Winter 2❄️🥀

380 73 0
                                    

"එයා එතන හිටියා නේද??...ඇයි මට මේ දේවල් අමුතු විදියට දැනෙන්නේ??...එකම දේවල් හැමදාම ඇහෙනවා..ඔයාවත් මට කියන්න අඩුගානේ..."

"සර් දැන් ඔයා නිදාගන්න...එයා ඔයාගේ බිරිද..ඒ නිසා අනිවාරෙන්ම ඔයා ලගට එන්න ඕනනේ...ඒ ගැන හිතලා කලබල වෙන්න එපා.."

"ඔව් ඒත් එයා එන්නෙ නැහැ...කවදාවත් මං ලගට මෙච්චර කාලෙකට ඇවිත් නෑ..සමහරවිට මට එයාව බලන්න බැරි නිසා එයත් මාව බලන්න අකමැති ඇති නේද ජන්කුක්.."

හිතේ තියෙන වේදනාව හංගන්න උත්සහ කලත් ටේහියුන්ගේ දෑස් කදුලින් පිරී ගියේ එක් නිමේෂයකින්..ඒත් කදුලු අතරින්ම ඔහු ලස්සනට හිනාවුනේ ඔහුගේ වේදනාව තවත් හංගන්න උත්සහ කරද්දි..

"සමාවෙන්න මම අදාල නැති දෙයක් අහනවනම්..සර්ට ඇත්තටම වයස කීයද??.."

"මට හරියට මතකයක් නැහැ ජන්කුක්..අර අල්මාරිය ඇරලා පල්ලෙහාම ලාච්චුවේ තියෙන නිල් පාට ෆයිල් එක ගන්න...ඒක අරන් බලන්න.."

"ඒත්.."
ටේහියුන් තමන්ව එකපාරටම මෙහෙම විශ්වාස කරපු එක ගැන ජන්කුක් ඇත්තටම පුදුම වුනා..

"දැන් ගොඩක් කල් නිසා ඒක එතන තියෙනවද දන්නෙත් නැහැ ජන්කුක්.."

ජන්කුක්ගේ හිතේ තිබුන කුතුහලය නිසාම ඔහු අල්මාරියෙන් ෆයිල් එක අතට ගත්තා..
ජන්කුක් ටිකක් නොසන්සුන් වුනේ ඔහු බලාපොරොත්තු නොවුන දේවල් දකින්න ලැබුන නිසා..

"මට හිතුනා..බලන්න ඔයා දිහා!...එතකොට ඔයාට තාම විසි තුනයිද??...ඒත්.."

"වෙන්න ඇති ජන්කුක්...ඔයා ඇයි ඔයතරම් කලබල වුනේ?..මම මේ තරම් ඉක්මනට කසාද බැදපු නිසාද??"
ටේහියුන් යන්තම් හිනාවුනා..

Winter || TK [ Completed ✔]Where stories live. Discover now