ජන්ග් හෝසොක්, සොක්ජින්ගේ පෞද්ගලික හමුදාවේ අණ දෙන නිලධාරීයා වගේම කිම් පවුලට සමීපතමයෙක්..
"හෝසොක්.. ඔරෙන්මනිදා.."
මින් කුමාරයා නැගිටලා කියලා ඔහුව පිලිගත්තා.. හෝසොක් ඔහුට ආචාර කර සොක්ජින් නම්ජුන් එක්ක මේසයේ වාඩි උනා.. ඒ එක්කම ඇතුලට ආවේ ජන්ග්කුක්.. ඔහුත් කුමරුට ආචාර කර අසුන් ගත්තා.. .
"කුමරුනී ලැබුනූ ආරංචි මාර්ගවලට අනුව පාක් ඇමතිතුමාගේ පාර්ශවය කැරැල්ලකට සුදානම් වෙනවා..ඒ වගේම......"
ජන්ග්කුක් කියන්න යන දේ ගැන නැවත හිතන ගමන් නම්ජුන් දිහා බැලුවා.. නම්ජුන්ගෙන් ඊට අවසර ලැබුන නිසා ඔහු නැවත කතා කරා..
"ඒ කැරැල්ලේ නායකයා ඔහුගේ පුත් පාක් ජිමින්.."
මින් කුමාරයාට දැනුනේ තමන්ගේ හදවතටම කිනිස්සක් කිදාබැස්ස තරම් වේදනාවක්.. ඔහු තම යටි තොල තදින් සපාගෙන හිටියේ ඒ වේදනාව කදුලු ලෙස පිට නොවීමට වග බලාගන්න ගමන්..
සොක්ජින් කුමරු ගැන දන්න නිසා ඔහු හෙමින් මින්කුමරුගේ අතක් තදින් අල්ලගත්තේ ඔහුට ශක්තියක් වෙන බව ඇස්වලින් කියන ගමන්..
"ඒ වගේම කුමරුනී ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය යුවරජතුමා.. මොකද ඔහුට අනතුරුක් සිදු වූවොත් අපගේ රජු සිල්ලාව ආක්‍රමණය කරනවා නොඅනුමානයි.."
ජන්ග්කුක් කියනකොට සොක්ජින්ට මතක් උනේ ලීයොන්ග් යුවරජුගේ මාලිගයේ සිටින හන්සොන්ග්ව..
"ඔවුන් අද රාත්‍රියේ පහර දේවී.. අප සුදානමින් සිටිමූ.. "
"නම්ජුන් ඔබ මං කියපු හැමදේම ලෑස්ති කලා නේද?"
"එහෙමයි කුමරුනී..දැන් තියෙන්නේ ඔවුන් එනතෙක් බලා සිටිමයි.."
නම්ජුන් කට කොනකින් සිනාසෙන ගමන් කුමරුට කීවා.. කුමරුගේ මුහුණේ තිබුනේ භයානක සිනාවක්..
- යුවරජ මාලිගයේ -
"හන්සොන්ග්.."
ජිමින් සෙමින් මාලිගය ඇතුලට එනගමන් හන්සොන්ග්ට ආචාර කලා...
"ජිමින්?? ඔබ මෙහි??"
"මා යුවරජුගේ සුවදුක් බැලිමට පැමිනියේ.."
ජිමින්ගේ ඒ වචන නම් හන්සොන්ග්ට විස්වාස කරන්න බැරි උනා..
"නමුත් ඔබට ඇතුල් වීමට ඉඩ දිය නොහැකි.."
හන්සොන්ග් වගේම අනෙක් හ්වරන්ග් සෙබලුන් ජිමින්ගේ මහ ඇහිරුවා..
"හන්සොන්ග්.. ඔබ මගේ පැරනී මිත්‍රයා.. මතක අපි මන්ඩුවලට රණ්ඩු උනා කුඩා කල? ඒ නිසා මට ඔබට කරදරයක් කරන්න දෙන්න එපා.. ඔතනින් අයින් වෙන්න.."
ජිමින් තමන්ගේ අසිපත හන්සොන්ග්ගේ බෙල්ලට තියන ගමන් කිවා.. ඒ එක්කම ආවේ ජිමින්ගේ සෙබලුන්.. ඔවුන් ඒ වටා සිටි සෙබලුන් එකින් එක මරා දැමුවා..
"ජිමින් මෙය වැරදී.. මටත් ඔබට කරදරයක් කරන්න ඕනී නැහැ.. කරුණාකරලා අසිපත ඉවත් කරන්න.."
"හන්සොන්ග් ආආආ.."
පිටුපසින් දුර්වල හඩින් කතා කලේ ලීයොන්ග් කුමරයා.. ඔහු තවමත් දුර්වලයි.. ලා නිල් පැහැ සැහැල්ලු හන්බොක් එකක් ඇදගෙන සිටි ඔහු තම සුදු පැහැ අසිපත තදින් අල්ලගත්තා..
