💎 𝗜𝗳 𝗼𝘂𝗿 𝗹𝗼𝘃𝗲 𝗶𝘀...

By Dima_Akira

18.8K 2.9K 1K

ප්‍රසිද්ද model කෙනෙකුයි අලුතින් ක්ශේත්‍රයට ආපු model කෙනෙකුයි අතර ඇතිවෙන ආදර කතාවක්...bl story එකක් . Gay re... More

If our love is wrong..❤️ (හැදින්වීම 1)
If our love is wrong..(01)
If our love is wrong..(02)
If our love is wrong..(03)
If our love is wrong.. (04)
If our love is wrong..(06)
If our love is wrong ...(07)
If our love is wrong..(08)
If our love is wrong..(09)
If our love is wrong..(10)
If our love is wrong..(11)
If our love is wrong..(12)
If our love is wrong..(13)
If our love is wrong..(14)
If our love is wrong..(15)
If our love is wrong..(16) Final chapter ✨

If our love is wrong..(05)

1.1K 177 53
By Dima_Akira

"Phi කැන්...ඔව් මන් අද ඒක බාරගත්තා.අලුත් කෙනෙක් එක්ක මේ පාර වැඩේ . එයා හරිම හොදයි මන් අද එයා එක්ක කතා කලා.ෂමූන් එයාගේ නම එයා ගොඩක් friendly ඒ නිසා එයා එක්ක වැඩ කරන්න ලේසී වෙයි..පීට් කියවගෙන කියවගෙන ගියා . පීට් ෂමූන් ගැන කියද්දි එයාගේ ඇස් දිලිසෙන දිහා කැන් බලන් හිටියේ පුදුම ඊරිසියාවකින්..

"ආ...ඔව්..ඔව්..ඔය ෂමූන් කියන කෙනා මාත් අද දැක්කේ..ඒත් එයා ටිකක් අමුතුයි වගේ. හොද මුහුන පෙන්නන් හිටියට සැර පාටයි.හොද මුහුන පෙන්නන් ඉන්න ගොඩක් අය ඇතුලතින් හරි වෙනස්නේ..ඊට වඩා තමන් ඉන්න විදියට ඉන්න අය හොදයි...කැන් කියවන්නේ මොනවා ගැනද කියලවත් නොදැන පීට් ඔලුව වැනුවා..කැන් බහුබූත කියවනව වගේ කියෙව්වේ ෂමූන් ගැන පුදුම ඊරිසියාවකින්..

"එහෙනම් කැන් මන් යනවා.එහෙම කියලා පීට් ගේ ඇතුලට ගියා..

"ෂික්...ඔය ෂමූන්ද මොකාද කියන එකා ආපහු මගෙ ඉස්සරහට ආවොත් ඇත්තමයි මන් ඕකට හොද වැඩක් කරනවා..කැන් බිත්තියට ගැහුවේ ෂමුන්ට ගහන්න විදියක් නැති නිසා.😂 කැන් ගේ ඇතුලට ගිහින් ජේම්ස් ට කෝල් එකක් ගත්තා..

"ජේම්ස් අර අපේ nong pete ගෙ අලුත් වැඩේ . ඒ දෙන්නම අලුත් නිසා මන් හිතන්නෙ එයාලගේ උදව්වට එයාලට පොඩ්ඩක් ඒක තේරෙන විදියට කියලා දෙන්න හෙට senior කෙනෙක්වත් එතනට දැම්මොත් හොදයි නේද ? කැන් ඒම ඇහුවේ එයාටත් එතනට යන්න ඕනී වුනු නිසයි.

"අ...ඔව් කැන් මට ඕක අපේ pd sir ත් කිවුවා.වැඩේ කියන්නේ කැන් කවුරුත්ම නෑනේ. ඔයා විතරයීන්නේ ඉන්නේ අනිත් ඔක්කොමලා බිසී..මට ඉතින් ඔයාට කරදර කරන්නත් බෑනේ.ඔයාත් මේ දවස් වල ටිකක් අසනීපෙන්නෙ ඉන්නේ..ජේම්ස් එහෙම කිවුවාමයි කැන්ට මතක වුනේ එයා පීට් බලාගන්න එයාට උන කියලා හොර නිවාඩුවක් දැම්ම විත්තිය...

