💎 𝗜𝗳 𝗼𝘂𝗿 𝗹𝗼𝘃𝗲 𝗶𝘀...

By Dima_Akira

18.9K 2.9K 1K

ප්‍රසිද්ද model කෙනෙකුයි අලුතින් ක්ශේත්‍රයට ආපු model කෙනෙකුයි අතර ඇතිවෙන ආදර කතාවක්...bl story එකක් . Gay re... More

If our love is wrong..❤️ (හැදින්වීම 1)
If our love is wrong..(01)
If our love is wrong..(02)
If our love is wrong..(03)
If our love is wrong..(05)
If our love is wrong..(06)
If our love is wrong ...(07)
If our love is wrong..(08)
If our love is wrong..(09)
If our love is wrong..(10)
If our love is wrong..(11)
If our love is wrong..(12)
If our love is wrong..(13)
If our love is wrong..(14)
If our love is wrong..(15)
If our love is wrong..(16) Final chapter ✨

If our love is wrong.. (04)

1.1K 198 59
By Dima_Akira

"ඔයා උදේට කෑවද ? කැන් පීට්ගෙන් ඇහුවා.

"නෑ තාම . පීට් කිවුවේ ඇස් පියාගෙනමයි.

"මොකක්ද කියන්නේ දැන් උදේ 10ත් පහුවෙලා.ඉන්න ම්න ඔයාට කන්න මොනවහරි අරන් එන්නම්..මට ඔය කෑම හදන වැඩේ නම් බෑ ඒකයි...

"මට කන්න බෑ phi ...

"එහෙම කියල බෑනේ මේ බලන්නකෝ ඔයා වෙවුලන හැටි...මට ඔය පොඩි ලමයි බලාගන්න වැඩේ නම් කරන්න බෑ.. මන් කෑම අරන් එන්නම්..ඒක ඔයා කන්න ඕනී නැත්නම් ගිහින් දානවා හොස්පිටල් එකකට ඕන දෙයක්කරගන්නවා..

"මන් ලෙඩ වෙලා ඉන්න වෙලාවටවත් ඔයාට හොදින් කතා කරන්න බැරිද .පීට් කැන් දිහා බලලා හරිම අනුකම්පාවෙන් කතා කරද්දි කැන් ගොලු වුනා.අනිත් එක මට ඔයාට තව දෙයක් කියන්න තියෙනවා මන් දන්නවා කැන් ඔයාට එදා ඔයා මට කරපු දේ අමතක නෑ කියලා...පීට් කතාව පටන් ගන්න හදද්දිම

"කියවන්නේ නැතිව ඉන්න මන් ගිහින් කෑම අරන් එන්නම්...කැන් එතනින් නැගිටලා යන්න හැදුවේ පීට් කියන දේ අහන්න තරම් කැන්ට ශක්තියක් නැති නිසා...

"Phi ...පොඩ්ඩක් ඉන්න මේක අහලම යන්න. හදිස්සියෙවත් උන වැඩෙ වෙලා මන් මැරුනොත්..එහෙම කියලා පීට් කැන්ගේ අතේ එල්ලුනේ කැන්ගෙ ගමන හරස් කරන්න...

"හොල්මන් වලට බය වෙලා උන හැදිච්ච කවුරුත් තාම මැරිලා නෑ..කැන් අත ගස්සලා දැම්මා..ඒත් පීට් ආහපු කැන්ගේ අතේ එල්ලුනා..

"කැන් ඔයාට ඕනී එදා වුනු සිද්දිය නොවුනු ගානට ඉන්නනම් හරි එහෙම ඉමු.මාත් ඒක අමතක කරන්නම්...ඔයා ඒක මට කරපු විහුලුවක් කියලා හිතන්නම්.එදා ඒම දෙයක් වුනේ නෑ කියලා හිතන්නම්..ඒ නිසා plz phi කැන් මාව මග ආරුන්න එපා එතඔට මට ගොඩක් දුක හිතෙනවා.ඔයා දන්නෙ නැතිව ඇති මන් මේ තැනට අවෙත් ඔයා නිසා.මට ඕනී ඔයත් එක්ක ඉන්න. හැමදාම ඔයාගේ පැත්තට වෙලා ඉන්න.පීට් ඇස් වල කදුලු පුරවගෙන හිනා වෙලා කිවුවා.

