Until we will meet again🖤(Co...

By ManeeshaKDMV

59.6K 11.7K 1.4K

Kim taehyung..හැමවෙලේම හිනාවෙලා ඉන්න ගොඩක් ලස්සන,නිතරම කියවන,හුරුබුහුටි දගකාර කොල්ලෙක් Kim Seok jin..කිසිම ව... More

chapter 1
chapter 2
Chapter 3
Chapter 5
Chapter 6
💜️Chapter 7💜️
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
💜️Last chapter💜️
Hello...🤩❤️

chapter 4

1.8K 398 29
By ManeeshaKDMV

" ආයිශ් අදනම් හොදටම පරක්කුයි.."
ඇදේ ඉදන්ම වෙලාව බලපු ටේ දඩිබිඩියේම ඇදෙන් බැහැලා නාන කාමරේට දිව්වා..අදනම් ටිකක් වැඩිපුර නින්ද ගිහින් වගේ..ටේ ඇදුම් අදිද්දි එයාට ජින්ගෙ බයික් 1 පිටත් වෙන සද්දෙ ඇහුනා 
"අපොයි..හ්‍යොනුත් ගියා..මම ගොඩක් පරක්කුයිනෙ..😥"
බාගෙට කොන්ඩෙත් පීරගත්ත ටේ සපත්තු දෙකත් දාගෙන පාරට පැන්නෙ දුවන්න හිතාගෙන..විනාඩි 10ක් වත් ගියෙ නෑ එකපාරටම වහින්න ගත්තා..
"මේ කොහෙන් ආව වැස්සක්ද? ශිට්..මට කුඩේ ගේන්නත් බැරිඋනා.."
ටේ වැස්සෙම දුවන්න කල්පනා කරත් එන්න එන්නම වැස්ස වැඩි කරපු නිසා එයාට පාර අයිනෙ තිබුනු හට් 1ක් ඇතුලට යන්න උනා..වැස්ස නම් දැන්ම නවතින පාටක් නෑ..☔ එන්න එන්නම වැඩි කරා මිසක්..
" අදනම් මට ඉස්කෝලෙ යන්න වෙන්නෙ නෑ..මේක ඉවර වෙන්නෙත් නැති වැස්සක්නෙ.."
ටේ කල්පනා කරේ නොයිවසිල්ලෙන්..කොහොමහරි සෑහෙන වෙලාවකට පස්සෙ වැස්ස පෑව්වා..පුලුවන් ඉක්මනින් දුවගෙන ගිය ටේට යන්තමින් ඉස්කෝලෙ පටන් ගන්න කලින් ඇතුලට පැන ගන්න පුලුවන් උනා..හති දාගෙන දුවන් ආව ටේ  දැකලා ජිමින් ලගට ආවා..
" ටේ මැරතන් එකක් දිව්වද? මම හිතුවෙ අද ටේ එන එකක් නෑ කියලා.."
" නෑ මම වැස්සට අහුවුනානෙ..මාත් හිතුවෙ එන්න බැරිවෙයි කියලා.."
" කෝමහරි ආවානෙ..යන් ඇතුලට..කට්ටිය බලන් ඉන්නවා.."
" යමු.."
ජිමින්ගෙ කරට අතක් දාගත්තු ටේ පන්තියට ගියා..

