The Invisible Wings โค [ COMP...

By MLo1997

2.5K 447 231

A tale of an immortal painting .๐Ÿ˜๐Ÿ’œ๐Ÿ’Ž๐Ÿ’Ž๐Ÿ’Ž๐Ÿ’Ž๐Ÿ’Ž Awards for this book ๐Ÿ†๏ธ โœจ๏ธ WATTCAFE BEST BOOKS โœจ๏ธ - EDIT... More

Chapter 01 ๐Ÿ’œ
Chapter 02 ๐Ÿ’œ
Chapter 04 ๐Ÿ’œ
Chapter 05 ๐Ÿ’œ๏ธ
Chapter 06 ๐Ÿ’œ๏ธ
Chapter 07๐Ÿ’œ๏ธ

Chapter 03 ๐Ÿ’œ

231 61 12
By MLo1997

මාසයකට පසු.😘
2032 ඔක්තෝබර්

දම් පැහැති ගොම්මන් අදුර, බැසයන රතු පැහැති හිරු මඩලට හාදු දෙමින් සිටි හේමන්තයේ අලංකාර සැන්දැවක් ඒ. විදි අයිනේ තිබූ ගස් වල පත්‍ර, රතු, කොළ, කහ පැහැයෙන් බැබැළෙමින් පොළව මත ඇතිරි තිබුණේ වර්ණවත් කළාලයක් ලෙස. හමන සුළග ශීතල වුණත්, එහි ගිමිහානයේ මල් සුවද තවමත් දැවටී තිබුණා. නිව්යෝක් නගරයේ විදුලි පහන් එකින් එක දැල්වෙන්න වුණේ අහස පසුබිම් කරගත් මැණික් රටාවක සිරි ගනිමින්. ඇත්තෙන්ම එය නිවෙස්වලින් පිටතට ගොස් නිශායාමයේ පහස විදීමට කදිම අවස්ථාවක් වුණා.

හෙමි හෙමින් දිගු වන සෙවණැලි අතරින් මම ඇවිදගෙන ගියේ, කාලෙකට පසුව....මේ නගරයේ විදි දැන් මට අතේ රේඛා ගණනට හුරුපුරුදුයි. නමුත් මම වෙනදා මෙහි පිය නගන කොට මා එක්ක හැමදාමත් ඇවිදපු ඒ රුව මට මැවී පෙනෙනවා. ඒ නිසා හවස් වරුවේ ඇවිදින්න යන එක මම අත හැර දැම්මේ හියුගෝ මාව සදහටම දමල ගිය දවසෙමයි.

අදත් මම තනිවම නොවෙයි. හැබැයි මාත් එක්ක ඉන්නෙ වෙනත් කෙනෙක්.

අද දිනය විශේෂයි. මට සිදුවුණා වරින් වර හැරී බලමින් මා සමග දැන් ගමන් කරන ඒ පුද්ගලයා ඇත්තෙන්ම මාත් එක්ක ඉන්නවාදැයි සැක හැර දැනගන්න. නම්ජුන් මට පියවර කිහිපයක් ඈතින්, සැහැල්ලු පියවර තබමින් ඇවිද යමින් සිටියා. එයා අව් කණ්නාඩි පැළදගෙන සිටියත්, මගේ ඇස් එයා වෙතට යොමුවෙලා තියෙන බව දැක්කම කණ්නාඩි දෙක ගලවල අතට අරන් මාත් එක්ක හිනාවුණා.

