සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎�...

By ___Sky-Heart___

21.3K 4.3K 3K

ප්‍රේමයේ සිහිනයන් පුරාම ඔච්චම් කරමින් ප්‍රේමයෙන් හදවත් ඒකාබද්ධ කෙරූ හිරි කෝඩු යෞවනයේ ප්‍රේමාන්විත අරගලය ... More

• හැදින්වීම •
• පළමු වන දිගහැරුම •
• දෙවන දිගහැරුම •
• තුන් වන දිගහැරුම •
• හතර වන දිගහැරුම •
• පස් වන දිගහැරුම •
• හය වන දිගහැරුම •
• හත් වන දිගහැරුම •
• අට වන දිගහැරුම •
• නම වන දිගහැරුම •
• දහ වන දිගහැරුම •
• එකළොස් වන දිගහැරුම •
• දොළොස් වන දිගහැරුම •
• දහතුන් වන දිගහැරුම •
• දහහතර වන දිගහැරුම •
• පහළොස් වන දිගහැරුම •
• දහසය වන දිගහැරුම •
• දහහත් වන දිගහැරුම •
• දහඅට වන දිගහැරුම •
• දහනව වන දිගහැරුම •
• විසිවන දිගහැරුම •
• විසිඑක් වන දිගහැරුම •
• විසි දෙවන දිගහැරුම •
• විසිතුන් වන දිගහැරුම •
• විසිහතර වන දිගහැරුම •
• විසිපස් වන දිගහැරුම •
• විසිහය වන දිගහැරුම •
• විසිහත් වන දිගහැරුම •
• විසිඅට වන දිගහැරුම •
• විසිනව වන දිගහැරුම •
• තිස්එක් වන දිගහැරුම •
• තිස් දෙවන දිගහැරුම •

• තිස්වන දිගහැරුම •

430 91 101
By ___Sky-Heart___

" එහාට පලයන්කෝ යුගාන් මගේ අස්සෙම ඉන්නේ නැතුව "

" මේක බස් එකක් යකෝ එහාට යන්නේ මම උබේ රෙද්ද අස්සෙන්ද ?? "

තීනුලගේ ගෙදර යන්න දෙන්නම බස් එකට නැග ගත්තට මොකද බස් එකේ ඇගිල්ලක් ගහන්න වත් ඉඩක් තිබුනේ නැහැ . සැමන් ටින් එකක් පැක් කරලා වගේ කොල්ලො දෙන්නත් ෆුට් බෝඩ් එකෙන්ම එල්ලුනේ දැන් ගෙදර යන්න බස් එකට නැග්ගේ නැත්තම් ආයේ ඉතිම් අනිත් බස් එක එනකල් පැයක්ම බලන් ඉන්න සිද්ද වෙන නිසා .

තීනුට ඉඩ නැතුව කොච්චර වත් යුගාන්ගේ කකුල පෑගුවත් යුගාන් නම් තීනුට වචනයක් වත් කිව්වේ නැහැ . ඒත් යුගාන්ගෙ අතින් වැරදිලා වත් තීනුගේ කකුල පෑගුනොත් තීනු බස් එකේ කියලා වත් නොබලම යුගාන්ට කෑ ගහන්න ගත්තා . තීනු මොනවා කිව්වත් මේ කනෙන් අහලා අනිත් කනින් පිට කරලා යුගාන් පාඩුවේ හිටියා .

" බස් එකේදි හරි කමක් නැහැ උබට ඕනේ රෙද්ද අස්සේම යන්න නේද "

" මෙතන මිනිස්සු නැත්තම් මම උබට කියනවා ඉතිම් "

තීනුගේ බෑග් එකෙන් ඇදලා යුගාන් අමුතු වොයිස් එකකින් කියද්දි තීනු තමන්ගේ ඇස් දෙක හීනි කරලා යුගාන් දිහා බැලුවා . ඒත් එක්කම දෙන්නම බහින තැනින් බස් එක නතර කරද්දි යුගාන්ටත් කලින් තීනු බස් එකෙන් බැහැ ගත්තා . සාක්කුවට අත් දෙකත් ඔබා ගත්තු යුගාන් තීනුගේ බොඩිගාඩ් වගේ තීනුගේ පිටි පැස්සෙන්ම ආවා .

