💎 𝗜𝗳 𝗼𝘂𝗿 𝗹𝗼𝘃𝗲 𝗶𝘀...

By Dima_Akira

18.9K 2.9K 1K

ප්‍රසිද්ද model කෙනෙකුයි අලුතින් ක්ශේත්‍රයට ආපු model කෙනෙකුයි අතර ඇතිවෙන ආදර කතාවක්...bl story එකක් . Gay re... More

If our love is wrong..❤️ (හැදින්වීම 1)
If our love is wrong..(01)
If our love is wrong..(02)
If our love is wrong..(03)
If our love is wrong.. (04)
If our love is wrong..(05)
If our love is wrong ...(07)
If our love is wrong..(08)
If our love is wrong..(09)
If our love is wrong..(10)
If our love is wrong..(11)
If our love is wrong..(12)
If our love is wrong..(13)
If our love is wrong..(14)
If our love is wrong..(15)
If our love is wrong..(16) Final chapter ✨

If our love is wrong..(06)

1K 179 75
By Dima_Akira

කැන් පීට් ට කෑමත් අරන් ඉක්මනටම ආවේ පීට් ගෙදර තනියෙම නිසා මොන විකාරයක් නටයිද කියලා බයෙන්.කැන් එද්දි පීට් සෝෆා එක උඩ හාන්සි වෙලා හිටියා.

"මෙන්න වැඩක් කෑම අරන් එන්න බඩගිනී කිවුව මනුස්සයා ගොරව ගොරව නිදි..
කැන් එයාටම කියාගත්තේ කෑම ටික මේසේ උඩ තියන ගමන්.කැන් නිදා ඉන්න පීට් දිහා බලන් හිටියේ හරිම අහිංසක විදියට. කැන් පීට් ට කොච්චර නපුරු වුනාද එවා ගැන කැන් හිතුවේ ගොඩක් පසුතැවෙන ගමන් . ඒත් ඉතින් මොනවා කියලා කරන්නද කැන් කැමති වුනේම නැ එයා පීට් ට කැමති කියන එක පිලිගන්න .කැන් පීට් ලග වාඩිවෙලා පීට්ගෙ ඔලුවට අත තිබ්බා.පීට් පොඩි ලමයෙක් වගේ නිදාඉන්නකොට හරිම ලස්සනයි කැන් හිතුවා. කැන් පීට්ගෙ මුහුනට ලන් වුනා. පීට්ගෙ හුස්ම එයාගෙ හුස්මත් එක්ක මුසු වුනා.පීට් දිහා ගොඩක් ලන් වෙලා බලන් හිටිය කැන්ගෙ උණුසුම් සුසුම් රැල්ලක් පීට්ගෙ මුහුනේ වැදිලා පීට් ඒ ක්ෂණිකව ඇහැරුනා.

"Phi කැන්...පීට් කැන්ගේ ඇස් දිහා බලන් කතා කලා..කැන් ගැස්සිලා කෙලින් වුනේ කර කියාගන්න දෙයක් නැතුව.

"ආ..මන් මේ ඔයා නිදිද කියලා බැලුවෙ..අන්න කෑම ගෙනාවා නිවෙන්න කලින් ඉක්මනට කමු. කැන් ටක්ගාලා මේසේ ගාවට ගිහින් කෑම කන්න පිගන් දෙකක් ලෑස්තිකලා.පීට් කෑම කන අතරේ කෝල් එකක් ආවා.

"ආ...ෂමූන්..කියන්න..

"මේ මනුස්සයට ගෙවල් වල වෙන වැඩ නැද්ද මන්දා මේ මහ රෑත් පීට් ට කෝල් කරන්නේ කැන් එයාටම කියාගත්තා.

"මෙහෙ දෙන්න ඕක.කැන් 4n එක ඇදලා අරගත්තා..

"ආ..මේ..ෂමුන් නේද ? අනේ සොරි මෙයා පීට් මේ වෙලාවෙ රෑට කෑම කනවා..එයාටාද ටිකක් මහන්සී පාටයි ඔයා පස්සේ කතා කරන්නකෝ එයාට.කැන් එහෙම කියලා 4n එක cut කලා.