"ආ..ඔව්...පී...ඒත් කමක් නෑ .අපේ අයගේ වැඩක්නේ මන් හෙට එන්නම් . ඔයා මට ලොකේෂන් දාන්නකෝ..කැන් එහෙම කිවුවාම ජේම්ස් පුදුම වුනා විතරක් නෙමෙයි අනේ කැන් කොච්චර හොදද අලුත් ලමයින්ට උදව් වෙන්න වුනත් එන්න කැමති වුනානේ කියලා හිතුවා.ඒත් ඉතින් ඇත්තටම කැන්ටනම් තිබ්බේ වෙන අදහසක් පීට්ව ෂමූන්ගෙන් වෙන් කරලා තියාගන්න එක.
***
කැන් වෙනදටත් වඩා උදෙන්ම නැගිටිලා සෙට් එකට ගියා.කැන් එනවා දැකලා පීට් පුදුම වුනා. පී ජේම්ස් ඇවිත් කැන් ආවේ ඔයාලට උදව් කරන්න එයාට තෑන්ක්ස් කරන්න කිවුවාම කැන් එක ඇහැක් ගහලා පීට් දිහා බැලුවා..

"කොකූනා කාප් පී (thanks අයියේ) පීට් කිවුවා.
ඒත් එක්කම කැන් පීට් දිහාවට එයාගෙ අත දික් කලේ ෂමූන් ගාව banana juice එකක් තියෙනවා දැකලා..කැන්ගෙ අත දිහා බලලා පීට් ඉගි කලේ කැන් මොකක්ද ඉල්ලන්නේ කියලා පීට් දන්නේ නැති නිසයි.
"කෝ මගේ එක ?

"මොකක්ද පී කැන් ?

"ඇයි ඔයා මට හැමදාම ගෙනත් දෙන banana juice එක.කැන් ඒක කියලා ෂමූන් දිහා බැලුවේ හෙන ආඩම්බරෙන්. කැන්ට ඕනී වුනේ ෂමූන්ට පෙන්නලා දෙන්න පීට් එයාට හැමදාම ජූස් එකක් ගෙනත් දෙන විත්තිය. ඔව් , පීට් කැන් එක්ක එකට වැඩ කරන්න ගත්ත දවසේ ඉදන් හැම ශෝට් බ්‍රේක් එකකදිම කැන්ට එයාගේ favourite banana juice එක ගෙනත් දෙන්න අමතක කලේ නෑ.පීට් ට මොන වැඩේ තිබ්බත් ජූස් එක නම් අමතක වුනේම නෑ...ඒත් අද පීට් ට ඒක අමතක වෙලා.

"ඕ...පී...ක්වාපායි (sorry) මට අමතක වුනානේ...මන් ඔයාට හවසට ගෙනත් දෙන්නම්කෝ..පීට් එහෙම කිවුවාම ෂමූන්ට බකස් ගාලා හිනා ගියා.කැන් ෂමූන් දිහා ඔරවලා බලලා ආ..."කමක් නෑ අද මට ඒක බොන්න කිසිම කැමැත්තක් නෑ කියලා කිවුවෙ ලැජ්ජාව වහගන්නත් එක්කමයි.photoshoot එක වෙලාවෙදි ෂමූන් පීට් එක්ක අතින් අල්ලන් ඉන්නවා දැක්ක ගමන් කැන් මැද්දට පැනලා පීට් ට photoshoot එකට ඉන්න ඕනී විදිය ගැන උගන්නන්න ගත්තා..මේක දැකපු පී ජේම්ස්..
"කැන් පීට් නම් ඔයා එක්ක එක වැඩක් කරපු නිස එයාට දැන් ඕවා තේරෙනවා . ෂමූන්ට තමයි තාම බැරි . ඔයා ෂමූන්ට පොඩ්ඩක් කියලා දෙන්නකෝ කිවුවාම කැන්ව ශොක් වෙලා ගියා..

