💎 𝗜𝗳 𝗼𝘂𝗿 𝗹𝗼𝘃𝗲 𝗶𝘀...

By Dima_Akira

18.8K 2.9K 1K

ප්‍රසිද්ද model කෙනෙකුයි අලුතින් ක්ශේත්‍රයට ආපු model කෙනෙකුයි අතර ඇතිවෙන ආදර කතාවක්...bl story එකක් . Gay re... More

If our love is wrong..❤️ (හැදින්වීම 1)
If our love is wrong..(01)
If our love is wrong..(02)
If our love is wrong..(03)
If our love is wrong.. (04)
If our love is wrong..(05)
If our love is wrong..(06)
If our love is wrong ...(07)
If our love is wrong..(08)
If our love is wrong..(09)
If our love is wrong..(11)
If our love is wrong..(12)
If our love is wrong..(13)
If our love is wrong..(14)
If our love is wrong..(15)
If our love is wrong..(16) Final chapter ✨

If our love is wrong..(10)

873 146 52
By Dima_Akira

කැන් එදා දවස ගෙවුවෙත් පීට් එක්ක නිසා . කැන්ට දැන් පීට් ව නැතිවම බැරි වුනා.එක විනාඩියක්වත් හිතන්නේ බලන්නේ නැතිව කැන් දිව්වේ පීට් ගෙ ගෙදරට . පාස්කොඩ් එකත් දන්න නිසා පීට් ටත් නොකියා කැන් පීට්ගෙ කාමරෙටම ගියා. කැන්ගෙ වෙලාව කොච්චර සැරද කියනවනම් කැන් දැක්ක දේ නිසා කැන්ට වඩා ශොක් වුනේ පීට්...පීට් හිටියේ නාලා ආපු ගමන් ඇදුම් අදින ගමනුයි...පීට් කැන්ව දැකලා බය වෙලා බලන් හිටියා. කැන්ට උන් හිටි තැන් අමතක වුනා. කැන් ක්ෂණිකව දොර වහගෙන එලියට  ගියේ මොකක් කරන්නද කියලා හිතා ගන්නවත් බැරුව..කැන් දැක්ක දේ කැන්ගේ හිතේ හොල්මන් කරනවා..කැන් ටික වෙලවක් කල්පනා කලේ කෝමා එකකින් නැගිට්ට කෙනෙක් වගෙයි.

"අයියෝ කැන් මෙ මොකක්ද වුනේ...අමතක වුනාද මේක පීට්ගේ ගෙදර ඔයගෙයි වැරැද්ද  කියන්නෙවත් නැතිව මදෑ පිට්ව සප්‍රයිස් කරන්න ආවා . අන්තිමට දෙන්නම සප්‍රයිස් වෙලයි නතර වුනේ..😭 කැන් එයාටම කියාගත්තා. දැන් කරන්න දෙයක් නෑ ආපහු ගෙදර යනවා ඇරෙන්න . කොහොමද පීට් ට මුහුන දෙන්නේ.කැන් එහෙම හිතලා සද්ද නොකර එලියට යන්න හදද්දිම පීට් කාමරේ දොර ඇරන් එලියට ආවා..පීට් ටත් හොදටම හිනා . දැන් ඉතින් වෙච්ච දේ වෙලා ඉවරයි . මොනවා කරන්නද ඉතින්..

"Phi can ...පීට් කතාව පටන්ගත්තා.

"අනේ සොරි මන් දැනගෙන හිටියේ නෑ ඔයා ඒ වෙලාවේ ඒ විදියට ඉදීවී කියලා..මන් දන්නවා මගෙයි වැරැද්ද කියන්නෙ නැතුවනේ ඇතුලට ආවේ..මන් මුකුත් දැක්කේ නෑ ඔන්න . ඔක්කොම අමතක කලා..කැන් පීට් ගෙන්  බේරෙන්න එහෙම කිවුවත් කැන් තාමත් තනියෙම හිනා වෙනවා 😂..

"අනේ phi අමතක කලා කිවුවනම් හිනා වෙන්නේ මොකෝ..පීට් මුහුන රතු කරන් අහද්දි කැන්ට තවත් හිනා ඉතින්...

