Dream Lovers 💫[ Completed ]

euphoria0704 tarafından

68.6K 10.1K 877

Time Passed. but your memory is life itself 🥀 Start - 2020 May 26 ✨ End - 2020 October 25 ✨ Daha Fazla

Introducing the Characters
part 1
Part 2
Part 3
Part 4
Part 5
Part 6
Part 7
Part 8
Part 9
Part 10
Part 11
Part 12
Part 13
Part 14
Part 15
Part 16
Part 17
Part 18
Part 19
Part 20
Part 21
Part 22
Part 23
Part 25 ( Final part )

Part 24

2.1K 345 45
euphoria0704 tarafından

Suga pov

එදා රෑ මට ආපු කෝල් එක නිසා මම එදාම දේගුවලට ආවා. ඒත් හිතපු තරම් ඉක්මනට මට eun ha ගැන තොරතුරක් හොයා ගන්න බැරි වුනා. මමයි මම මේ වැඩේ ගැන කිව්වාම කිසිම පැකිලිමක් නැතුව මට උදව් කරන්න ආපු Park han san නුයි අදට සතියක් දේගුවලට ඇවිත්. ආපු දවසේ ඉදලා අපි දෙන්නා දේගුවල හැමතැනකම වගේ eun ha ගැන විස්තර හෙව්වත් තවමත් කිසිම විදිහක තොරතුරක් අපිට හම්බ වුනේ නෑ. අනිත් අය අලුත් ඇල්බම් එකේ වැඩ නිසා ගොඩක් මහන්සි වෙන ගමන් හිටියේ..... ඒත් මම මෙහේ මේ වගේ නාස්ති කරන කාලයෙන් වැඩක් නැති වෙයිද කියලා මට ලොකු බයක් තිබ්බා. ඒත් මේ වෙච්ච දේවල්වල සුල මුල දැනගෙන මුකුත් නොකර හිටියොත් ඒක ඔක්කොටම වඩා මම ජන්ග්ගුකාට කරන ද්‍රෝහීකමක් වෙනවා. ඒ නිසා මම කොහොම හරි මේ දේ හොද විදිහට විසදනවා.

අදත් උදේම ඇහැරිලා මායි හන්සෝනුයි දේගු ටවුන් එකට ගියේ කන්න මොනවා හරි හොයාගෙන. හන්සොන් කාර් එකෙන් බැහැලා ගියේ එතැන තිබ්බ food coner එකෙන් අපිට කන්න මොනවා හරි ගෙන්නම් කියලා. එයා ගියාට පස්සේ මම ශීට් එකත් පොඩ්ඩක් පස්සට ඇදලා ඇස් දෙකත් පියා ගත්තේ පොඩි නිදි මතක් ආපු නිසා.... ඒත් මාව උඩ ගිහින් ආයේ ශීට් එකේ ඉන්දුනේ එලියෙන් ඇහිච්ව කෑ ගැහිල්ලට.

" යා..... උඩ බලාගෙනද පාරේ යන්නේ ???? බලනවා තමුන් කරපු වැඩේ.... මම දැන් කොහොමද මේවා කාටවත් දෙන්නේ??? අනේ දෙයියනේ ඇයි මේ මිනිස්සු අපිටම වද දෙන්නේ..... "

ඔය කරගෙන තියෙන්නේ 🤦🏻‍♂️ නිදිමතේ ගිහින් මේ මිනිහා කව්දෝ මන්දා ගෑනු කෙනෙක්ගේ ඇගේ හැප්පිලාද කොහේද??? මදැයි ටිකක් ඇලවෙන්න හැදුවා. මම කාර් එකෙන් බැහැලා හන්සොන් ලගට යද්දීත් ඌ වුනේ මොකක්ද කියලා හිතා ගන්න බැරුව ඔහේ බලන් හිටියා. වැටිච්ච කෑම ටික අහුල අහුල හිටපු ගෑනු කෙනාට උදව් කරන්න හිතාගෙන මමත් පහලට නැවිලා කෑම ටික එකතු කරන්න ගත්තා. අපරාදේ කෑම ටික. මාරම සුවදක් ආවේ ඒ කෑම වලින්. පෙනුමෙන් නම් රස පාටයි. ගෙදර හදපු කෑම වෙන්න ඇති.... අපිට කොහේද මේවා. හැමදාම කඩෙන්ම නේ.

