Dream Lovers 💫[ Completed ]

Par euphoria0704

68.7K 10.1K 877

Time Passed. but your memory is life itself 🥀 Start - 2020 May 26 ✨ End - 2020 October 25 ✨ Plus

Introducing the Characters
part 1
Part 2
Part 3
Part 4
Part 5
Part 6
Part 7
Part 8
Part 9
Part 10
Part 11
Part 12
Part 13
Part 14
Part 15
Part 16
Part 17
Part 18
Part 19
Part 21
Part 22
Part 23
Part 24
Part 25 ( Final part )

Part 20

2.1K 345 27
Par euphoria0704

Eun ha pov

මගේ ජිවිතේ මට හැමදාම තිබ්බේ අහිමිවීම් විතරයි. මුලින්ම මට පොඩිකාලේදිම තාත්තාගේ ආදරේ නැති වුනා. තාත්තා අපිව දලා ගියේ අපි පොඩි කාලේදිමයි. එයා වෙන කසාදයක් කරගත්තේ අම්මාවයි මල්ලීවයි මාවයි තඹේ සතේකට ගණන් නොගෙන..... එදා ඉදන් අම්මා අපිව උස් මහත් කරන්න ගත්ත මහන්සිය වින්ද දුක මම හොදට දැක්කා. ඒ නිසා මම පුංචි කාලේ ඉදලාම මිනිස්සු විශ්වාස කරද්දී පරිස්සම් වුනා. මගේ අම්මාට වෙච්ච දේ මට කරගන්න ඕනේ වුනේ නෑ. එහෙම වුනානම් මම අම්මා තරම් ඉවසන එකකුත් නෑ. ඒ නිසායි මම කිසිම පිරිමියෙක් එක්ක කිසිම සම්බන්ධයක් පැවැත්තුවේ නැත්තේ.....

මේ ලෝකේ මම විශ්වාස කරපු එකම කෙනා වුනේ ජන්ග්ගුක්ශි විතරයි. එයාව දැක්ක දවසේ ඉදන් හිතේ ඇතිවෙච්ච මොකක්දෝ කියා ගන්න බැරි හැගීමක් නිසා මට එයා ගැන අවිශ්වාසයක් තිබ්බේ ම නෑ. එයාව දැන ගත්ත දවසේ ඉදන් මගේ දුක නිවා ගන්න එයා මට ලොකු උදව්වක් වුනා. කිසිම තනිකමක් පාළුවක් දැනුනේ ම නෑ. එයා මං ගාව නැති වුනත් මගේ හිත එයාගෙන් පිරිලයි තිබ්බේ..... කොහොම හරි මොකක්දෝ වාසනාවකට මට එයාව හම්බ වුනත් මගේ කර ගන්න මට පිනක් තිබිලා නෑ 😔 ඒ අත අල්ලන් හැමදාම මේ වගේ යන්න ආස වුනත් මට ඒක අදින් පස්සේ කරන්න වෙන්නේ නෑ. එයාගේ අනාගතේ වෙනුවෙන් මට එයාව අත අරින්න වෙලා......

මගේ අත අල්ලගෙන පාරේ දිගටම ඔහේ ඇවිද ගෙන යන ජන්ග්ගුක්ශිගේ මුණ දිහා බැලුවේ පුදුම ලෝභ කමකින්. ඒ ඇස් සතුටින් දිලිසෙනවා. ඒ සතුටේ හිමිකාරි මම කියලා දැනෙද්දි හිතට කියා ගන්න බැරි මහ ලොකු සතුටක් ආවාත් එක ක්ෂණයකින් එක නැති වෙලා ගියේ ඊලගට වෙන දේ නිසා ඒ ඇස් කදුළින් පිරෙයි කියලා හිතුන බයට 💔

අපි දෙන්නා children park එකට ගියේ ටිකක් දගලලා කරලා පොඩි සතුටක් ගන්න හිතාගෙන..... ඒත් කොහෙන්ද මන්දා පාත් වෙච්ච පණ්ඩිත අවුරුදු 4ක 5ක කෙල්ලෙක් ඇවිත් ඔප්පා කියාගෙන ජන්ග්ගුක්ශිගේ ඇගේ එල්ලිච්ච නිසා ඔක්කොම ප්ලෑන් චක බ්ලාස් වුනා. ඇත්තටම පුදුම පණ්ඩිත කෙල්ලෙක් 😒 ඔප්පා ඔප්පා ගගා ජන්ග්ගුක්ශිගේ කරේ. ජන්ග්ගුක්ශිටත් මම උන්නද කියලා ගාණක් නෑ. ඒ නැට්ටිච්චි පස්සෙන් යනවා.....