තීනු නිකන් ඇවිදින්නෙත් වෙඩිල්ල වගේ නිසා යුගාන් ලොකු අඩි තිය තිය තීනු ගාවට ආවා . තීනුගේ අතකින් අල්ල ගත්තු යුගාන් තමන්ගේ අත එක්ක තීනුගේ අත පටලව ගනිද්දි තීනු යුගාන්ගේ අත අයින් කරන්න හැදුවා . ඒත් යුගාන් තීනුට රිදෙන විදිහට තීනුගේ අත තද කරද්දි තීනු යුගාන්ට ඇහෙන නොහෙන ගානට මුමුණ මුමුණ බනින්න ගත්තා .

" මේ මහ පාරේ ගෑණියි මිනිහයි වගේ අත් අල්ලන් යද්දි මේ පැත්තේ ඉන්න උන් අපිට කතා හදයි ඕයි "

" ඉතිම් හදපුවාවේ අපේ ඇගේ ගෑවෙනවද ?? "

" උබේ ඇගේ ගෑවෙන් නැති උනාට මගේ ඇගේ ගෑවෙනවා "

" නිකන් ගොන් කතා කියවන්නේ නැතුව ඉදපන් තීනු බබා "

තීනුව තවත් ලගටම ඇදලා ගත්තු යුගාන් තීනුගේ කරෙන් අතක් දා ගත්තා . යුගාන් දිහා හිමීට උගුඩු ඇහැ දාලා බලපු තීනු සද්ද නොකරම එහෙන්මම යුගාන් එක්ක ආවා . බොරුවට යුගාන්ට කෑගැහුවට යුගාන්ගේ අස්සට වෙලා ඉන්න තීනු හෙන ආසයි . ඒත් තීනුට තියෙන අමුතු ලොකු කමයි පඩි කමයි නිසා තීනු එක පෙන්නන්න ගියේ නැහැ .

කොහෙමෙන් කොහොම හරි කොල්ලෝ දෙන්නා ගේ ගාවට එද්දි ගේට්ටුව හාලියා වගේ ඇරලා දාලා තිබුනු නිසා අම්මයි නංගියි ඉස්කෝලේ ගිහින් ගෙදර ඇවිත් කියලා තීනු දැන ගත්තා . ගේට්ටුවෙන් ඇතුලට ඇවිත් දොරකඩින් සෙරප්පු දෙක ගලවලා තීනු සුපුරුදු විදිහටම ගේ ඇතුලට කෑ ගහ ගෙනම ආවා .

" අම්මේ ඔයාගේ රන් කද ගෙදර ආවාආආආආආආආ "

" මොකද බං යටි ගිරියෙන් බෙරිහන් දෙන්නේ ?? පිස්සු හැදිලද උබට ?? "

තෙල් හැන්දත් අතේ තියානම කුස්සියේ හිටපු තීනුගේ අම්මා සාලෙට එද්දි යුගාන් තීනුගේ අම්මා දිහා බලලා හිනා උනා . යුගාන් හිටපු නිසා තීනුට හොදවයින් දෙකක් කියන්න ආපු තීනු ගේ අම්මා එහෙන්මම කට පියා ගත්තා . තීනු සෝෆාවේ මුනින් අතට පත බෑවිලා පුකත් උල් කරන් ඉද්දි යුගාන්ට තීනුගේ පස්ස පැත්ත මිරිකන්න ඕනේ උනත් තීනුගේ අම්මා ඉන්න නිසා යුගාන්ට මුකුත් කර ගන්න බැරි උනා .

" අහ් මේ යුගාන් පුතානේ !! වාඩි වෙන්න පුතේ මොනවා හරි බොමුද ?? "

" අනේ එපා ආන්ටි මුකුත් බොන්න නම් බැහැ "

" එහෙම කියලා බෑනේ දෙහි එකක් හරි මම මිරිකලා හදන් එන්නම්කො "

" බොන්න නම් බැහැ ඒත් ආන්ටි කියන නිසාම බොන්නම්කො "

යුගාන් දත් තිස් දෙකම පෙන්නලා හිනා වෙවී කියද්දි තීනුගේ අම්මා එහෙන්මම මිදුලට ගියේ දෙහි ගහෙන් දෙහි ගෙඩි තුන හතරක් කඩන් එන්න හිතන් . එහෙන්මම තීනු දිහා බලපු යුගාන් තීනු ගාවට ලං වෙලා මුනින් අතට සෝෆාවේ දිගා වෙලා ඉන්න තීනුගේ පුකට ඇගිල්ලෙන් ඇන්නා . යුගාන් ඇගිල්ලෙන් ඇනපු පාර තීනු පුකත් අල්ල ගෙනම අනිත් පැත්තට හැරුනා .