"Phi කැන් ඔයාට මොකක්ද වෙලා තියෙන්නෙ . ඔයාට පිස්සුද කැන්..පීට් ට ඒ පාරනම් කේන්තිගියා .පීට් බය වුනේ ෂමූන් එයා එක්ක තරහා වෙයි කියලයි කැන් කරන වැඩ නිසා..

"ඔයාට මොකක්ද ඔච්චර එයා එක්ක තියෙන ගනුදෙනුව. කැන්ටත් කේන්ති ගියා.

"Phi can ඒක ඔයාට වැඩක් නෑනේ..මන් ආවේ ඔයාට උදව් කරන්න .මන් ෂමූන් එක්ක ගියෙත් නෑ එයා මට කතා කරලත් . ඔයා නිසයි ඉදව් කරන්න ආවෙ ඔයා මට ආයිත් මෙහෙම සැලකිවොත් මන් ආයි ඔයාට කිසිම උදව්වක් කරන්නේනෑ..පිට් එහෙම කියලා නැගිටිලා කැන්ගේ ගෙදරින් එලියට ගියා. පීට් කෙලින්ම එයාගේ ගෙදරට ගිහින් දොර වහගත්තා.කැන් කතා කලත් පීට් දොර නම් ඇරියෙ නෑ.

"ඒනම් ඕන දෙයක් කරගන්නවා. කැන් එහෙම කියලා එයාගේ ගෙට ගිහින් එයත් දොර වහගත්තා.

"ෂික් මේ ෂමූන් නිසයි ඔක්කොම . පීට් අද මට එයා නිසානේ කෑගැහුවේ.දැන් ඉතිම් මාත් එක්ක තරහින් ඇති.අයියෝ අනේ මන්දා..හෙට උදේටවත් යාලුකරගන්න ඕනී..කැන් එහෙම හිතලා නින්දට ගියා.
*****

"ඕ..ගුඩ් මෝනින් පීට් කැන්ට පීට් ව ලිෆ්ට් එකේදී හම්බුනා..කැන් ගුඩ් මෝනින් කිවුවාම පීට ටත් නොකියා ඉන්න බැරි නිසා ගිඩ් මෝනින් කිවුවත් පීට් කැන් දිහානම් බැලුවෙ නෑ..

"අදත් ෂමූන් එක්ක නේද වැඩේ ? මාත් මේ එතනට යන්නේ ජේම්ස් කිවුවා ඔයාලට උදව් වෙන්න කියලා ඔයාලා අලුත් අයනේ ඉතින් තාම..කැන් එහෙම කිවුවත් පීට් ඇහුනේ නෑ වගේ හිටියා.

"අයියෝ මේ තාම ඊයෙ සිද්දියටද අවුලෙන් ඉන්නේ..මන් නම් ඒක අමතක කලා..ඔයත් අමතකකරලා දන්න කැන් කිවුවාම පීට ට ආපහු කේන්ති ගියා.

"ඔව් ඉතින් ඔයාටනම් ඉක්මනට දේවල් අමතක වෙනවනේ කැන් . මට එහෙම නෑ...

"ඒයී ඒයී  පීට් හරි හරි කොතෝනා කාබ්(සොරි) මෙන්න ලෝක පුදුමයක් කැන් දෙවෙනි වතාවටත් පීට් ට සොරි කිවිවා.

"Phi can ඔයා හොදින්ද ? පීට් ගේ තරහා නිකන්ම් නිවිලා පීට් හිනා වෙලා කැන් දිහ බැලුවා..කැන්ට ත් හිනා ගියා.

"හරි හරි දැන් තරහා නෑනේ..?

"මන් ඉතින් කොහොමත් ඔයා එක්ක තරහා නෑ කැන්..මන් ටිකක් ඔයව ඇවිස්සුවා විතරයි . හැබැයි ඔන්න ආපහු ෂමූන්ට අර විදියට සලකන්න එපා එයා ම එක්කත් තරහා වෙයි . එයා මාත් එක්කත් තරහා දුනොත් මන් කොහොමද එයා එක්ක එකට වැඩ කරන්නේ phi කැන් .ඒකයි මන් එහෙම කිවුවේ...

"අපෝ ඔය ෂමූන්..කැන් ඔලුව කස කස කිවුවා.

"Phi can ඔය ඉතින් පීට් ආපහු ටිකක් සැරෙන් කිවුවා..

