සිල්වර් කලර් වොච් එකත් අරගෙන මං අතකින් බැදගත්තේ ටේහ්‍යුං එක්ක කතා කරන්න ගද්දි..

'' මං යන්නං. මේ කෙල්ලව mackup artist ලගට එක්ක ගියාම පැය කොච්චර යයිද කියල කියන්න බෑ. ඔයාලා ඇවිත් ඉන්න ''

'' හරි.. කෙල්ලට සැර කරන්න එපා ''
කාර් එක ළඟට ගිහින් මං කාර් එකේ පිටිපස්ස දොර ඇරලා බ්ලේසර් එකත් එක්කම ෆෝන් එක ශීට් එක වහලා දැම්මෙ ගැස්සිලා ගිහින් ආයුලිත් මගෙ දිහා බලද්දි.. ඩ්‍රයිවින් ශීට් එකේ දොර ඇරලා මං කාර් එකෙන් ඉදගන්න කොටත් ආයුලිගෙ ඇස් මගෙ ළඟ..

" කොහෙටද දැන් යන්න ඕන.. "

" එදා ගියපු සැලොන් එකට අප්පා.. කී පාරක් කියන්න ඕන ද.... තමුසෙ කට වහගෙන ඩ්‍රයිව් කරනවකො.. ''
මට කියන්න නොදීම කෙල්ල කියවගෙන කියවගෙන ගියා. පැය බාගයකට විතර පස්සෙ අපි එතෙන්ට ආවා. ආයුලි එක්කම මාත් ලෑස්ති වුනේ සැලොන් එක ඇතුළට යන්න.

'' ටිකක් වෙලා යයි.. ඒ නිසා ... ''

'' නෑ.. මං එන්නං.. ''
මං ආයුලිව යවලා waiting area එකේ ඉදගත්තා. අද Company එකේ පාටි එක. හැමෝටම ඒකට invited කරලා තිබුනෙ සතියකට විතර කලින් ඉදලා. ඒ දවසෙම ආයුලිව එක්ක ගෙන එයාගෙ dress එක select කරන්න අපි මේකට ආවා. අද ඉතින් ඒක dress up වෙනවා.  හරියටම පැය දෙකකට ආසන්න කාලයක් මට ඉන්න උනා.

𝙈𝙞𝙨𝙨 𝙐𝙣𝙞𝙫𝙚𝙧𝙨𝙚 ( ᴿᵉqᵘᵉˢᵗ ᶠᶠ ) 💕 ✅️✅️Where stories live. Discover now