" මගේ පුකේ ඇගිලි ගහන්න නම් එන්න එපා උබ !! "

" ආදරේටනේ බබා මේ සේරම "

" ආදරේට පුකේ ඇගිලි ගහනවද මිනිහෝ !! "

යුගාන් තමන්ට වෙන මොකක් හරි නරක දෙයක් කරන්න ආවා වගේ තීනු යුගාන්ට බනිද්දි යුගාන් හිනා වෙන ගමන් තීනු ගාවින්ම වාඩි උනා . එහෙන්මම තමන්ගේ අතින් තීනුගේ ඉනෙන් අල්ලලා යුගාන් තීනුව තමන්ට හිර කර ගත්තා . ඇස් ගෙඩි දෙකත් ලොකු කර ගෙන තීනු යුගාන්ට හිර වෙද්දි තීනු නම් ඇස් කරකව කරකව බැලුවේ අම්මා වත් එක පාරටම සම්ප්‍රාප්ත වෙයිද කියලා .

" එහාට පලයන් මිනිහෝ !! අම්මා ආවොත් මල හත්ති හුත්තයි "

" ඇයි බයද ?? "

" බයයි තමයි යකෝ !! මට කොස්සෙන් ගහලා උබට සෙරප්පුවෙන් ගහයි . කිව්වම අහලා එහාට පලයන්කො "

තීනු කොච්චර කිව්වත් යුගාන් එහාට යන්නේ නැති නිසාම තීනු චිරිස් ගාලා යුගාන්ගේ බිබික්කම මිරිකලා දැම්මා . එක පාරටම තීනු කරපු දේ නිසා යුගාන් දෙකට තුනට ඇඹරෙද්දි යුගාන් වේදනාවෙන් ඉන්න දිහා බලලා තීනු හිනා උනා . තමන්ට තීනු හිනා වෙනවා දැකපු නිසාම යුගාන්ට මල පැන්නා . එහෙන්මම යුගාන් තීනුව සෝෆාවට පෙරල ගෙන තීනුගේ ඇග උඩට එද්දි තීනු කෑ ගහන්න බැරි කමට දිව හපා ගත්තා .

" මොකක්ද උබ ඒ කලේ ?? මම මීට කලිනුත් කියලා තියෙනවා තමුසෙට ඔය සක්කිලි වැඩේ කරන්න එපා කියලා !! "

" රිදුනද ඉතිම් ?? "

" නැහැ හරි සනීපයි !! හරි නම් උබ අත ගලා බලන්න ඕනේ "

" අත ගාලා බැලුවොත් නගියිද දන්නේ නෑනේ "

" කාටද ?? තමුසෙටද ?? "

" මට නෙමෙයි ඕයි තමුසෙට !! "

තීනු කියපු කතාවට යුගාන් එක පාරටම තීනුගේ බෙල්ල හැපුවා . ගේ දෙදරන්න තීනුට කෑ ගහන්න ඕනේ උනත් තීනු අත හපා ගත්තෙ වෙන කරන්න දෙයක් නැති කමට . ඒ අතර ඉස්කෝලේ ගිහින් ඇවිත් නාලා කරලා කොණ්ඩෙත් පිහිද පිහිද පල්ලෙහට ආපු මන්දාරමී මේක දැක්කේ හැමදාම වගේ වැරදියට . ගේ මැද සාලේ අයියයි මස්සිනයි අල්ලන අඩව්ව දැකලා කෙල්ලට ඉබේටම වගේ කෑ ගැහුනා .

" කැප්ටන් කරේජ්ගේ යට කලිසමේ නාමෙන් ඕක නතර කරන්නයි කිව්වේ මම !! චික් විතරක් මෙච්චර කාමර මේ ගෙදර තියෙද්දි මහා සාලේ මැද ඕවා කරන්නේ මොකද ?? "

මන්දාරමී කොණ්ඩෙ පිහිද පිහිද හිටපු ටවල් එකත් කරෙන් දාගෙන පහලට එන ගමන් කියද්දි යුගාන් ටග්ගාලා තීනු ගේ ඇග උඩින් එහාට උනා . යුගාන්ට යට වෙලා හිටපු ටිකට තීනු තුනටි අමාරුව හැදුනු එකෙක් වගේ කොන්දත් අල්ල ගෙන කෙලින් උනා . ටිකක් වෙලා යුගාන් දිහායි තීනු දිහායි මාරුවෙන් මාරුවට බලපු මන්දාරමී සෝෆාවේ වාඩි වෙලා ඉන්න යුගාන් ගේ බෙල්ලෙන් එල්ලුනා .