ඇත්තෙන්ම මේක වෙන්න පුලුවන්ද? වසර ගණනාවකට පෙර මගේ හිතේ ජිවත් වුණ ඒ හීන ලෝකය ගැන මම හියුගෝට ඇරෙන්න වෙන කාටවත් කියල නෑ. ඉටු නොවෙන ප්‍රාර්ථනා ගැන තවදුරටත් බලා ඉදල වැඩක් නැති බව මම තීරණය කළේ බොහෝ කාලයකට පෙර.මම මටම පොරොන්දු වුණා යථාර්ථය තුළ ජීවත් වෙන්න, ඒක කොච්චර අමාරු වුණත්.. මට පණ වගේ ආදරය කරපු හියුගෝ වෙනුවෙන් හැමදෙයක් ම දරාගෙන මම ජීවත් වුණා. නමුත් මගේ හිත ඇතුළෙන් මම හැමදාමත් හඩා වැළපුණා... පිටින් පෙනුනෙ මම ඉතාම තෘප්තිමත් ජීවිතයක් ගත කරන බවක්. ඔව්. ඇත්තෙන්ම මට දුක් වෙන්නවත්, පසු තැවෙන්නවත් සිදු වුණ කිසිම දෙයක් එයා එක්ක ගත කරපු කාලෙදි සිදු වුණේ නෑ. ඒක ඇත්ත. එත් මගේ හිතේ පතුලෙම ඇති ආගාධය හිස් බවින් පිරී තිබු බව දන්නෙ මම විතරයි.

නමුත් මේ මොහොත, මම ගැහැනු ළමයෙක් විදියට නොමේරූ හීන මැවුව කාලෙන් පසුව කිසි දවසක බලාපොරොත්තු නොවූවක්. මම යළිත් වරක් අඩ අදුර පරයමින් මගේ ඇස් අබියෙස සිත්තම් වූ මම හැමදාමත් ආදරය කළ ඒ රුව දෙස බලාගෙන හිටියේ මෝහන නිද්‍රාවකට පත් වුණා වගෙයි.

" මොකද ටාරා? මම දිහා ඔහොම බලාගෙන ඉන්නෙ?" නම්ජුන් පුදුමයෙන් ඇසුවේ එයාට හුරුපුරුදු සැහැල්ලු පියවර තබමින් මගේ ඉදිරියට එමින්. අපි ඇවිදගෙන ගිය පාරක් මදක් පාලුයි. ඒ නිසා ඒ වෙලාවෙ එතන සිටියේ අපි දෙන්න විතරයි.

" මොකුත් නැ.." මම බිම බලාගනිමින් කිව්වා. " මම කල්පනා කළේ.. අද හැන්දෑව කොච්චර වර්ණවත්ද කියලා. පහුගිය අවුරුදු හයේම මම දැක්කෙ අලු පාට, දිග හැන්දෑවන් විතරයි. ඒත් අද මට ආයෙමත් හැම පාටක්ම පේනවා. අහස, මේ ගස්, මේ පාර.. හැම දෙයක් ම ආයෙත් පාට වෙලා. හියුගෝගෙ සායම් පෙට්ටිය ලෝකෙට විසි වෙලා වගේ... මට හිතා ගන්න බෑ මේ ලෝකෙ මෙච්චර ලස්සනට පාට කරපු චිත්‍රශිල්පියා මෙච්චර කල් කොහෙද හැංගිල හිටියෙ කියලා."

" ඔයා එයාව ඔයාගෙ හදවතින් ඈත් කරල තියන්න ඇති." නම්ජුන් සිහින් හඩින් කිව්වා. ඒ අතර එයාගෙ අත මගේ අත සමග පැටලෙන අයුරු මට දැනුනා. මේක අවුරුදු විස්සක කෙල්ලෙක් කාලෙ වුනානම් මට එතනම සිහිය නැති වෙනවා. නැත්නම් යටිගිරියෙන් කෑගැහෙනවා. ඒත් අද මම අවුරුදු තිස් පහක ගැහැනියක්. අම්මා කෙනෙක්. විශ්වවිද්‍යාල කථිකාචාර්‍ය් වරියක්. ඉතින් ඒ නිසා මාව වෙනස් වෙලා ඇති. මගේ හදවත වේගයෙන් ගැහුණත්, මට එයාගෙ ස්පර්ශය නිසා දැනුනෙ සන්සුන් බවක්. මම හිස ඔසවලා එයා දිහා බැලුවත්, එයාගෙ මුහුණෙනුත් දිස් වුණේ වයසින් වැඩී යාම නිසාත්, ජීවිතයේ නොයෙක් අත්දැකීම් වලට මුහුණ දීපු නිසාත් ඇති වුණු තැන්පත් බ්වක්. වෙනත් හැගීමක් එයාගෙ හිතේ තිබුණද කියන්න මම දන්නෙ නෑ. ඒත් මට අද දැකගන්න ලැබුණේ මීට කාලයකට පෙර වේදිකාව උඩ ගීත ගයමින් නර්තනයේ යෙදුණු ඒ සුපිරි තරුව නෙවෙයි.. සම්පූර්ණයෙන්ම වෙනස් වුන වැඩි වියට පත් තැනැත්තෙක්.