මම කෑම ටික උරේකට දලා එකතු කරලා ඉවර වෙලා ඒ ගෑනු කෙනා දිහා බැලුවේ අලාභය දෙන්නත් හිතාගෙන. ඒත් මම ඒ දැක්ක කෙනා නිසා මම මොනවද කියන්න ඕනේ කියලා මට අමතක වුනා. එයත් මාව දැක්ක ගමන් ම අදුරගත්තා කියලා මට තේරුනේ මාව දැක්ක ගමන් මාව දැක්කේ නෑ වගේ මග ඇරලා යන්න හදපු නිසා.

"Eun ha ගේ ඔම්මා "

හිටි තැනම නැවතුණු එයා එකපාරටම බිම බලා ගත්තා. එයා ලගට ගිය මම හොදට එයා දිහා බැලුවේ එදා හොස්පිට්ල් එකේ අපිට හම්බ වුනේ මේ ගෑනු කෙනාමද කියලා බලාගන්න. ඔව් මේ එයා තමයි. Eun ha නැතත් ඔම්මාව හරි හොයාගන්න පුළුවන් වුන එකට මම හිතින් දෙවියන්ට ස්තුති කලා.

" ඔයාලා ඇයි මෙහෙම හැංගිලා ජිවත් වෙන්නේ..... දන්නවද eun ha හින්දා ජන්ග්ගුකා කොච්චර විදවනවද කියලා "

දුකට කේන්තියට මන්දා මම ඔහේ කියවගෙන ගියා. මං දිහා එක එල්ලේ බලාගෙන හිටපු eun ha ගේ අම්මා කතා කරන්න පටන් ගත්තා.

" ඔහේ හිතන්නේ eun ha මෙහේ ඉදන් සතුටින් හිටියා කියලාද??? අහ්හ්හ් කියනවා..... ඒ ලමයා කොච්චර දුකක් වින්දාද කියලා දන්නේ මම විතරයි. හ්හ්හ්හ්හ්හ් මගේ කෙල්ල කවදාවත් මේ තරම් දුකින් ඉන්නවා මම දැකලා නෑ. අම්මා කෙනෙක් කොහොමද තමන්ගේ දරුවා දුකින් ඉන්නවා බලන් ඉන්නේ ??? කියනවා මට හ්හ්හ්හ්හ් "

මගේ පපුවට අත මිට මොලවලා ගහන ගමන් එයා අඩ අඩා කෑගැහුවා. අම්මා කෙනෙක් විදිහට මේ වෙච්ච දේවල් එක්ක එයත් ලොකු දුකක් විදින්න ඇති කියලා මට තේරුනා. අඩ අඩ හිටපු එයාව අරගෙන මම මගේ පපුවට තියලා බදා ගත්තා. ඒ ඇස් වලින් වැටුණු කදුළු ගොඩක් වෙලා යනකන් එහෙම්මම තිබ්බා.

වෙච්ච දේවල් ගැන විස්තරයක් දැන ගන්න ඕන වෙච්ච නිසා ම අපි eun ha ගේ අම්මා අකැමති වුනත් eun ha ලාගේ ගෙදර ගියා. ඒත් අපි යද්දී eun ha හිටියේ නෑ.

" මම කිව්වානේ eun ha ගෙදර නෑ කියලා...... තවත් ඒ ළමයාගේ ජිවිතේට කරදර ගෙන්නේ නැතුව පාඩුවේ ඉන්න එක හොදයි කියලා හිතෙන්නේ නැද්ද ඔයාලට ??? "

ඇත්තටම eun ha ගේ ඔම්මාට අපිව එපාම වෙලා වගේ. ඔව් ඉතිං මොන අම්මාද කැමති තමන්ගේ ළමයින්ට දුක් විදින්න වෙන හේතු දකින්න??? ඒත් මේක තවත් දුකක් ම නොවි හැබැවක් කරන්නයි මට ඕනේ.....

" මම දන්නවා ඔම්මා අපි ගැන තරහෙන් ඉන්නේ.... ඒත් මේ වෙච්ච කිසි දේකට eun ha වත් ජන්ග්ගුකාවත් පලි නෑ. දෙන්නා දෙපැත්තේ ඉදන් දුක් විදිනවා බලන්න මට තවත් ඕනේ නෑ. ඒකයි මම මේ ගමන ආවේ. අපේ ජන්ග්ගුකා ඇගපතින් අපිට වඩා ලොකුවට පෙනුනට තාම හිත ඇතුලෙන් චුටියි. එයාට දුකක් දරා ගන්න හරි අමාරුයි. ඔම්මාට eun ha ගැන තියෙන දුක වගේම දුකක් තමයි මට ජන්ග්ගුකා ගැන තියෙන්නේ. අපි පොඩි කාලේ ඉදලාම හැදුනේ එකට. කෑවේ බිව්වේ එකට. ආපු හැම ප්‍රශ්නේකටම උත්තර හෙව්වේ එකට. ඉතිං මට ජන්ග්ගුකා මගේම සහෝදරයෙක් වගේ. වෙලාවකට මගේම ළමයෙක් වගේ. ඉතිං ඔම්මා අපිට උදව් කරන්න මේ ප්‍රශ්නේ විසදගන්න...... චේබල් "

අත් දෙක අල්ලගෙන මම කිව්ව දේවල් බොහොම සීරුවෙන් eun ha ගේ ඔම්මා අහගෙන හිටියා.

" eun ha සෝල් ගියා "

ටික වේලාවක් කල්පනා කර කර ඉදපු ඔම්මා කිව්වා. අපි එයාව හොයාගෙන මෙහේ එද්දී එයා සෝල් ගිහින්. මොකක්ද මේකේ තේරුම eun ha.

" අපි සෝල් වලින් ආපු දවසේ ඉදලා eun ha හිටියේ හොදින් නෙමෙයි කියලා මට තේරුණා. ඒත් ඇහුවට කිසිම දෙයක් මට කිව්වේ නෑ. එයා එහෙම මට කිසි දෙයක් නොකියා ඉන්නෙත් නෑ. කොයි වෙලේ බැලුවත් බලාගත්තු අත බලාගෙන කල්පනා කරනවා. හරියට කෑමක් බීමක් ගත්තේත් නෑ. ටික දවසකට පස්සේ එයා තනියම සෝල් ගිහින් එන්න පටන් ගත්තා. ඒ ආපු හැම වතාවකම ගියාට වඩා දුකකින් එයා ආවේ.... ජන්ග්ගුක්ශි එක්ක ප්‍රශ්නයක් කියලා මට තේරුණා. ඒත් ඇහුවට මුකුත් මේ කෙල්ල කිව්වේ නෑනේ "

Eun ha ගේ ඔම්මා කිව්වේ හරිම කනස්සල්ලෙන්. ඒත් වෙච්ච දේවල් ගැන මට ඔම්මාට කියන්න බෑ දැන්ම. ඉක්මනට මේ ප්‍රශ්නේ විසද ගත්තාම මේ හැමෝම ඉස්සර වගේ සතුටින් ඉදී.

එකපාරටම මගේ ෆෝන් එක රින්ග් වෙන්න පටන් ගත්තා. කව්ද මේ වෙලාවේ??? ජිමිනාගෙන් කෝල් එක. මෙයාටත් දැන්ම කෝල් ගන්න ඕනේ වුනේ නේ.

" ජිමිනා මම වැඩක ඉන්නේ මම පස්සේ...... "

මට ඕනේ වුනේ මේ ලැබුණු අවස්ථාවෙන් eun ha ගේ ඔම්මාගෙන් විස්තර දැන ගන්න. ඒ නිසායි මම ඉක්මනට ෆෝන් එක කට් කරන්න හැදුවේ.... ඒත් එහා පැත්තෙන් මට ඇහුනේ ඉකි ගගහා අඩන ජිමිනා  " හ්යොන් " කියන හඩ........

" යා ජිමිනා මොකද වුනේ??? ඔයා අඩනවද??? ජිමිනා කියනවා මොකද වුනේ කියලා..... "

" හ්යොන් ...... හ්හ්හ්හ්හ් ජන්ග්ගුකා....... හ්හ්හ්හ්හ් ජන්ග්ගුකා "

" යා ජිමිශ්ෂි මගේ කේන්තිය අව්ස්සන්නේ නැතුව ඉක්මනට වෙච්ච දේ කියනවා "

ජිමින් අඩ අඩ කියන්න හදන දේ දැනගන්නකන් මම හිටියේ පුදුම නොසන්සුන් කමකින්. ඇයි ජන්ග්ගුකාට මොකද?? ජන්ග්ගුකාට මොකක්ද වුනේ.

" ජන්ග්ගුකා ඇක්සින්ඩන්‍ට් වුනා "

මොකක් ජිමිනා එහා පැත්තේ ඉදන් කියපු දේවල් මට ඇහුනත් නැහුනා වගේ දැනුනේ..... ඇයි මේ...... ඇයි මෙහෙම දේවල් වෙන්නේ..... මම මේ හැමදේටම සාප කරනවා......

Eun ha pov

මේ වෙන දේවල් ඔක්කොම මට නපුරු හීනයක් වගේ. මම පණ වගේ ආදරේ කරන ජන්ග්ගුක්ශි මේ වගේ දෙයක් වෙනවා මගේ ඇස් දෙකෙන් දකින්න වෙයි කියලා මම කවදාවත් හිතුවේ. මේ වෙච්ච දේට මමයි වැරදි. එයාට එහෙම වුනේ මගේ වැරැද්ද නිසා. මම කලබල වෙන්නේ නැතුව වැඩ කලානම් අද මෙහෙම දෙයක් වෙන්නේ නෑ මගේ පණට 😣
දැන්  පැය දෙක තුනක ඉදන් ඩොක්ටර්ස්ලා ජන්ග්ගුක්ශිව පරීක්ෂා කරනවා. නම්ජුන්ෂියි ජින්ශි මගේ හිත හදන්න එක එක දේවල් කිව්වත් මම දන්නවා එයාලාත් මේ වෙච්ච දේ එක්ක ගොඩක් අවුලෙන් ඉන්නේ. මට මාත් එක්ක ආවේ පුදුම තරහක්..... මම නම් මහ අවාසනාවන්ත කෙල්ලෙක් 😡

පැය තුනක පරීක්ෂණයකින් පස්සේ ජන්ග්ගුක්ශිව රූම් එකකට දැම්මා. මමත් අඩ අඩම එයාගේ ඇද පස්සෙන් එයාගේ කාමරේට ගියා.

අනේ මගේ චුටි හා පැටියාගේ ඔලුව බැන්ඩේජ් එකකින් ඔතලා තිබ්බේ 😣 ඒ විතරක් නෙමෙයි එයාගේ මුණත් තුවාල වෙලා ටිකක්😔 මේ දේවල් මම කවදාවත් හීනෙකින්වත් දකින්න හිතපු දේවල් නෙමෙයි දෙයියනේ. ඇයි ජන්ග්ගුක්ශිව බේරලා වෙන දෙයක් මට වුනේ නැත්තේ 😣

" eun ha දැන් බය වෙන්න දෙයක් නෑ. ඩොක්ටර්ස්ලා කිව්වා තව ටිකකින් ජන්ග්ගුකාට සිහිය එයි කියලා. එයාට ලොකු ඩැමෙජ් එකක් නෑ  කිව්වා. ඔලුව ටිකක් තදට වැදිලා. ඒ නිසායි එයාට සිහි නැති වෙලා තියෙන්නේ..... "

නම්ජුන්ෂි මං ළගට ඇවිත් කිව්වා. ජන්ග්ගුක්ශිට ලොකු අමාරුවක් නෑ කියලා නම්ජුන්ෂි කිව්වාට මම කැමති නෑ ජන්ග්ගුක්ශිට චුටිම චුටි හරි කරදරයක් වෙනවාට. අකමැත්තෙන් වුනත් මම එයාව අත අරින්න හිත හදාගත්තේ එයාට මං නිසා ප්‍රශ්න වෙන එක නවත්තන්න ඕනේ වුන නිසා. ඒත් අන්තිමට වුනේ මම හිතපු දේට වඩා භයානක දෙයක්😣

Time passed

ටික වෙලාවකින් pd nim ආවා ජන්ග්ගුක්ශිගේ කාමරේට. රූම් එකේ හිටපු නම්ජුන්ෂි හොබි ඔප්පායි pd nim ව දැක්ක ගමන් නැගිට්ටා. ඒත් ජන්ග්ගුක්ශිගේ ඇද ලග හිටපු මම පොඩ්ඩක්වත් හෙල්ලෙන්නේ නැතුව ජන්ග්ගුක්ශිගේ අත අල්ලගෙන හිටියා. මට සමාවෙන්න ජන්ග්ගුක්ශි මේ වෙච්ච දේවල් වලට. දැන්නම් කවුරු කිව්වත් මම ඔයාව අත අරින්නේ නෑ. ඔයාටම මාව එපා වෙලා මාව දලා ගියොත් ඇරෙන්න මීට පස්සේ කවුරුත් කියන දෙයක් නිසා ඔයාව අත අරින්නේ නෑ.

PD nim ටික වේලාවක් නම්ජුන්ෂි හොබි ඔප්පායි එක්ක කතා කරලා ඉදලා යන්න ගියා. නම්ජුන්ෂි හොබි ඔප්පායි pd nim පස්සෙන් කතා කර කර එලියට ගියා. මෙච්චර වෙලා ජන්ග්ගුක්ශිගේ අත් දෙක අල්ලන් හිටපු මම හෙමින් සැරේ එයාගේ අත එයාට පෙරවලා තිබ්බ බ්ලැන්කට් එක යටින් තියලා බ්ලැන්කට් එක එයාට හොදට පෙරෙව්වා. ඊට පස්සේ එයාගේ මුණේ වෙච්ච තුවාලේට දාන්න කියලා ඩොක්ටර් දුන්න බෙහෙත් එක අරගෙන එකෙන් බෙහෙත් ටිකක් අතට අරගෙන ගාන්න පටන් ගත්තා.

අනේ ඒ මුණේ තියෙන අහිංසක කමට මට ලෝබ හිතෙනවා. කවදාවත් කාටවත් කිසිම කරදරයක් වෙනවට අකැමැති ඔයාට මේ විදිහට වුනේ මං හින්දා කියලා මතක් වෙද්දී මට මාව පාලනය කර ගන්න අමාරු වෙනවා ජන්ග්ගුක්ශි. මියානේ.... දැන් ඇති ඔය නිදාගෙන හිටියා. මට ඔයාගෙන් සමාව ගන්න ඕනේ මේ හැමදේකටම. මට ඔයාට තුරුල් වෙලා ඔය ආදරේ විදින්න ඕනේ. චේබල් දැන් නැගිටින්න 🙏🏻

දන්නේ ම නැතුව මගේ ඇස්වලින් කදුළු වැටෙන්න පටන් ගත්තා. මගේ ඇහෙන් වැටුණු එක කදුළු බිංදුවක් හරි හිතුවක්කාර විදිහට මගේ මූණ දිගේ පහලට ඇවිත් ජන්ග්ගුක්ශිගේ මුණ සිප ගත්තා. ඒත් එක්කම එකපාරම මම බෙහෙත් ගගගා හිටපු අත ජන්ග්ගුක්ශිගේ ශක්තිමත් අතකට අහු වුනා.

මගේ මූණ පුරා ඇස් යවපු එයා හරිම පුදුමෙන් මං දිහා බලන් හිටියේ.....

" ඔයා කව්ද??? "

ඒ පුදුමේ ඒ ඇස්වල එහෙම්මම තියාගෙන එයා අහපු ඒ වචන ටිකට මගේ පපුව මැදට හෙනයක් ගැහුවා වගේ වුනා.

" ම..ම eu..n ha.. "

කොච්චර පාලනය කරගන්න හැදුවත් මගේ ඇස්වලින් වැටෙන කදුළු නවත්ත ගන්න මට බැරි වුනා.

" ඒ කව්ද "

මගේ අත අත අරින ගමන් එයා ඇහුවා. මොකද මේ ජන්ග්ගුක්ශි. ඇයි මේ.....

ඒත් එක්කම කාමරේ දොර ඇරගෙන ජින් ඔප්පායි අනිත් කට්ටියයි ආවා. ජන්ග්ගුක්ශි ඇදේ ඉද ගන්න උත්සාහ කරන ගමන් එයාලා දිහා බලලා හිනාවෙලා

" හ්යොන් "

කියලා කිව්වා. එතකොට එයාට එයාලව මතකයි. මාව මතක නැත්තේ ඇයි.....

" අම්මෝ ඇති යාන්නතම් මෙයා නැගිට්ටා. දැන් කොහොමද ජන්ග්ගුකා. ඔළුව ගොඩක් රිදෙනවද??? "

ජින් ඔප්පා ජන්ග්ගුක්ශි ළගට ගිහින් ඇදෙන් වාඩි වෙන ගමන් ඇහුවා.

" ටිකක් රිදෙනවා හ්යොන් "

කට්ටිය එක්ක හොදට හිනා වෙලා කතා කරපු ජන්ග්ගුක්ශි මාව ගණන් ගත්තේම නෑ. මම හිතුවේ එයාට සිහිය ආවාම මේ හැම ප්‍රශ්නයක්ම ඉවර වෙයි කියලා. ඒත් මේ මොකක්ද මේ වුනේ.....

" කෝ යුන්ගී හ්යොන් "

ජන්ග්ගුක්ශි ඇහුවේ වටපිට බලන ගමන්.....

