Winter 15❄️🥀

417 90 5
                                    

"මම ගොඩක් පරක්කු වුනා නේද ටේහියුන්..මට සමාවෙන්න!..මම නිසාවත් ඔයා දුක් විදින්න ඕන නැති නිසා මට කාලයක් ගියා ඔයා ලගට එන්න..ඒත් ඔයා ලග තවත් ඒ වගේ අයට ඉන්න අයිතියක් නැහැ ටේහියුන්!.."
ජන්කුක්ගේ කටහඩ කලබල වෙද්දි ටේහියුන් ඔහුගේ අත් දෙක තදින් අල්ලගත්තේ ජන්කුක්ව සන්සුන් කරන්න..

"ඔයාද එතකොට අර.."

"අපි තවත් ඒ ගැන කතා නොකර ඉමු ටේහ්‍යුන්...ඒ හැමදේම අතීතයක් විතරයි.."

ජන්කුක් ටේහ්‍යුන්ව නතර කලේ ඔහුගේ අත ටේහ්‍යුන්ගේ කටට තියලා තදකරමින්..

"තේරුනාද ඔයාට??.."

"ආයිත් යන්න එපා..ම..මම තනිවෙන්න බයයි ජන්කුක්...මාව දාලා කොහෙවත් යන්න එපා..මට.."

ජන්කුක් ටේහියුන්ගේ රෝස දෙතොල් තමන්ගේ පාලනයට ගත්තේ ගොඩක් ආදරෙන් වගේම දෑස් පියාගෙන ටේහ්‍යුන් ඔහුට අවනත වෙද්දි...

"කොහෙවත් යන්නෙ නෑ...ඔයා මගේ හැමදේම..මට පුලුවන් ඔයාව බලාගන්න..මොකක්හරි හේතුවක් නිසා ඒ ගෙදරදි කවදාවත් ඔයාට වැරැද්දක් උනෙත් නෑ අඩුවක් උනෙත් නෑ මට ඒක ලොකු සැනසීමක්..අපි දැන් ඒ හැමදේම අතීතය කියලා හිතමු..අද ඉදන් අපේ අලුත් ගෙදර ඔයයි මමයි විතරක්..."

ජන්කුක් ලස්සනට හිනාවුනේ ටේහ්‍යුන් පුදුමෙන් බලාගෙන ඉන්නකොට..

"අ..අලුත් ගෙදර??.."

ටේහියුන්ගේ සිනිදු ඇගිලි අතර තමන්ගේ අත් පටලවමින් ඔහු හෙමීට ඉස්සරහට ඇවිදින්න පටන් ගත්තේ හදවතේ පිරිලා තිබුන ආදරණීය හැගීම් ගොඩකින්..

"අර බලන්න.."

මුහුනේ ඇදුන ලස්සන හිනාවක් එක්කම මාපල් ගහට එහායින් තිබුන ලස්සන පෙනුමක් තිබුන කුඩා නිවසක් පෙන්නුවේ ටේහ්‍යුන් ඒ දිහා පුදුමෙන් බලාගෙන ඉදිද්දි...

"ගොඩක් ලොකු නෑ..ඒත් ඔයා ආස වෙයි කියලා මට හිතුනා.."

"ලස්සනයි!...ගොඩක් ලස්සනයි ජන්කුක්.."

ටේහ්‍යුන්ගේ ඇස් සතුටින් දිලිසෙන විදිය ජන්කුක් හොදින්ම දැක්කා...ඒ ඇස්..ඒ හිනාව..ටේහියුන්ගේ පොඩි ස්පර්ශයකින් පවා ජන්කුක්ගේ හැම දුකක්ම එක මොහොතකින් නැතිවෙලා ගියේ ඔහුටවත් හිතාගන්න බැරි විදියට..

"මං ඔයාට ආදරෙයි ජන්කුක්.."

මෙච්චර කාලයක් අහන්න අසාවෙන් වගේම මගබලන් ඉදපු ඒ වචන ටික ජන්කුක්ට ඇහුනේ නොදැනුවත්වම ඇස් වල කදුලු පිරෙද්දි..

ඔහු ටේහ්‍යුන්ව තවත් තදින් තුරුල් කරගත්තේ ටේහ්‍යුන්ද ජන්කුක්ගේ උනුහුමට ආදරෙන් ගුලිවෙද්දි..

"අද ඉදන් අපි හැමදාම හිම වල සෙල්ලම් කරමු..ඔයා කැමති හැමදේම කරමු..අපිට එපා කියන්න කවුරුත් නෑ...අද ඉදන් මගේ ජීවිතේ සතුට ඔයා ටේහ්‍යුන්..මගේ වින්ටර් බෙයා...මාත් ඔයාට ගොඩක් ආදරෙයි.."

_The end_

Vote කරන හැමෝටම ගොඩක් ස්තූතියි..🥀❄️

Winter || TK [ Completed ✔]Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα