තත් 🔞

By sheronhesaraa

25.9K 1.1K 1K

තත් හතක් මත වැටුනු පිනිකැට කියන අරුමැසි ආදරේ ....♥♥♥ More

පළමුවන ස්වරය.♥
දෙවන ස්වරය ♥
තෙවන ස්වරය ♥
සිව්වන ස්වරය ♥
පස්වන ස්වරය ♥
සයවන ස්වරය ♥
සත්වන ස්වරය ♥ 🔞
අටවන ස්වරය ♥ 🔞
නවවන ස්වරය ♥
දසවන ස්වරය ♥ 🔞
එකොලොස්වන ස්වරය ♥
දොළොස්වන ස්වරය ♥
දහතුන්වන ස්වරය ♥
දහ හතරවන ස්වරය ♥
පහළොස්වන ස්වරය ♥
දහසයවන ස්වරය ♥🔞
දහ හත්වන ස්වරය ♥
දහ අටවන ස්වරය ♥ 🔞
දහ නවවන ස්වරය ♥
විසිවන ස්වරය ♥
විසි එක්වන ස්වරය ♥ 🔞
විසිදෙවන ස්වරය ♥
විසි තුන්වන ස්වරය ♥
විසි හතරවන ස්වරය ♥
විසිපස්වන ස්වරය ♥
විසිහයවන ස්වරය ♥
විසිහත්වන ස්වරය ♥
විසිනවවන ස්වරය ❤️🔞
තිස්වන ස්වරය ❤️
තිස් එක්වන ස්වරය ❤️ 🔞
Special note

විසිඅටවන ස්වරය ❤️

410 20 71
By sheronhesaraa

"මගේ කඳුලු වැල් ඔබට සිනා රැල්
මගේ සුසුම් වැල් ඔබට පවන් රැල්

ප්‍රේමය මල් සුවඳක් සේ හමා ආ දිනේ
කෙලෙස සිතන්නද එය මන්
මෙවන් චන්ඩ මාරුතයක් වී
හැඟුම් පියාපත් සිඳී කියා

ප්‍රේමය සඳ එලියක් සේ ගලා ආ දිනේ
කෙලෙස සිතන්නද එය මන්
මෙවන් රුදුරු ගිනි දැල්ලක් සේ
සිතුම් වලාවන් දවයි කියා"

හැමදේම ලස්සනට ගලා ඇවිත් එකතැනකදි නැත්තටම නැතිවුනාම කොයිතරම්නම් දුකක් වේදනාවක් දැනෙනවද...ස්වර්ගයක් කියලා ළඟට ගත් හදවතම මිහිපිට නිරයක් මවාතියා ගියොත්...

දැනිලා තියෙනවද හැඟීම් දාහක් පිරිලා තිබුනු හිතක් එකසැරේම හිස් වෙද්දි දැනෙන වේදනවා...දැනිලා තියෙනවද තමා වටේ දාහක් දෙනා උන්නත් උබ තනිවෙලා කියලා දැනෙන වේදනවා...වෙනදා ආදරනීයව හැඟීම් පිරිලා තිබුනු කටහඬවල් අද කිසිම හැඟීමක් නැති බොල් හඬින් තමන්ට කතාකරද්දි දැනෙන වේදනාව...ආදරේ උපරිමෙන්ම විඳලා හරි ඉක්මනින් ඒ ආදරේ තමන්ගෙන් ඈත්වෙනවා , තමන් නැතුව ජීවත් වෙන්න පුරුදුවෙනවා කියලා දැනෙන වේදනාව...මේ වෙද්දි ශෙරෝන් ඉන්නෙත් ඔන්න ඔය වගේ තැනක...

ආදරෙන් ළඟට ගත්ත මාව එයා ම එයාගෙ වචන වලින් කීතු කීතු කරලා දානවා...ක්ශනික කෝපය...ඔව් ඒ ක්ශනික කෝපය...එයා අනිවාරෙන්ම මේ වචනයක් ගානේ ම පසුතැවෙනවා තරහ නිවුනම...ඒත් එතකොට මට මොකද වෙන්නෙ...මේ වචනවලින් සිදුරු වුනු පපුවට මම පැලැස්තර කොහෙන් හොයන්නද...

වචනයක් කියන්නෙ ගොඩාක් බලවත් දෙයක්...වචනයක් පිට කරන්න කලින් එකපාරක් දෙපාරක් සියපාරක් නෙවෙයි දහස් වතාවක් හිතන්න...මොකද ඒ වචනෙන් හිතක් බිඳෙන්නත් පුලුවන් , ජීවිතයක් නැතිවෙන්නත් පුලුවන් , ජීවිතයක් රැකෙන්නත් පුලුවන්....ටික දවසකින් මේ වේදනවා මටත් අමතක වේවි...ඒත් මෙහෙම වචන එයාගෙ කටින් පිටවුනා කියලා මට අමතක කරන්න පුලුවන් වේවිද...දෙවියනේ පුලුවන්නම් මට මේ මතක අමතක කරන්න මගක් හොයලා දෙන්න.