පීට් ඒ කිවුව වචන කැන්ගේ පපුව පිච්චෙන්න තරම් දරුණු වුනා.තමන්ට මෙච්චර අදරේ කරන පීට් ව නේද මන් මේ රිදෙව්වේ කියලා කැන්ගෙ හිත කියන්න ගත්තා.ඒක විහිලුවක් කියලා හිතලා මන් අමතක කරන්නම් කියලා පීට් කිවුවාම කැන්ට මුලු ලෝකේම දාලා යන්න තරම් හිතුනා. නෑ ඒක විහිලුවක් නෙමෙයි මන් ඔයාට ඇත්තටම ආදරේ කරනවා කියල කියන්න ඕනී වුනත් සමාජෙට බයේ කැන් එයාගේම සිතුවිල්ල බොරුවක් කියලා කුනු කූඩෙට දැම්මේ කරන්න වෙන කිසිම දෙයක් තිබුනේ නැති නිසා.කැන්ට පීට්ව බදාගෙන පීට් ගෙ ඇස් වලින් බේරෙන කදුලු පිහ දාන්න ඕනී වුනත් කැන් මුකුත් නොකර පීට් දිහා බලාගෙන හිටියේ ගොඩක් අසරණ වෙලා.

පීට්ගෙ කතාව ඉවර වුනු ගමන් කැන් එලියට ගියේ පීට් ට කෑම අරන් එන්න . කැන් පාර දිගේ ඇවිදන් ගියේ කිසිම සිතුවිල්ලක් නැති මල කදක් වගේ..කැන්ට පීට ව ඕනී ඒත් එයා ඒක කියන්න බයයි . එයාගේ image එක සමාජෙන් හන්වඩු ගහයි කියන බයට කැන් නිරුත්තර වුනා.කැන් පීට් ට සුප් එකයි , සැන්ඩ්විච් වගේ දේවල් ටිකක් අරන් ඉක්මනටම ආපහු පීට් ගෙ ගෙදරට ගියා.පීට් හොදටම නිදි.කැන් පීට් ගාවින් වාඩි වෙලා ඇගට අත තියලා "ම්...දැන් නම් උන අඩුවෙලා " කියලා කිව්වා.අහිංසක විදියට නිදාගෙන ඉන්න පීට ඇහැරවන්න බැරි නිසා පීට් ඇහැරෙනකන් හිටපු කැන් එයාට කෑම කවලා බෙහෙත් පෙවුවා.කැන් කාමරෙන් එලියට ගිහින් පීට් ගෙ Tv එක දාගෙන සෝෆා එකේ වාඩි වුනේ තාමත් කැන්ට පීට් ගාව එයාගේ තනි රකින්න කිසිම අයිතියක් නැති නිසයි.ටික වෙලාවක් යද්දි පීට් එතනට ආවා...

"Phi දැන් ඔයා ගෙදර යන්න..මට දැන් හොදයිනේ..පීට් එහෙම කිවුවේ කැන් කිසිම කතාවක් නොකර එක දිගට Tv එක දිහා බලන් හිටිය නිසයි..ඒත් කැන් ඇත්තටම ඒ වෙලාවේ හිත හිත හිටියේ පීට් කිවුව දේවල් ගැනයි...

"හ්ම්...කැන් හිමීට කිවුවා.පීට් ඇවිත් කැන් ගාවින් වාඩිවුනා.කැන් දිහා බලලා අමුතු විදියට හිනා වෙලා කැන්ගේ අතේ එල්ලුනා..

