"ඔහ්..මම ලස්සනයිනෙ..ඇත්තටම එයා කිව්වා මම ලස්සනයි කියලා..ඒත් ඇයි එයා මාව බලන්න ආවේ නැත්තේ??.."
කන්නාඩියෙන් පෙනෙන තමන්ගේ රූපය දිහා බලාගෙන ඉදපු ටේහියුන්ගේ තොල් අතර ඇදුනේ හුරතල් සිනහවක්.."ටේහියුන්.."
ඒ කටහඩ!.."ඒ එයාද??..ලින්ඩා!..එයා ලස්සනයි.."
ටේහියුන් ඇය දිහා බලාගෙන ලස්සනට හිනාවුනා.."අහ් ටේහියුන්..ඔයා නැගිටලා.."
ඇය හැසිරුනේ සාමාන්‍ය විදියටමයි..ටික වෙලවක් ඇය දිහා බලාගෙන ඉදපු ටේහියුන් ඇයගේ හැසිරීමට ටිකක් පුදුම වුනා.."බැරි වෙලාවත්..එයා තාම දන්නෙ නැද්ද මට.."
ටේහියුන්ගේ හිනාව එක මොහොතකින් අතුරුදහන් වෙලා ඔහුගේ මූන අදුරු වී ගියා.."මෙන්න ඔයාගේ කෑම එක...මම ටිකකින් එන්නම්..ඔයා නිදාගන්න.."
ඇය කතාකලේ සීතල කටහඩකින්.."එයා අමුතුයි..එතකොට ජන්කුක් ලින්ඩට නොකියද හැමදේම කලේ??..එයා මුකුත්ම දන්නෙ නැද්ද මෙහෙම සාමාන්‍ය විදියට හැසිරෙන්නෙ.."
ටේහියුන් කල්පනා කලේ හැමදෙයක්ම ඔහුට පටලැවිල්ලක් වුන නිසා.."ජන්කුක් කොහෙද??.."
"අහ් ජන්කුක්!..මොකටද??..මම ඔයා ලග ඉන්නකොට මොකටද එයාව හොයන්නේ??...එයා මට කරදර කරන්න හැදුවා ටේහ්‍යුන්..පොඩි කොල්ලෙක් නිසා පොලීසියට නොකිය යන්න දුන්නා.."
ඇය මවාපෑ දුක්බර හඩකින් ටේහ්‍යුන් ඉස්සරහ කිව්වත් කට කොනකින් සිනහ වෙන ඇය දිහා ටේහ්‍යුන් බලන් හිටියේ ඇයව අදහගන්න බැරි හැගීමකින් වගේම වේදනාවකින්...
ඒත් එක්කම ඇය එතනින් යන්න ගියේ ටේහ්‍යුන්ගේ දෑස් වල කදුලු පිරෙද්දි..ටේහියුන් තමන් ගැනම ඇතිවුනේ අනුකම්පාවක්..
"ජන්කුක් එහෙම කෙනෙක් නෙමෙයි...ලින්ඩා..එතකොට එයා මගේ බිරිද..මම හිතුවා වගේම එයා තාම මට සනීප වුනා කියලා දන්නෙ නැද්ද එතකොට??..මගේ බිරිද මේ වගේ කෙනෙක්ද??ඇත්තටම..ඔයා මාව දාලා ගිහින්ද ජන්කුක්..එතකොට මොනවද මේ සිද්ධ වෙන්නෙ??.."
පඩිපෙළ දිගේ පහලට එන ටේහ්‍යුන්ට පුරුදු හඩවල් ඇසෙද්දි ඔහු තවත් පහලට ගියේ අවුරුදු ගානක් හිතට වද දීපු ඔහුගේ ප්‍රශ්නයට පිලිතුරු හොයාගෙන...
YOU ARE READING
Winter || TK [ Completed ✔]
FanfictionYou're the destination of my life🥀❄️ Short story...