ඒත් එකපාරටම අපේ පිටිපස්සෙන් කතා කරපු ගෑනු කෙනෙක් ලගට ඒ චුටි කෙල්ල ඔම්මා කියාගෙන දිව්වා.

" dei ji යා ඔයා කොහේද ලමයෝ ගියේ මම හැම තැනම හෙව්වා 😰 ඇයි ඔහොම මුරන්ඩු වැඩ කරන්නේ..... "

ඒ ගෑනු කෙනා චුටි කෙල්ලගේ මූණ අල්ලගෙන ඇස් වල කදුළු පුරෝගෙනන කිව්වා. Dei ji තමයි එහෙනම් මේ චුටි කෙල්ලගේ නම 😍 ලස්සන නමක්. Dei ji කියන්නේ ඩේසි මලට නේ. අනේ මගේ ඔම්ලට් මල 🌸 එතකොට මේ ඔම්ලට් මල් කෙල්ලෙක් 🤭 ඇත්ත මේ කෙල්ල ඩේසි මලක් වගේ ලස්සනයි😍 ඒත් ඒ ලස්සන ඇතුලේ හැංගිච්ච දුක්බර කතාවක් ඇති කියලා හිතුනේ roller coaster එකේදි එයා දාගෙන හිටපු ලස්සන පුංචි තොප්පිය ගැලවිලා ගිය වෙලාවේ.
ඒ වෙලාවේ ඉදන් එයා හරිම දුකින් හිටියේ..... වැඩි කතා බහකුත් නෑ. මූණ එල්ලගෙන හිටියේ.....

" ඔම්මා මට Jk ඔප්පා වගේ ඔප්පා කෙනෙක් හම්බ වුනා. අර ඉන්නේ බලන්නකෝ ඔයාත් රැවටෙයි එයාව දැක්කාම...... Jk ඔප්පා airport යන්නෙත් ඔහොම නේද ඔම්මා ???? "

බෑනේ කරන්න.... ආයේ ඔප්පාලු 😕 dei ji ගේ අම්මා අපි දිහා බලලා හිනා වුනා. ඊටපස්සේ එයා dei ji යාවත් එක්කගෙන අපි ලගට ආවා.

" මියානේ.... ඔයාලට කරදරයක් වුනානම් මෙයා නිසා. මේ ළමයාව මම හැමතැනම හෙව්වා "

" ආහ්හ් එකට කමක් නෑ අජුස්සී. අපි හොදට විනෝද වුනා නේද dei ji යා "

ජන්ග්ගුක්ශි dei ji ගේ ඔළුව අතගාන ගමන් ඇහුවා. ඒත් dei ji ගේ මූණ හරි නෑ. එයා ඉස්සර වෙලා ගිහින් අපිට පොඩ්ඩක් එහාට වෙන්න හිටපු පොඩි ළමයි එක්ක සෙල්ලම් කරන්න ගියා.

" මෙච්චර වෙලා හරිම සතුටින් හිටියා. ඇයි දන්නේ නෑ දැන් දුකින් ඉන්නේ ??? "

ජන්ග්ගුක්ශි dei ji යන දිහා බලාගෙන කිව්වා.

" dei ji කිව්වා හරියට ම හරි. ඔයා ජන්ග්ගුක්ශි වගේමයි "

හපොයි ඉවරයි 🤦‍♀️ අපි අහුවෙයිද ???