" ඔයාලා මොකක් කලත් මට කමක් නැහැ ඒත් යුගාන් අයියේ අපේ අයියව වැඩිය කරට ගන්න නම් එපා .. මං හිටියේ යුගාන් අයියා එන කල්මයි මට ඔයාව මතක් උනා අනේ "

මන්දාරමී මූණත් බෙරි කරන් කියද්දි යුගාන් හිනා වෙන ගමන් කෙල්ලගේ කොණ්ඩේ ඇවිස්සුවා .

" දැන් ඉතිම් මම ආවනේ ඒක නෙමෙයි මම ආපු නැති දවස් ටිකේ ඔයාගේ මෝට්ට තකතීරු අයියා ඔයාට වද දුන්නද ?? "

" මොනවා අහනවද යුගාන් අයියේ ඊයේ මෙයාගේ කාමරේ මම අස් කලේ නැහැ කියලා මෙයා මගේ ආසම ටෙඩියව ප්‍රාණ ඇපේට අරන් බලහත් කාරෙන් එයාගේ කාමරේ අස් කර ගත්තා ම්හ්හ් තව මෙයා මං කැතයි කියලත් කිව්වා "

මන්දාරමී තොල් පිට පෙරල පෙරල යුගාන්ට කේලම් කියද්දි තීනු ඇස් දෙක ලොකු කර ගත්තේ මන්දාරමී තමන් නොකියපු ඒවත් යුගාන්ට කියලා යුගාන්ව උසිගන්වන නිසා . දැනට මත් යුගාන් තමන් දිහාවට බැල්ම දාගෙන ඉන්නවා ඇස් කොනෙන් දැකපු තීනු වැරදිලාවත් යුගාන් දිහා නොබලා ඉන්න තරම් පරිස්සන් උනා මොකද තීනු උනත් දන්නවා යුගාන් මන්දාරමීට ගොඩක් ආදරෙයි කියලා .

" තීනු තමුසෙට මම කලින් කියලා තියෙනවා නේද පොඩි කෙල්ලගෙන් වැඩ ගන්න එපා කියලා ?? "

" පොඩි ?? හොද පොඩි !! තමුසෙ මේකි ගැන දන්නේ නැහැ පොඩි පාටට හිටියට මේකි හොදට හැදිලා ඉන්නේ "

" ඔය වයසෙදි තමුසෙ ඊටත් වඩා හැදිලනේ හිටියේ !! මගෙන් මුකුත් අහ ගන්න එපා "

යුගාන් තීනුට ඇගිල්ලකුත් දික් කරලා කියද්දි මන්දාරමී තාමත් යුගාන්ගේ බෙල්ලේ එල්ලී ගෙනම තීනුට ඇද කරන්න ගත්තා . තීනු මන්දාරමීට රවලා අහක බලා ගත්තේ යුගාන් ගියාට පස්සේ මන්දාරමීට හොද ගේමක් දෙන්න හිතන් . යුගාන් නම් දිගටම මන්දාරමීව හුරතල් කර කර ඉද්දි තීනු වපර ඇහැ දාලා යුගාන් දිහා බැලුවා . ඒත් යුගාන්ට නම් තීනු කියලා එකෙක් ඉන්නවා කියන එක ගැන වත් වගක් තිබුනේ නැහැ .

යුගාන්ගේ අවදානය තමන්ට නැති නිසා මූණත් පුක කරන් තීනු අත් දෙක බැද ගත්තා . ඒ අතරේ තීනුගේ අම්මා වත්තේ දෙහි ගහෙන් කඩා ගත්තු දෙහි වලින් කට්ටියටම දෙහි බීම හදා ගෙන සාලෙට අර ගෙන එද්දි යුගාන්ගේ බෙල්ලෙ එල්ලිලා හිටපු මන්දාරමී සේරටම කලින් දෙහි වීදුරුවක් අරන් බොන්න ගත්තා . දෙහි බීම කියන්නේ මන්දාරමීට නම් ආගමක් . ඒ තරමටම කෙල්ල දෙහි බීම වලට ආසයි .

