Sandee_96

❤️. 

Sandee_96

https://www.wattpad.com/1283211147?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Sandee_96&wp_originator=WqxVpf2Pc%2FObjpcYFMw4h3KRgbtlRS%2BuuG82iRLvc8rwfqjcLwvGwaceXepDN2030Z%2BxrZZYjTwNDLiJ5gDjuadB7dkCh0fMhcpYVnvuvmZ21DyFVkfzBeA3hK6hFCEo
          
          Taekook කතාව ඉල්ලපු අයට. කසාද භීශනෙන් මිදෙන්න හොඳම දේ අලුත් කතාවක හිරවෙන එක කියල හිතුනා...

Sandee_96

සමහර වෙලාවට අපිට සිද්ධ වෙනවා අපි කරගෙන යන සමහර වැඩ සේරම පැත්තකට දාන්න. හරියට දැන් ඉන්න මම වගේ... වට්පෑඩ් කියන්නෙ මගෙ මානසික සැනසීම. මේක ඇතුලේ තියෙන්නේ මගේ මවාගන්න ලෝකේ. මේ ලෝකෙ තනි වෙන එක මගේ හිත් වේදනා ගොඩකට සාර්ථක බෙහෙතක් උනා. ජින් ඇරුනම අනිත් හය ගැන හිතේ මවාගත්ත ප්ලොට් එකකට අදහස් ඇතුල් කරලා මේකේ කතාවක් විදිහට දිගාරින එක මාව ගොඩක් වේදනා වලින් ඈත් කරලා තිබ්බා. 
          
          ආසාවෙන් ලියන කතා වල ප්ලොට් එක අමතක වෙන තරමට මම දැන් බිසී වෙලා.... මම දන්නෑ මම ආයෙම කවදා අප්ඩේට් දෙයිද කියලා. කලින් කීවා වගේ මගේ ජීවිතේ සමහර හැරවුම් ලක්ශ ලඟ වංඟු ගන්නකොට නොවැටී ඉන්න මට සමහර දේවල් තාවකාලිකව ඈත් කරන්න උනා. වට්පෑඩ් කියන්නෙත් එහෙම දෙයක්. ටික කාලෙකට මට ඈත් කරන්න උනා.වගේම ටික කාලෙකට ඈත් වෙනවා. එදා වගේම අදටත් කතා ඉල්ලගෙන ඉන්බොක්ස් එන හැමෝටම ආදරෙයි. හොදම ෆික්ශන් එක විදිහට mr.JK පොතට award එකක් දීපු හැමෝටම ආදරෙයි . Mr JK කියන්නේ මගේ ජීවිතේ සුන්දරම කොටසක්. 
          
          ඉතින් අදටත් වචනෙකින් හරි මා එක්ක කතා කරන හැමෝටම ආදරෙයි.මේක අවසානේ නෙමෙයි. තාවකාලික නැවතීමක් විතරයි. සමහරවිට ආයෙම මම මේකේ ඇක්ටිව් වෙන්න එහෙම නැත්නම් කතාවක එපියක් පබ්ලිශ් කරන්න අවුරුද්දක් දෙකක් යන්නත් පුලුවන්.මාසයක් සතියක් දවස් දෙකක් යන්නත් පුලුවන්. මමත් හරියටම දන්නෑ. 
          
          මම දෙයක් කියන්නම් මේක ඇතුලෙම ඉන්න අයට.වට්පෑඩ් කියන්නේ ගොඩාක් සුන්දර තැනක්.ඒ සුන්දර තැනට ඇවිත් අසුන්දර දේවල් වලින් මනස පුරවගන්න එපා. ඕතර් කෙනෙක් විදිහට ලස්සන දේවල් ලමයින්ගේ හිත් වලට රිංගවන්න. කියවන අය ආදරය රාගය පටලගන්න තරම් බොළඳ වෙන්නත් එපා. මේක මම හුඟ දවසක ඉදන් කියන්න ඉදපු දෙයක්.
          
          එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න.සතුටින් ඉන්න. ජීවිතේ ලස්සනම දවස් ආදරෙන් විඳගන්න නම් අපිට කටු කාලා අඬලා වැටිලා හති දාගෙන දුවලා හෙම්බත් වෙන්නම වෙනවා.ඒකත් ඔලුවෙ තියාගන්න. 
          
          ටික කාලෙකට නවතින්නම්. ඒත් ආයෙමත් එනවා. ඒ එනකොටත් මේ වගේම මාව මතක තියාගන්න. අනිවාර්යයෙන්ම මේ ලියන කතා ඉවර කරනවා. අලුත් කතා ගේනවා.❤️... ආදරෙයි හැමෝටම. ඔයාල හැමෝටම.... ගිහින් එන්නම්. 
          
          සරන්හේ.....❤️

dammiEkanayaka9

Still waiting️
Respon

Osi_bunny

@Sandee_96  i feel sad I found this account later on btw Author I'm Sandee too 
Respon

Psychogirl2007

@Sandee_96 kamak na akke... :(
Respon

Sandee_96

ආරංචි උන ගමන් මම චැට් එකට දිව්වේ... චැට් එකේ එකම එක මැසේජ් එකක් තියේ කාලෙකට පස්සේ ඔයා එවපු... මට සීන් කරන්න බැරි වුන. පසුතැවීමක් දැනෙනවා.මට තිබුනා හාට් එකක් හරි ඔයාට එවන්න. චැට් එකේ ඔක්කොම වගේ මිසිං.ඒ වගේම ඔයත් දැකලා කතා නොකලත් එදා එච්චර දේවල් කියපු එකෙන් ඔයාගේ හිත යන්තම් හරි සැහැල්ලු වෙන්න ඇති කියල හිතෙනවා..... 
          
          R.I.P Miyuru nanga.❤️.... 
          
          හැමදාම වගේ චැප්ටර් එක දාපු ගමන් ඔයාගෙන් එන කමෙන්ට් එක ආයෙම දකින්න නැතිවෙයි. ආයෙම මැඩම්ගේ අකුරු බලන්න බැරිවෙයි.. මැඩම්... අපි ඔයාට ආදරෙයි.... ❤️.... 

Kimsenoli

@Sandee_96 ai moko wela thiyenne 
Respon

imaindu

@Sandee_96 හරි මූසලයි වගේ  එයා නිසාම වට්පෑඩ් ආවා... 
            
            ඒත්  ආයේ එන්න හේතුවක් නෑ වගේ දැනෙනවා  
Respon