"පී කැන් මට කියලා දෙන්නකෝ..ෂමූන් කැන් ගාවට ඇවිත් කැන් එක්ක කතා කලා..

"ආ...එන්න . කැන් එහෙම කියලා ෂමූන්ව පීට් ගෙන් ටිකක් ඈතට අරන් ගියා. ඒ ගිහිල්ලත් කැන් බලන් හිටියේ හිනා වෙවී ස්ටාෆ් එකේ අයත් එක්ක කතා කර කර ඉන්න පීට් දිහා.පීට් හිනා වෙනවා දැක්කාම කැන් ටත් නිකන්ම හිනා ගියා . පීට් හිනා වෙද්දි හරිම cute . කැන් තවමත් බලන් ඉන්නේ ඒ දිහා. ෂමූන් මේක දැකලා පී කැන් මන් මේ විදියට හිටියොත් හොදද කියලා අහලා එක පෝස් එකක් කරලා පෙන්නුවා..

"ඉතින් මට මොකද...ඔයා ඔයාට කැමති විදියකට ඉන්නවා..ආවා මෙතන..මේ මල්ලි ඔයා කොහොම හිටියත් මෝඩ ලුක් එක නම යවන්න බෑ කැන් එහෙම කියලා ෂමූන්ගෙ පිටට තට්ටුවක් දාලා ගියා..

"කැන් නම් මාර මනුස්සයෙක්..ෂමූන් හිතින් හිතුවා.😂👊
ඊට පස්සේ පීට්ගේ සෝලෝ පික්ස් ගන්න ටයිම් එක ආවම කැන් ඔක්කොම වැඩ නවත්තලා ඉස්සරහින්ම ගිහින් හිට ගත්තා . පීට් ඒකටත් කොච්චර cute විදියටද හිටියේ කිවුවොත් කැන්ට එයාගෙ ඇස් පීට්ගෙන ඉවතට ගන්න බැරි වුනා.

(කොච්චර cute ද ඉතින් අපේ පීට්..😘)

වැඩේ ඉවර වුනු ගමන් ෂමූන් පීට් ගාවට යනවා දැකපු කැනුත් ෂමූන් පස්සෙන් පීට් ගාවට ගියා..

"පීට් අපි රෑ කෑමට එලියට යමුද..?? මේක මගෙ පලවෙනි එක.ඉතින් ඒක හොදට කරගන්න පුලුවන් වුනේ ඔයා නිසානේ. මන් ඔයාට තෑන්ක්ස් කරන්නත් එක්ක එනවද මා එක්ක රෑ කෑමට එලියට යන්න ? ෂමූන් පීට්ගෙන් අහනවා දැකලා කැන්ට තරු විසු වුනා..බෑ බෑ පීට් ව කීයටවත් මේකා එක්කනම් එලියට යවන්න බෑ කැන්ව නලියනවා.

"ආ..සොරි ෂමූන් එයාට අද එන්න වෙන්නේ නෑ..පීට් ඔයා අද මට උදව් කරනවා කිවුවනේ..කැන් කටට ආපූ එකක් කියලා දැම්මා.

"මම ..ඒ මොකකටද පී මන් ඔයාට උදව් කරන්න ඕනී..??

"අම්ම්...අ...ආ..මට කියන්න බැරි වුනානෙ මන් අද ගේ අස්කරනවා ඔයා මට ඒකට උදව් කරන්න ඕනීනේ...ඔයා මට ණයයිනේ.ඇයි මතක නැද්ද??

"මම ?? පීට් පුදුමයෙන් බැලුවා..

"ඇයි මතක නැද්ද එදා උන හැදිලා ඉද්දි මන් මගේ වැඩෙත් කැන්සල් කරලා ඔයාව බලාගත්තා..දැන් ඒකට ණය ගෙවනවා කැන් පීට්ගෙ කනට කරලා කිවුවා..