තීනුගේ අම්මා යුගාන්ටත් දෙහි වීදුරුවක් දෙද්දි තීනුත් ඉතුරු උනු අනිත් දෙහි එක අරන් බොන්න ගත්තා . දෙහි වීදුරුවෙන් උගුරක් දෙකක් බොද්දි යුගාන්ට කොන්සට් එක ගැන මතක් උනු නිසා කුස්සියට යන්න ගියපු තීනුගේ අම්මට කතා කලා . යුගාන් අම්මට කතා කරපු නිසා තීනුත් යුගාන් දිහා හැරිලා බලන් හිටියා .

" ආන්ටි මම අනිද්දා කොන්සට් එකක් බලන්න යන්න ඉන්නේ හැබැයි මම හෙටම යන්න තමා හදන්නේ හැබැයි මගේ ගාව වැඩි පුර ටිකට් එකකුත් තියෙනවා ඒක නිසා මාත් එක්ක යන්න තීනුව එවන්න පුලුවන් ද ?? "

යුගාන් එක පාරටම ඇහුවත් ඒකට තීනුගේ අම්මගෙන් ඉක්මන් පිලිතුරක් නම් ලැබුනේ නැහැ . ටිකක් වෙලා තීනු දිහායි යුගාන් දිහායි බලපු තීනුගේ අම්මා යුගාන්ට කතා කලා .

" යුගාන් පුතා යනවා නම් මම මූව බලුකිස්ථානෙට හරි එවන්නම් "

අම්මා ගෙන් කොහොම හරි තමන්ට ඕනේ වචනේ ලැබෙද්දි තීනුගේ හාට් එක බේස් ඩ්‍රම් ගහන්න ගත්තා .

" එහෙනම් ආන්ටි තීනුව අනිවාර්යයෙන්ම එවන්න "

" දැන් කොහොමද දෙන්නා යන්නේ බස් එකේද ?? "

" බස් වල කරදයි නේ ඒක නිසා කාර් එකේ යන්න තමා හිතන් ඉන්නේ "

" ඒක හොදයි හැබැයි පරිස්සමෙන් යන්න ඕනේ අහ් තව දෙයක් යුගාන් පුතේ මේකට අරක්කු බියර් වගේ ජරාව නම් කට ගාන්න දෙන්න එපා හැබැයි මූ එහෙම මොනා හරි ගත්තොත් මුට අඩු කැඩෙන්න ගහන්න මං මුකුත් කියන්නේ නැහැ "

තීනු එක පාරටම තමන්ගේ ඇස් දෙකත් ටොම්බා සයිස් කරන් තමන්ගේ අම්මා දිහා බැලුවේ අම්මා කිව්ව කතාවට . යුගාන් හරියට බොන්නේ නැති එකා වගේ අම්මා කියන කියන දේට ඔලුව වනද්දි තීනුට යුගාන්ගේ පුකට වෙඩි තියලා හිරේ යන්න හිතුනා . කැම්පස් එකේ තිබුනු ඩීජේ පාටි එකේදී අම්මට හොරෙන් බීපු බියර් උගුර ඇරෙන්න තීනු ඉන් එහාට නම් ගිහින් නැහැ .

" ඕක මොකක්ද ආන්ටි මම මෙයාව හොදට බලා ගන්නම්කෝ "

යුගාන් නිකන් අමුතු ටෝන් එකකින් තීනු දිහා බලන් කියද්දි තීනුට නම් යුගාන්ව වැඩිය ඇල්ලුවෙම නැහැ .

" කෝ කට්‍ටිය බීලා ඉවර නම් වීදුරු ටික දෙන්නකෝ "

තීනුයි යුගානුයි ට්‍රේ එක උඩින් හිස් වීදුරු දෙක තියද්දි මන්දාරමී තමන්ගේ හිස් වීදුරුවත් ට්‍රේ එකෙන් තියලා උඩට ගියේ ලොකු අය සේරම කතාවට වැටෙද්දි තමන්ට මෙතන ඉදන් කරන්න දෙයක් නැති නිසා . තීනුගේ අම්මා ට්‍රේ එකත් අරන් කුස්සියට යද්දි තීනු යුගාන් දිහා කන්න වගේ බලන් හිටියා . කොන්සට් එක බලන්න යන්න යුගාන් අම්මව කැමති කරවලා දුන්නු නිසා තීනුට යුගාන් ගැන පොඩි මෙව්වා එකක් ඇති උනත් යුගාන්ගේ සමහර වචන නම් තීනු ට ඇල්ලුවේ නැහැ .

