Prohibited Love [TaeJin]

By JinHit_Ent1204

9.2K 1.4K 313

වසන්ත කාලේ පිපුන චෙරි මලක් තරම් ලස්සන කිම් සොක්ජින් සිල්ලාවේ අගමැතිතුමාගේ එකම පුතා.. ඔහු දකින ඕනම කෙනෙක්ට හිත... More

Chapter 02 I Missed You Like Crazy
Chapter 03 Even if I Die its Only You
Chapter 04 ද්‍රෝහීකම
Chapter 05 අමුත්තා
Chapter 6 සිත්තමක්
Chapter 7
Introduction to Characters
Chapter 8
Chapter 9
Chapter 10(END)

Chapter 01 තහනම් ආදරයක්

2K 164 70
By JinHit_Ent1204

Time and Place - During Silla Dynasty @ Capital of Silla

"ජින් හ්‍යොන්ග්..."

කඩ වීදියේ පහලින් හයියෙන් ඇහුන හුරතල් කට හඩ අදුරගන්න සොක්ජින්ට වැඩි වෙලාවක් ගියේ නෑ.. සුදු හා දම් නිල් පැහැයන් මිශ්‍ර උන ලස්සන හන්බොක් එකක් ඇදගෙන සෙනග අතරින් දුවගෙන ආවේ හන්සොන්ග්(Tae)..

"හන්සොන්ග්.."

"හ්‍යොන්ග් කොහෙද යන්නේ??"

"යා අද හ්වරන්ග් පුහුණුවේ පලවෙනි දවස නේද? කෝ එන්න මං ගිහින් දාන්න.."

සොක්ජින් පියානන් හම්බෙන්න මාලිගයට යන ගමන නවත්තලා හන්සොන්ග්වත් අශ්වයා උඩට නග්ගගෙන හ්වරන්ග් පාසල පැත්තට වේගෙන් ඇදුනා..

"හ්‍යොන්ග්.. හෝ හෝ නවත්තන්න.."

"ඒ පාර මොකද?"

සොක්ජින් තරහෙන් අහනකොට හන්සොන්ග් මූන ඇබුල් කරගත්තා..

"මං හ්වරන්ග් පාසලට ගියාම හ්‍යොන්ග්ව දකින්න වෙන්නේ මාසෙකට එක පාරයි.. මට හ්‍යොන්ග් නැතිව එච්චර කල් ඉන්න බෑ..."

හන්සොන්ග් අශ්වයාගෙන් බිමට බැහැලා කීවේ එයාගේ අතට වැටුන චෙරි මල් පෙතිත් ගහත් දිහා බල බල.. එයාගේ ඇස්වල තුනී කදුලු පටලයක් තියනවා ජින් දැක්කා..

"ආහ්හ්හ්හ් මගේ හුරුබුහුටි හන්සොන්ග්.."

ජින් අශ්වයාගෙන් පැන්න ගමන් හන්සොන්ග්ව පිටි පස්සෙන් බදාගත්තා.. හන්සොන්ග් සොක්ජින්ගේ මේ උනුසුමට ගොඩක් ආදරය කලා.. එයා සොක්ජින්ගේ අත උඩින් එයාගේ අත පටලගෙන සොක්ජින් දිහාට හැරුනා.. මෙච්චර වෙලා අමාරුවෙන් නවත්තගෙන හිටිය කදුල හන්සොන්ග් ගේ කම්මුල දිගේ ගලාගෙන ගියා..

"අනේ මගේ පැටියා.."

සොක්ජින් හන්සොන්ග් ගේ කදුලු පිහලා එයාගේ නලලට උනුසුම් හාදුවක් දුන්නා.. ඒත් හන්සොන්ග් තාම මූන ඇබුල් කරගෙන.. හන්සොන්ග් ගැන හොදටම දන්න සොක්ජින් වටපිට බැලුවා.. එයාලා හිටියේ කැලැබද පාරක නිසා කවුරුත් නෑ..

