Day_Dreame_r

දුෂී අක්කගෙ coffee scented tea ආයෙම... ❤️
          	https://www.wattpad.com/story/307600525

Day_Dreame_r

@nimdushi ඉන්නවා අනේව් ❤️
Reply

nimdushi

@Day_Dreame_r  ද වල් හීනේ ඉන්නව නේද ❤️
Reply

Day_Dreame_r

දුෂී අක්කගෙ coffee scented tea ආයෙම... ❤️
          https://www.wattpad.com/story/307600525

Day_Dreame_r

@nimdushi ඉන්නවා අනේව් ❤️
Reply

nimdushi

@Day_Dreame_r  ද වල් හීනේ ඉන්නව නේද ❤️
Reply

Day_Dreame_r

අද 2023 ඔක්තෝම්බර් 03 !
          
          මීට හරියටම අවුරුදු දෙකකට කලින් තමයි, විහාධීෂ ලියන්න පටන් ගත්තේ... පළවෙනිම චැප්ටර් එක පබ්ලිෂ් කරේ...
          
          කාලය ගෙවිලා යන ඉක්මන!
          
          එදා මට ලොකු බලාපොරොත්තුවක් තිබුණෙ නෑ ඒ ගැන... 
          
          මම ලස්සනට ලියාවිද, කී දෙනෙක් කියවාවිද.. මුකුත්ම දන්නෙ නෑ ඉතින්...
          
          මං දැනන් හිටියෙ එකම එක දෙයයි...
          
          මේ පොතේ ලියවෙන වචනයක් ගානේ මගේ හිත ගොඩක් ආදරෙන් පිරෙන්න ගත්තා... විහාධීෂ වෙනුවෙන්... මට ඒ හැඟීම කියන්න නම් තේරෙන්නෙ නෑ ඉතින්...
          
          ඒක වෙන්න ඇති විහාධීෂ + ධනුනරද පොත් දෙකේ චැප්ටර්ස් අනූ ගානම සම්පූර්ණයෙන්ම පබ්ලිෂ් කරලා ඉවර වෙනකල්ම ඒ මාස හතර පුරාවටම චුට්ටකටවත් මට නවතින්න හිතුණෙ නැත්තේ...
          
          ධනුර්ධ, මනුනරද
          නුවිධීෂ, විහාධ්‍ය
          මේඝාර්ණව, නිශාධර
          
          මම හිතුවට වඩා සෑහෙන්න දුරක් ඇවිත්..! මාවත් ගොඩක් දුර අරන් ගිහින්...
          
          30k + views 
          8k + votes
          
          මගේ හිත පිරෙන්න ඔයාලා දුන්න ආදරේට ගොඩක් ස්තූතියි..! ආදරෙයි...! ඒ කමෙන්ට්ස් මට සෑහෙන්න වටිනවා... 
          
          බිංදුවෙන් පටන් ගත්තු මට මේ platform එක එපා නොකර තව ලියන්න ආස කරවපු ඔයාලා..., පළවෙනි චැප්ටර් එකේ ඉඳන් කතාවේ එක කොටසක් වත් පාලුවට යන්න නොදුන්න @Bulbz_D නංගා... කුප්ප කමෙන්ට්ස් දාන @shenun අයියා.. මේ වෙද්දි එස්සෑම් ප්‍රෙසර් එකේ ඉන්න මගෙ මෝඩ යාලුවා @cherry_bookworm  ආදරෙයි හරිත ❤️
          
          ඒ විත‍රක් නෙවෙයි... විහාධීෂ නිසා අඳුනගත්තු, පොත ongoing කාලේ මගෙත් එක්ක ඉඳපු, පොත කියවපු... පුංචි දෙයක් හරි ජීවිතේට එකතු කරගත්තු හැමෝටම මම ගොඩක් ආදරෙයි...! ❤️
          
          මම
          Day_Dreame_r

Chery_Bookworm

@Day_Dreame_r oya mt aathareitha halow??? ihik lamjai wagayyy
Reply

Divyashenu

@Day_Dreame_r "විහාධීෂ" කවදාවත් අමතක නොවෙන හදවතේ ගැඹුරුම තැනක නැවතුනු කතාවක් මැණික .❤❤❤❤❤
Reply

Day_Dreame_r

"එක දවසක්" 
          
          තව කොටසක් ඉල්ලපු අය ගොඩක් හිටියා.. පර්සනලි මගෙත් එක්ක කතා කරපු අයත් හිටියා..
          
          ඇත්තටම
          
          තව කොටසක් ඕනද?
          
          කාටද ඕන?

