07 Helpful person

143 17 8
                                    

❤

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

❤.......𝗟𝗢𝗩𝗘 𝗦𝗵𝗼𝘂𝗹𝗱 𝗻𝗼𝘁 𝗯𝗲 𝗮𝗻 𝗮𝘁𝘁𝗿𝗮𝗰𝘁𝗶𝗼𝗻.......❤

Author POV

ආයුලිට එයාගෙ වැඩ කරන්න ලැබුනෙ ජන්කුක් එක්ක එකම කැබින් එකේ. ආයුලි නොදන්න දෙයක් කියල දෙන්න වගේම කම්පැනි එකේ වැඩ ටික කරන්න ජන්කුක්ට උදව් කරන්න උනා. ඒත් ......
ආයුලිට මොනව හරි අතපසු උනොත් පෑනක් හරි අමතක උනොත් ජන්කුක් අසාමාන්‍ය ලෙස කෑ ගහන්න ගත්තා. ආයුලිට සිතා ගැනීමට නොහැකි වුන එකම දේ ඇයි ජන්කුක් මේ තරම් නපුරු මිනිහෙක් වුනේ කියල...
ජන්කුක් එක්ක වැඩ කරන්න ගත්ත දවසෙ ඉදලා ජන්කුක් කෙල්ලට හොඳින් කතා කරපු වෙලාවක් දවසක් නම් කවදාවත් මතක තිබුනෙ නෑ. හැම වෙලාවකම පොඩි දේටත් කෑ ගැසීම ජන්කුක්ගෙ සිරිත.. නැත්නම් දින චර්යාව උනා... දැන්නම් කෙල්ලට ඒ කෑ ගැසීම පුරුදු වෙලා.

දවල් ආයුලි කැබින් එකට ආවා. ඒත් ඇත්ත වශයෙන්ම කියන්න සතුටුයි විනාඩියක් ගියේ නෑ රූම් එකේ දොර ඇරෙද්දි ගෙම්බා ගැහුවා වගේ කෙල්ල බිම වැටුනා. කෙල්ලගෙ ඇස් ගියං කාගෙ හරි කකුල් දෙකක් ලග... ඒ සපත්තු දෙක දිහා බලාගෙන ටිකෙන් ටික උඩට ගෙනියපු ඇස් දැකපු දෙයින් කෙල්ල පුදුම උනා.

'' ජ්.. ජන්කුක්... ''

'' ඉක්මනට නැගිටලා එනවා.''
ඔව් ඔව් කෙල්ල දැක්කේ ගිනි පිටවෙන ඇස් වලින් කෙල්ලගෙ දිහා බලන් ඉන්න නපුරු ආඩම්බර කාර කොල්ලව. එයත් කෙල්ලව කොහෙන් කන්න පටන් ගන්නද ලුක් එකක් දාගෙන පුපුරන ගමන් ම කෑ ගහලා ඇතුලට ආවා.

" ආයුලී........😤 ඉක්මනට එනවා... "

'' මුලු ඔෆිස් එකම විතරක් නෙමේ බිල්ඩින් එකම ඉරි තැලුවද මන්දා වොයිස් එකට.. ''

ජන්කුක්ගෙ කෑගැහිල්ලට දඩි බිඩි ගාලා නැගිටපු කෙල්ල ඇදුමත් ගසා ගත්තා ඉක්මනට. ඒත්...

𝙈𝙞𝙨𝙨 𝙐𝙣𝙞𝙫𝙚𝙧𝙨𝙚 ( ᴿᵉqᵘᵉˢᵗ ᶠᶠ ) 💕 ✅️✅️Where stories live. Discover now