"ඒක නෙමෙයි ඔයා...ඔයා...පොඩි ලමයෙක් වගේ..කැන් හෙන හයියෙන් හිනා වෙන්න ගත්තා.

"ඔයා ආපහු ඕක මතක් කලොත් මන් අද රෑට ඔයාට මෙහෙ ඉන්න දෙන්නෙ නෑ. පීට් එහෙම කිවුවම කැන් ඒකටනම් බය වුනා. කැන් ටක්ගාල කට වහගත්තේ පීට් එක්ක ඉන්නම ඕනී වුනු නිසයි .

ඊට පස්සේ දෙන්නම් ඇදට ගියා. හෙට උදෙම yash agency එකට යන්නත් ඕනී නිසා කලින් නිදාගන්න හිතාගෙන . ඒත් කැන්ට මතක් වෙන්නෙම කලින් වෙච්ච දේ..කැන්ට නින්ද යන්නෙම නෑ..කැන් ගෙ හිත හරියට පිස්සුවෙන් වගේ එහාට මෙහාට දුවනවා.එහා පැත්තේ නිදන් ඉන්න පීට් දිහා බලන්න හිත නලියනවා..පීට් ඇදේ එහා පැත්තට වෙලා හිටියා. එයත් නිදි නෑ. දෙන්නා දෙපැත්තට හැරිලා ඉදලා එක පාරටම මූනට මුහුන හැරුනා..

කැන් ට තවනම් පීට් දිහා බලන් ඉන්න බැරිවුනා..කැන් එක පාරටම ඇදෙන් නැගිට්ටා..

"මන් හිතන්නේ මන් ගෙදර ගියොත් අපි දෙන්නටම හොදයි..

කැන් එහෙම කිවුවාම පීට් කැන් දිහා බලන් හිටියා මුකුත් නොකර. පිට් ගෙ දිලිසෙන ඇස් නිසා කැන්ට එයා ඉන්න තැනත් අමතක වුනා.පීට් ව දාලායන්න ලොකු ලෝබකමක් දැනුනා. කැන් ආපහු පීට් දිහා බලලා ඇදේ වාඩිවෙලා පීට්ව කිස් කලා..කැන් හිමින් හිමින් පීට් ට ලන් වුනා.පීට්ව කැන්ගේ ග්‍රහණයෙන් උණුසුම් වුනා.එදා පීට් සදහටම කැන්ගේ වුනා.පීට් හැමදෙයක්ම දරාගෙන කැන් වෙනුවෙන් බලන් හිටියා..කැන් පීට් එක්ක එයාගේ හැගීම් බෙදාගත්තා..කැන් ගොඩක් පරිස්සම් වුනා. මොකද කැන්ට පිට් කියන්නේ එයාගේ මුලු ජීවිතේම . පීට් සෙල්ලම් බඩුවක් වගේ පාවිච්චි කරන්න කැන්ට ඕනී වුනේ නෑ..කැන් ඒ තරමටම පීට් ට ආදරේ කරා..එදා රෑ ඒ දෙන්නටම හරිම ලස්සන හීනයක් වුනා.පීට්ගේ වේදනාවන් ඔක්කොම නැති වුනේ ඒක ගොඩක් ආදරණීය වුනු නිසා...කැන් එක්ක ගෙවුනු හැම මොහොතම පීට් කැන්ට තවත් ලන් වුනා.කැන්ගේ ආදරය නිසා පීට් ට කිසිම වේදනාවක් දැනුනේ නෑ කිවුවොත් හරි.

                    (..................................)




(කැන් ගේ බැල්මෙන් එයා පීට් ට කොච්චර ආදරේ කරනවද කියලා හිතාගන්න පුලුවන්ද? ❤️)

*******************
ඊට පස්සේ දවසේ උදේම ඇහැරුනේ කැන්. කැන් ඇදේ හාන්සි වෙලා පීට් දිහා බලන් හිටියා. පීට් සැප නින්දේ..කැන්ට ඊයේ රෑ වෙච්ච දේවල් හීනයක් වගේ. කැන් ඒ හීනේ එකින් එක පාට ගෑවා..පීට් එක්ක ගෙවුනු ලස්සනම රාත්‍රිය වුනේ කැන්ට ඒ රාත්‍රියයි.
කැන් පීට්ගේ නලලට වැටුනු කොන්ඩෙ අතින් අයින් කලා ඒත් එක්කම පීට් ඇහැරුනා. පීට් ටනම් ටිකක් හරි නෑ වගේ ඉතින් . පීට් ඇහැරුනු ගමන් කැන් ඇදෙන් නැගිටලා ගිහින් පීට් ට වතුර එකක් ගෙනත් දුන්නා..

