Chapter 06

625 163 175
                                    

උදේ ඉදන්ම මුගෙ වදේ මට , සර් Chemistry උගන්නවා , මේකා මාව ඇස් වලින් ගිලින්න හදනවා , විසාල කරදරයක් වුනානෙ යකො මේක ....



පොඩි සහනයක් දැනෙනවා දැන් බයෝ නිසා , හොඳ වෙලාවට ඒකා මැත්ස් උනෙ , නැත්නම් මූ නිසා මට බයෝ ඉගෙනගන්නත් නැ ගොටුකොළයා.... මන් දැන් සතුටින් බුහාහ්...










"යෙහස් මැත්ස් එකට ගිහින් ළමයින්ගෙ සම්පූර්ණ නම් ටික ලියන් එන්න ,ඔයාලගෙ අලුත් සුදු ඇදුම් ඇවිත්"





බයෝ මිස් කියපි ,,, මීට අරෑගෙ මූන දැක්කෙ නැති නිසා සතුටින් හිටපු මන් , යෙන්ඩඩා අපිටම මෙහෙම වෙනවා!!!! අයියො මොන පවක්ද යකො මෙ පස්සෙන් පන්න පන්න එන්නෙ මගෙ....



මිස්ට රවන්න බැරි නිසා පොතකුයි පෑනකුයි අරන් මැත්ස් එකට , යද්දි සර් කෝල් එකක , මෙ මිනිහා ස්කෝලෙ ඇව්ත් කරන්නෙ වයිෆ් එක්ක මල් කඩන එක...




ආයෙ නෑ මන් ආවා විතරයි ඔක්කොම උන් මන් දිහා බලනවා...මුන් මීටකලින් මාව දැකලා නැද්ද? ,අරෑ දිහා බලන්නෑ එච්චරයි එච්චරයි ...





මට දැනෙනවා පොරගෙ ඇස් මන් ලග කියලා , මට වැඩක් නෑ ,පටපට ගාලා නම් ටික ලියාගත්තා...මට සමහරැන්ගෙ නම් මතකයි...ඒත් කරැමෙක මහත මට අර මිනිහගෙ නම මතක නැ...




චික් විතරක් , දැන් පලයන්කො ඌ එක්ක දොඩවන්න , අනෙ මටමයි වෙන්නෙ , අඩි තිය තිය පොර ලගට...හරියටම හරි මන් කිව්වෙ මාව පුච්චන්න වගෙ බැල්මක් දාන් මන් දිහා බලන් ඉන්නවා...ඇයි යකො එහෙම බලන්නෙ මට බයත් හිතෙනවා...








"ස්වීටී! පාලුවෙන් හිටියෙ දකින්නැතුව"








ඇ යකො මූ නිකම් හත් අවුරැද්දක් නොදැක්කා වගේනෙ ටෝක් කරන්නෙ ..අපරාදෙ කියන්න බෑ මන් නම් පට්ට සතුටින් හිටියෙ ඔය කුඩුකේඩු මූන නොදැක , ඒකටත් රවපු මන්...







"සම්පූර්ණ නම කියන්න ඔයාගෙ"






"ඇයි උබ මගෙ නම දන්නැද්ද? තොට එකපාරක් මන් කිව්වා නේද?"





ඔය ඉතින් බෑනෙ මේකා එක්ක , පුපුරනවනෙ...මේකගෙ නම පාඩම් කරන් ඉන්න අනෙ මට වැඩ නෑනෙ , අහන්න හිතයි එහෙම ...මිනීමැරුමක් කරගන්න අවෂ්‍ය නෑ හැබැයි ඒකයි කටවහන් ඉන්නෙ...




පෙම්වන්තයෝ || TK NONFICTION Where stories live. Discover now