  ඉස්කෝලෙන් පස්සෙ ජිමින් එක්ක ඇවිදින්න ගිය නිසා ටේ ගෙදර ආවෙ ටිකක් පරක්කු වෙලා..ඒ වෙනකොටත් ජින් හිටියෙ ගෙදර ඇවිල්ලා..ගේ ඇතුලට ආව ටේ ජින්ව විපරම් කරලා බැලුවත් එයා පේන්න හිටියෙ නෑ..එයා කාමරෙ ඇතීයී..කියලා හිතාගෙන ටේ කාමරේට ගිහින් නාගෙන ඇදුම් මාරු කරගෙන ආපහු සාලෙට ඇවිත් බැලුවා..
" අද මොකද හ්‍යොන්ග් පේන්නවත් නැත්තෙ ..? "
   ටේ සාලෙ මැද්දෙ හිටගෙන කල්පනා කරා..ජින් කාමරෙ ඉන්නවද කියලා බලන්න කියලා ටේගෙ හිත කියනවා..ඒත් බැනුම් අහන්න වෙයි කියලා බයත් හිතෙනවා..ටික වෙලාවක් බලන් කරපු ටේ අන්තිමේදි හෙමින් උඩ තට්ටුවට ගියා..ජින්ගෙ කාමරේ ලග  නැවතුනු ටේ හෙමින් ජින්ට කතා කරා
       " හ්‍යොන්ග් "
කිසිම සද්දයක් නෑ..😕 ටේ දෙපාරක් විතර ජින්ට කතා කරා..
    " හ්‍යොන්ග් මේ මම.."
ඒත් ඇතුලෙන් කිසිම සද්දයක් ඇහුනේ නෑ..ඒ පාර ටේ හෙමින් දොරට තට්ටු කරා..ඒත් උත්තරයක් නෑ..
" හ්‍යොන්ග් මම ඇතුලට එන්නද? "
ටේ ටික වෙලාවක් කල්පනා කරලා  හෙමීන් දොර ඇරලා ඇතුල විපරම් කරා..ජින් හිටියෙ ඇදේ..මුලු ඇගම බ්ලැන්කට් 1කින් වහගෙන හිටපු ජින්ට හොදටම නින්ද ගිහින් වගෙයි පෙනුනෙ..
  " මෙයා මොකද මේ වෙලාවෙ පොරවගෙන නිදාගන්නෙ.."
ටේ හෙමින්  දොර වහලා එයාගෙ කාමරේට ගියේ පාඩම් කරන්න හිතාගෙන..ඒත් එයාටත් පොඩි නිදිමතක් දැනුන නිසා ටික වෙලාවක් නිදාගන්න හිතුනා..ඇදට වැටුනු ගමන් ටේට හොදටම නින්ද ගියා..