" dei ji යා පොඩි කාලේදිම එයාට පිලිකාවක් හැදිලා තිබ්බා. ඒත් ඒකේ රෝග ලක්ෂණ මතුවෙන්න ගත්තේ එයා දවසින් දවස ලොකු වෙද්දී..... "

අනේ දෙයියනේ මට මොනවද මේ ඇහෙන්නේ😣

" Doctors ලානම් කියන්නේ එයා දවසින් දවස මරණයට යනවා කියලයි. අපි ගොඩක් උත්සාහ කලා එයාව බේර ගන්න. ඒත් දැන් එයාට බෙහෙත්වත් වැඩ කරන්නේ නෑ. ඒ නිසා දැන් doctors ලා එයාට බෙහෙත් කරන එකත් නැවැත්තුවා..... එයාලා කියන්නේ මේයාව පුළුවන් තරම් සතුටින් තියන්න කියලා..... දවසක් එයා මගේ phone එක එයාගේ අතේ තිබ්බ වේලාවක BTS Jungkook ගේ Euphoria Play වුනා.

" Take my hands now
You are the cause of my euphoria "

ඒ වචන ටික ඇහැද්දි ඒ චුටි ඇස් කදුළු වලින් පිරිලා දිලිසෙන්න ගත්තා. එදා ඉදන් BTS ලට ජන්ග්ගුක්ශිට එයා හරිම ආදරෙයි. එයාට ජිවත් වෙන ටික කාලේට අලුත් බලාපොරොත්තුවක් ලැබුනා වගේ එයා හරි සතුටින් ඉන්න ගත්තා. ඒ චුටි වයසට BTS ලාගේ සින්දුවක් එයා කොහොම තේරුම් ගත්තාද කියලා මට අදටත් පුදුමයි. එයා හැමවේලාවේම ජිවත් වුනේ ජන්ග්ගුක්ශි ගැන හිතේ තිබ්බ ලොකු සෙනෙහසකින්..... ඇත්තටම එයාලා නම් මේ ලෝකේ ලස්සන කරන්න දෙවියෝ එවපු දේවදූතයෝ හත් දෙනෙක් 🥺💜

මම ගොඩක් සතුටු වුනා dei ji යාව හම්බ වෙච්ච දවසේ මලක් වගේ ලස්සන චුටි දූවෙක් මට හම්බ වෙච්ච එක ගැන. නමේ තේරුම වගේම එයා අපිට ගොඩක් දේවල් දුන්නා. ඒත් අපිට එයාව නැති කලා 😔 "

Dei ji ගේ ඔම්මා ඇස් වල කදුළු පිහද ගන්න ගමන් කිව්වා. මට ඉබේටම ජන්ග්ගුක්ශි දිහා බැලුනා. ඒ ඇස් කදුළු හංගන්න ලොකු උත්සාහයක් ගන්නවා. එයා නිසා තව කෙනෙක් සතුටින් ජිවත් වෙනවා කියලා දැන ගත්තාම ඒ හිත සතුටින් පිරිලා යන්න ඇති.... ඒත් ඒ කදුළු dei ji යාගේ නපුරු ඉරණම දැන ගත්ත නිසා වෙන්න ඇති.... 🥺

" dei ji යා අපි දැන් යමු. අදට ඔය ඇති නේ.... එන්න මෙහේ "

ඔම්මා කතා කලත් dei ji යා ආවේ නෑ. ජන්ග්ගුක්ශි dei ji ගාවට ගිහින් ඒ චුටි කෙල්ලව එයාගේ පැත්තට පැත්ත හරව ගත්තා.

" dei ji යා ක්වෙන්චනා???? "

" ඔයාට අපේ අම්මා කියන්න ඇති නේද??? ඒකනේ ඔයා ඔහොම අහන්නේ??? මට අනුකම්පා කරන්න එපා. මම ලබන ආත්මේදි මීට වඩා හොද ජිවිතයක් ප්‍රාර්ථනා කරනවා..... "

මගේ ඇස් වලටත් කදුළු ඉනුවේ ඒ චුටි කටෙන් කියන දුක හිතෙන කතා ඇහිලා. ජන්ග්ගුක්ශි dei ji යා ඉස්සරහින් ඉදගෙන dei ji යාගේ අත් දෙක අල්ල ගත්තා.