" එයා තාම මග එනගමන් "

ජිමිශ්ෂි හිනාවෙන් ගමන් කිව්වා. ඒ අතරේ මං ළගට ඇවිත් මගේ කර වටේ අත යැව්ව නම්ජුන්ෂි අලුත් කතාවකට මූල පුරන්න ගත්තා.

" දැන් ඉතිං දෙන්නාගේ ප්‍රශ්න කතා කරලා විසදගෙන සතුටින් හිටියා නම් හරි නේද??? ඉස්සර හිටපු ජන්ග්ගුකායි eun ha යි අපිට ආයේ ඕනේ"

නම්ජුන්ෂි මාරුවෙන් මාරුවට අපි දෙන්නා දිහා බලන ගමන් කිව්වා.

" ප්‍රශ්න ??? මට මොනවද මේ කෙල්ලත් එක්ක තිබ්බ ප්‍රශ්න ??? අනික මෙයා කව්ද හ්යොන් ???"

ජන්ග්ගුක්ශි ඒ කියපු දේ නිසා හැමෝම පුදුමෙන් වගේ බලන් හිටියා. ඇත්තටම මේ මොකක්ද වෙන්නේ කියලා මාත් හිතා ගන්න බැරුවයි හිටියේ

" යා ජන්ග්ගුකා මේ ඔයා ආදරේ කරපු එකම එක කෙල්ලනේ..... ඇයි මෙහෙම කතා කරන්නේ..... ??? "

ජිමිශ්ෂි මාව පෙන්නන ගමන් ජන්ග්ගුක්ශිට කිව්වා.

" ආදරේ කලා ??? යා ඇත්ත ද මේ ??? මම ඔහේට ආදරේ කලාද??? "

මං දිහා එක එල්ලේ බලාගෙන හිටපු ජන්ග්ගුක්ශි මගෙන් ඒ ප්‍රශ්නේ අහද්දී නම් මට තවත් දරා ගෙන ඉන්න බැරි වුනා. මම අඩ අඩම කාමරෙන් එලියට ආවා.

✨✨✨✨✨✨✨✨✨✨✨✨✨

දවස් දෙකකුත් ගෙවිලා ගියා. ඒත් ජන්ග්ගුක්ශි තාම මාත් එක්ක කතා කලේ. මම එයාව බලන්න ගිය හැම වතාවේම එයා මාව ගණන් ගත්තේ නෑ. ඇත්තටම එයාගේ මතකයෙන් සදහටම මාව නැති වෙලා ගිහිල්ලා 💔😔 වාවගන්න අමාරු වුනත් එයා දැන් හොදින් ඉන්න නිසා මම හිත හදාගන්න උත්සාහ කලා.

මම ජන්ග්ගුක්ශිව බලලා හවස ගෙදර යන්න දේගු වලට යන්න බස් එක ගන්න යද්දී මට කෝල් එකක් ආවා. කාගෙන්ද මේ ??? මම මේ අලුත් නම්බර් එක කාටවත් දීලා නෑනේ....

" යොබ්සයෝ "

මම කෝල් එක ආන්සර් කලා. ඒත් එහා පැත්තෙන් මට ඇහුනේ pd nim ගේ කට හඩ. මේ මිනිහාට කොහෙන්ද මගේ නම්බර් එක 😒

" දකුණු අත පැත්ත බලන්න "

එහෙම කියලා pd nim කෝල් එක කට් කලා. දකුණු පැත්ත බලපු මම දැක්කේ කලු පාට කාර් එකක පිටිපස්සේ ශීට් එකේ වාඩි වෙලා හිටපු pd nim ව. මෙයා මොකාටද ඒ ගමන් එන්න හදන්නේ.....

මම pd nim හිටපු කාර් එක ලගට ගිහින් හිට ගත්තා. කාර් එකෙන් බැහැලා ආපු pd nim ටිකක් වෙලා මං දිහා බලන් හිටියා.

" ගොඩ කාලෙකින් මිස් eun ha "

මගේ මූනෙන් නක්කල් හිනාවක් පිටවුනේ ඉබේටමයි😏

" ආපු කාරණේ කිව්වා නම් "

මම ඇගට පතට නොදැනෙන්න කිව්වා.