"Phi කැන් මන් ඔයාට කැමතී...ඔයා දැනටමත් ඒක දන්නවා ඇති . ඒත් මට ඒක ඔයාට කියන්න ඕනී වුනා.මන් ගොඩක් දවස් බලන් හිටියා ...මන් ඔයාව පලවෙනියෙන්ම දැක්කේ univercity එකේ ඔයාගේ 1st photoshoot එකේදී.එදා ඉදන් මන් ඔයාට කැමති වුනා .මගේ තුන් හිතකවත් තිබ්බේ නෑ මොඩ්ලින් වලට එන්න ඒත් ඔයා නිසා මන් ආවා..මන් ඔයාගේ පස්සෙන්ම අවුරුදු 5කටත් වැඩියෙන් ඇවිද්දා..මට දැන් ගොඩක් මහන්සියි.මට මේක ඔයාට කියන්නම ඕනි....මන් ඔයාට ගොඩක් කැමතී...chan chab khun phi (I like you අයියේ ) මන් ඔයාට මටත් වඩා ආදරේ කරනවා..pham rakh khun phi..(I love you අයියේ ) පීට් කැන් ගෙ ඇස් දිහා බලාගෙන කිවුවා.

"කැන් පුදුමයෙක් වගේ බලන් හිටියේ ඇස් අදහාගන්න බැරිවයි...ඇත්තටම කැන් පීට් එයාට කැමති කියලා දැනගෙන හිටියේ පීට්ව දැක්ක දවසෙමයි. ඒත් මේ තරම් කාලයක් පීට් එයාට හිතින් ආදරේ කරා කියලා කැන් දැනගෙන හිටියේ නෑ. අද ඊයේ කැන්ට හම්බුනු මේ පොඩි පිරිමි ලමයා අඩුම තරමේ කැන්ගේ univercity එකේම හිටිය කෙනෙක් . කැන්ට රහසින් ආදරේ කරපු කෙනෙක් , කැන් ගෙ එකම photoshoot එකක්වත් මග අරින්නේ නැතිව කැන්ට ශක්තියක් වුනු කෙනෙක්...කැන් නිසා එයාගේ හීන අමතක කරලා , පවුලේ අයවත් කියන දේ අහන්නේ නැතිව පිස්සුවෙන් වගේ කැන් එක්ක එකම ගමනක් යන්න හිතාගෙන හිටියෙ කෙනෙක් කියලා කැන් කීයටවත් හිතුවේ නෑ..කැන්ට කරන්න කිසිම දෙයක් නෑ..ඒත් එයාට බෑ පීට් ට ආදරේ කරන්න.

"පීට්....මට සමාවෙන්න..කැන් පලවෙනි වතාවට පීට් ගෙන් සමාව ගත්තා.එදා උනු දේට සමාවෙන්න පීට්...ඒත් ඔයාට පුලුවන්ද ඒක රහසක් විදියට තියාගන්න...ඒක පිස්සු හීනයක් කියලා හිතලා අමතක කරන්න. ඔයා දන්නවනේ මන් එදා බීලා හිටියේ ඔයා නෙමෙයි එතන වෙන කෙනෙක් හිටියත් මන් එයාටත් ඕක කරයි...මන් මේ වෙන දේවල් වලට පොඩ්ඩක්වත් කැමති නෑ...ඔයා ඉල්ලන ඕන දෙයක් දෙන්නම් මන් ඒත් ඒ සිද්දිය ගැන එක වචනයක්වත් කාටවත් කියන්න එපා.කැන් අන්තිමට පීට්ගේ මූනටම එහෙම කිවුවා.කැන්ට කියන්න ඕනී වුනේ පීට් මාත් ඔයාට ආදරෙයි කියලා.ඒත් අන්තිමට කැන් එයාවම රවට්ට ගත්තා.කැන් ඒ කිවුව වචන පීට් ට කිනිස්සකින් අනිනවා වගේ දැනුනා.පීට් හිතුවේ නෑ කැන් ඒ වගේ දෙයක් කියයි කියලා.සමාව ගත්තා ඒත් ඕන දෙයක් එන්නම් ඒක කාටවත් කියන්න එපා කිවුවේ පීට්ගේ හිත කියන්න ගත්තා කැන් මහම මහ නරක මිනිහෙක්..එයාව පාවිච්චි කරපු එකයි එයා කලේ කියලා.