"ආ.හරි හරි ආපහු එයාට එහෙම නොකර ඉන්නම්කෝ...කැන් හිනා වෙලා කිවුවා.ඊට පස්සේ දෙන්නත් එක්කම සෙට් එකට ගියා.එයාලා යනකොටත් ෂමූන් එතනට ඇවිල්ලා හිටියා.ෂමූන් පීට් දිහා බලලා ඔලුව වැනුවා..පීට් එයා එක්ක හිනා වුනා. ඊට පස්සේ ෂමූන් කැන් දිහා බලලත් හිනා වුනා..ඒත් කැන් අහක බලාගත්තේ දැක්කේ නෑ වගේ..😂පීට් ලැහැස්ති වෙලා ආවා.ඊට පස්සේ එයයි ෂමූනුයි දෙන්නා මැගසීන් කවර් එකට මැට්ච් වෙන විදියේ photoes ගත්තා. එතන phi ජේම්ස් හිටියේ නෑ. ඒ නිසා කැන් තමයි ඔක්කොම වැඩ හැන්ඩ්ල් කලේ. කොහොමත් ජේම්ස් නැති වෙලාවට කැන් තමයි එතන ලොක්ක වගේ ඉන්නේ. පීට්ගෙ යාලුවා මොන්ඩ් ඇවිල්ලා පීට් ට සැලුයිට් එක්ක දැම්මා..පැය දෙක තුනක් එක දිගට වැඩ කරලා හැමෝටම ටිකක් මහන්සි නිසා පොඩි බ්‍රේක් එකක් දුන්නා..කැන් දැක්කා පීට් දාඩිය පිහ දදා හරිම අමාරුවෙන් වගේ ඉන්නවා.

"දවසම හිටගෙන හිටිය නිසා පීට් ට මහන්සි ඇති . කැන්ට පීට් ගැන දුක හිතුනා.කැන් කැන්ටීන් එකට ගිහින් පීට් ,කැන් දෙන්නම කැමතිම banana juice එක අරන් සෙට් එකට ආවේ පීට් ට ඒක දීලා පීට් වැඩේ හොදට කලා කියලා කියන්න හරිම ආසාවෙන්...කැන් සෙට් එකට ඇවිත් පීට් හිටපු තැන බැලුවත් එතන පීට් හිටියෙ නෑ.

"මොන්ඩ්...පීට් කො ? දැන් ටිකකට ක්ලින් මෙතන හිටියා.

"ආ. ඔව් phi can මන් හිතන්නේ එයා වොශ් රූම් එකට ගියා.

"ආ..ඕකේ..කැන් එහෙම කියලා වොශ් රූම් එක පැත්තට යන්න හැරුනා.ඒත් එක්කම එතනට phi jinny ආවා. ජේම්ස් වගේම models ලා හැන්ඩ්ල් කරන ලේඩි කෙනෙක් තමයි ජිනී කියන්නෙත් .

"කැන් ඔයා ෂමූන්ව දැක්කද එයාගේ කොස්ටියුම් එකේ වතුර හැලුනා කිවුවා . කෝ එයා දැන් නැහැනේ කොහේ ගිහින්ද මන්දා..

පීට් එයත් නෑ දැන් ෂමුනුත් නෑ කියල දැක්කාම කැන් ගෙ ඔලුව පුපුරන්න වගේ කැක්කුමක් ආවා..ඒ කියන්නේ ෂමූනුත් පීට් එක්කද ඉන්නේ කැන්ව නලියන්න ගත්තා. කැන් වොශ් රූම් එක පැත්තට දිවුවේ අතින් අරන් ආපූ banana juice එකත් අතේ ගුලි කරගෙන . කැන් වොශ් රූම් එක ලගට යද්දි ෂමූන් එතන හිටියා තව කෙනෙක් එක්ක . ෂමූන් ඒ කෙනාගේ මුහුනට අත තියාගෙන හිනා වෙවී හිටියා.එතන තිබ්බ කනුවටකට කවර් වෙලා කැන්ට අනිත් කෙනා කවුද කියල පෙනුනේ නැති නිසා කැන් තව ටිකක් ලගට ගියා..දෙවියනේ ඒ හිටියේ පීට්..එයත් හිනා වෙවී හිටියා. ඒ දෙන්නා මොකක්ද ඒ කරන්නේ..කැන්ට ආපූ කේන්තිය පාලනය කරහන්න බැරිව ගියා. කැන් කෑ ගහගෙන ෂමූන් පීට් දෙන්නගේ මැද්දට පැනලා පීට් ව ඇදල පැත්තකට දාලා

"තමුසෙව මන් ඉතුරු කරන්නේ  නෑ..කියල ෂමූන්ගේ කටටම පාරක් ගැහුවා.තොල පැලුනු පාර ෂමූන්ගෙ කටින් ලේ වැක්කෙරෙන්න ගත්තා..