"ඕහෝ...කැන් අනේ ඔයා නිසයි එදා උන හැදුනෙත් මට . ඔයාට බැරිද හෙට ගේ අස්කරන්න.මේ අද රෑම ඕක කරන්න ඕනී නෑනේ..ෂමූන්ට එන්න බෑ කියලා කියන්නේ කොහොමද මන් .පීට් කැන්ගෙ කනට කරලා කිවුවා.මේ දෙන්නා කුටු කුටු ගාන දිහා ෂමූන් බලන් හිටියේ මෙතන වෙන්නේ මොකක්ද කියලා නොතේරුනු නිසයි..😂

"මේ..මේ..මොකද ඔයාට බැරි එයාට කියන්න අද එන්න බෑ කියලා එයා එක්ක කෑමට යන්න.කට ඇරලා කියලා දානවා..කට ඇරියා කිවුවා..වැඩේ ඉවරයිනේ..කැන් ආපහු පීට්ගෙ කනට කොදුරන්න ගත්තා.

"අම්..අම්...ඉට්ස් ඕකේ පීට් ඔයාට බැරිනම් කමක් නෑ . ඔයා පී කැන්ට කලින් පොරොන්දු වුනානම් කමක් නෑ අනේ . අපි වෙන දවසක යමු..මේ වැඩේ හරියන එකක් නෙමෙයි කියලා හිතුව ෂමූන් පීට්ට එහෙම කියලා එතනින් යන්න ගියා.ෂමූන් යනකන් ඉදලා,
"යනවා යනවා.බායි...බායී...කියලා කැන් ෂමූන්ට විහිලු කලා.

"ඕහෝ...පී කැන් එයා මා එක්ක තරහා වුනාද දන්නේ නෑ..

"ඉතින් මට මොකද යන් යන් ඉක්මනට ගෙදර යන්..ගේ අස්කරන්න ඕනී  කැන් එහෙම කියලා පීට් වත් ඇදගෙන වාහනේට නැග්ගේ හුරේ මන් දිනුවා කියලා හිතා ගෙනයි.
******
"මේ ගෙදර දැන් මොනවද අස්කරන්න තියෙන්නෙ කැන් ? කැන්ගේ සුපිරිසිදු ගේ දිහා බලලා පීට් ඇහුවේ කැන්ට ඇස් පෙන්නේ නැද්ද මේ තරම් ලස්සන ගෙදරක මොනවා අස්කරන්නද කියලා හිතන ගමන්..ඇත්තටම කැන්ගේ ගේ හරිම ලස්සනයි. මොකද කැන්ට ගේ හැඩි කරන්නවත් වෙලාවක් නැති නිසා.

"මොකද අස් කරන්න දේවල් නැත්තේ ඕන තරම් දේවල් තියෙනවා අස් කරන්න . මේ පුටු මේ තියෙන විදිය වෙනස් කරන්න ඕනී..ආ..අ...ඉක්මනට ඉක්මනට කැන් එහෙම කියලා පීට්ව තල්ලු කලා. ඊට ප්ස්සෙ කැනුයි පීටුයි එකතු වෙලා සෝෆ්ෆ් එක ., Tv stand එක ඒ තියෙන තැන් වලින් වෙන වෙන තැන් වලට දාලා ඔක්කොම වෙනස් කලා.ඔක්කොම වැඩ ඉවර වෙද්දි දෙන්නටම හොදටම හති..

"අම්මෝ..මට බෑ කියාගෙන පීට් බිම වාඩි වුනා..වතුර වතුර..පීට් කැන් දිහා බලලා කිවුවා.