මම ඒ සිනිඳු හිසකෙස් අස්සෙන් හෙමීට මගෙ ඇඟිලි ගෙනිච්චා...මට බැනලා බැනලා රිද්දලා එයා හරි සනීපෙට නිදි...එයාගෙ ඇඟට අතපය දාන්න එපා කියලා පරසක්වල ගැහුවට මොකද මම ඈත්වෙන්න වෙන්න මගෙ උනුහුමටම ගුලිවෙන එයාව මම මගෙ එක අතක් උඩට ගත්තා...ලේන් පැටියෙක් වගේ අත් කකුල් සේරම වකුටු කරගෙන ඉන්න හැටි...හරිම අහින්සකයි.

හැබැයි මූගෙ අහින්සක පාට පේන්න නම් නින්ද යන්නම ඕන...

කොට්ටෙකට තදවෙලා ඒ තොල් දෙක තැලිලා...ඌරු හොටෙක් වගේ...කොන්ඩෙ එහෙ මෙහෙ වෙලා...ඇස් පියන් හරි ලස්සනට සීල්වෙලා...පපුව උඩපහල යනවා...මගෙ අත උඩ එයා එහෙ මෙහෙ ඇඹරෙනවා...මට රිශෙනවා...ඒත් මන්දා මන් උබව අයින් කරන්න හිත හදාගන්නෙ කොහොමද...උබ මගෙ පනනෙ...කොච්චර රිදුනත් මම අල්ලගෙන ඉන්නවා , මොකද මගෙ ජීවිතේ උඹ නිසා.

මේ අෆයාර් එක ඇතුලෙ එකෙකුට පොඩ්ඩක් සැලෙන්ඩර් වෙන්න ම වෙනවා...උබට බැරිනම් මටවත් ඒක කරන්න වෙනවා...ආදරේට පොඩ්ඩක් සැලෙන්ඩර් වෙනවා කියන්නෙ මදිපුංචිකමක් නෙවෙයි මට...හැබැයි බබා මතක තියාගනින් මම ගොනෙක්වත් මෝඩයෙක්වත් නිවටයෙක්වත් පොන්නයෙක්වත් නෙවෙයි...උබ උබේ සීමාවෙ ඉඳන් ඕන තරමක් මට සැරදාපන්...ආදරේ නාමෙන් මම කැඩෙන බිඳෙන හදවතේ පැලැස්තර අලවන්නම්...ඒත් උබ සීමාව පැන්නොත් ඒකත් මම එදාට බලාගන්නම්...එදාට මම උබට අත තියා ඇඟිල්ලක්වත් උස්සන්නෙ නෑ....මම නිහඬවම යන්න යනවා උබේ ජීවිතෙන් සදහටම...ආයෙ කිසිම හේතුවකට නෙතූ කෙනෙක් ඉතුරු නොවේවි මගෙ ලෝකෙ එහෙම වුනොත්....මොකද මම උබට ආදරේ මිසක් බය නෑ බබා...ගරුත්වය විතරයි තියෙන්නෙ...මම උබව මගෙ හිස උඩින් තියාගෙන ඉන්නෙ...එතනම ඉන්නවද කකුල් දෙක ළඟ වැටෙනවද කියලා තීරනය කරන්න ඕන ඔයාමයි...මොකද කොයිතරම් හයිය යකඩයක් වුනත් ඕනිවට වඩා තෙමෙද්දි මලකඩ කාලා කුඩු හැලෙන්න ගන්නවා...ඒ නිසා මගෙ හදවත ඕනිවට වඩා රිද්දන්න එපා...මම දනන්වා ඔයා මට චීට් කරන්නෙ නෑ කවදාවත්...ඒත් ඔයාට කේන්ති ගියාම කියන වචන තනිකරම කිනිසි පාරවල්.

"ම්ම්ම්ම්හ්හ්ජ්..ජ්ස්ක්..."

"ආ හරි හරි...නිදාගන්න...හරි..."

මදුරුවෙක් කෑවද කොහෙද...එයා පොඩ්ඩක් කෙඳිරිගාලා දඟලලා ආයෙම නින්දට වැටුනා...හැබැයි මගෙ නින්දනම් අද අහලකවත් නෑ...එයාගෙ වචන තරහට කියන වචන බව දන්නවා වුනත් ඒ වචනවලට මට නොසෑහෙන්න රිදුනා...එයාගෙන් කැමැත්ත අහපු ඩොක්ටර් අයිය කෙනෙක් ඉන්නවා කිව්වා...එයාට කැමති වෙනවා කිව්වා...ඔව් මම හෙට එයා එක්ක කතාකරන්න ඕනි මේ ගැන...එයාට මට වඩා ඒ අයියව ගැලපෙනවනම් මම අයින්වෙන එකයි හොඳම දේ.

නිදි මත අහලකවත් නැහැ...සින්දු අහන්න බෑ...මොකද අහන සින්දුවක් ගානෙම තෙත් වෙන කොට්ටෙ නඩුකියන්න බැරි නෑ...ඒ වගේම ඇස් දෙපැත්තෙ කඳුලු පාරවල් වලට අගල් කැපිලා...ඇස් යට කලු ගහලා...