  සෑහෙන වෙලාවකට පස්සෙ ඈනුම් ඇර ඇර අවදි උන ටේ වෙලාව බැලුවා.
" ඕහ්..ගොඩක් රෑ වෙලානෙ..මට හොදටම නින්ද ගිහින්..ගෙදර වැඩ කරෙත් නෑ.."
නාන කාමරේට ගිහින් මූන හෝදගෙන ආව ටේ ඉක්මනින් පාඩම් වැඩ කරලා ඉවර කරා..පාඩම් වැඩ ඉවර වෙද්දී ටේට දැනුනෙ ලොකු බඩගින්නක්..ඒ නිසා එයා පහලට ආවෙ ජිනුත් පහල ඇතී කියලා හිතාගෙන..ඒත් එයා සාලෙ හිටියෙ නෑ..ටේ කුස්සියටත් ගිහින් බැලුවත් ජින් කොහෙවත් පේන්න හිටියෙ නෑ..
" මෙයා තාමත් නිදිද?? මෙච්චර වෙලා.."
ටේගෙ හිත කිව්වෙම ආපහු ගිහින් ජින්ව බලන්න කියලා..ටිකක් පසුබාමින් උනත් අන්තිමේ ටේ ආපහු ජින්ගෙ කාමරේ ගාවට ගාවා..දෙපාරක් දොරට තට්ටු කරලත් උත්තරයක් නැති නිසා ටේ  හෙමින් දොර ඇරලා ඇතුලට එබුනා..දවල් දැකපු විදියටම ජින් හිටියෙ ඇගම වැහෙන්න පෙරවගෙන නින්දට වැටිලා..
" අම්මෝ..හරිම කම්මැලියෙක්නෙ..මෙච්චර වෙලා නිදාගන්නෙ කොහොමද ? "
ටේ දොර වහන් යන්න හැදුවත් ජින් තාම රෑට කාලා නැති නිසා කන්න අඩගහන්න හිතුවා..
  " හ්‍යොන්ග් නැගිටින්න ..."
ටේ දොර ලගට වෙලා ජින්ට කතා කරා..ඒත් ජින් අවදි උනේ නෑ..ටේ හෙමින් ඇද ලගට ආවා. 
" හ්‍යොන්ග් නැගිටින්න කන්න..."
එකපාරට එයා දැක්කෙ අමුතු දෙයක්..බ්ලැන්කට් 1න් එලියට ඇවිත් තිබුනු ජින්ගෙ අතක් වේගෙන් ගැහෙනවා..🙄
  " හ්‍යොන්ග් ...."
ටේ තිගැස්සිලා ජින් ලගට ආවා..
   " හ්‍යොන්ග් ..ඔයා හොදින්ද? ඔයාගෙ අත..."
ටේ කියන්න ආපු දේ නතර කරගත්තෙ ජින්ගෙ මූන දැකලා..එයාගෙ මූන හොදටම සුදුමැලි වෙලා තිබුනෙ..ටේ ගැහෙන අතින් ජින්ගෙ නළලට අත තියලා බැලුවා..
" දෙවියනේ!!!! හ්‍යොන්ග් ඔයාට හොදටම උණනෙ..ඒ කොහොමද එකපාරට උණ හැදුනේ..??"
ටේට හිතාගන්න බෑ..
" යා....හ්‍යොන්ග් ..ඔයා අද උදේ වැස්සට තෙමුනාද?? අපොයි .." 😥
ටේ ජින් දිහා බලන් හිටියෙ හොදටම බයවෙලා..ජින්ගෙ අත් දෙකම හොදටම ගැහෙනවා.
"ඉන්න හ්‍යොන්ග් ..මම ඉක්මනින් එන්නම්.."
ටේ ඉක්මනින් පහළ තට්ටුවට ගිහින් වතුර බාජනයක් එක්ක රෙදි කෑල්ලක් අරන් උඩට ඉක්මනින් උඩට දුවගෙන ආවා.එයා ඇදෙන් වාඩි වෙලා ජින්ගෙ අත් දෙක රෙදි කෑල්ලෙන් තවන්න හිතාගෙන ජින්ගෙ එක අතක් අල්ලගත්තා..ඒතකොටම ජින් ඇහැරුනා..එයා ගැස්සිලා ටේ දිහා බලන් හිටියෙ නිකන් ටේව අදුරගන්න බෑ වගේ..
   " හ්‍යොන්ග් ඔයාට උණ..මේ..අතත් ගැහෙනවා..මම ඔයාව hospital අරන් යන්නද?? "
ටේගෙ අත ගසලා දාපු ජින් තමන්ගෙ අත් බ්ලැන්කට් එක අස්සෙ හංගගත්තා..
"එපා.!!!.එලියට යන්න.."
ජින් අමාරුවෙන් උනත් සැරෙන් කිව්වා..
" ඒත් හ්‍යොන්ග් ඔයාට හොදටම උණනෙ..."
" යනවා..!!! මට පාඩුවෙ ඉන්න දීලා..".
ටේ සුසුමක් හෙලලා ආපහු කතා කරා.
" යා..හ්‍යොන්ග්.මෙහෙම ඉන්නද ඔයා හදන්නෙ..? හරි hospital යන්න ඕනෙ නෑ..කෝ අත් දෙන්න.මම ටිකක් තෙත මාත්තු කරන්න.."
ටේ බ්ලැන්කට් එක අස්සට අත දාලා ජින්ගෙ අත එලියට ගන්න හැදුවා.ජින් ටේගෙ අත එහාට තල්ලු කරා..
   " මට ඉන්න දෙනවා.!!"
"ආයිශ්..මේ මනුස්සයා නම්.."
තමන්ටම මුමුණගත්ත ටේ ජින් දිහා බැලුවා..
  " යා..හ්‍යොන්ග් ..ඔයා ගෙදර තනියම ඉන්න කාලෙත් මෙහෙමද හිටියෙ.??.ඔයා මෙහෙම ගැහි ගැහි ඉන්නකොට මම කොහොමද පාඩුවේ යන්නෙ..? කෝ..මට පොඩ්ඩකට..අත දෙන්නකෝ......"
ටේ බලෙන්ම ජින්ගෙ අත් බ්ලැන්කට් එකෙන් එලියට අරගෙන තෙත රෙදි කඩෙන් තෙන මාත්තු කරා..ජින්ට ටේට විරුද්ධ වෙන්න තරම් ඇගට පණක් තිබුනෙ නෑ..පොගවපු රෙදි පටියක් ජින්ගෙ නළලින් තියපු ටේ ජින්ට ටික වෙලාවක් අවානෙන් පවන් ගැහුවා..ඒ ගමන් එයාගෙ බැල්ම ගියේ බිත්‍ති ඔරලෝසුව දිහාට..
"ඕ...11.30 යි..ගොඩක් රෑ වෙලානේ.."
ටේ උණ කටුව අරන් ජින්ගෙ උණ බැලුවා..කලින්ට වඩා දැන්නම් ටිකක් උණ බැහැලා වගෙයි..
" හ්‍යොන්ග්..දැන් ඔයාට කොහොමද ??"
ජින් ටික වෙලාවකින් හෙමින් ඇස් ඇරලා බැලුවා.තාමත් එයාගෙ ඇස් නම් හොදටම රතු වෙලා..
  " යන්න..."
" ඒත් හ්‍යොන්ග් ඔයාට හොදද..?? "
" ඔව්..!යන්න.!!!!!!! "
ඒ පාර ජින් කිව්වෙ උස් හඩින්..
" ආ...අරස්සෝ අරස්සෝ ..මම යන්නම්.."
ටේ නැගිටලා දොර වහගෙන එලියට ආවා..
    " පුදුම නපුරෙක් නේ.."😕.
ටේ තමන්ගෙ කාමරේට ගිහින් ඇදට වැටුනත් එයාට පොඩ්ඩක්වත් නින්ද නම් ගියේ නෑ..තිබුන බඩගින්නත් අතුරුදන් වෙලා..එයා සැරෙන් සැරේ නැගිට නැගිට ගියේ ජින් බලන්න.ජින්ගෙ ඔලුවෙ තිබුනු තෙත රෙදි පටිය මාරු කරපු ටේ ඇද උඩින් වාඩිවෙලා ජින් දිහා බලාගෙන කල්පනා කරා..
"හෙට මේක නූනාට කියනවද ?කිව්වොත් එයා කලබල වෙලා ඒ වෙලාවෙම දුවන් එයි..එයාගෙ final exam 1ත් ලගයි..එයාට නොකියා ඉන්න එක තමා හොදම දේ..මම මේක බලාගන්නවා..හ්‍යොන්ග් මට අකමැති උනත් දැන් එයාට ඉන්නෙ මම විතරයි.."
ටේ ටික වෙලාවක් ජින්ගෙ මූන දිහා බලාගෙන හිටියා..ජින්ගෙ තොල් රතු වෙලා..වෙව්ලනවා...ඒ දිහා බලන් හිටපු ටේගෙ හිතට දැනුනෙ ජින් ගැන ලොකු දුකක්..
" මෙයා තනියම අවුරුදු කීයක් නම් මේ විදියට විදවන්න ඇද්ද?? ඇත්තටම එයා ගොඩක් පව්.."
ටේට ඉබේටම ලොකු හුස්මක් පිටවුනා..
එයා අන්තිමේ තමන්ගෙ කාමරේට ගියේ එලිවෙන්න ඔන්න මෙන්න තියෙද්දී...