" ඔයා දන්නවද.. මම කවදාවත් වාහන එළවන්න බලපත්‍රයක් ගත්තෙ නැත්තෙ ඇයි කියල?" නම්ජුන් එක්වරම මගෙන් ඇහුවෙ අනපේක්ෂිත ප්‍රශ්නයක්. මම පුදුමයෙන් එයා දිහා බැලුවා.
" නෑ.." මම කිව්වෙ හිස දෙපසට සොලවමින්.

" ලෝකෙ ගොඩක් දෙනෙක් හිතන්නෙ මම එහෙම කළේ වාහනයක් වගේ දෙයක් ගැන මට විශ්වාසයක් තියාගන්න බැරි නිසා කියල." නම්ජුන් කීවෙ ඉවත බලාගෙන. ඒත් තවමත් එයාගෙ අත් තිබුණේ මගේ අත් මත. " මම හැම දෙයක්ම කඩල දානවනේ. නැත්නම් මොකක් හරි අවුලක් ඇති කර ගන්නවා. ඉතින් ඒක නිසා වාහන බලපත්‍රයක් ගත්තෙ නෑ කියලයි ගොඩක් අය හිතුවේ. ඒත් ඇත්තම හේතුව ඒක නෙමේ."

මම ඇස් මහත් කොට නම්ජුන් දිහා බැලුවා. මාත් මෙච්චර කල් හිතාගෙන හිටියෙ එහෙම තමයි.

" ඒක නෙමෙයිද හේතුව?" මම ඇහෙන නෑහෙන හඩින් ඇහුවා. "එහෙනම් මොකක්ද?"

" වර්ණ." නම්ජුන් කීවේ ඇස්වලට අමුතුම දීප්තියක් ආරෝපණය කරගනීමින්. " මට මේ ලෝකෙ වර්ණ උපරීමේටම විදින්න ඕනෙ වුණා. අහසෙ, ගස්වල, මල් වල, ලොකු නගර වල.. මිනිස්සුන්ගෙ ජීවිතවල.. මම ගොඩක් වෙලාවට තනියම කෝපි එකක් බිබී අවන්හල් වලට එන මිනිස්සු දිහා බලාගෙන ඉන්නවා. එයාලගෙ ජිවිත මොන තරම් වර්ණවත් ද.. එත් එයාල ඒක දන්නෙ නැ. වාහනයක් නැතිව පයින් ඇවිදගෙන යනකොට මට ඒ වර්ණ සීමාවක් නැතුව ව්දින්න පුලුවන්. මම චිත්‍ර බලන්න යන්න ආස ඇයි දන්නවද? ඒවට යොදල තියෙන පාට වල සම්ම්ශ්‍රණය මගේ මොළේට සහනයක් දෙනවා. වාහනයක් නැතිව ඇවිදගෙන යනකොට මුළු නගරෙම වර්ණ මට විදගන්න පුලුවන්. මට ඒවා දැනෙනවා. මම ඒකට කැමතියි."

එයාගෙ සිතුවිලි මොන තරම් ලස්සනද.. මොන තරම් වෙනස් ද.. ඒ දවස් වලත් මට ඒක හිතුණා. ඒත් අද තමයි මට ඒක විදගන්න ලැබුණේ.