"Phi can මට ගෑණූ ලමයෙක් වගේ සලකන්න එපා..

පීට් කිවුවේ කැන් එලිවුනු වෙලේ ඉදන් පීට් ට හරි අමුතු විදියට සලකනවා වගේ දැනුනු නිසයි. ඒක ඇහුනාම කැන්ට එයා ගැනම ලැජ්ජ හිතුනා.

"ඇත්තට ඇයි මම දැන් පීට් ට මේ විදියට සලකන්නේ...අනේ මන්දා..කැන් තනියෙම හිතලා ඔලුව අතගාලා තනියෙම හිනා වුනා.

දෙන්නම එකටම ලෑස්ති වුනා..දැන් ඒ දෙන්නට දෙන්නා ගොඩක් විවෘත යි. ඒවගේම දෙන්නට දෙන්නා නැතුවම බැරි වුනා.එකටම ලෑස්ති වෙලා එකම වාහනේ එකම agency එකට එකටම ගියා.හරියට අලුත බැදපු ජෝඩුවක් වගේ 😜.

(දෙන්නා එකටම ලෑස්ති වෙලා එකටම ගියා.)

"පීට් මන් වොශ් රූම් එකට ගිහින් එන්නම්..කැන් පීට් ට කියලා වොශ් රූම් එකට ගියා. පීට් මීටින් රූම් එකේ තනියෙම වාඩි වෙලා හිටියෙ මීටින් එකට තව වෙලාව තියෙන නිසා. මීටින් රුම් එකේ දොර ඇරගෙන  ලස්සන ගර්ල් කෙනෙක් ඇතුලට ආවා.බැලූ බැල්මට එයත් මොඩ්ල් කෙනෙක් වගේ . අලුත් ස්ටාෆ් මෙම්බර් කෙනෙක් වෙන්න කිසිම හේතුවක් නෑ. ඒ තරම්ම ලස්සන ගර්ල් කෙනෙක්. එයා පීට් එක්ක හිනා වෙලා පීට් ගාවට ආවා.

"හායි ඔයා පීට් නෙද ? අලුත් කෙනෙක් නේද ?එ වගෙම කැන්ගේ හොදම යාලුවා නේද නැත්නම්...anyway මන් Mina.මන් කලින් මේකේ වැඩ කරලා පොඩි පෞද්ගලික ප්‍රශ්නයක් නිසා මේකෙන් අයින් වුනා. මන් ආපහු ඔන්න එන්න යන්නෙ..මිනා කියවගෙන කියවගෙන ගියා.පිට් කිසිම අදහසක් නැතිව අහගෙන හිටියා. මීටින් රූම් එකේ එලියේ ඉන්න අය බය වෙල වගේ කට්ටිය එක්ක කතා කර කර හිටියා.පීට් මොකක්ද මේ වෙන්නෙ කියලා හිතාගන්න බැරිවයි හිටියේ.

"නොන්ග් පීට් මොකද ඔයා බය වෙලා..ඔයා මාව දන්නෙ නෑ නේද  ? මන්  yash agency එකේ ceo ජොනතන් ගෙ ඈතින් නෑයෝ වෙනවා.මිනා ආපහු කියවන්න ගත්තා.