" dei ji යා ජන්ග්ගුක්ශි ඔයා ගැන දැන ගත්තා දවසට එයා ගොඩක් සතුටු වෙයි ඔයා වගේ ලස්සන චුටි ආමි කෙනෙක් ඉන්න එක ගැන. ඒ නිසා සතුටින් ජිවත් වෙන්න හැමතිස්සේම. එයා ඇත්තටම දවසක ඔයා ලගට එයි "

ජන්ග්ගුක්ශි කදුළු හංග ගන්න උත්සාහ කරන ගමන් කිව්වා. Dei ji එයාගේ ඔම්මා එක්ක ගෙදර ගියා. ඒ යන්න කලින් ජන්ග්ගුක්ශි එයාගේ නම්බර් එක dei ji ගේ අම්මාට දුන්නේ වුවමනාවක් වුනොත් අනිවාර්යයෙන් එයාට කතා කරන්න කියලා. මුලදි dei ji ගේ අම්මා පුදුමෙන් බලන් හිටියාත් පස්සේ හිනා වෙලා ඒක ගත්තා.

Time passed

එකපාරටම වෙච්ච ඒ සිද්ධිය නිසා මං වගේම ජන්ග්ගුක්ශිත් ගොඩක් අවුල් ගිහින් හිටියේ..... එයා ගොඩ වේලාවක් මාත් එක්ක dei ji ගැන කතා කලා.

" eun ha ඇත්තටම dei ji වගේ තව කොච්චර අය ඇද්ද???? අනේ මට ඒ හැමෝටම වචනෙකින් හරි උදව්වක් වෙන්න පුළුවන් නම් !!!"

එයාගේ හිතේ කිසිම නපුරකට ඉඩක් නෑ කියලා ආයේ අමුතුවෙන් මට තේරුම් ගන්න වුවමනා වුනේ නෑ. ඔයා මේ ලෝකේට අහිංසක වැඩි ජන්ග්ගුක්ශි 😓 ඔයාගේ හිත මලක් වගේ. පොඩ්ඩ ඇත්තම් රිද්දගන්නවා.

" මේ අහන්න ජන්ග්ගුක්ශි. ඇත්ත ඔය වගේ තව ගොඩක් අය ඉන්නවා. ඒ එයාලාගේ ඉරණම අනුව..... ඔයා දන්නේ නැති වුනාට ඔයාගේ එක හිනාවකට, ඔයාගේ එක ලස්සන සින්දුවකට මේ ලෝකේ ඉන්න දහස්ගණන් දෙනා ජිවත් කරවන්න පුළුවන්. ඔයාව ඒ තරම් වටිනවා මේ ලෝකේට "

ඒ දහස්ගණන් දෙනා නිසා මට ඔයාව පරිත්‍යාග කරන්න වෙලා ජන්ග්ගුක්ශි 😣 මං ඔයාව මගේ විතරක් ම කරගත්තොත් ඔයාට ඔයා නිසා ජිවත් වෙන අය නැති වෙයි ජන්ග්ගුක්ශි 😣 ඔයාට ඔයාවත් නැති වෙයි. මට ඒ දේවල් ඉවස ගන්න බෑ . මියානේ ජන්ග්ගුක්ශි 😔

✨✨✨✨✨✨✨✨✨✨✨✨✨

දන්නේ ම නැතුව හවස් වෙලා. හැන්දෑ අහස තැබිලි පාටට හුරු කහ පාටකට හරවන ගමන් ඉරත් බැහැගෙන යන්න ඔන්න මෙන්න. අද දවස තිස්සේම මට ඕන තැන් වල ගිය නිසා අන්තිමට ජන්ග්ගුක්ශි කැමති තැනකට යන්න ඕන කිව්ව නිසායි අපි බීච් එකට ආවේ....

ඇත්තටම ජන්ග්ගුක්ශි වගේ කෙනෙක්ගේ ආදරේ ලබන ඕන ම කෙල්ලෙක් මාරම වාසනාවන්තයි. එයා අනිත් කෙනාව care කරන විදිහට ඕනම කෙනෙක්ට ඒ ආදරේට ලෝභ හිතෙනවා. ඒත් මම කොච්චර අවාසනාවන්තද කියලා කියන්න වචන නෑ 😣 ඒ ලැබෙන ආදරේ රැකගන්න මට පින නෑ......