" මං දන්නවා බබා මම ලස්සනයි කියලා ඒත් ඔහොම බලන් ඉන්න එපා මට ලැජ්ජ හිතෙනවා "

" ඉදකින් තෝ නම් නරුමයා "

" නරුමයා ?? කොන්සට් එක බලන්න යන්න ගෙදරින් අවසර අර ගෙන දුන්නට පස්සේ මට තෑන්ක්ස් නොකර ඔයා ඔහොම කතා කරන එක හරි කැතයි බබා !! මැනන්ස් ටිකක් ඉගෙන පීස් "

" මැනන්ස් මං කියන් නැහැ ඉතිම් "

තීනු ගස්සලා පුප්පලා යුගාන්ට කියද්දි යුගාන්ගේ තොල් කොනේ ඉබේටම වගේ හිනාවක් රැදුනා .

" හොරෙන් බීලා නම් අහු වෙන්න එපා බබා ඔයාගේ අම්මා මට ඔයාගේ අඩු කඩන්න අවසර දීලා තියෙන්නේ "

යුගාන් කකුලක් පිට කකුලක් දාගෙන හෙන ගැම්මෙන් කියද්දි තීනු තමන්ගේ දිව හපා ගත්තා .

" ඉතිම් ඕයි මම බීලා තියෙනවද කියහන් ?? "

" ඇයි ඇයි එදා ඩීජේ එක දවසෙදි උබ බියර් එකක් බිව්වේ මම මගේ ඇස් දෙකෙන් ඒක දැක්කා බබා "

යුගාන් හරි සද්දෙන් කියද්දි තීනු එක පාරටම යුගාන්ගේ කට තමන්ගේ අත් වලින් තද කලේ එදා ඩීජේ එක දවසෙ තමන් නටපු ඉතුරු නාඩගම් ටික යුගාන් මෙතන එලියට දැම්මොත් තමන්ට යන එන මන් නැති වෙන නිසා .

" ශ්ශ් කෑ ගහන්න එපා බිජ්ජෝ මොට්ටයෙක් වගේ .. අම්මා කුස්සියේ ඇහුනොත් එහෙම මාව කයි යකෝ "

තීනුගේ නලල දෙපැත්තෙන් දාඩියත් තැනින් තැන බයටම තැවරෙද්දි යුගාන් නම් කලේ තීනුට තොලුත් තද කරන් හිනා උනු එක . යුගාන්ට ඉතිම් නොසෑහෙන්න නිදහස එයාගේ ගෙදරින් දීලා තිබුනත් එහෙම නිදහසක් තීනුට නම් දීලා තිබුනේ නැහැ .

" තීනු මෙහෙට පොඩ්ඩක් එන්න "

කුස්සියේ ඉදන් තීනුගේ අම්මා තීනුට කතා කරද්දි තීනු යුගාන්ට රවා ගෙනම කුස්සියට ගියා . පැණි වළලු වගයක් දීසියට දාලා තීනුගේ අම්මා තීනු ගෙ අතට දෙද්දි තීනු හිතුවෙම අම්මා මේක දෙන්න ඇත්තේ යුගාන්ට ගිහින් දෙන්න කියලා උනත් අම්මා කිව්වේ වෙනම කතාවක් .

" මේ පැණි වළලු ටික මිදුලේ තට්ටුවෙන් ගිහින් දාලා එන්නකෝ සත්තුන්ට කන්න "

" ඇයි අපිට කන්න බැරිද "

" ඕවා ටික මුඩු වෙලා කෑවොත් එහෙම තොට බඩේ අමාරුව හැදෙයි .. ඕක ගිහින් සත්තුන්ට දාලා එන්න "

පැණි වළලු දීසිය තීනුගේ අම්මා තීනුට දීලා කියද්දි තීනුගේ මූණේ වෙනම කපටි සූත්තර හිනාවක් ඇදුනා . මන්දාරමීට සපෝට් කරලා යුගාන් තමන්ට බැනපු හැටි තීනුට මතක් වෙද්දි යුගාන් ආසම කෑමක් උනු පැණි වළලු වලින් තීනු පළිගන්න හිතුවා . ස්නෝව් වයිට්ට ඇපල් ගෙඩිය දීපු නපුරු මායාකාරි වගේ තීනු මුඩු උනු පැණි වළලු දීසියත් අරන් යුගාන් ගාවට ගියා .