පැය කීපයක නින්දකින් පස්සෙ ටේ අවදි උනෙත් ජින් ගැන හිතමින්..
" දැන් හ්‍යොන්ග් ට කොහොමද දන්නෑ
ටේ පිම්මට ජින්ගෙ කාමරේ දොර ගාවට ගියා..හෙමීට දොර ඇරගෙන කාමරේ ඇතුලට ආවා.ටේ ජින්ගෙ ඔලුවට අත තියලා බැලුවා 
"ඇති යාන්තන් උණ  නම් ටිකක් බැහැලා...ඇහැරුනාම Painkillers ටිකක් දෙන්න ඕනෙ..මෙයා ඉතින් hospital යන්නත් බෑ කියනවනෙ.."
ජින්ට එතරම් සනීපයක් නැති නිසා අද විතරක් ඉස්කෝලෙ නොයා ඉන්න ටේ තීරණය කරා..ජිමින්ට මැසේජ් 1ක් සෙන්ඩ් කරපු ටේ කබායත් දාගෙන දොර වහගෙන එලියට ගියේ දුර්වල වෙලා ඉන්න ජින්ට හොද සුප් 1ක් හදලා දෙන්න ඕනෙ නිසා මාකට් 1න් බඩු අරගෙන එන්න..
ඕනෙ කරන දේවල් අරගෙන ඉක්මනින් ආපහු ආව ටේ ජින් වෙනුවෙන් සුප් 1ක් හැදුවා..ඒකත් අරන් ටේ ජින්ගෙ කාමරේට යද්දි ජින් හිටියෙ ඇදේ හාන්සි වෙලා ඇස් දෙකත් පියාගෙන..ටේ එන සද්දෙ ඇහුන ගමන් ඇස් ඇරලා ටේ දිහා බලපු ජින් අහක බලාගත්තා..
" හ්‍යොන්ග් ..ඔයා ඊයෙ දවසටම මොකුත් කාලා නැති නිසයි ඔයාට තෙහෙට්ටු ගතියක් දැනෙන්නෙ. මේක ගොඩක් හොද සුප් 1ක්..ඔයාට ලොකු ශක්තියක් දැනෙයි..නැගිටලා බොන්නකො.."
" ඕන්නෑ.."
ජින් අහක බලාගෙනම කිව්වා..
" අයිගෝ හ්‍යොන්ග් ..ටිකක් තේරුම් ගන්නකෝ..ඔයා අසනීපෙන් ඉන්නෙ..ඔයා හැමදාම ඔහොම ඉන්නද හදන්නෙ..කෝ..නැගිටින්න..නැගිටින්නකෝ.."
ටේ බලෙන්ම ජින්ව නැගිට්ටවලා සුප් 1 ජින්ගෙ අතින් තිබ්බා..
" කෝ ටිකක් බොන්න.."
ජින් සුප් එක අතේ තියන් අහක බලාගෙන හිටියා..ටේ සුප් හැන්දක් අරන් ජින්ගෙ මූනට ළං කරා..
" ටිකක් බොන්නකෝ.."
ජින් මූන අහකට කරගෙන ටේගෙ අතින් හැන්ද උදුරගෙන කෝප්පෙ ඇතුලට දැම්මා..ඇත්තටම ජින් හිටියෙත් ලොකු බඩගින්නකින්..ඒත් ටේ ඉස්සරහ මේක බොන එක එයාට මදිකමක් වගේම පොඩි ලැජ්ජාවක් වගේ..ජින් දිහා බලන් හිටපු ටේට ඒක තේරුනා..
"ආ..අරස්සෝ ...මම එලියට යනවා..හ්‍යොන්ග්  ඕක බොන්නකො..."
ටේ දො‍රත් වහන් එලියට ගියේ කුස්සියත් අස් කරන්න හිතාගෙන..
   සේරම වැඩ ඉවර කරපු ටේ ආපහු ජින්ගෙ කාමරේට එබුනේ ජින්ට කොහොමද බලන්න...Painkillers නිසා ජින්ට ඒ වෙලාවෙ නින්ද ගිහින් තිබුනේ..ටේ කාමරේ ඇතුලට ඇවිත් සුප් කෝප්පය අතට ගත්තා..ජින් සුප් එක බීලා තියෙනවා දැකපු ටේගෙ හිතට නම් දැනුනෙ සතුටක්..
" එයා ඒකට කැමතී වගේ..."
තනියම හිනාවෙවී ටේ කුස්සියට ගියා..