" ව්ව්හා ......  "

කල්පනා ලෝකේක අතරමං වෙලා හිටපු මාව ඇදගෙන ජන්ග්ගුක්ශි ගියේ වෙරල පැත්තට. අපිව පිලිගන්න වගේ අපේ දිහාවට එන ගමන් හිටපු මුහුදු රැල්ල අපිව තෙතබරිත කරලා ලොකු පිළිගැනීමක් කලා.

" යා මාව හොදට ම තෙමුනා. ඔහේ මාව ඇදගෙන ආවේ මෙහෙම  තෙමලා දාන්නද??? "

මුහුදු රැල්ලට තෙමිච්ච ඇදුම් දිහා බලාගෙන මං කෑ ගැහුවා. ඔන්න මොකක් හරි කියන්න කට හදනවා.

" ඔව් ඉතිං නාන්නේත් නෑනේ. එහෙම එකේ මෙහෙමවත් නා ගන්නවා....... "

Bunny හිනාවත් දාගෙන කියන ලස්සන. දෙන්න හිතෙනවා ඔය බනී දත් දෙකට බඩට ගිහින් රවුමක් ගහලා එන්න.

" යා ඔහේ කොහොමද දන්නේ මගේ නෑම ගැන. මම හැමදාම නානවා හුම් 😒 "

එහෙම කියලා මං යන්න හදද්දි මං ලගට ආපු ජන්ග්ගුක්ශි මගේ පිටිපස්සෙන් ඉන වටෙන් අත දලා එයා ලගට මාව ඇදලා ගත්තා.

" නෑවේ නැතත් කමක් නෑ මම නාවලා ගන්නම් "

මගේ කනට කරලා හිමීට කිව්ව එයා සෙල්ලක්කාර විදිහට හිනා වුනා. Errrrr කියන කතා 🙈 ලැජ්ජාවට මගේ මූණ රතු වෙලා රස්නෙකුත් දැනෙන්න ගත්තා.

" යා බුල්ඩෝසරේ..... ඕන්නැති කතා කියන්න එන්න එපා "

" මොකද ඔය මූණ රතු වෙලා. නොකිව්වට ඔයත් ආසයි නේ "

" මොකටද ???? 😒 "

" මාත් එක්ක නාන්න "

" යා...... මෝඩයා "

මම පිටිපස්ස හැරිලා එයාට දෙකක් දෙන්න හැදුවත් එයා මාව වඩාගෙන  ඉස්සරහට ගියේ වතුරට මාව විසි කරන්න වගේ.

" යා..... එපා..... අනේ එපා ....... යා "

සෑහෙන වේලාවක් අපි දෙන්නා පොඩි ලමයි දෙන්නෙක් වගේ රැල්ලට වෙලා දගල දගල හිටියා. කොටින්ම කිව්වොත් වැලි මාලිගාවකුත් හැදුවා.

" මං මේ වගේ නිදහසෙන් ඉන්නේ සෑහෙන කාලේකින් eun ha. කුමාවෝ ඔයාට අද දවසට "

වෙරලට ඇවිත් මං ගාවින් ඉද ගත්ත ජන්ග්ගුක්ශි කිව්වා. ඇත්තටම ඒ ඇස්වල සතුට පිරිලා.

" ඔයා සතුටින් නම් එච්චරයි "

මම කිව්වේ ඒ දිලිසෙන ඇස් දිහා බලාගෙන.....

එකපාරටම එයා මගේ තොල් එයාගේ තොල් වලින් සිප ගත්තේ මාව ඒ ක්ෂණිකව ලැබුනු හාදුවෙන් පුදුම කරන ගමන්....

" එක ම එක පාරක් ඒක කියන්න්කෝ "

මගේ දෙතොල් වලින් ඈත් වෙන ගමන් මගේ ඇස් වලට එබීලා එයා කිව්වා.

" මොකක්ද??? "

ඒ ඇස් වලින් අහන දේ හොද හැටි දැනගෙනයි මම එහෙම ඇහුවේ. හැමදේම දැනගෙන නොදන්නවා වගේ ඉන්න එක කෙල්ලන්ගේ හැටි නේ.....