කුස්සියට යන්න කලින් තමන්ට රව රව හිටපු එකා කුස්සියෙන් එලියට එද්දි පැණි වළලු දීසියකුත් අතේ තියන් දත් තිස් දෙකත් පෙන්නන් හිනා වෙවී එද්දි යුගාන්ගේ කුඩා මොලේ පවා ඇඹරිලා ගියා . මුඩු වෙච්ච පැණි වළලු දීසිය යුගාන්ගේ අත් දෙක උඩින්ම තීනු තියලා යුගාන්ගේ එහා පැත්තෙන් වාඩි උනා .

" කන්න කන්න ඔයාට ගෙනාවේ කන්න බැරි නම් මම කවන්නද "

පැණි වළලු දීසිය දැක්කට පස්සේ කවදාවත් නැතුව තීනු තමන්ට මෙච්චර හොදට සලකන්නේ ඇයි කියලා වත් යුගාන්ට හිතන්න ඕනේ උනේ නැහැ .

" මේ ඔක්කොම මටද ?? "

" නැත්තම් ඔයාට තමයි ඔය සේරම "

යුගාන්ගේ මූණ කියා ගන්න බැරි සතුටකින් පිරෙද්දි කොල්ලා තවත් එක විනාඩියක් වත් නාස්ති නොකර පැණි වළලු දීසිය තීනු බලන් ඉද්දිම ඉවර කරලා දැම්මා . ආදර කතා වල ඉන්න දුෂ්ටයා වගේ තව ටික වෙලාවකින් යුගාන්ට සිද්ද වෙන්න යන දේ ගැන හිත හිත තීනු මහ කැත හිනාවක් දාගෙන මේ දිහා බලන් හිටියා . ප්‍රේමයේ නාමයෙන් තීනු උදාරයි උදාරයි !!

" තීනු ඔය මුඩු වෙච්චි පැණි වළලු දීසිය සත්තුන්ට දැම්මා නම් දීසිය දෙන්න මට හෝදලා දාන්න "

කුස්සියේ ඉදන් ඔහොම කියා ගෙනම තීනුගේ අම්මා එද්දි යුගාන්ගේ ඇස් ගෙඩි දෙක ඉබේටම ලොකු උනා . මුඩු රහක් ආවද කියලා වත් යුගාන්ට තේරුනේ නැත්තේ තමන් මල පෙරේතයා වගේ පැණි වළලු ටික කාලා දැම්ම නිසා , උනත් දැන් දැන් නම් යාන්තමට මුඩු රහක් යුගාන්ට දැනෙන්න ගත්තා . යුගාන් දිහා බලන් අමුතු හිනා වක් දාගෙන තීනු ඉද්දි යුගාන්ට තේරුම් ගියා මේක තීනුගේ කුමන්ත්‍රණයක් කියලා .

" පාරේ අයිනේ සුනඛයෙක් ඉදලා ඌට දැම්මා අම්මේ ඌ සේරම ටික කෑවා පව් බඩගින්නේ ඉන්න ඇත්තේ "

තීනු යුගාන් දිහා බලන් කියද්දි යුගාන්ට තීනුට දෙකක් ඇන ගන්න බැරුව තමන්ගේ යටි තොල හපා ගත්තා . යාන්තමින් යුගාන්ගේ බඩේ පැත්තෙන් පැත්ත කැක්කුම ගද්දි පැණි වළලු වල පව්ර් එක දැන්මම වැඩ කරන්න ගත්තා .

" කොහොම හරි සතෙක්ට දැම්මා නේ කෝ දැන් ඔය දීසිය දෙන්න වලං පිගන් එක්ක එක පාරම හෝදලා දාන්න "

යුගාන් කාලා ඉවර වෙලා ස්ටූල් එක උඩින් තියපු දීසිය තීනු අම්මගේ අතට දෙද්දි තීනුගේ අම්මා දීසියත් අරන් කුස්සියට ගියා . කරපු පාහර වැඩේට යුගාන් තීනුට දෙකක් අනින්න හිතන් තීනු දිහාවට හැරුනත් තීනු එක පාරටම යුගාන්ව සෝෆා එකට තල්ලු කරලා දාලා ස්ටූල් එක උඩින් පැනලා යුගාන් ගාවින් එහාට ගියා .