"Phi කැන් ඔයා හිතන් ඉන්නේ මන් කොහොම කෙනෙක් කියලද...ඔයා කොහොමද ඔහොම කියන්නෙ . ඕන දෙයක් දෙන්නම් කිවුවෙ සල්ලිද ඔයා මාව ඒ තරම්ම පහලට දැම්මේ කොහොමද ? අඩුම තරමේ මන් ඔයාගේ සහෝදරයෙක් වගේ කියලා කිවුවනම් මට දුක නෑ. ඒක අමතක කරන්න කියලා කිවුවනම් මන් ඒක අමතක කරනවා ඒත් ඔයා අඩුම තරමේ මන් ගැන පොඩ්ඩක්වත් හිතලා නෑ..පීට් ඇස් වල වැගිරෙන කදුලු අස්සේ කතා කලා...ටික වෙලාවක් යනකන් කිසිම හාවක් හූවක් නැතිව හිටිය දෙන්නගෙන් ආපහු කතාව පටන් ගත්තේ පීට්.පීට් කදුලු පිහදාගෙන ,

"හරි phi කැන් ඔයාට ඕනී ඒක නම් අපි එහෙම කරමු. ඔයා මට මොන දේ කලත් මට බෑ ඔයා එක්ක තරහා වෙන්න . ඔයාට වෛර කරන්නවත් මට බෑ..මොකද මම ඒ තරම්ම ඔයාට ආදරේ කරපු නිසා. අපි යාලුවෝ වගේ ඉමු. මන් ඒ දේවල් කාටවත් කියන්නෙ නෑ.අපි හොදම යාලුවෝ වගේ ඉමු. මන් ඒ ඔක්කොම අමතක කලා.එහෙම කියලා පීට් අලුතින් ඉපදුනු ලමයෙක් වගේ කැන් එක්ක සුපුරුදු විදියට හිනා වෙලා කැන්ගෙ අතේ එල්ලුනා.ඒත් පීට් හිත ඇතුලෙන් ගොඩක් දුක් වෙන්න ඇති..

කැන්ට පුදුම හිතුනා එයා කිවුව වචන නිසා පීට් එයාගේ මුහුනවත් බලන් එකක් නෑ කියලයි හිතුවේ ඒත් ඒ වචන පීට් ගෙ හිතේ කැන් ගැන තියෙන ආදරේ නිසා නිකන්ම හිස් වචන විතරක් වෙලා.කොහොම වුනත් කැන් පීට් යාලුවෝ වගේ ඉමු කිවුව එකට කැමති වෙලා පීට් ගෙ පිටට තට්ටුවක් දැම්මා.ඒත් කැන් තාමත් දන්නේ නෑ එයාට ඔය විදියට එයාවම තව කොච්චර කාලයක් රවට්ට ගන්න පුලුවන් වෙයිද කියලා..

****
"ඊලග දවසේ උදේම දෙන්නා එකට හම්බුනා.වෙනදටත් වඩා හොදට පීට් කැන් එක්ක කතා කලා. කැන් එයත් එහෙමයි.දැන් ඉතින් දෙන්නටම මග අරින්න කිසිම හේතුවක් නෑ..ඔක්කොම සුභ විදියට විසදුනා කියලයි කැන් හිතුවේ..ඒත් එක්කම ඒ දෙන්නටම අලුත් photoshoot එක ගැන කතා කරන්න මීටින්ග් රූම් එකට එන්න කියපු නිසා දෙන්නම ගියා.

"අනේ..සොරි කැන් මේ පනිවිඩේ යවන කෙනා වරද්දලා අනේ කියලා තියෙන්නේ අලුත් වැඩේ ගැන කතා කරන්න එන්න කිවුවේ nong පීට් ට විතරයි . මේ පාර එයාට nong ෂමූන් එක්කයි වැඩේ තියෙන්නෙ . එයත් අලුත්නේ මේ වැඩේට අලුත් දෙන්නෙක්ව එකට දාලා කරන්න හිතුවා. ඔයාට තාම ගැලපෙන project එකක් හම්බුනේ නෑ . ඔයා ඉතින් යන්නේ ලොකු ලොකු budget වලටනේ.මේ වගේ සුලු වැඩ ඔයාට ගැලපෙන්නෙත් නැහැනේ..phi ජේම්ස් කිවුවා.

"ඕකේ...phi . කවුද ඔය ෂමූන් කියන්නේ..කැන් ඇහුවේ මේ අලුත් හාදයා කොහොම කෙනෙක්ද කියලා බලාගන්නත් එක්කයි..