" විශේෂ වර්ණයක් හමුවුණේ නැද්ද?" මම මද සිනාවක් සමග ඇහුවා." නැවතිලා විමසිල්ලෙන් බලන්න ඕන වුණු වර්ණයක්? ඔයා කිව්වනෙ මිනිසුන් ගෙත් වර්ණ දකිනව කියලා.. ඔයාගෙ හිත් ඇදගත්ත වර්ණයක් හමුවුණේ නැද්ද? තනි නැද්ද ඔය ජීවිතේ?"

නම්ජුන් මා වෙතට සිනාවක් පෑවා. ඊලගට එයාගෙ ඇස් යොමු වුණේ අහස දෙසට.

" එක පාරක්.." එයා කිව්වෙ අතීතාවර්ජනයක යෙදෙන්නාක් වැනි තැන්පත් හඩකින්." අවුරුදු ගාණකට පෙර. ඒත් මේ නගරෙදි. අපි හම්බවුණ ජෝජ් වොෂිංටන් කලාභවනෙදි මයි. එයා එතන චිත්‍ර නරඹමින් හිටියා. එයා කලාකෘති සංරක්ෂණය කරන කෙනෙක්. රොස්ලින්ඩ් ව මට හොදට මතකයි. අපි ගොඩක් වෙලා කතා කළා.. එයා අදුරගත්තා මම කවුද කියල. ඒත් එයා දිගටම කතා කළේ චිත්‍ර ගැන. මම ඒ කතාවට වශී වුණා.. ඒ තරම් වර්ණ ගැන දන්න කෙනෙක්? මට එතකොට යන්තම් අවුරුදු විසි පහයි. මට ඒක ලෝක පුදුමයක් වුණා.. අපි හැමදාමත් හමුවුණා. මම මෙහෙන් ගියාමත් මම එයාට කතා කළා. අන්තිමට මට රොස්ලින්ඩ් ව දකින්නෙ නැතුව ඉන්න බැරි වුණා. මම එයාට ආදරේ කරන්න පටන් අරන්. මට අදටත් මතකයි ඒ දවස්වල මහ රෑ තුනට හතරට විතර මම නැගිටල පිස්සුවෙන් වගේ ලියනවා. කෙළවරක් නැතිව ලියනවා. ඒ ඔක්කොම එයාට මට ඕනෙ වුණා එයා ළගට දුවගෙන යන්න. පැසිෆික් සාහරය තරණය කරල හරි මට ඕන වුණේ ඒක කරන්න. මේ සුපිරි තරු ජීවිතේට මාව දම්වැලකින් බැදල තිබුණෙ ටාරා. මට සිද්ධ වුණා හැමදාමත් මුණෙ හිනාවක් අලවගෙන කැමරාව ඉස්සරහට යන්න. මට සිද්ධ වුණා මම මටම වෛර කරපු දවස්වලට වේදිකාව උඩ නැගල මිනිස්සුන්ට කියන්න වුණා " තමන්ට ආදරේ කරන්න" කියලා. මොකද්ද මේ ජීවිතේ කියල මට හිතුණ වාර අනන්තයි. හැම දෙයක්ම දමල ගහල නිව්යෝක් එන්න හිතුණ වාර දහස් ගණනක් ඇති. ඒත් මම නම්ජුන් නෙවෙයි නේ. මම BTS ලගෙ නායකයා. මට සිද්ධ වුණා වයින් කරපු බෝනික්කෙක් වගේ මගේ කාලසටහනට, දෙබස් පිටපතට අනුව වැඩ කරන්න. ටාරා ඔයා දැකල තියෙන්නෙ සුපිරි තරු ජීවිතේ අරුමෝසම් පැත්ත විතරයි.ඒත් තිරය පිටුපස තියෙන්නෙ වෙනත් කතාවක්."