"මන් කැන්වනම් හොදට අදුරනවා..ඒ මගෙ කලින් boy friend..
මිනා ඒ කිවුව වචන පීට් ට පිහියකින් ඇන්නා වගේ වුනා. කැන් පීට්ට කවදාවත් මිනා ගැන කියලා තිබුනේ නෑ..එහෙම දෙයක් වෙන්නෙ කොහොමද ? හැමෝම හොදටම දන්නවා කැන්ට කලින් ගර්ල් කෙනෙක් හිටියේ නෑ කියලා.එතකොට මොකක්ද මේ මිනා කියන දේවල්..එත් එක්කම එතනට කැන් ආවා. කැන් මිනාව දැකලා බය වුනා. කැන්ගේ මූන එකපාරටම වෙනස් වුනා කැන් පීට් දිහා බලලා කතා කරන්න හැදුවත් පීට් එතනින් ඉක්මනටම එලියට ගියේ පීට් ට එක විනඩියෙන් මේ මොකක්ද වුනේ කියලවත් හිතාගන්න බැරිවයි.

"පීට්..පීට්..ඔහොම ඉන්න. කැන් පීට් පස්සෙන් දුවලා ගිහින් පීට් ව නතර කරගත්තා.මිනාත් එයාලා පස්සෙන් ආවා. එත් කවුරුත් මිනා ආවා කියලා දැක්කේ නෑ.

"කැන් එයා ඔයාගේ ex ගර්ල් ද ? පීට් ඇහුවේ හරිම දුකෙන්. කමක් නෑ ගර්ල් කෙනෙක් හිටියට ඒත් ඔයා මට ඒක කිවුවෙ නෑනේ..

"පිස්සුද ඔයාට පීට්...එයා කියන දේවල් ගනන් ගන්න එපා..එයා කලින් මෙතන වැඩ කලා. එච්චර හොද කෙනෙක් නම් නෙමෙයි එයා මා එක්ක සම්බන්දයක් තියෙනවා කියලා හැමෝටම කියලා ලොකු පිස්සුවක් නැටුවා මෙතන. ඊට ප්ස්සෙම එයාම  අයින් වෙලා ගියා. අනිත් එක එයා දුරින් ceo ජොන්තන්ට නැයෝ වෙනවා. Phi ජෝන්ස් ( ජොනතන්ගේ නික් නේම් එක )දන්නවා එයාගේ තරම ඒ නිසා එයා මාව තේරුම් ගත්තා.හැමෝම මාව විශ්වාස කලා ඒ නිසා මට ඒ ප්‍රශ්නෙන් බේරෙන්න පුලුවන් වුනා.එයාව ඔයා ගනන් ගන්න එපා..එයාට පොඩි මෙන්ටල් අවුලක් තියෙනවා මන් හිතන්නේ..කැන් මුලු විස්තරේම පීට් ට කිවුවා..ඊට පස්සේ පීට් ඒක තේරුම් ගත්තා.මොකද පීට් ට කාටවත් වඩා කැන්ව විශ්වාස නිසා.කැන් පීට්ගෙ ඔලුව අත ගාලා පීට්ව එතනදි කිස් කලා.

(කැන්ගේ ආදරේ...❤️😯)

එතන කවුරුත් හිටියේ නෑ . ඒත් මිනා ඒ හැමදේම අහගෙන , බලාගෙන හිටියා..මිනා දැක්ක දේ නිසා මිනාට ලොකු කේන්තියක් ආවා.

"ආ...ඒනම්...ඒකත් එහෙමයි...අපි බලමුකෝ කැන් .මට පිස්සු කියලනේ කිවුවේ බලමු මොකද වෙන්නෙ කියලා..මිනා එයාටම කියාගත්තා.

***************
එදා දවසේ photoshoot එකට ඔක්කොම රෙඩි වෙලා පලවෙනි දවසේ වැඩ ටික ඔක්කොම ඉවර කරලා කැන් පීට් එක්ක සුපුරුදු විදියටම ගෙදර යන්න ගියා...ඊලග දවසේ දෙන්නගේ සෝලේ පික් ගන්න තිබ්බ නිසා.ඊලග දවසේ උදේ කැන් yash agency එකට යද්දි හැමෝම කැන් දිහා බලන් හිටියේ අමුතු විදියට. කැන්ව මග ඇරියා.., වෙනදට කතා කරන අයවත් කැන් එක්ක කතා කලේ නෑ...කැන් ගාවට ෂමූන් ආවා..ෂමූන් කැන්ගේ අතින් ඇදගෙන කැන්ව හිස් මීටින් රූම් එකට අරන් ගියා.