Chery_Bookworm

@Day_Dreame_r තෞසෙ දෙනවද නැද්ද එක දවසක් එකේ ඉතුරු ටික?????
Reply

Chery_Bookworm

@nimdushi අක්කේ මූ මට බනින එකමයි වැඩේ
Reply

Day_Dreame_r

නිසයුරු කියන්නෙ හඳට කියන තවත් නමක්..
          දිනුරද් කියන්නෙ ඉරට..
          
          නිසයුරු කියන්නෙ විශ්වවිද්‍යයාල ආචාර්‍යවරයෙක්.. ඔහු නේවාසිකව ජීවත් වුණ විශ්ව විද්‍යයාලය හරි අමුතු ලෝකයක්... සිසිල් සුවදායී බව හා  වියළි කර්කශ බව අතර මේ පරිසරය විටින් විට දෝලනය වුණාට, ඇත්තටම ඒක හරියට දිව්‍යලෝකයක්... 
          
          වියළි ඉරි තැලුණු පොළොවෙ පයින් ගෙඩි පිරුණු පයින් ගස්, සුදුපාට ට්‍රයිඩැක්ස් මල් යායවල්, තද කොළපාට තණ තීරු... ඇත්තටම එහෙම තැනක් ලේසියකට දකින්න පුළුවක් කියලා මං හිතන්නෙ නෑ... 
          
          ඒත් මේ හැමදේම මොන තරම් හොඳින් වුණත්, නිසයුරු කියන මේ විශ්ව විද්‍යයාල ආචාර්‍යවරයා ජීවත් වෙන්නෙ යම් මානසික අවපීඩනයකින්... ඒක හරියට ඔහුට අත්‍යාවශ්‍යම, ඔහු වැඩිපුරම ආදරේ කරන දේ ඔහුට මගහැරිලා වගේ හැඟීමක්... ඒ හැඟීම හැමදාම නොවෙනස්ව ඔහුත් එක්ක ජීවත් වුණා... ඒ නිසාම වෙන්න ඇති ඔහුට මොන තරම් සාර්ථක වුණත්, ඔහු වටා මෙනතරම් අය එක් වෙලා හිටියත්, ජීවත් වෙන පරිසරය මොන තරම් ආශ්චර්‍යයමත් තැනක් වුණත් කිසිම තෘප්තියක් ලැබුණෙ නැත්තෙ...
          
          ඉතින් මේ පීඩනයේ ප්‍රතිඵලය විදියට ඔහු සිදුකළ පර්‍යේෂණයක් යම්තාක් දුරකට සාර්ථක වෙලා හරියටම අවුරුද්දක කාලසීමාවකට යටත්ව අතීතයේ ජීවත් වෙන්නට ඉඩ ලැබෙනවා... ඉතින් ඔහුට මගහැරුණු දේ සොයාගන්න වසර කිහිපයක් ආපස්සට යනවා...
          
          ඉතින් දවසක් ඔහුට අහම්බෙන් මුණගැහෙනවා දීප්තිමත් කළුපාට ඇස් දෙකක්... ඔබ්සිඩියන් මැණික් කැට දෙකක්.. ඒ තමයි ඔහුට මුළු ජීවිතකාලයේම දැණුන අඩුව... හිස් බව... 
          
          ඒත් ඒ වෙද්දිත් නිසයුරුට ඉතුරුවෙලා තිබුණ කාලය අල්පයි...
          
          අතීතයෙන් නික්මෙන්න මොහොතකට කලින් නිසයුරු එයාටම පොරොන්දුවක් දෙනවා...
          
          අනාගතයෙදිත් දිනුරද්ව කොහොම හරි හොයාගන්න...
          
          ඒ අමුතුම ලෝකෙට එයා එක්ක ගිහින් මගහැරුණු හැම ලස්සන මොහොතක්ම ආයෙම විඳින්න...
          
          එතනින් එහාට මොනවා වේවිද..?
           #murmurings  #කළු_පළිඟු  
           #ආයෙමත්_ආදරෙන් ❤️
          
          https://www.wattpad.com/story/316785440?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=Day_Dreame_r&wp_originator=5U1W2f%2FIoABFjlPJDHagg8LEnHsxXhsDjbn29kCckPqjFQI38PMJ%2Fc2PuhkokqVUn5UP7I0nxHdQA%2BX%2FuzonEbwqaMQyOJn%2Fo%2F%2BLsyywj9zIktHj0A0PQMv%2F0vPUF3wJ

Chery_Bookworm

@Day_Dreame_r  ihik
            hiii mg BBQ eka
Reply

Chery_Bookworm

කවුද ඒ?