නම්ජුන් එයාගෙ දිගු කතාව මදකට නවත්තල සුසුමක් හෙලුවා. මට දැනුනා මගේ උගුරෙ ගුලියක් සිරවී ඇති බව. දෙවියනේ.. මම මේ කිසිම දෙයක් දන්නෙ නෑ...

" රොස්ලින්ඩ් ට මාවත් මට එයාවත් නොදැක ඉන්න තවදුරටත් බැරි වුණා."නම්ජුන් ආයෙමත් කතාව පටන් ගත්තා. " අන්තිමට මම අපේ සමාගමෙන් බැගෑපත් ව ඉල්ලා හිටියා මට අඩු ගානෙ විවාහ ගිවිස ගැනීම වත් ප්‍රසිද්ධ කරන්න ඉඩ දෙන්න කියලා. මම හිටිය තත්වෙ දැකපු ජිමින් මගේ උදව්වට ආවා. අන්තිමේ කොහොම හරි අපේ ඉල්ලීම සාර්ථක වුණා. අපේ විවාහ ගිවිස ගැනීම ප්‍රස්ද්ධ කරන්න අවස්ථාව ලැබුණා"

එහෙනම් එදා තමයි මගේ සිහින තමන්ගේ අන්තිම හුස්ම හෙළපු දවස... මට දැනුනා මගේ පපුවෙ වම් පැත්තෙන් වේදනාවක්. හෘදයාබාධයක් ද.. රෝහලින් එනකොට වෛද්‍යවරයා මගින් මගටම කිව්ව පරිස්සම් වෙන්න කියලා. එත්.. කොහොම කරන්න ද ඒක..

මගේ මුහුණ වෙනස් වුණ හැටි දැක්ක නම්ජුන් කතාව නවත්වල මම දිහා බැලුවා.

" ටාරා.. ඔයා හොදින් නේ?" එයා දැන් මට මිසිස් පෙරෙස් නොකිම ගැන මට සතුටුයි. ඒ කියන්නෙ එයාට මාව ටිකක් හරි වැදගත්.

" නෑ.. මිස්ටර් කිම්. මම හොදින්." මම අමාරුවෙන් සිනාවක් නහාගෙන කිව්වා. " දිගටම කතාව කියන්නකො. මම අහගෙන ඉන්නේ."

" ඔව්. අපි විවාහ ගිවිසගත්තා." නම්ජුන් ඈත පාවෙන බෝට්ටුවක් වැනි අදුරු වළාවක් දෙස නෙත් යොමු කරමින් කිව්වා. " මාස කීපයක් අපි සතුටින් හිටියා. ඒත් එක පාරටම ලොකු අවුලක් වුණා. මගේ පුද්ගලික ජීවිතේ ගැන මම මාධ්‍යයට නොකියපු කරුණු ගණනාවක් අඩංගු සීඩි එකක් තියෙනව කියල නිර්නාමින දුරකතන පණිවුඩයක් මට ආවා..එක Saesang කෙනෙක් මේක ලොකු ගාණකට වෙබ්සයිට් එකකට විකුණන්න යනවලු. ඒක විකුණන්න කලින් ඒ Saesang ව අල්ලගන්න කියලයි ඒ කෙනා කිව්වේ. ඒකට වුවමනා ඔත්තු රාශියකුත් එයා අපිට දුන්නා. ඉතින් එදා හවස, ඒ Saesang සිඩි එක විකුණන්න කලින්ම අපිට එයාව අල්ල ගන්න පුලුවන් වුණා. ඒ වෙන කවිරුත් නෙවෙයි.. මම පණ වගේ ආදරේ කරපු රොස්ලින්ඩ්.."