"යුවරජුනී.. ඇතුලට යන්න.."
හන්සොන්ග් කෑගැහුවත් යුවරජු හෙලවුනේවත් නෑ..
"සැරදේවා යුවරජුනී.. ඔබේ මිත්‍රයා මට ඔබ හමුවන්න දෙන්න බැරිලු.. මං ඔහුට කුමක්ද කරන්නේ?"
ජිමින් අසිපත් හන්සොන්ග්ගේ බෙල්ලට තද කරන ගමන් කීවා.. හන්සොන්ග්ට ඔහුගේ බෙල්ලෙන් දැනුන සියුම් වේදනාවත් ගෙල දිගේ ගලා යන උණුසුම් ලේ දහරාවත් දැනුනා..
"ජිමින්.. ඕක නවත්තන්න.."
මින් කුමාරයා ඇතුලු පිරිස ඇතුලට එනගමන් කියනකොට ජිමින් හැරිලා බැලුවා..
"ඕහ් ඔබතුමා පැමිණියාද?? ඔවුන් නවත්තන්න.."
ජිමින් තම සෙබලුන්ට අණ දෙනකොටම හන්සොන්ග් ඉක්මනින් ජිමින්ට පාපහරක් ගැසුවේ ඔහුව මීටර් කීපයක් ඈතට වැටෙන්න..
"යුවරජු ආරක්ෂා කරන්න.."
හන්සොන්ග් අනෙක් අයට කියලා තමන්ගේ අසිපත අතට ගත්තේ තමන් දිහාට තරහෙන් දිලිසෙන ඇස් එක්ක එන ජිමින් එක්ක සටනට ලෑස්ති උනා..
"තමුන්ට මම..."
ජිමින් එක පිට පහර එල්ල කලත් ඒවා සාර්ථක ලෙස මැඩපවත්වන්න හන්සොන්ග්ට පුලුවන් උනා.. ඒත් එක් පහරක් නිසා ජිමින්ගේ බද කපාගෙන ගියා.. ඔහුගේ පීච් පාට හන්බොක් එක ලෙයින් තෙත්වෙන්න ගත උනේ තප්පර කීපයයි..
"ජිමින් දැන්වත් නවතින්න.."
"බැහැ.. මගේ පියාගේ මරණයේ පලිය ගන්නකම් මං නවතින්නේ නැහැ.."
ජිමින් අමාරුවෙන් නැගිටින ගමන් කීවා.. මේ අතර අනෙකුත් සෙබලු සමග සටන් කල සොක්ජින් ඔවුන් දෙසට එනවා ජිමින් හන්සොන්ග්ට පිටුපසින් දැක්කා..
"ඔබ... මට මේ කල දේට විදවයි ගොඩක්.."
ජිමින් ලගතිබුන පොකුනෙන් වතුර ටිකක් අරන් හන්සොන්ග්ගේ මූණට ගැහුවේ ඔහුගේ අවධානය අයින් කරන්න.. අසිපතේ කොපුවෙන් හන්සොන්ග්ගේ පිටට ගහපු ජිමින් තමන් දිහාට එන සොක්ජින්ට පහර දෙන්න සුදානම් උනා..
ජිමින් හිතුවට වඩා ඉක්මනට හන්සොන්ග්ට වටාපිටාව පේන්න ගත්තා.. ජිමින් සොක්ජින්ට පහර දෙන්න ලෑස්ති වෙනවා දැක්ක හන්සොන්ග් ඉක්මනට සොක්ජින් ඉස්සරහට පැනලා බදාගත්තා.. ජිමින්ගේ කඩු පහර හන්සොන්ග්ගේ පිට හරහා වැදුනා..
"හන්සොන්ග් ආහ්හ්හ්.. අන්ද්වේ.."
සොක්ජින් තමන්ගේ ඇග උඩට කපා දැමු ගහක් වගේ වැටුන හන්සොන්ග් අල්ලගෙනම බිම ඉදගත්තේ හිටගෙන ඉන්න තරම් ඔහුට ශක්තියක් තිබුනේ නැති නිසා..
"හ්‍යොන්ග්..."
"අන්ද්වේ.. මගේ පැටියා.."
සොක්ජින් හන්සොන්ග්ගේ කම්මුල් අල්ලගෙන වෙව්ල වෙව්ල කීවා..
"හ්‍යොන්ග් මියානේ.. "
"හන්සොන්ග්.. අන්ද්වේ.. ඔහොම ඉන්න මං ඔයාට මොකුත් වෙන්න දෙන්නේ නෑ.."
උන දේ හිතාගන්න බැරි උන ජිමින්ට නම්ජුන් ඔලුවට ගහපු පහර නිසා ඔහු සිහිසුන්ව බිම ඇද වැටුනා..