"ආ..අර එන්නේ..ඒත් එක්කම එතනට ආපු ෂමූන්ව ජේම්ස් කැන්ට පෙන්නුවා.ෂමූන් ගොඩක් උස මහත කඩවසම් කෙනෙක්.එයා පීට් එක්ක එකට තිබ්බාම හොදට ගැලපෙනවා.ඒත් කැන්ට එයාව ඇල්ලුවේ නෑ.එයා හැන්ඩ්සම් ඒ වගේ කෙනෙක් පීට් එක්ක එකට ඉන්නවට කැන් ඊරිසියා කලා.ෂමූන් කැන් එක්ක හිනා වෙලා අතට අත දුන්නත් කැන් ඒ අත දිහා බලලා

"Phi ජේම්ස්..මන් යනවා එහෙනම්...අද මන් off . එහෙම කියලා ෂමූන්ගේ අත දැක්කේ නෑ වගේ එතනින් ගියා. ෂමූන් කැන් යන දිහා බලලා අම්මෝ මාර ගනන් කාරයෙක් කියලා හිතුවා.

( මේ ඉන්නේ ෂමූන් අයියා . කෝමද හැඩයි නේද ? කැන් ට ඊරිසියා හිතෙන එක අහන්නත් දෙයක්ද ?කැන් බය වෙලා දැන් ඉන්නේ පීට් කොලුවා ෂමූන් එක්ක සෙට් වුනොත් එහෙම 😨)

එදා හවස ගෙදර යද්දිත් කැන් කල්පනා කලේ පීට් ගෙයි ෂමූන්ගෙයි අලුත් වැඩේ ගැන . මේක කඩා කප්පල කරන්න ඕනීම දෙයක් කරයි දැන් ඉතින් කැන්.කැන් ගෙදර ගියගමන් බලන් හිටියේ පීට් එන්නේ කොයි වෙලාවෙද කියලා..පීට් එන විත්තිය දැක්ක කැන් දොර ඇරගෙන ඉස්සරහට ගියා.

"ආ..පීට්...අලුත් වැඩේ ගැන මට ආරංචි වුනා...congratulation (ආයූ කිඩින්ග් මී phi කැන් -මේක ලියද්දි මට හිතුනු දෙයක් සොරි වෙන්න ඕනී...😂👊)
******
ඔන්න දැන් ඉතින් කැන්ට jelous හොදටම. ඕකෙන්වත් කැන් තේරුම් ගත්තොත් හොදයි ඉතිම් එයාට එයාගේ nong pete ව ඕනී කියලා..

කෝ බලන්න මේක කියවන යාලුවෝ සෙට් එක ?? Vote , coment කරන්නකෝ කතාවේ හොද නරක ❤️

Continue Reading

You'll Also Like

439K 23K 51
အခြေအနေတစ်ခုကြောင့် လက်ထပ်ဖြစ်ခဲ့ကြတယ် အန်တီက ရိုးရဲ့ ဇနီးမယားပါပဲ... အေျခအေနတစ္ခုေၾကာင့္ လက္ထပ္ျဖစ္ခဲ့ၾကတယ္ အန္တီက ရိုးရဲ႕ ဇနီးမယားပါပဲ...
1.4M 59.3K 70
ငါလား.... စိတ်ချ...... နိဗ္ဗာန်ရောက်ရင်လည်း မင်းကိုပဲ ချစ်နေအုံးမှာ.......... သုနေတင်ထွဋ် ကမ္ဘာပျက်သလို လေပြင်းမိုးသံတွေထ...
1.4K 220 11
Bio ඇයි අපි පාඩම් කරන්නේ.... Bio කොහොමද ප්‍රායෝගිකව ඕනෙ වෙන්නේ.... මේ මගේ සරල විග්‍රහ....
1.6K 105 2
ඔහූ රජෙකු නොවෙ යක්ශයෙකු," අකිකරු හිතුවක්කාර ආදරයක් හමුවෙ වෙදනා විදින හදවතක් සූව කිරිමටවෙර දැරිම නිශ්පල ක්‍රියාවක්ද? YOONSEOK FANFICTION Completed (2...