"කැන්..කැන්...ඕක නවත්තන්න..පීට් බය වෙලා කෑ ගහන්න ගත්තා..ඔයා වැරදියට තේරුම් අරන්..

"තමුසේ කට වහනවා..ඔව් මන් මෙච්චර දවස් වැරදියට තමයි තේරුම් අරන් තියෙන්නෙ...මන් හිතුවේ ඔයා මටයි කැමති කියලා ඒත් ඔයා මේ ෂමූන් එක්ක...කැන් ඇස් වල කදුලු පුරවගෙන හරිම තරහකින් තමයි කතා කලේ..

"Phi can මන් කියන දේ අහන්න පීට් වචන ගලපන්න උත්සහ කලත් ඒක බැරිවුනේ කැන් යකෙක් වගේ ඇස් රතුකරගෙන තාමත් බිම වැටුනු  ෂමූන් දිහා බලාගෙන හිටිය විදියට බයවෙලා.ෂමූන් නැගිටිලා කැන්ටගහන්න අත උස්සද්දිම කැන් තව පාරක් දුන්නා..ඒත් ඒක වැදුනේ ෂමූන්ට නෙමෙයි පීට් ට .පීට් බඩත් අල්ලගෙන බිම වාඩිවුනේ කැන්ගේ සැර පාර පීට්ට දරාගන්න බැරි වුනුනිසයි .පීට් බිම වැටෙනවා බලන් හිටිය ෂමූන් , කැන් දෙන්නම කලබල වුනා.

"දැක්කනේ ඔයා කරපු දේ හිතන්නෙ බලන්නේ නැතිව කරපු දේ නිසා අන්තිමට පීට් ටමයි රිදුනේ..ෂමූන් කැන්ට බැන්නා..ඒත් කැන්ට ෂමූන් එක්ක කතා කරන්නවත් ෂමූන් දිහ බලන්නවත් වෙලාවක් නෑ කැන් ගොඩක් බය වුනා එයා අතින්ම පීට් ට පාරක් වැදුනු නිසා.

"කොතෝනා..(සොරි) ඔයා හොදින්ද ? කෝ නැගිටින්න . කැන් හොදටම  බය වෙලා . පීට්ව ආරක්ෂා කරන්න කැන් නොකරපු දෙයක් නෑ අන්තිමට එයා අතින්ම පීට් ට එහෙම වුනු එක ගැන කැන් ගොඩක් දුක් වුන..

"මට ප්‍රශ්නයක් නෑ phi . මන් කියන දේ අහන්නකෝ ඉස්සෙල්ලා..පීට් එහෙම කියලා නැගිට්ටා...ෂමූන් ඔයා යන්න මෙතනින් . මන් කැන් එක්ක ටිකක් තනියෙම කතා කරන්නම්..පීට් එහෙම කිවුවාම ෂමූන් පීට් ගෙ උරහිසට තට්ටුවක් දාලා එතනින් ගියා.

"Phi can කලබල වෙන්නෙ නැතුව මේක අහන්න . ඔයා දැක්ක දේවල් ඔයා වැරදියට තේරුම් අරන්..

"නෑ..නෑ..මට මුකුත් අහන්න ඕනි නෑ...මන් ඔයාට ආදරෙයි ආපහු මෙහෙම දේවල් කරන්න එපා මට .මට පිස්සු හැදෙයි...කැන් පිස්සෙක් වගේ ඇස් ලොකු කරගෙන කිවුව ඒ වචන අහලා පීට් පුදුම වුනා.

"Phi can පීට් පුදුම වෙලා කැන් දිහා බලා හිටියා.ඒත් එයාට වචනයක්වත් කතා කරන්න ඉඩ නොදී කැන් පීට ව එයාගේ පපුවට තුරුලු කරගත්තේ හැගීම් වචන වලට පෙරලනවට වඩා ඒ ක්‍රමය ලේසී වුනු නිසා.කැන් පීට් ව හයියෙන් බදාගත්තේ පීට්ව වෙන කෙනෙක්ට නම් දෙන්න බෑ කියලා කියනවා වගේ. 