" මට ආදරෙයි කියලා "

මං දිහා බලාගෙන හිටපු ඒ ඇස් දෙක මගෙන් එයාටම විතරක් අයිති දෙයක් ඉල්ලනවා. ඉතිං නොදි කොහොමද????

මං දිහා බලාගෙන හිටපු ඒ මූණ අල්ලගෙන මම ඒ තොල් වලට බර වුනේ හිතේ කියාගන්න බැරුව මෙච්චර දවසක් තෙරපි තෙරපි තිබ්බ මුළු ආදරේම ඒ හාදුව එක්ක මුසු කරන ගමන්.......

" සරංහේ ජන්ග්ගුක්ශි ❤️"

ඒ මුදු තොල් වලින් ඈත් වුනු මම හා පැටියෙක් වගේ අහිංසක ඒ ඇස් දෙක දිහා බලාගෙන කිව්වා......

Jk pov

දෛවය කියන එක හරි පුදුම දෙයක්...... කෙනෙක්ට හොද දේවල් දේද්දී තව කෙනෙක්ට තියෙන හැමදේම නැති කරනවා...... Dei ji ව හම්බ වුණු වේලේ ඉදන් මගේ හිත අහිංසක සතුටකින් පිරිලායි තිබ්බේ..... මට ආදරේ කරන දහස්දෙනා අතරින් මට  අහම්බෙන් හරි ඒ චුටි කෙල්ලව හම්බ වෙච්ච එකෙන් මම දැන ගත්තා මට ආදරේ කරන අයගේ වයස් සීමාවක් නෑ කියලා..... ඒ කොහොම වුනත් ඒ චුටි දගමල්ලගේ ඇත්ත ජිවිතේ එහෙම්පිටින් ම දුකක්. බෙහෙත් වලින් ජිවත් වෙන්න පුළුවන් උපරිමත් එයා ජිවත් වෙලා ඉවරයි 😣 ඒ චුටි හිතේ මොනවා ඇද්ද???? කොච්චර ආශාවන් ඇද්ද????

Eun ha කිව්වා වගේ මගේ සින්දුවකින් හරි දුකින් ඉන්න අයට පිහිටක් වෙන්න පුළුවන් වෙච්ච එකම කොයිතරම් දෙයක්ද? අපි අපේ ගමන යන්න පටන් ගන්නකොට ඇත්තටම මෙහෙම ආදරයක් අපිට ලැබෙයි කියලා අපි හිතුවේ නෑ ..... ඒත් අද අපිට දෙවියෝ දුන්න තෑග්ගක් වගේ අපිට ආදරේ කරන පිරිසක් අපේ පස්සෙන් ඉන්නවා 💜

අද දවසම මම හිටියේ කියා ගන්න බැරි තරම් සතුටකින්. මිනිස්සුන්ට ආදරේ දැනෙද්දී ඒ ජිවිත බලන් ඉද්දී ලස්සන වෙනවා කියලා මං අහලා තිබ්බාට අද තමයි ඒක හරියට තේරුනේ. Eun ha ලේසියෙන් ආදරේ පෙන්නන කෙනෙක් නෙමෙයි..... ඒත් එයාගේ සමහර වැඩ වලින් එයාගේ හිතේ මං ගැන තියෙන හැගීම හරි ලස්සනට විස්තර වුනා. මට හැමදාම ඒ ආදරේ විදින්න ඕනේ.... කිසි ම වෙනසක් නැතුව ❤️

හවස ඉර බැහැගෙන යන ලස්සන බලන්න මැරෙන්න කලින් එකපාරක් හරි බීච් එකට එන්න ඕනේ කියලා මම හිතාගෙන හිටියේ. මොකද හැමදාම patrice room එක අස්සේ ඉන්න මට කවදාවත් හවසට ඉර බැහැගෙන යන ලස්සන බලන්න ලැබිලා තිබුනේ නෑ. Eun ha නිසා අද ඒ දේත් මම දැක ගත්තා.

බීච් එක දැක්ක ගමන් ආපු සතුටට මම eun ha වත් ඇදගෙන රැල්ල එන පැත්තට දිව්වා..... එකපාරටම ආපු රැල්ලේ සැර වැඩිකමට අපිව හොදට ම තෙමුනා. මට ඉක්මනට eun ha දිහා බැලුනේ ඉබේටමයි. එයාව නැවිලා ගිහින්..... දැන්නම් වසලා හමාරයි.