නම්ජුන් ගෙ ඇස් කදුලින් බර වෙන හැටිත්, ඉන් පසු ඒවා නිදහසේ ගලා ගෙන යන හැටිත් මම දැක්කා. ව්දුලි එළියට ඒවා මුතු කැට වගේ දිලිසුණා. මම වචනයක්වත් කිව්වෙ නෑ. මම මගේ අත් එයා වටා යවල එයාව වැලදගත්තා. නම්ජුන් ගේ හදවත වේගයෙන් ගැහෙන හැටි මට ඇදුම් අතරින් දැනුනා. ඒ හඩට සවන් දීගෙන සිටි මට එහි මොන තරම් වේදනාවක් ගැබ් වී ඇද්දැයි දැනුනා.. ටික වෙලාවකින් මම එයාගෙන් ඈත් වුණා

" මට සමාවෙන්න හග් කළාට." මම මදක් ලැජ්ජාශීලීව කිව්වා. " තමන්ගෙ සාමාජිකයො අඩනකොට, දුකින් ඉන්නකොට BTS එකේ අය කරන්නෙ එහෙමයි."

කදුලු අතරින් නම්ජුන් ගෙ මුහුණේ සිනාවක් මතු වන හැටි මම දැක්කා.

" ඔයා හැමදෙයක් ම ඉක්මනය ඉගෙන ගන්නවනේ." එයා මට කිව්වේ මද සිනාවක් සමගින්.

" ඔව් ඉතින්.. ආචාර්‍ය උපාධියක් තියෙන කෙනෙක් නෙ මම" වසර ගණනාවකට පසු කෙළිලොල් හඩකින් මම කිවුවා.

"ම්ම්... ඔව් නේ." නම්ජුන් යළිත් සිනාසෙමින් කිව්වා. " කොහොම වුණත් ඒ හැමදේම අතීතයට එකතු වෙලා ඉවරයි. රොස්ලින්ඩ් ව හිරබාරයට ගැනුනා. ඒක වේදනාවක් වුණේ නෑ එයා මගේ හිතට දීපු ගින්දර වල හැටියට.දැන් එයා මොනව කරනවද, තාම හිරේද.. මම දන්නෙ නෑ. ඒ සිද්ධිය අපේ සමාගමෙන් යට ගැහුවා. මගේ විවාහ ගිවිස ගැනිම ගැන ඉන්පසු කවිරුවත් කතා කළේ නෑ. මම තීරණය කළා හැමදාමත් තනියම ජීවත් වෙන්න... ඒත් . එක දවසක්.."

එයා ඒක කියපු අමුතු තාලෙට මට ඉබේම එයා දිහා බැලුණා.

" ඇයි?" මම ඇහුවේ කුතුහලයෙන්.

" එක දවසක් රොස්ලින්ඩ් ව හමුවුණ ඒ කලාගාරයට මම ගියේ හිතල නෙවෙයි. ඉබේටම මාව එතනට යැවුණා. එහෙදි එක චිත්‍රයක් ළග ගැහැනු කෙනෙක් හිටගෙන ඉන්න හැටි මම දැක්කා.. මම කවදාවත් දැකල නැ චිත්‍රයක් ජීවමාන වෙලා මම ඉස්සරහ ඉන්නවා..."

මම මුව ගොලු වි එයා දිහා බලාගෙන හිටියා. එයා සෙමෙන් අත ඉහළට ගෙන ගොස් මගේ මුහුණ පිරි මදින්න වුණා. කම්මුල්, ඇස්, තොල්.. මම හුස්ම ඉහළට ගන්නේ නැතුව හිටියේ මගේ කාන්තාරයක් මෙන් වූ වියළී ගිය හදවතට මහ වැස්සක් මෙන් කඩා වැටුණ ඒ ස්පර්ශය විදිමින්. මට හිතුණෙ නෑ ඒක අතරමග නවත්තන්න ..

" අදිසි පියාපත් ලත් යුවතිය." නම්ජුන් සෙමින් මිමිණුවේ මා වෙත ළං වෙමින්. " ඔයා නේද ඒ ටාරා? ඔයා නේද? මට කියන්න මගෙ කෙල්ලේ."