"Phi can මට හුස්සම ගන්නත් බෑ..කැන්ගේ ග්‍රහණය කොච්චර ද කියලා කැන්ට තේරුනෙත් පීට් එහෙම කිවුවාමයි..
"ක්වාපායි..කැන් පීට් ව අත ඇරලා අහක බලාගත්තා.

"කැන් ඔයා තාමත් හිතන් ඉන්නෙ වැරදියට ඒ නිසා මට ඒක නිවැරදි කරන්න දෙන්නකො.පීට් කැන්ගේ අතේ එල්ලුනා. Phi can ෂමූන්ගේ ෂර්ට් එකේ මගෙ අතින්  වතුර හැලුනා . ඉතින් ඒක නිසා එයාට බැනුම් අහන්නත් වුනා photoshoot එකේ කොස්ටියුම් එකනේ.ඉතින් මන් අවුලෙන් හිටිය නිසා ෂමූන් මාව හිනස්සන්න මගේ කම්මුල් මිරිකුවා.ඔයා ඔක්කොම මුල ඉදන්ම වැරදියටයි තේරුම් අරන් තිබ්බේ..අපි වොශ් රූම් එකට ආවේ එයාට ෂර්ට් එක මාරු කරගන්න මන් තමයි එයාගේ බෑග් එක අරන් ආවේ...තාමත් ඔයාට මාව විශ්වාස නැද්ද ? පීට් ඇහුවාම කැන් ලැජ්ජාවෙන් රතු වුනා. කැන්ගෙ වැරදි වැටහීම නිසා ෂමූන් ගුටි කෑවා අන්තිමට . කැන් ගිහින් ෂමූන්ගෙන් සමව ඉල්ලුවත් ෂමූන්ගේ මුහුනේ පැල්ලම නිසා එයාට එයාගේ photoshoot එක කල්දාන්න වුනා.ෂමූන්ට තුවල වුනේ කොහොමද කියලා ඇහුවත් ෂමූන් කිවුවේ නෑ කැන් තමයි මේක කලේ කියලා . වොශ් රූම් එකෙදී ලිස්සලා වැටුනා කියලා කියලා ෂමූන් හැමෝවම බේරුවා.

*******

අනේ සොරි යාලුවනේ කතාව දෙන්න පොඩ්ඩක් පරක්කු වුනාට . ඔන්න ඔයාලා බලන් හිටිය දේ වුනා...යේ....කැන් පීට් ට කැමතී කියලා කිවුවා ඔන්න...කෝ බලන්න ඔයාලගෙ අදහස් කියන්නකෝ බලන්න මට...❤️

ඊලග කොටසින් හම්බවෙමු ඒනම් ඔන්න...

Continue Reading

You'll Also Like

1.5K 105 2
ඔහූ රජෙකු නොවෙ යක්ශයෙකු," අකිකරු හිතුවක්කාර ආදරයක් හමුවෙ වෙදනා විදින හදවතක් සූව කිරිමටවෙර දැරිම නිශ්පල ක්‍රියාවක්ද? YOONSEOK FANFICTION Completed (2...
959K 50.2K 44
အမိန္႔စည္း+သခြပ္႐ိုး ( ႐ွင္မႈန္းနံ႔သာ) အမိန့်စည်း+သခွပ်ရိုး ( ရှင်မှုန်းနံ့သာ) ခြင့္ျပဳခ်က္မရပဲ ငါ့အနားကထြက္ခြာခြင့္မျပဳနိင္ဘူး အသက္နဲ႔ခႏၶာတည္ျမဲေနသ...
7.4K 1.1K 67
‪ THE WORLD IS DYING.‬ ‪Global warming, lack of resources, and the collapse of authority across all seven continents has caused worldwide strife. Peo...
776 172 13
මා සතුව ඇත්තේ මහත් වෑයමක් දරා සංරක්ෂණය කළ හදවතකි... නුඹ එය සෙමින් පිරිමදින විට රළු පරළු තැනක් හමුවේනම් ... එතැන සිබින්න... මා රිදවූ අතීත තප්පර සියගනන...