Winter 9❄️🥀

269 69 0
                                    

"නවත්තනවා ජන්කුක්.."

"ඇයි මං නවත්තන්නේ??...ඔයා මොනවද එයාට මෙහෙම කරලා ලබාගන්න හදන්නේ??..හැගීමක් නැතුව එයාගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන එක නතර කරන්න.."

"මට උපදෙස් දෙන්න එපා..මම එයාව මට පුලුවන් විදියට බලාගන්නම්..මම දන්නවා ඔයා දැනටමත් එයාගෙන් හොදට විනෝද වෙලා ඉවරයි කියලා..තවත් ඔයාව මේ ගෙදරට අවශ්‍ය නැහැ ජන්කුක්.."

ජන්කුක්ගේ දෑස් නොදැනිම කදුලින් බරවුනා..ජන්කුක්ගේ අතින් කවදාවත් ටේහියුන්ට වරදක් වෙලා නැති බව ජන්කුක් වගේම ටේහියුන් හොදටම දන්නවා..තමන්ට කරන්නේ බොරු චෝදනාවක් වුනත් ඇත්තටම ජන්කුක් ටේහියුන්ට ආදරේ කරනවා..තව ඔහුට ඉවසන්න තිබුනා කියලා ඔහු ඔහුටම බැනගත්තා...ටේහ්‍යුන්ව දාලා යන්න වෙන බව මතක් වුනාම ජන්කුක්ගේ හදවතට පිහි පාරවල් අනිනවා මෙන් වේදනාවක් වුනා..
ඔහු නැතුව ටේහ්‍යුන් තවත් අසරණ වෙන බව ජන්කුක්ට හොදින්ම දැනුනා.."

"මම සතියක් හෙට ඉදන් ගෙදර නැහැ...එතකන් මෙහෙ ඉන්න පුලුවන්..හැබැයි ඉන්න විතරයි..සීමාවේ ඉන්න.."

ටේහ්‍යුන්ගේ බිරිද ජන්කුක් දිහා නොබලම එතනින් ගියා..
තොල් වල ආලේප කර තිබුන තද රතු පැහැති ආලේපන ඇස් වටා ගල්වා තිබුන තද කලු ආලේපන තද නිල් පාට ඇගටම තදවුන ගවුමට තැනින් තැන ඇයගේ ශරීරය කැපී පෙනුනා වගේම උඩට බැද තිබුන තද කලු දිග කොන්ඩය
හා ගමන් විලාසය ඇයගේ පෙනුමට තවත් සරාගී බවක් එක්කලා..

ටේහ්‍යුන්ට වඩා වයසින් වැඩි පෙනුමක් තිබුනත් ඇය රූමත් සරාගී කාන්තාවක් වුනා...එහෙත් දිනෙන් දින වෙනත් පිරිමින් සමග තමන්ගේ නිවසේම අශීලාචාර විදියට විනෝදවෙමින් ටේහ්‍යුන්ව රැවටීම හැමදේම තමන්ගේ ඇස් දෙකට දකින ජන්කුක්ට තවත් දරාගන්න බැරි වේදනාවක් වුනා..

Winter || TK [ Completed ✔]Where stories live. Discover now