සොක්ජින් හන්සොන්ග්ව අත් දෙකට අරගෙන මාලිගය ඇතුලට දිව්වා..
"හ්‍යොන්ග්.. මං ගොඩක් ආදරෙයි.."
"මං දන්නවා.. පාබෝ.. මාත් එක්ක ඉන්න.."
ඒත් හන්සොන්ග්ගේ ඇස් හෙමින් පිය උනා.. සොක්ජින්ගේ රෝස පාට හන්බොක් එක හන්සොන්ග්ගේ ලේ නිසා රතුම රතු පාට වෙලා.. සොක්ජින්ට හන්සොන්ග්ගේ හුස්ම දැනෙන්නේ නැති නිසා එයා හන්සොන්ග් දිහා බැලුවේ ඇස්වල කදුලු පුරෝගෙන..
"අන්ද්වේ.. අන්ද්වේ.."
සොක්ජින් හයියෙන් කෑගැහුවා.. ඒත් හන්සොන්ග්ට ඒක ඇහුනේ නෑ.. එයා හිටියේ ලොකූ නින්දක..
- දින දෙකකට පසු -
"පාක් ජිමින්.. ඔහුගේ සියලුම දේපල හා වස්තුව රාජසන්තක කරන අතර රටෙන් පිටුවහල් කරනවා.."
අග්‍රාමාත්‍ය කිම් කියලා තමන් ඉදිරියේ ඉන්න ජිමින් දිහා බැලුවේ බර සුසුමක් හෙලන ගමන්..
මේ අතර සොක්ජින්ගේ කදුලු තවමත් නතර වෙලා නෑ.. ඔහු වෙනදාට හන්සොන්ග් හමුවෙන චෙරිමල් ගහ යට ඉදගෙන බැහැගෙන යන හිරු දෙස බැලුවා.. ටික ටික වසන්තය නිමා වෙනවා.. ඉස්සර වගේ චෙරි මල් ගහේ මල් නෑ.. කොලත් වේලීලා ගිහින්..
"හන්සොන්ග්ආ පොගොෂිප්පායෝ.."
සොක්ජින් එයාගේ දනහිස් අතර ඔලුව තියාගෙන රහසින්ම කදුලු හැලුවා.. ඒ එක්කම දැනුනේ උණුසුම් අත් දෙකක් සොක්ජින්ගේ බද වටේ එතෙනවා.. ඒ කෙනා හෙමින් සොක්ජින්ගේ පිට උඩ මූණ තියාගත්තා.. ටිකක් වෙලා එහෙම ඉදලා ඔහු හෙමින් සොක්ජින්ගේ බෙල්ලට තමන්ගේ තොල් දෙක තිබ්බා..
"හ්‍යොන්ග්.."
සොක්ජින්ට අදහගන්න බැරි උනා.. ඒ කටහඩ හන්සොන්ග්ගේ.. ඔව් ඒ උනුසුම ඒ ස්පර්ශය එයාගේ.. එදා සටනින් හන්සොන්ග්ට තුවාල උනත් එයාව බේරගන්න වෛද්‍යවරුන් සමත් උනා.. ඒත් දින කීපයක් ගියත් හන්සොන්ග් ඇස් ඇරියේ නෑ..
"හන්සොන්ග්.. මගේ පැටියා.."
සොක්ජින් ඉක්මනට නැගිටල හන්සොන්ග්ව එයාගේ තුරුලට ගත්තා.. හන්සොන්ග් තාම දුර්වලයි ඒත් එයා හොදින්.. සතුට වැඩිකමටම සොක්ජින් හයියෙන් ඇඩුවා..
"හ්‍යොන්ග් මට සමාවෙන්න.. ආයේ කවදාවත් මං හ්‍යොන්ග්ව අඩවන්නේ නෑ.. මට සමාවෙන්න.."
හන්සොන්ග් ඇස්වල කදුලු පුරෝගෙන සොක්ජින්ගේ පපුවේ මූණ හංගන ගමන් කීවා..
- පිටුවහල් දූපතේ -
ජිමින් රාත්‍රි අහස දිහා බලාගෙන කල්පනා කලේ එදා රෑ ජන්ග්කුක් කියපු දේ.. එයා තමා ජිමින්ගේ තාත්තා මැරුවේ.. මින් කුමාරයා නෙමෙයි.. ජිමින්ගේ ඇස් බොද උනේ එයා මින් කුමාරයාට කියපු කරපු දේවල් මතක් වෙලා..
"කුමරුනී මට සමාවෙන්න.."
ජිමින් හෙමින් කීවා..
"සමාව දෙනවා එක කොන්දේසියක් උඩ.."