" හ්ම්ම්ම් මේකයි කාරණේ. මට ආරංචි වුනා ජන්ග්ගුක්ට ඔයා ගැන තිබ්බ මතකය නැති වෙලා කියලා..... ඒ කියන්නේ මට දැන් ඔය දෙන්නාව ආයේ අමුතුවෙන් වෙන් කරන්න දෙයක් නෑ. ඉතිං මං හිතුවේ ඔයාට ඔයාගේ අනාගතේ වෙනුවෙන් පොඩි උදව්වක් කරන්න "

උදව්වක් ??? මේ වෙච්ච හැමදේකටම වග කියන්න ඕනේ කෙනා මෙයා. දැන් මොකක්ද මෙයා මට කරන්න හදන උදව්ව ????

" මේක ගන්න. හෙට උදේට ෆලයිට් එක. එහෙට ගිහින් සතුටින් ජිවත් වෙන්න. මෙහේ හිටියා කියලා නිකන් හිත රිද්දව ගන්න ඕනේ නෑනේ "

මගේ දිහාවට පාස්පෝට් එකක් දික් කරන ගමන් pd nim කිව්වේ මහ පුදුම කතාවක්. පාස්පෝට් එකත් එක්ක ඕස්ට්‍රේලියා වලට ටිකට් එකකුත් දීලයි තිබුනේ....... එතකොට මම දැන් මේ හැමදේම දලා යන්න ඕනේද??? ඇත්තටම මම මෙහේ හිටියා කියලා දැන් මට තව ලබාගන්න දෙයක් ඇත්තේම නැද්ද??? ඇයි මම තවත් මේ මිනිහාට ඕන විදිහට නටන්නේ ???

" ඇත්තටම ඔහේ මනුස්සයෙක්ද??? නිකමටවත් ආදරේ කියන වචනේ අහලවත් නැද්ද??? ඇයි මෙහෙම කරන්නේ..... මොකක්ද මම කරපු වැරැද්ද??? ජන්ග්ගුක්ශිට ආදරේ කරපු එකද මං කරපු වැරැද්ද??? හ්හ්හ්හ්හ්හ් "

මං කිව්ව දේ කනකට නොගෙන pd nim වාහනේ නැගලා යන්න ගියා. ඒ වේලාවේ ඉදන් වරු ගානක් යනකන් මම අඩන්න ඇති.... ඒත් තාම හිතට සැනසීමක් නෑ. හොදටම රෑ වෙලා. මම තාම හිටපු තැනමයි. මොකක්ද කරන්න ඕනේ කියලා මට හිතා ගන්න බෑ. මට තවත් මෙහෙම ජන්ග්ගුක්ශිගෙන් ඈත් වෙන්න බෑ 😔💔

පහුවද එලි වෙනකන්ම මම කල්පනා කලේ මොකක්ද කරන්නේ කියලා. මිනිස්සු මං දිහා අමුතුවට බලන් ඉන්නවා දැක්කාමයි මට මතක් වුනේ මම කොහ්ද ඉන්නේ කියලා. මම හිටපු තැනින් නැගිට්ටේ හිතට එකගව වැඩ කරන්න හිතාගෙන. ඔව් මම ජන්ග්ගුක්ශිටත් එක්ක මේ ගැන කතා කරනවා.

මම ජන්ග්ගුක්ශිත් එක්ක කතා කරන්න හිතාගෙන හොස්පිට්ල් එකට ගියා. ඒත් මම යනකොට එයාගේ රූම් එකේ කවුරුත් හිටියේ නෑ. කාමරේ ඔක්කොම පිළිවෙලට අස් කරලයි තිබ්බේ.....

" චෝගියෝ "

මං ගාවට ආපු නර්ස් කෙනෙක් මට කතා කලා.

" අහ් මේ කාමරේ හිටපු කෙනා කොහේද දන්නේ නෑනේද "

" අහ්හ් ඊයේ හවස එයාගේ ටිකට් කැපුවා. ඒ වේලාවේම එයාලා ගියා. "

මට නොකියාම ටිකට් කපාගෙන ගිහින් 😣 ජන්ග්ගුක්ශි ඔයාට ඇත්තටම මාව මතක නැද්ද.... මාව ඕනේ නැද්ද ඔයාට ??? ඒ කියන්නේ මේ කතාව මෙතනින් ඉවරද??? මට මේ වෙන දේවල් දරාගන්න අමාරුයි ජන්ග්ගුක්ශි😣

මගේ ඇස් ඉබේටම ගියේ මෙච්චර වෙලා මගේ අතේ තිබ්බ pd nim දුන්න පාස්පෝට් එක දිහාවටයි. ඔව් මම තීරණයක් ගන්නවා. මම යනවා. එයාගේ සතුට වෙනුවෙන් මම යනවා. මම මෙහේ හිටියොත් එයාට තව කරදර වෙන එක විතරයි වෙන්නේ..... ඒ නිසා මම යනවා.