" එහෙනම් යුගාන් මම ලැට් එකට ගියා හෙන ගැහුවත් දොරට තට්ටු කරන්න එපා එච්චරයි "

තීනු එහෙම කියලා උඩ තට්ටුවෙ තියෙන වොශෘම් එකට දුවද්දි යුගාන්ට නම් දැන් ඇත්තටම වොශෘම් එකට යන්න තරම්ම අමාරු උනා . සෝෆාවෙන් නැගිටලා පනු අමාරුව හැදිච්ච එකෙක් වගේ යුගාන් තීනුගේ පස්සෙන් උඩ තට්ටුවෙ තියෙන වොශෘම් එක ගාවට ගියත් ඒ වෙන කොටත් තීනු ඇතුලට වෙලා සිංදුවකුත් කිය කිය නාන ගමන් හිටියා ..

" තීනු සෙල්ලම් කරන්න එපා වරෙම් බං එලියට "

යුගාන් වොශෘම් එකේ දොරට තට්ටු කර කර තීනුට කතා කලත් තීනුට නම් දැන්මම වොශෘම් එකෙන් එලියට එන්න ඕනේ උනේ නම් නැහැ .

" සමාවෙන්න කුමරුණි මේ මොහොතේදී ඔබගේ පෙම්වත වන තීනු කුමරුන් ස්නානය කරමින් සිටින බැවින් කරුණාකර පසුව පැමිණෙන්න "

තීනු ඒ අස්සේ කුනුහරප කියවද්දි යුගාන්ට අහවල් වැඩේ මග යන්න තරම් හදිසී උනා .

" උබ දීපු පැණි වළල්ල
කෑවා මමත් හනිකට
දැන් නම් බඩ හැම තැනම
රිදෙනවා රෙන්නට බැරුව
තෝ නාවෝතින් ලැට් එකෙන් එලියට
දොර කඩන් මා එන්නෙමි සනික "

" අහ් වරෙන් වරෙන් මූකලන් බස්සා ...

මගේ හැඩ නිරුවත දැක්කොත් උබ අද
අම්මපා කපනවා තොගෙ ඔය ඇට දෙක "

යුගාන්ට රෙන්න බරේ අමාරුවෙන් ඉද්දි තීනු ඇට දෙකක් ගැන කියවලා යුගාන්ගේ අමාරුව තවත් වැඩි කලා . හොද හුස්මක් ගත්තු යුගාන් එකයි දෙකයි තුනයි කියලා වොශෘම් එකේ දොරට හොද පයින් පාරක් දුන්නේ හන්ජි බිරිස් ගාලා වොශෘම් එකේ ලොක් එක පනිද්දි . ඇතුලට වෙලා සුවද සබන් ඇග ගාලා හායි හූයි කිය කිය හිටපු එකා ඒ අස්සේ රත් වෙද්දි යුගාන් වොශෘම් එක ඇතුලට ටග් ගාලා ආවා .

" මේ ජොකා ඇද ගෙන පලයන් එලියට "

වොශෘම් එකේ දොර පිටි පැස්සේ තීනු ගේ එල්ලලා තිබුනු ජොකාව ඇගිලි වලින් අල්ල ගත්තු යුගාන් තීනුගේ මූණට විසික් කරද්දි හද්ද හෙලුවෙන් හිටපු තීනු පටස් ගාලා ජොකාව ඇද ගත්තා .

" උබ රීලා ආ පසුව

අල්ල ගන්නම් මම ඇට දෙකෙන්ම "




To be continue

_________________________________________

රොමෑන්ටික් සරණං ගච්චාමි

😓

ඊලග එකේ මක් වෙයි කියලද හිතන්නේ

වෝට් කමෙන්ට් කරන අයට කුමාවෝ 💕

Continue Reading

You'll Also Like

80.5K 1.7K 16
Desire for her Pirate Lord is rated Mature for romance, and sex scenes. London, England, 1838. Lady Maggie Shale is a young woman who is supposed to...
860 52 9
Victoria, Jolie, sûre d'elle ,grande gueule mais ça, c'est le visage qu'elle veut donner et que les autres voient. La vrai Victoria vit tout les jour...
2.2K 80 10
[WARNING: CANON DIVERGENCE] Here again, another time and more people to help. Not his ideal world but it's hard to say no when someone has took you i...
1.9K 317 5
අලුත් අවුරුදු තෑග්ගක් zhanyi ,taekook shipers ලට