එක පාරටම ඇහුන කටහඩට ජිමින් ගැස්සිලා නැගිටලා පිටි පස්ස බැලුවා.. හැමදාමත් කලු පාට සේද හන්බොක් එකත් කලු පාට තොප්පියත් දාගෙන බලාගෙන හිටියේ මින් කුමාරයා..
"කුමරුනී.."
ජිමින් ඉක්මනට දණ ගැහුවා.. කුමාරයා හෙමින් ලගට ඇවිත් ජිමින්ගේ දෙවුරෙන් අල්ලලා නැගිට්ටුවා.. ඒත් ජිමින් තාම බිම් බලාගෙන.. හෙමින් නිකටෙන් අල්ලලා තමන් දිහාට හරවගත්ත ජිමින්ගේ මූණ අඩලාම රතු වෙලා ඇස් ඉදිමිලා..
"ජිමිනා.. තාමත් මට ආදරෙයි ද??"
මින් කුමරයාගේ ප්‍රශ්නයට ජිමින් කෙලින්ම බැලුවේ කුමාරයාගේ ඇස් දිහා.. ඔහුගේ තුවාල කැලල නිසා ඒ ඇස් හැමවෙලාවෙම පෙනුනේ නපුරු පාටට.. ඒත් දැන් ඒවා අහිංසක පුස් පැටියෙක් ගේ වගේ..
"කුමරුනී.. මට සමාවෙන්න.. මට ජන්ග්කුක් හැමදේම කීවා.."
ජිමින් කියන ගමන් ආයෙත් අඩන්න පටන් ගත්තා..
"මං තාමත් ඔබට ආදරෙයි.."
ජිමින් කියනකොට මින් කුමාරයාගේ මූණ හදට වඩා එලිය වැටුනා.. හොරෙන් වටපිට බැලුව ඔහු ඉක්මනට ජිමින්ගේ තොල් දෙක එයාගේ දෙතොල් අතර හිර කරගත්තා...
"මාත් ආදරෙයි.. තව ටික කාලයක් ඉවසන්න මං ඔබට නැවත අගනුවරට ගෙන්වා ගන්නම්.."
මින්කුමාරයා ජිමින්ව තුරුල් කරගන්න ගමන් කිවා.. කාලෙකට පස්සේ ලැබෙන මේ ආදරේට ජිමින් ලෝබ උනා..
- වසරකට පසු -
සොක්ජින් හන්සොන්ග් නම්ජුන් හෝසොක් ලීයොන්ග් කුමරුගේ මාලිගයේ අමුත්තන්ගේ ශාලාවේ මින් කුමරු සමග ඉදගෙන හිටියා..
"උත්සවය පටන් ගන්නයි ලෑස්ති උතුමානනී.."
සේවකයෙක් කියනකොට කට්ටියම ගිහින් තමන්ට හිමි ආසනවල අසුන් ගත්තා..
මේ ලීයොන්ග් යුවරජුගේ විවාහය වගේම ඔටුනු පැලදීමේ උත්සවය..
"වාහ්හ්හ්හ්.. ඔහු ඉතා කඩවසම්.."
හන්සොන්ග් ලීයොන්ග් දිහා බලන ගමන් කියනකොට සොක්ජින්ට දැනුනේ ලොකු ඊර්ෂ්‍යාවක්..
"යා... මං මෙතන ඉන්නේ.."
"ඔහ්හ්.. හ්‍යොන්ග්..."
ඊට පස්සේ ආවේ ලීයොන්ග් කුමරුගේ බිසව..
"රාඔන්??"
නම්ජුන්ගේ ඇස් ලොකු උනා..
"වේ එයාව දන්නවද??"
සොක්ජින් ඇහුවා.
"නේ.. ඒත් ඇය ගැහැණු ලමයෙක් කියලා මං දැනන් හිටියේ නෑ..."
නම්ජුන් කියන විකාර තේරුම් ගන්න බැරිව අනිත් තුන්දෙනාම නම්ජුන් දිහා අමුතු විදියට බැලුවා..
"අනී.. අමතක කරන්න.."
"හ්‍යොන්ග් මං හිතන්නේ ඔයා අව්වේ හිටියා වැඩි.."
හන්සොන්ග් කියලා හිනා වෙලා ඉස්සරහ බලාගත්තා..
"හ්‍යොන්ග් මං දන්නවා ඔයා හිතන දේ.. මං ඒ ගැන පස්සේ කියන්නම්.. උත්සවෙන් පස්සේ යමු එලියට.."
ජන්ග්කුක් හිනාවෙන ගමන් කීවා..
- නිමි -
ඔන්න මගේ පලවෙනි BL කතාව ඉවරයි.. ඉතින් කොහොමද ඒක?? සමාවෙන්න එක දිගට දෙන්න බැරි උනාට.. කියවපු ඔයාලට ගොඩක් ස්‍තූතී..