මුලින්ම හන්සොන්ග් ගේ කම්මුල් දෙපැත්තෙන් අත යවලා එයාගේ මූන දිහාට හරවගත්ත සොක්ජින් හෙමින් හන්සොන්ග්ගේ රෝස පාට තොල්වලට හාදුවක් දුන්නා... හන්සොන්ග්ට සොක්ජින්ගේ බද වටේට අත ගියේ ඉබේමයි.. ලා රෝස පාට සේද හන්බොක් එක හන්සොන්ග් අල්ලපු නිසා රැලි වැටෙන්නම පොඩි උනා.. හන්සොන්ග් ගේ එක් අතක් සොක්ජින්ගේ බෙල්ල වටේ යවලා එයාව තවත් ලගට ගත්තේ දෙන්නාගේම තොල් තවත් තද කරමින්.. විනාඩියක විතර හාදුවකින් පස්සේ සොක්ජින් හන්සොන්ග් ගේ නලලට තමන්ගේ නලල තියාගෙන හෙමින් ඇස් ඇරියා.. හන්සොන්ග් තවමත් ඇස් පියාගෙන.. හන්සොන්ග් ගේ පිය උන ඇස්, හාදුව නිසා රතු උන තොල් දිහා බැලුව සොක්ජින්ගේ මූනේ ලා හිනාවක් ඇදුනා..

"ඔයාගේ තොල් ස්ට්‍රොබෙරි රසයි.."

සොක්ජින් කියපු දේට හන්සොන්ග් ඇස් ඇරලා දගකාර විදියට හිනා වෙලා එයාගේ පපුව අස්සේ මූන හංගගත්තා..

"හ්‍යොන්ග් ලගත් චෙරි මල් සුවදයි.."

පැය භාගයක් විතර සොක්ජින්ට තුරුල් වෙලා චෙරි ගහ යට හිටිය හන්සොන්ග් නැගිට්ටේ ඈතින් ඇහුන සීනු හඩට..

"හ්‍යොන්ග්.. අපි පරක්කුයි.. පලවෙනි දවසෙම මං ඉවරයි.."

හන්සොන්ග් ආයෙත් මූන ඇබුල් කරගත්තා..

"ආහ්හ්හ් මගේ කොටි පැටියා.. යමු මං ගුරුතුමාට කතා කරන්නම්.."

"චින්චා?? ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාආආ.."

හන්සොන්ග් සොක්ජින්ගේ රෝස පාට කම්මුල් රතු වෙන්නම හාදුවක් දුන්නා..

හන්සොන්ග්ව හ්වරන්ග් පාසලට දාලා ගුරුතුමාට කතා කරපු සොක්ජින් හන්සොන්ග්ව දඩුවමෙන් බේරලා ආයෙත් මාලිගාවට යන්න අශ්වයා උඩට නැග්ගා..

"හ්‍යොන්ග් පරිස්සමින්.."

හන්සොන්ග් කවුලුවක එල්ලිලා කෑගහගහා අත වනනවා දැකලා සොක්ජින්ට හිනා..

"ඇතුලට යන්න.. කා.."

ජින් අත වනලා වේගෙන් අශ්වයා මාලිගාව පැත්තට හැරෙව්වා.. රාජ සභාව තවමත් පැවැත්වෙන බවක් ඈතට ඇහුන නිසා සොක්ජින් හෙමින් හෙමින් ගියේ පොත් ගුලට..

"ඔබ අද පරක්කුයි.."

දොර අරිනකොටම දැක්ක රෑපෙට සොක්ජින් ගැස්සුනා..

"සේජා..(ඔටුන්න හිමි කුමරු)" (යුන්ගී)

සොක්ජින් ගැස්සුන හැටි දැක්ක කුමරුට ලාවට හිනා ගියා..