මම තිගැස්සී එයා දිහා බැලුවා. එයා දැන් ඉන්නේ මට අගල් ගණනක් දුරින්. මට දැන් එයාගෙ මුහුණ, ඇස් ඉතා හොදින්, ළගටම පෙනෙනවා. ඒවායෙ හැංගිලා ඇති දුක, තනිකම, ආදරය මට පෙනෙනවා. ඒ හුස්ම වල තියෙන වේදනාව ... මට ඒ හැම දෙයක්ම විදින්න පුලුවන්. මට මුලු ලෝකෙම අමතක වුනා.." මගෙ අදිසි පියාපත් මා ළගට ඇවිත්" මගේ හදවත විලාප නැගුවා. " ඒවා මාව අරගෙන යාවි.. මගේ අදිසි පියාපත්.."
මට දැනුනා මගේ හදවත ඉහළට යන හැටි. සිනිදු පියාපත් වලින් පරිස්සමට එය ඉහළට අරන් යන හැටි.
ඔව්. මගේ අදිසි පියාපත්.

ඒත් එක්වරම මගේ මොළයට විදුලි සැරයක් වැදුණා.
මගේ ළමයි.
මම එක් වරම තටු කඩාගෙන බිමට වැටුණා.
මේක කරන්න බෑ.
එයාල මේකට මොනව කියයිද.. හියුගෝ කිව්වත් ළමයින්ට අලුත් තාත්ත කෙනෙක් ලැබෙන එක හොදයි කියල.. ඒ තැනට නම්ජුන් ව බැදල තියන්නෙ කොහොමද.. එයා තවමත් එද වගේමයි. මගෙන් ගොඩක් ඈතයි.

ඒකයි ඇත්ත.

"නම්ජුන්.. " මම පළවෙනි වතාවට එයාගෙ මුල් නම කිවෙ ඒ නමේ ශබ්දය මුවින් පිට කරන්න ලෝබ කමින්. " අපි.. මෙහෙම ළං වෙන එක හොද නෑ..."

" ඇයි ඒ?" නම්ජුන් ප්‍රශ්නාර්ථ ගඩින් ඇසුවා. " මට ඒක කරන්න ඕනෙ. මම ඔයාට ආදරෙයි."

මම බියෙන් ගැහෙමින් ඒ මුහුණ දිහා බැලුවා. මම මොකක්ද දැන් කරන්නේ..

" නම්ජුන්.. ඒක කරන්නෙ කොහොමද? මට ඒක කරන්න විදියක් නෑ. මම ළමයි ඉන්න කෙනෙක්. ඔයාට මාව විතරක් නෙවෙයි ජේසන්වයි ඇනබෙත් වයි භාර ගන්න වෙනවා. මට එයාලව දාල ඔයා ළගට එන්න බෑ. ඔයා මගේ-"

මට කතාව ඉවර කරන්න වුණේ නැ. නම්ජුන් එක්වරම මගේ කට අතින් වැසුවා.

" ෂ් ... මෙතන කවුරුහරි ඉන්නව වගේ.. වචනයක්වත් කියන්න එපා."
එයා මගේ කනට කරල කිව්වේ වටපිට බලමින්. ඒත් එතන තිබූ පාළු ගස් මණ්ඩිය හැරුණු කොට එහි කිසිවෙකුගේ සළකුණක්වත් තිබුණේ නෑ. මද වෙලාවක් විමසිල්ලෙන් පසු වූ නම්ජුන් අවුල් සහගත බවක් දැක් වුවා. ඉන් පසු මාව ග්‍රහණයෙක් නිදහස් කළා.

" හරි පුදුමයි නේ. මට මේ දැන් ඇහුණා මොකක්ද අමුතු සද්දයක්. සමහර විට සුළග නිසා ගස් හෙලවෙනව වෙන්න ඇති."