Day_Dreame_r

@Chery_Bookworm aaaaa mehemat tube light ekak
Reply

Chery_Bookworm

mokak?
            ai mn mehema ekk dala thiyenne??
Reply

Day_Dreame_r

ඕන දෙයක් අහන්න
          
          https://storyzink.com/m/17dwa1n2?s=2

Day_Dreame_r

බලා වැලපෙමි නෙලාගනු බැරි
          හන්තාන සිහිනේ...
          දරා නෙත් අග දොවා සිත් මල
          ගොතනු මැන ළඳුනේ...
          සංසාර සිහිනේ...
          
          වැහි පබළු යට රඟමඬල මැද
          ඔබේ දෑතේ තුරුළු වෙන්නට...
          බිසෝ හැර ගිය ළසෝ රඟහල
          අමාවක අඳුරේ...
          නොයෙනු මැන ළඳුනේ...
          
          බලා වැලපෙමි නෙලාගනු බැරි
          හන්තාන සිහිනේ
          
          වඩින තුරු සඳ, දුරින් ඉන්නම්...
          තරු ඇදුරු පෙම් ගී අහන්නම්...
          සොඳුරු ඒ සඳ දියේ එන්නම්..
          ඉඳිනු මැන සොඳුරේ...
          හන්තාන අරණේ...
          
           #A_Perfect_Night ❤️
          

Chery_Bookworm

@Day_Dreame_r A PERFECT NIGHT
            Balahn eeka
Reply

Day_Dreame_r

සංවේදීම තැන් මගහරින්න හරි අකමැතියි මං...
          දුකක් වුණත්.. සතුටක් වුණත්... 
          මං මගෙ විදිහට ඒ මොහොත විඳිනවා.. නැත්නම් විඳවනවා... 
          ගොඩක් දුරට තනියෙම...!
          
          අද පළවෙනි වතාවට මට සිද්ධවුණා එහෙම තැනක් මගහරින්න...
          
          ඕව්.. 
          
          වෙනස් වෙන එකට මොන තරම් අකමැති වුණත් වෙන විකල්පයක් තිබුණෙ නැති නිසාම,
          
          මං හිත හදාගත්තා.. මගහරින්න..
          
          කමක් නෑ... මියුසිකල් ෂෝ එකට යන්නම ඕනනේ...
          
          හිතත් එක්ක වාද කර කර මගක් දුරට ඇවිත්, කිස් වංගුව පහුවෙද්දි මට දැණුනා...
          
          මට දැනුනා...
          
          මං මාරම මාර චරිතයක් වගේ.. 
          
          වොහ්..! නියමයි.. 
          පොඩ්ඩක් ෆිට් වගේ නේහ්...? තනියෙම හිටියනම් දැන්..???
          
          ඒකනෙහ් කියන්නේ... 
          
          පොඩ්ඩක් එළියටත් බහින්නෝන..
          
          ඒක පට්ට ආතල් එකක් ඇත්තමයි...
          
          කොහොම හරි කොන්සර්ට් එකත් පටන් ගත්තා...
          
          ඒක ආයෙ පර්ෆෙක්ට්...
          
          සනුකගෙ පර්ෆෝමන්ස්, උමාරියාගෙ වොයිස් එක... මාරම වයිබ් එකක්..
          
          මං අද තරම් පිස්සෙක් වගේ නටපු දවසක් මතක නෑ... උගුර රිදෙනකම් සින්දු කිව්වා...
          
          මාරම නිදහසක් දැනුනා...
          
          අන්තිමට තේරුණා..
          
          වේදනාව එන්ජෝයි කරන්න තියාගන්න එක ඒතරම් හොඳ නෑ... ඒක මගාරින තරමට ඇඟට ගුණයි...
          
          'ඒත් කොච්චර කාලෙකටද?' (මට ඇහුන්නෑ...)
          
          නටලා නටලාම මහන්සිය වැඩි කමට පැත්තකින් ටිකකට ඉඳගත්තා...
          
          චූට්ටකට හැබැයි...
          
          ආයෙ ඩාන්ස් කරන්න යන්නඑපැයි...
          
          ෂෝ එක ඉවර නෑනේ තාම...!
          
          ඉතුරු වෙලා ඉඳපු එකම සිංගර් ස්ටේජ් එකට ආවා...
          
          දිනේශ් ගමගේ...
          
          මෙතන ඉඳන්ම අහනවා...
          
          සීතළ හුළං එන ජනේලෙ පැත්තට ඔළුව තියාගෙන ඇස් පියාගත්තා...
          
          "දැනෙනා 
          තුරු මා
          ඉන්නද නුඹ ගාවින්...???"
          
          ඉතින්... 
          එච්චරයි...!
           #අමතක_නොවෙන_මතක ❤️
          
          
          

Day_Dreame_r

@Chery_Bookworm ubt banina eka mage hobby eka neh
Reply

Chery_Bookworm

@Day_Dreame_r thause mt banna neh meeee????
Reply