පාස්පෝට් එක හයියෙන් අල්ල ගන්න ගමන් මම දුවගෙන හොස්පිට්ල් එකෙන් එලියට ඇවිත් ටැක්සි එකකට අත දලා නැග්ගේ එයාර්පෝර්ට් යන්න. යනගමන් ඔම්මාට කෝල් කරලා මම යනවා කියලා එයාගෙන් සමු අරන් මම එයාර්පෝර්ට් එකෙන්ම පොඩි බෑග් එකක් අරන් අවශ්‍ය බඩු ටිකත් අරගෙන ෆලයිට් එකට යන්න කලින් එකපාරක් පිටිපස්ස හැරිලා මතක් කලේ එයා එක්ක ගෙවපු ඒ කාලේ ගැන. මම බිග්හිට් එකේ ජොබ් එක ගිය හැටි, පලවෙනි පාරට අපි හම්බ වුණු හැටි, මම එයාට interview board එක ඉස්සරහ බැනපු හැටි, මම මඩ නාගෙන ආපු දවසේ මට ඇදුම් දෙන්න ගිහින් ගුටිකාපු හැටි, මාව ඩේසි මල් බලන්න එක්කන් ගිය හැටි, අපි රණ්ඩු වෙච්ච හැටි, අපි ආදරේ කරපු හැටි, ඒ උණුසුම, ඒ රැකවරණය, ඒ හුරතල් හිනාව, ඒ දගවැඩ ඔක්කොම මට ලස්සන චිත්‍රයක් වගේ මගේ ඇස් ඉස්සරහ මැවිලා පෙන්න ගත්තා. ඇත්තටම ඒ හැම දෙයක් ම හරිම ලස්සන මතකයන්. ඉදිරියටත් මම ඒ මතකයන් එක්ක ජිවත් වෙවී. එහෙනම් අන්‍යෝන් ජන්ග්ගුක්ශි ❤️😊 සරංහේ ❤️

එකදිගට ඇස් වලින් වැටුණු කදුළු බිංදු පිහදන ගමන් මම යන්න හැරුනේ eun ha jungkook ආදර කතාවට තිත වැටෙයි කියලා හිතාගෙන..... ඒත් ටික දුරක් යද්දී කව්දෝ මන්දා වේගයෙන් ඇවිත් මගේ අතින් අල්ලගෙන මාව ඇදලා අරගෙන මගේ තොල් ඒ දෙතොල් අතරට ගත්තේ මට හිතන්නවත් කාලයක් ඉතිරි කරන්නේ නැතුව......
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මතුසම්බන්ධයි 💜

හායි ළමයි ගොඩ දවසකින් නේද??? පහුගිය ටිකේ වැඩවලට හිර වෙලා හිටියේ. ඒකයි කතාව දාන්න බැරි වුනේ. සොරි ඉතිං ඒකට 🥺 ගොඩක් අය අහලා තිබ්බා කතාව කෝ කියලා..... අනේ ඒ හැමෝටම කුමාවෝ මගේ මේ චුටි කතාවට මෙච්චර ආදරේ කරනවට 💜 කුකී weverse ආපු සතුට නිමිත්තෙන් දාන්න හිටපු වෙලාවට කලින් කතාව අප්ඩේට් කරන්න හිතුවා.... 🙈💜එහෙනම් අන්තිම කොටසින් ඉක්මනට හම්බ වෙමු 💜 පරිස්සමෙන් ඉන්න 💜 සරංහේ 💜

Okumaya devam et

Bunları da Beğeneceksin

528K 18.9K 94
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
5.2K 1K 12
නැවුම් වූ හිමපියල්ල, අයිති වේවි හිම සිසිරයටම... බලා හිඳීවී වසන්තය, හිම පියල්ල ඔහු වෙත එන තුරාවට... Snow, That Is Like Love. It's come when it should...
716K 16.1K 44
In wich a one night stand turns out to be a lot more than that.
387K 11.8K 92
Theresa Murphy, singer-songwriter and rising film star, best friends with Conan Gray and Olivia Rodrigo. Charles Leclerc, Formula 1 driver for Ferrar...