   
     ජින්ට හොදටම සනීප වෙන්න දවස් 3ක් විතර ගියා..ඒ මුලු කාලෙම රණ්ඩු වෙවී උනත් ජින්ව බලාගත්තෙ ටේ..ජින්ගෙ නපුරුකම් දැන් කලින්ට වැඩිය ටිකක් අඩුවෙලා කියලත් ටේට හිතුනා..ටේ ඒ ගැන නම් හිටියෙ සතුටින්..
ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙලා එලියට එද්දි ජිනුත් ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙලා ඉන්නවා ටේ දැක්කා..
" හ්‍යොන්ග් දැන් ඔයාට හොදටම සනීපයි නේද ?? ඒත් පරිස්සම් වෙන්න.ආපහු උණ හැදෙන්න පුලුවන් .."
ජින් ටේ කියපු දේ අහගෙන හිටියත් කිසිම උත්තරයක් දුන්නෙ නෑ..නිහඩවම එලියට ගියපු ජින් ටික වෙලාවකින් බයික් එකෙන් පිටත් වෙලා යන සද්දෙ ටේට ඇහුනා..ටේ සුසුමක් හෙලුවා..
" නෑ...අපෝ නෑ...එයාගෙ නපුරුකම් අඩුයි කියලා මම හිතුව එක වැරදී..නැත්තන් එයාට තිබුනානෙ අදවත් මාව දාගෙන යන්න..පුදුම ආඩම්බරකාරයෙක්.." 😤

