Winter 5❄️🥀

277 71 0
                                    

"ඔයා ඔයතරම් කැමතිද එලියට යන්න..."

වීදුරු ජනේලය ලග හිටගෙන සුපුරුදු විදියටම වැටෙන හිම වලට තමන්ගේ අත දික්කරගෙන ලස්සනට හිනාවෙන ටේහ්‍යුන් ලගට ජන්කුක් ඇවිදගෙන ගියේ ටේහියුන්ගේ හිනාවට ඔහු වශීවෙද්දි...

"මම ගොඩක් ආසයි...දන්නවද හිම වැටෙනකන් මං හැමදාම බලන් ඉන්නවා..මට පේන්නෙ නැති උනත් මට දැනෙනවා ඒක ගොඩක් ලස්සන ඇති කියලා.."

"ඔව් ලස්සනයි...ගොඩක්.."

"ඒත් ඔයා තරම් ලස්සන දෙයක් මම තාම දැකලා නැහැ ටේහ්‍යුන්"

ජන්කුක් ටේහ්‍යුන් දිහා බලාගෙන වෙනම ලෝකෙක අතරමං වෙද්දි පාලනයක් නොමැති හැගීම් ගොඩකින් ඔහුගේ හදවත වසා ගත්තා...

"ඔයාට එතෙනට යන්න ඕනද??..."

"අහ්හ්!...ඔයා ඇත්තටමද අහන්නේ??...මාව එක්කන් යනවද??"

"ඔව් එන්න අපි යමු.."

ටේහ්‍යුන්ගේ කදුලු පිරුන සතුටින් දිලිසෙන ඇස් දිහා ජන්කුක් ගොඩක් ආදරෙන් බලාගෙන හිටියා...
මීට කලින් මේ දේවල් ඔහුට කරන්න බැරි වුනේ ඇයි කියලා ජන්කුක් තමන්ගේ හිතටම තරවටු කලේ ටේහ්‍යුන් මේ තරම් පොඩි දේකටත් මොනතරම් සතුටු වෙනවද කියලා හිතෙද්දි...

"ඔයාට ඒක දැනෙනවද??"

ජන්කුක් තවමත් ආදරය පිරුන ඇස් වලින් ටේහ්‍යුන් දිහා බලන් හිටියේ ඔහුගේම නාදුනන හැගීම් තේරුම් ගන්න උත්සහ කරමින්...

"ඔ..ඔයාට ගොඩක් ස්තූතියි..ජන්කුක්"
ටේහියුන්ගේ දිලිසෙන ඇස්වලින් ජන්කුක් ගොඩක් දේවල් කියෙව්වා..

Winter || TK [ Completed ✔]Where stories live. Discover now