"බයවෙන්න එපා මං ගිලින්නේ නෑ.."

"සේජා.. ඔබතුමා මෙහෙ.. මෙච්චර උදෙන්ම?"

"ඇයි මං මගේ ගුරුතුමා එන්න කලින් එන එක වරදක්ද?"

"සේජා.. අනී.. එහෙම නෙමෙයි වෙනදාට මං මාලිගයට එනකම් ඔබ සැතපිලානේ ඉන්නේ.."

සොක්ජින් පොත් ටික කුමරු ඉදිරියේ පිලිවෙලට තියලා, තමන්ගේ තොප්පිය ගලවලා පැත්තකින් තිබ්බා..

"අද පාඩම කොන්ෆියුසස් දහමේ අතීතය.."

"ආහ්හ්හ්හ්හ් කම්මැලී.."

"සේජා.. ඔබ ඔබේ අධ්‍යාපනය ගැන ඔයිට වඩා හිතන්න ඕනී රජ වෙන්න ඕනි නම්"

සොක්ජින් කියනකොට කුමරු කටකොනකින් හිනා උනේ සොක්ජින්ට සමච්චලයට වගේ..

"ගුරුතුමනි, ඔබ හොදටම දන්නවා මං නිකන්ම නිකන් නාමික කුමාරයෙක් පමනයි.. උප බිසෝ කෙනෙක්ට කුමාරයෙක් ඉපදුනාම මාව ඔටුන්නෙන් නෙරපා දානවා.."

"කුමරුනී, ඔබට එසේ කියන්න බැහෑ.. අනික ඔබ රජතුමාගේ වැඩිමල්ම පුතු.."

සොක්ජින් කුමරුව සනසන අරමුනින් කීවත් කුමාරයාගේ මූනේ තිබුනේ පැහැදිලි කල නොහැකි හැගීමක්.. එය තරහක්ද, සමච්චලයක් ද කියන්න සොක්ජින්ට බැරි උනා..

"මේ කැලල එක්ක මට රජ වෙන්න බැහැ කියලා ඔබ දන්නවා කිම් සොක්ජින්.. තවත් මට අනුකම්පා කරන එක නවත්තන්න.. මට ඔබේ අනුකම්පාව ඕනී නෑ.."

කුමාරයා තරහෙන් මේසයට ගහන ගමන් නැගිටලා පොත් ගුල ඇතුලට ගියා.. ටිකක් වෙලා එකම තැන ඉදගෙන හිටිය සොක්ජින්ට කුමරු ගැන දුක හිතුනා.. ඔහු හෙමින් නැගිටලා කුමරු ගිය පැත්තට ගියා.. විශාල පොත් ගුලේ කිසිවෙක් වැඩිය නොමැති අංශයක පොත් රාක්ක අතර බිම ඉදගෙන දනහිසක් උඩ අතක් තියාගෙන මූන බිමට හරවගෙන ඉන්න කුමරු දැක්කම සොක්ජින්ට තවත් දුක හිතුනා..

ඔහු ලගට ගිහින් නැවුනා...

"සේජා.. මං ඔබේ ගුරුතුමා වෙන්න කලින් ඔබේ මිතුරා.. මං කියන දේ අහන්න.. ඔබ මේ වෙලාවේ ශක්තිමත් වෙන්න ඕනී.. ඔබේ දුර්වලතා හංගගෙන ඉන්න.. ඔබේ මේ බිය දිනක ඔබව විනාශකරලා දාන්න කලින් ඔබ එය විනාශ කර දාන්න.."

සොක්ජින් කියනකොට කුමරු ඔලුව උස්සලා සොක්ජින් දිහා බැලුවා.. ඒ ඇස්වල තිබුනේ දුක වෙනුවට වෛරයක්.. ඒ ඇස්වලින් සොක්ජින් දැක්කේ මීට වසර දෙකකට පෙර තම මව බේරාගැනීමට ගිය, ඒත් ඇය තම අත උඩම අන්තිම හුස්ම හෙලනවා දැකපු අසරන පුතෙක්ගේ දුක.. ඒත් ඒ දුක යටපත් කරගෙන තම මවගේ මිනිමැරුවන්ගෙන් පලිගැනීමට ඇති වෛරී සිතුවිල්ල උඩට ඇවිත්..