ඉස්කෝලෙන් පස්සෙ ගෙදර ආව ජින් කාමරේට වෙලා රෑ වෙනකල්ම කරේ මගඇරුනු සටහන් ලියන එක..රෑ කිට්ටු වෙද්දී කාමරේ හිටපු ජින්ට කුස්සියෙන් එක එක සද්ද ඇහෙන්න ගත්තා..මුලදි ජින් ඒක එතරම් ගණන් නොගත්තත් සද්ද බද්ද ඇහෙන එකේ ඉවරයක් නැති නිසා අන්තිමේ ජින් පුටුවෙන් නැගිට්ටෙ ටේ තමන්ගෙ කුස්සියේ මොන විකාරයක් කරනවද කියලා විපරම් කරන්න...
ජින් කුස්සියට එද්දි ටේ හිටියෙ ලිපේ මොනවදෝ හැදි ගාමින්..ජින්ව දැකපු ටේ හුරුබුහුටි විදියට හිනාවෙලා කතා කරා..
" මම හ්‍යොන්ග්ට කතා කරන්නයි හැදුවෙ..මේ බලන්න මම අද කෑම හැදුවා.. මේක කෑවම ඔයාට තවත් ලොකු සනීපයක් දැනෙයි....ඒ තරම් රසට නැතුව ඇති....ඒත් එන්නකෝ.. අපි කමු..ඔක්කොම ලෑස්තියි.."
      " ඕන්නෑ..."
ජින් හැරුනේ ආපහු කාමරේට යන්න..
ඒත් ජින් ගාවට දුවගෙන ආව ටේ ජින්ගෙ අතකින් අල්ලන් ඇද්දෙ ජින්ට යන්න බැරිවෙන්න.ජින් පුදුමයෙන් ටේ දිහා බැලුවා..මීට කලින් කව්රුවත් ඒ විදියට එයාගෙ අතින් අල්ලලා තිබුනේ නෑ..
   " අතාරිනවා.."
ජින් ටේගෙ අත ගසලා දාන්න හැදුවත් ටේ දිගටම ජින්ගෙ අතින් අල්ලන් හිටියෙ අමනාප බැල්මකින්..
      " යමු.."
ටේ කිව්වෙ ජින්ගෙ අතින් ඇදගෙන මේසෙ ගාවට යමින්..ජින් යන්න හැදූවත් ටේ ජින්ට නම් යන්න දුන්නෙම නෑ..අන්තිමට ඉතින්  ජින් පුටුවෙන් වාඩි උනේ එයාටත් ටිකක් බඩගිනි දැනුනු නිසා..කෑම ටික මේසෙන් තියපු ටේ ජින්ගෙ ඉස්සරහ තිබුනු පුටුවෙන් වාඩි උනේ සතුටින් ඇස් දිලිසෙද්දි..
" වාව්..😍😍 එහෙනම් අපි කමු.."
ටික වෙලාවක් කෑම එක දිහා බලාගෙන හිටපු ජින් හෙමින් හෙමින් කන්න පටන් ගත්තා..ජින් කන දිහා බලන් හිටපු ටේ ජින්ට කතා කරා..
  " හ්‍යොන්ග්..ඔයා අඩුගානෙ කෑම රසද කියලවත් කියන්න ඕනෙනෙ.."
ජින් නිහඩවම කමින් හිටියා..
   හ්‍යොන්ග් ....හ්‍යොන්ග් ..කියන්නකො"
ජින් කිසිම උත්තරයක් දුන්නෙ නෑ..
" ආයිශ් ඔයානම් හරිම බෝරින් "
තොල් උල් කරගෙන අමනාපයෙන් කියපු ටේ ලොකු කිම්චි කෑල්ලක් කටේ ඔබා ගත්තා..
කෑමෙන් පස්සෙ ටේ පුටුවෙන් නැගිට්ටෙ හිස් දීසි අස් කරන්න..ඒත් ජින් ටේට බාධා කරා..
    " මම කරන්නම්.."
ටේ පුදුමයෙන් ජින් දිහා බලාගෙන හිටියා..
   " ඇත්තටමද හ්‍යොන්ග් ..?"
ජින් පුටුවෙන් නැගිටලා බාජනයක් අතට ගත්තා..
   " හ්‍යොන්ග්..කමක් නෑ..මම කරන්නම්"
" මම කැමති නෑ කාටවත් ණය වෙන්න
කෙටියෙන් උත්තරයක් දුන්න ජින් හිස් දීසි අරගෙන කුස්සියට ගියේ ටේ දිහාවත් නොබලා..
ටේ ටික වෙලාවක් ජින් දිහා බලන් හිටියෙ කියන්නෙ මොනවද කියලා හිතාගන්න බැරුව..
  "ආහ්..එහෙමත් එකක්ද?? හරි හ්‍යොන්ග් ...කුමාවෝ ...එහෙනම් මම යන්නම්..Good night.."
ජින් නිහඩවම වැඩ කරමින් හිටියා.
  " හ්‍යොන්ග් ...good night.."
ටේ ආයෙත් කතා කරා..ජින් දිගටම වැඩ කරේ ටේව ඇහුනෙවත් නෑ වගේ..ටික වෙලාවක් බලන් ඉදපු ටේ තමන්ගෙ කාමරේට යන්න ගියා ..පඩිපෙල නැගගෙන ගියපු ටේට තනියම හිනා ගියා..
  " එයා හිතපුම තරම් නපුරු නෑ වගේ.."
තමන්ටම කියාගත්තු ටේගෙ හිතට දැනුනෙ ලොකු සතුටක්..🙂