" යා මාව හොදට ම තෙමුනා. ඔහේ මාව ඇදගෙන ආවේ මෙහෙම  තෙමලා දාන්නද??? "

අම්මේ ලස්සන. තෙමිච්ච කිකිලීයෙක් වගේ 🤭 තවත් ආදරේ හිතෙනවා..... 😍

කළුවර වැටීගෙන එනකන් අපි වෙරලට වෙලා එක එක දේවල් කලා. කළුවර වැටී ගෙන ආපු නිසා වැඩි සෙනගක් හිටියේ නෑ බීච් එකේ. ඒ නිසා මම දාගෙන හිටපු මාස්ක් එකයි කැප් එකයි ගලවලා පැත්තකට දලා වෙරලට ඇවිත් eun ha එක්ක ඉද ගත්තා.

නිදහස කියන මට උරැම නැති දේ eun ha නිසා ටිකක් හරි මට අද විදගන්න පුළුවන් වුනා. ඒ වගේ ම දවසින් දවස මගේ හිතේ eun ha ට තියෙන තැන එන්න එන්නම වැඩි වුනා. මෙච්චරයි කියලා කියා ගන්න බැරි ආදරයක් හිත ඇතුලේ තෙරපෙද්දී ඉවසන් ඉන්නේ කොහොමද කියලා මම දන්නේ නෑ. දැනගත්තාත් මට ඒ ආදරේ හිර කරන් ඉන්න ඕනේ වුනේ නෑ. ඒ නිසා මම දෙපාරක් නොහිතා ඒ රෝස පාට දෙතොල් සිප ගත්තා.

හදිස්සියේ මගෙන් ලැබුනු kiss එක නිසා මං දිහා පුදුමෙන් බලන් ඉදපු එයාගේ මූණ රතු වුනා. තවත් මගේ හිතේ ඒ ප්‍රශ්නේ හිර කරගෙන ඉන්න මට බෑ. එයාගෙන් දැනෙන ආදරේ මට එයාගෙන් ම අහලා දැන ගන්න ඕනේ වුනා.

" එක ම එක පාරක් ඒක කියන්න්කෝ "

ඇස් දෙකත් ලොකු කරගෙන මං දිහා බලන ගමන් එයා " මොකක්ද " කියලා ඇහුවා.

" මට ආදරෙයි කියලා "

මං දිහා බලලා ඇස් දෙක පුංචි කරගෙන මගේ කම්මුල් දෙක අල්ලගෙන එයාගේ චුටි දෙතොල් වලින් මගේ දෙතොල් සිප ගත්තේ මාව පුදුම කරවන ගමන් 😍

" සරංහේ ජන්ග්ගුක්ශි ❤️ "

ඒ ඇහුනු වචන දෙකෙන් මගේ කන් දෙක වගේම මුළු හිතම පිරිලා ගියා වගේ මට දැනුනේ..... මම කොච්චර කාලයක් මේ දේ වෙනුවෙන් පේරුම් පිරුවද දෙයියනේ...... මම ආයෙත් එයාව මගේ දෙතොල් අතර හිර කර ගත්තේ මගේ හිතට දැනිච්ච අකීකරු සතුට නිසයි.

දිගු හාදුවකට පස්සේ ඒ ඇස් දෙක දිහා බලාගෙන මම ඉල්ලුවේ එකම එක දෙයයි.

" කවදාවත් මගෙන් ඈතට යන්න එපා "

කදුළු පිරුණු ඇස් වලින් මං දිහා බලාගෙන එයා කල්පනා ලෝකේක අතරමං වෙලා වගෙයි මට දැනුනේ.....

✨✨✨✨✨✨✨✨✨✨✨✨✨

දවස තිස්සේම ඇවිදලා ඇවිදලා මහන්සියෙන් හිටපු නිසා මම eun ha ගේ උකුලෙන් ඔළුව තියා ගත්තා.