"කැන් ටක්ගාලා ගිහින් පීට් ට කූල් වතුර බෝතලයක් ගෙනත් දුන්නා..ඒ විතරක් නෙමෙයි ටිෂූ එකක් අරන් ඇවිත් පීට්ගේ මූනේ දාඩියත් පිහදාලා A/c එකත් ඔන් කලා..කැන් පීට් ට මේ විදියට හොදට සලකපු පලවෙනි පාර ඒක. කැන් පීට් ගැන ගොඩක් හොයන්න පටන් අරන්..ඒත් පීට් ට ඒ වෙනස තේරුනේ නෑ මොකද ඒ දෙන්නා යාලුවෝ විදියට ඉන්න තීරණය කරපු නිසා පීට්, කැන් මේ දේ කරන දේවල් ගැන හිතුවෙත් යාලුවෙක් යාලුවෙක් වෙනුවෙන් කරන දේවල් කියලයි..

"පී කැන් බඩගිනි නැද්ද ? මොනවද කන්න තියෙන්නෙ පීට් කැන්ගේ ෆ්‍රිජ් එක ඇරියා.
"මොකක්..මේකේ මුකුත් නැහැනේ..banana juice විතරයි තියෙන්නෙ. පීට් කැන් දිහා බලලා කිවුවා..කැන් කවදාවත් ගෙදරදි කෑම හදන් කාලා තිබ්බෙ නෑ එයා හැමදාම කඩෙන්මයි කෑම කන්නේ..ඒ නිසා ඉතින් කැන්ගේ ෆ්‍රිජ් එක හිස් වෙච්චි එක පුදුමයක් නෙමෙයි....

"ආ..ඔව් ඒනම් අපි කෑමට එලියට යන්ද ?

"මට බෑ..හරිම මහන්සී..අපරාදේ ෂමූන් එක්ක ගියානම් හොදට කන්න හරි තිබ්බා..දැන් ගෙදර ගිහින් කෑම හදලා මන් කීයට කන්නද...පීට් කියවන්න ගත්තා.

"හා..හා..ඒනම් ඉන්නකෝ මන් ටක්ගාලා පහලට ගිහින් කෑම අරන් එන්නම් අපි දෙන්නටම . අපි ගෙදර ඉදන් කමු.කැන් එහෙම කිවුවේ පීට් ෂමූන් ගැන කියවන එක අහන් ඉන්න බැරුවයි...

"ආ..ඒක හොදයි මට චිකන් රයිස් එකයි , සබ්මැරීන් දෙකකුත් ඕනී..පීට් ලිස්ට් එකක් කියවන්න ගත්තා..

"ඇගේ හැටියට නෙමෙයි කන්නේ...හා හා ගේන්නම් ගේන්නම්...අන්න tv එක , අතන washroom එක ඔන්න මන් එනකන් පරිස්සමින් ඉන්න එහෙනම්...එහෙම කියලා කැන් එලියට ගියේ එයාගේ නොන්ග් පීට් ට රෑ කෑම අරන් එන්නයි.

************
කැන් දැන් දැන් පීට් ගැන හොදට හොයනවා..පීට් ට හොදට සලකන්න පටන් අරන් වගේ නේද ? බලමුකෝ ඉස්සරහට මොනවා වෙයිද කියලා...අවසානේ  සතුටක්ද දුකක්ද..?

යාලුවනේ ඊලග කොටසත් ඉක්මනට දෙන්නම් මා එක්කම ඉන්න ඔන්න...❤️

Continue Reading

You'll Also Like

6.6M 432K 94
Hanary Victor + Loon Tar Nay San
7.4K 1.1K 67
‪ THE WORLD IS DYING.‬ ‪Global warming, lack of resources, and the collapse of authority across all seven continents has caused worldwide strife. Peo...
105K 2K 31
just a pete davidson fanfic cause i have an unhealthy obsession for him
913K 48.4K 43
အမိန္႔စည္း+သခြပ္႐ိုး ( ႐ွင္မႈန္းနံ႔သာ) အမိန့်စည်း+သခွပ်ရိုး ( ရှင်မှုန်းနံ့သာ) ခြင့္ျပဳခ်က္မရပဲ ငါ့အနားကထြက္ခြာခြင့္မျပဳနိင္ဘူး အသက္နဲ႔ခႏၶာတည္ျမဲေနသ...