........................................................................

අනේ යාලුවනෙ කතාව බෝරින් වගේනම් කියන්න ඕනෙ හොදේ..🙏❤️
මම පුලුවන් තරම් try කරන්නෙ ඔයාලා කැමති විදියටම කතාව ලියන්න. මේක ඉතින් මගේ පලවෙනිම ff 1නෙ..😅😅
කතාවට කැමතිනම් වෝට් 1කුත් දාන්න..😍
කියවන හැමෝටම ගොඩාක් ස්තූතියි..🖤❤️🖤❤️

    සරන්ග්හේයෝ 😘😘😘😘😘😘

Continue Reading

You'll Also Like

991K 53.6K 35
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Jungkook's ) daughter Mishel...
216K 3.4K 52
Arabella Aphrodite Rynsburger, the daughter of millionaire businessman Clarence Rynsburger III, has spent her whole life living the life of the Upper...
19.1K 1K 38
Two unknown people marry eachother, How will their journey and marriage of LOVE, LIFE will proceed....Do they stick together until the end? Or will t...
32.6K 4.9K 48
" ඇයි උඹට තේරෙන්නෙ නැත්තෙ සමුද්‍ර... මම උඹ හොයන, උඹට ගැලපෙන කිරි සුදු පාට පුලුන් මේඝයක් නෙවෙයි. තේරුම් ගනින් මම වැහි වලාකුළක්. සුදු පාටක් ගැන හිතපු ව...