" මේ මොකද???? "

ශිට් කිසිම රොමැන්ටික් ගතියක් නෑ මෙයාගේ. ඒ වුනාට කොල්ලාව පුදුම වෙන විදිහට කිස් කරන්නම් දන්නවා හොදට 😒❤️

" මට මහන්සියි "

කියලා මම හොදට හරි බරි ගැහිලා එයාගේ උකුලෙන් ඔළුව තියා ගත්තා. ටික වේලාවකින් එයාගේ චුටි ඇගිලි මගේ කෙස් අතරින් එහාට මෙහාට ගියේ රටාවකට. ඒ තුරුලෙන් මට දැනුනේ පුදුම සැනසීමක්...... ජිවිතේ පුරාවටම හිත නිවන සැනසීමක්...... ❤️

මහන්සි වැඩිකමට ම මට හොදට ම නින්ද ගියා. නැගිටලා බලද්දි හොදට ම කළුවරත් වැටිලා...... ඒත් කෝ මේ eun ha. මම වටපිට බැලුවේ කලබලෙන් වගේ. එයා පෙන්න හිටියේ නෑ.

" eun ha "

මම කෑගහ කෑගහ එයාට කතා කලත් එයාගෙන් කිසි උත්තරයක් හම්බ වුනේ නෑ. මේ කෙල්ල කොහේ ගියාද?????

එකපාරටම මගේ ඇස් ගියේ අපි හිටපු තැන මගේ සපත්තු දෙකයි මාස්ක් එකයි කැප් එකයි තිබ්බ තැන තිබ්බ කොල කෑල්ලකට. මේ මොකක්ද????

ඒ කොල කෑල්ල අරං කියවන්න ගත්ත මාව වේව්ලන්න පටන් ගත්තා. ඒ කොලේට මගේ ඇස් වලින් කදුළු කඩන් වැටුනේ මටත් නොදැනීමයි.

" ඇයි දෙයියනේ මට මෙහෙම කරන්නේ. චෙබල්...... Eun ha ඉන්න තැනකින් එන්න. මට බෑ මෙහෙම දුකක් දරා ගන්න 💔 "

ඒ චුටි කොල කෑල්ලත් පපුවට තියාගෙන නිහඩ මුළු වෙරලම මගේ අදෝනාවෙන් පිරිලා ගියා......

.
.
.
.
.
.
මතුසම්බන්ධයි 💜

කොහොමද ලමයි 🤗 කතාව දාන්න පරක්කු වුනාට සමාවෙන්න 😔 පුළුවන් හැම වේලාවේම කතාව දෙන්න තමයි මම try කරන්නේ..... මරණ තර්ජනත් එනවා මට මේ කතාව නිසා 🙈💜මාව හොයන් අපේ ගෙදරත් එන්න හදනවා සමහර අය 💜 ආදරෙයි ඉතිං ඔයාලා හැමෝටම 💜 ඔයාලාගේ ආදරේ ගොඩක් වටිනවා මට 💜

සරංහේ 💜 පරිස්සමෙන් ඉන්න හැමෝම 💜

Continuer la Lecture

Vous Aimerez Aussi

2.2K 264 12
"මම දන්න තරමින් කාටවත් කරදර කලේ නෑ දෙයියනේ... ඇයි මට මෙහෙම වුණේ... තාත්තා කෙනෙක් වගේනෙ ඔප්පා ඔයා මාත් එක්ක හිටියෙ.. ඇයි මෙහෙම වෙනස් වුනේ.. ආදරෙ නෑ කි...
2K 398 10
බලාපොරොත්තු නොවුණු විදිහෙ මගේ හැසිරීම හමුවේ ඒ තියුණු ඇස් මොහොතකට ගැස්සෙනවා දැක්කත් මන් ඒ පපුවට තව තවත් තුරුල් වුනේ ලොකේ මට තියෙන ආරක්ශිතම තැන එතන කිය...
2.9K 407 25
BTS sinhala Ff🤩🤩🤩 Request of Cousin😊 Writing for BestFriend💜️😌 💔(Can't update last 3 chapters because of something went wrong.SORRY!!! for rea...
11.1K 296 48
"What a sight for sore eyes." In which a girl is madly in love with her best friend who is in love with another girl. (short chapters) hsmtmts au ri...