"යුන්ගීයා.. "

සොක්ජින් කියනකොටම කුමරුගේ රත් පැහැ ගැන්වුන ඇස්වලින් කදුලු ගලාගෙන ගියා.. සොක්ජින් හිතන්නත් කලින් කුමරු සොක්ජින්ව තද කරලා බදාගත්තා..

"මට ඔවුන්ගෙන් පලිගන්න ඕනී.. සොක්ජින්.. මට උදව් කරන්න..."

"කුමරුනී.."

"මගේ මිත්‍රයා.. මට ඔබව විතරයි මේ ලෝකේ විස්වාස.."

කුමරුගේ කදුලු සොක්ජින්ගේ රෝසපැහැ හන්බොක් එක තෙත් කලා.. සොක්ජින්ට ඔහුගේ හිස අත ගානවා හැර වෙන කරන්න දෙයක් හිතාගන්න බැරි උනා..

"සොක්ජින්.."

"සේජා??"

"ඔබ දැන් මගේ නම කියලා කතා කරා නේද?"
කුමරු සොක්ජින්ගෙන් ඈත් වෙනගමන් කියනකොට සොක්ජින්ගේ ඇස් ලොකු උනා..
"සමාවෙන්න කුමරුනී.. මට පුරුද්දට කිය උනේ.. මගේ හිස ගසා දමන්න කුමරුනී.."

සොක්ජින් කුමරු ඉදිරියේ දනගහගෙන කියනකොට කුමරුට ලාවට හිනා ගියා.. ඔහු නැවිල සොක්ජින්ගේ නිකටින් අල්ලලා ඔහු දෙසට හරවගත්තා..

"ඔබ වන් සුන්දර කෙනෙක්ගේ හිස ගසා දමන එක මහා අපරාදයක්.. ඒත් ඔබ ඔටුන්න හිමි කුමරුට අපහස කලා.."

කුමරු දගකාර ලෙස කියලා ඔහුගේ කඩුව එලියට ගත්තා.. ඔහු එහි මුවහත බලමින් සොක්ජින්ගේ බෙල්ල ලගින් තිබ්බා..

බයටම සොක්ජින්ගේ මුහුන දෙපැත්තෙන් දහඩිය ගලා බිදු ගලා ගියා..

"පාබෝ.. නැගිටින්න.. ඔබ හිතනවද මගේ එකම මිත්‍රයාව මං මරා දමයි කියලා??"

සොක්ජින් සැනසුම් සුසුමක් හෙලන ගමන් නැගිට්ටා.. ඒත් කුමාරයා තාම කතා කරලා ඉවර නෑ..

"ඔබේ ජීවිත දානය දෙනවා වෙනුවට මට වෙන දෙයක් ඕනී.."

"සේජා... ඒ මොකක්ද?"

"ඔබව.."

- මතුසම්බන්ධයි -

Continue Reading

You'll Also Like

51.5K 11.2K 30
"දන්නවද ජන්ග්කුක්.. හැඟීම් මැරුණට පස්සෙ බැඳීම් වලින් වැඩක් නෑ.." Start : 10/06/2022 End : 22/12/2022
299K 51.1K 63
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
179K 26.7K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
BOSS By sKuzen

Fanfiction

1.2K 339 12
මෙක ගෙම් එකක් නම් මම ඔයාගෙ ඔයාගෙ Boss නැහැ එයාගෙ ගෙම් එක ප්ලෙ කරන මමයි Boss, MYG & JHS YOONSEOK (Sope FANFICTION) st...