♡🍃 crazy & lovely 🍃♡

203 42 20
                                    

ජේකේ එලියට ඇවිල්ලා නෙතුවත් අර්ගෙන වාහනේට ගියේ එයාව ගෙදර එක්ක යන්න...නෙතූ ජෙකේගේ බෙල්ල බදාගෙන නිදි හොදටම...කෙල්ලව හිමිට සීට් එකෙන් තියලා සීට් බෙල්ට් එකත් දාලා ඔළුවත් පරිස්සමට සීට් එකට තිව්වා...නෙතූට කිසි ගානක් නැ කෙල්ල හොදටම නිදි...

ජේකේත් එහෙම්ම වාහනෙට නැගලා නෙතූව්ත් එක්කගෙන එතනනින් ආවා....

ජේකේ ඩ්‍රයිව් කරන අතර වාරෙත් සැරෙන් සැරේට නෙතු දිහා බැලුවේ කෙල්ලට නින්ද ගිහිල්ලා බෙල්ල කැඩෙන්න වගේ පැත්තට ඇලවෙන නිසා...එහෙම වුනාම ජේකේගේ වැඩේ කෙල්ලගේ ඔළුව කෙලින් කරන එක...

🥀 කුකි....

නෙතූ එහෙම කියලා ජෙකේගේ අතකින් බදාගත්තා...ඒ ජේකේ නෙතුගේ ඔළුව කෙලින් කරන්න ගිහිපු වෙලාවේ...එහෙම්ම ජේකේගේ අතට හේත්තු වෙලා නෙතු ආයේ නිදි හොදටම...

ජේකේ අත එහෙම්ම තියාගෙන හිටියේ අත ගන්න විදියක් නැ කෙල්ල අතත් බදන් නිදිනේ හොදටම...

🐰jk's pov....

මොකට බිලද මන්දා මේ කෙල්ල...හොදටම වෙරි...බොන්න බැරි නම් නොබි ඉන්න ඕන...දැන් මුකුත් නොදන්න බබෙක් වගේ මගේ අතත් බදාගෙන නිදි...

නිදියගෙන ඉද්දි නම් කනට ටිකක් සනිපයි...නැත්තන් කොයිවෙලෙත් බ්‍රේක් නැති කෝච්චියක් වගේ කච කච ගාන එකමනේ වැඩේ...මෙහෙම ඉද්දි නම් කියුට් අහිංසකයි...නැගිට්ටම ඒකට සීනුවක් හොලවන්න වගේ සද්දේ කටේ...

ජේකේ නෙතුවත් එක්ක ගෙන ගෙදර ආවා...නෙතුගෙන් අතත් ගලවගෙන ගෙදර දොරත් ඇරලා ඇවිල්ලා නෙතූව හිමිට පරිස්සමට අරගෙන ගියා...ගේ ඇතුලට ගිහිල්ලා පරිස්සමට කෙල්ලව කාමරේ ඇදෙන් තියලා ශීට් එකත් පෙරෙව්වා...

නෙතුගේ ඔළුව අතගලා පහලට යන්න කියලා හදද්දි නෙතු ජේකේගේ අතින් අල්ලලා නවත්ත ගත්තා...

🥀 මේ ඔලමොට්ටලයෝ.....යන්න එපා ඉන්නවකෝ....

🐰 මන් යන්නැ මන් ඉන්නෝ මේ....

🥀 ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....

🐰 නෙතූ....නෙතූ....ආයේ නිදිද...මේ කෙල්ල නම් එසැනින් ආයේ නිදි...

ජේකේ එහෙම්ම බිමින් වාඩිවෙලා බලාගෙන හිටියේ නෙතු දිහා...ඒ ඇස්...ඒ තොල්...ඒ මූණ දිහා ජේකේ බලාගෙන හිටියා...ජේකේට එකපාරට හිනාවක් ගියේ එදා පලවෙනි වතාවට හම්බවුන වෙලාවේ කෙල්ල බැනපු හැටි මතක් වෙලා...නිදා ගෙන ඉද්දි නම් මේ ඒ කෙල්ල වෙන්නම බැ කියලා තමා හිතෙන්නේ...

Crazy Friends |complete|✓Where stories live. Discover now