"මොකද මේ වෙන්නෙ මේ මිනිස්සුන්ට පිස්සුද ?

"අයියො...පී...කෝ පීට් ?

"එයා තව ටිකකින් එයි . අද මන් ආවේ තනියෙම එයාට පරක්කු වෙනවා කිවුවා එන්න . ඒකයි..ඇයි ?

"කැන් අලුත් කෙනා අර මිනා එයා මුලු agency එකම ගිනි තිබ්බා. ඔයා පීට් ව කිස් කරන පික් එකක් හැමෝටම පෙන්නුවා..දැන් මුලු agency එකම ඔයාලා දෙන්නා ගැන දන්නවා..

ෂමූන් ඔක්කොම විස්තරේ කිවුවා කැන්ට.කැන්ව කරකවලා අතඇරියා වගේ ඒ කියන්නේ දැනටමත් මේක හැමෝම දැනගෙන ඉවරයි . මේක agency එකෙන් පිට ගියොත් මොකක් වෙයිද ? කැන්ට හිතාගන්න බැරිව ගියා. මොකද කරන්නෙ ? කොහොමද මිනිස්සුන්ට මුහුන දෙන්නේ ? මේ මොකක්ද මෙ වුනේ ? කැන්ට මෙ දේවල් වලට මුහුන දෙන්නේ කොහොමද කියලා හිතාගන්න බැරි වුනා.කැන්ගේ මුලු ලොකේම කඩා වැටුනා වගේ . ටික වෙලාවකින් පීට් එතනට ආවා.ෂමුන් , මොන්ඩ් දෙන්නා එකතු වෙලා පිට් ටත් දේවල් පැහැදිලි කලා.පීට් ගොඩක් වෙලා කල්පනා කලා..

"Phi can මෙහෙම වුනු එකත් හොදයි . අපි අපේ සම්බන්දේ ප්‍රසිද්ද කරමු..පීට් එහෙම කිවුවාම කැන්ට කේන්ති ගියා.

"පිස්සුද පීට් බෑ..මන් කිවුවනේ මන් තාම ඒකට ලෑස්ති නෑ. මට ටික කාලයක් දෙන්නකෝ..ප්ලීස්...ප්ලීස්...කැන් ට වෙන කරන්න දෙයක් නැති වුනා.එයා කේන්ති අරන් පිට් ට බැන්නත් පස්සේ කේන්තිය නිවුනාම පීට්ගෙන් සමාව ගත්තා
 
******
ඔන්න දැන් හැමදෙම අවුල් වෙන්නයි යන්නෙ...මිනා කරපු දේ නිසා ඔක්කොම විනාස වෙන්නයි යන්නේ...කැන්ගෙයි පීට්ගෙයි ආදර කතාවට මොනවා වෙයිද ?

Vote , Coment එකක් දාලා ඔයාලගේ අදහසුත් කියන්න ඔන්න.❤️




Continue Reading

You'll Also Like

620K 6.3K 96
ထိုနေ့ည က မှားသွားတယ့် အမှားတစ်ခုက ကျွန်မဘဝ တစ်ခုလုံးနဲ့ ပတ်သက်မိသွားလိမ့်မယ်လို့ မထင်ခဲ့မိဘူး....... ပြီးတော့ ပတ်သတ်မိသွားတယ့်သူက ဘာလို့ သူဖြစ်န...
3M 251K 66
ကျိန်စာတွေ လှလွန်းတဲ့အခါ အရှုံးပေးသူက ? Start ~24.6.2021💔 End~ 22.11.2021💔
263K 11K 37
ကိုယ်ဟာ ကြိုးဝိုင်းထဲမှာ ကိုယ့်ကိုစိန်ခေါ်လာသမျှကောင်တွေအကုန် ထိုးရဲတယ် သတ်ရဲတယ် ကိုယ်နိုင်မယ်ဆိုတဲ့ယုံကြည်မှုရှိတယ် ကိုယ်မလုပ်ရဲတာဘာမှမရှိဘူးလို့ထင...
190M 4.5M 100
[COMPLETE][EDITING] Ace Hernandez, the Mafia King, known as the Devil. Sofia Diaz, known as an angel. The two are arranged to be married, forced by...