"වෙන්න ඇති."
කී මම මගේ අත් බැගය සකස් කර ගෙන එයා දිහා බැලුවා

" නම්ජුන්.. මම එහෙනම් ගෙදර යනවා. ළමයින් ව ඇදට දාන්න මම ඉන්නම ඕන. අපි හෙට හමුවෙමු."

"මම් ඔයාව ඇරලන්නම්." නම්ජුන් මගේ මුහුණට වැටී තිබූ කෙස් රොදක් ඉවත් කරමින් කිව්වා. මගේ හදවත ආයෙමත් වේගවත් ජිග් නැටුමක් යෙදුණා හා සමාන වුණා. දැඩි ආයාසයකින් මම මාව පාලනය කර ගත්තා.

" නෑ .. මම තනියම යන්නම්." මම මිමිණුවා. " සුබ රාත්‍රියක්."

එහෙම කියූ මම ආපසු හැරී විදිය දිගේ ඇවිදගෙන ගියා. මට ඇසුණා නම්ජුන් පිටුපස සිට මට කතා කරන හඩ

" ටාරා.. මම කියපු දේ ගැන හිතල බලන්න... ඔයා මොන තත්වෙක හිටියත් මම ඔයා ගැන හිතනවා. "

මම ඒකට පිළිතුරක් දුන්නේ නැ. ඒත් මම ආපසු හැරි බැලුවා. නම්ජුන් තවමත් මා යන දෙස බලාගෙන හිටියේ අර ලස්සන සිනාවත් සමගයි. මම ආපසු හැරී බලන බව දුටු එයා මට අත වැනුවා. මමත් සිනා සී එයාට අත වැනුවා.

"අදිසි පියාපත් . මගේ අදිසි පියාපත්."

ඒ අතර මගේ හදවත ගීයක් මෙන් ගයමින් සිටියා.

--මතු සම්බන්ධයි

මේක මුලින් ලියන කොට මම හිතන් හිටියෙ කොටස් තුනකින් කතාව ඉවර කරන්න. ඒත් .මේ යන පිළිවෙළට තව එක කොටසක් කතාවට ලියන්න වෙන බවයි මට පේන්නේ. මට මේකටම ඒකත් දාල කතාව ඉවර කරන්න තිබුණා. ඒත් එහෙම වුණොත් කතාව අච්චාරුවක් වගේ වෙනවා. ඒ නිසා තව එක කොටසකට කතාව දිගු කරනවා. ඊයෙ කතාව දාන්න හිටියත් අසනීප වුණ නිසා දාන්න බැරි වුණා. අද කොහොම හරි ඉතුරු කොටසත් දාල කතාව ඉවර කරන්නම්...ඊළග කොටසින් හමුවෙමු 💜️

කෝයා...

Continue Reading

You'll Also Like

1.6M 141K 47
โœซ ๐๐จ๐จ๐ค ๐Ž๐ง๐ž ๐ˆ๐ง ๐‘๐š๐ญ๐ก๐จ๐ซ๐ž ๐†๐ž๐ง'๐ฌ ๐‹๐จ๐ฏ๐ž ๐’๐š๐ ๐š ๐’๐ž๐ซ๐ข๐ž๐ฌ โŽโŽโŽโŽโŽโŽโŽโŽโŽโŽโŽ She is shy He is outspoken She is clumsy He is graceful...
4.1M 170K 63
The story of Abeer Singh Rathore and Chandni Sharma continue.............. when Destiny bond two strangers in holy bond accidentally โฃ๏ธ Cover credit...
13.9K 1.8K 16
why are you acting like that - jungkook - plz go away i cant live with you -Taehyung - ...
38.9K 5.1K 21
๐Ÿ’‹ is love only with lust ๐Ÿ’‹ Kim Teahyung ร— Jeon Jungkook ๐Ÿฏ๐Ÿฐ ๐Ÿ”ž Top - kook โฌ†๏ธ Bottom - tea โฌ‡๏ธ Male pregnancy .. ๐Ÿคฐ ๐Ÿšซ Dont copy my ff ๐Ÿšซ I'm not te...