ඒ නිසා මම ආවා මම අලුතින් යූස් කරන්න ගතපු ඇප් එකකට...මම ෆේක් ආවෙ 2018...එදා ඉඳන් අද තාක් මම ආසාවෙන්ම කරපු දේ තමා කතා කියවපු එක...ඒත් දැන් දැන් එතනත් මොකක්දෝ ප්‍රශ්නයක්...සකරබර්ග් සමහර වචන යූ ස්කරන්න නොදෙන නිසා කතා රිපෝට් වෙන්න අරන්...ඒ නිසා එයාලා අලුතින් ඇප් එකක් හොයාගෙන ඒකෙ තමා කතා පලකරන්නෙ.. ඒ තමා වට්පෑඩ්...ශෙනුන් අයියලා එහෙම කියන්නෙ නම් වට්ටිය කියලා...හොයලා හොයලා මමත් මේ ඇප් එක දාගත්තෙ කතාටික කියවන්න ඕන නිසා...මම ඒවට ඇබ්බැහිවෙලා.

ශෙනුන් අයියගෙ දෙමස්සිනෝ...මේක හරි ලස්සන කතාවක්...යොමේන් - යෙවිශ් - යුවිත් කියන නම් තුන එක්ක දුවන තුන්කොන් ආදර කතාවක්...ඊලඟට අහස්මේඝය , ගර්ජනා , වර්ශා , වේද් , උරුමය මේවත් එයාගෙම තමා....shenun

ඊලඟට ආශි අහින්සා...රතුරෝස , ආශාද්  වලින් පටන් ගත්තම අහින්සයි දිනුකයි එක්ක ආශාද් සහ නිම්නාද් වෙනකල්...ලස්සනට අකුරු කරලා BLinkergurl

ශිරාන් සුනෙත්ගෙ අකුරු එක්ක විනෝද් , සූකිරි , සමනලී , හින්නා , ඩස්පියා , සචිනි , ලෝචනා ,බෝල්ට් , තිලෝකා , ගිහාන් අයියා , විනෝද්ගෙ අඹගහ , සාශා , ශිරාන් , චාරු , ස්වැග් , ඩයිනා , සහස් ....ඒ චරිත අදටත් පනගැහෙනවා මගෙ මතක පිටුඅස්සෙ....ShiranSuneth

ඊළඟට සෙනෙහස් , බේබි හාමු , නිරෝද එක්ක වෑකන්ද වලව්ව වටේ රවුමක් ගහලා එන්න ගිවන්තයි මහීමයි එක්ක කයියක් ගහන්න මම හරියට ආසාකලා sakunwirajEddirimann

තව සහෝ , සක් , back door , හන්තාන සිහිනය , වාසිටි අසම්මතය , ජස්ටිස් මෙකී නොකී කතා ගොන්නක් මගෙ හිත බැඳගෙන තිබුනා...

ඉතින් ඔන්න ඔය විදිහටයි මම වට්පෑඩ් කියන ඇප් එකට එන්නෙ...

හරි ඒ කතාවලින් වැඩක් නැහැ...මේ ගෙවෙන්නෙ 2022 අවුරුද්දෙ මැද...ජුනි...ළඟ ලඟම එන්නෙ මගෙ බර්ත්ඩේ එක...එයාට ගානක්වත් නෑ වගේ...කමක් නෑ ඒකටනම්...එයා ගොලුවෙක් වුනානම් මම මූට මීටත් වඩා ආදරේ කරාවි 😒

කියවන්නම් දෙයක් නෑ වගේ...ඒත් ආයෙම මම යූටියුබ් එක පැත්තට ආවෙ නිදිමත පේන මානෙක නැති ඇස් කඳුලු වලින් ගලවලා වෙන දෙයක් එක්ක බිසී වෙන්න.

හිතේ තෙරපෙන දුක තදින්ම පපුව තෙරපවද්දි ඇඟිලි දුවන්නෙම විරහ ගීත හොයාගෙන...

"දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට
සිහිනෙක දැවටී ඔබ එනවා
සිත හිරකරගමි ඔබට නොයෙන්නට
සිතුවිල්ලක් වී ඔබ එනවා."

එයා නිදි...එයාට හරි සනීපෙට නින්ද් ගිහින්...මන් එක්ක යුද්දෙ ප්‍රකාශ කරපු එකා හරි සනීපෙට නිදාඉද්දි මගෙ හිත කොහෙදෝ දුර ඈතක අතරමන් වෙලා තිබුනා.

මම ශෙරෝන් හේසර...අවුරුදු 13 දි තමා මම ෆස්ට් අෆයාර් එක පටන්ගත්තෙ...ඒ කෙනාගෙ නම සෙනුරි...ඔව් ඔයාලට පුදුම ඇති...අවන්කෙන්ම කිව්වොත් මම හිතන් උන්නේ මම ෆුල් ස්ට්‍රේට් එකෙක් කියලා මුල් කාලෙම...පොඩි පොඩි තැන්වල හුරතල් අයියා බබාලා හිතේ පොඩි පොඩි භූකම්පන ඇතිකලත් මගෙ හිත දිව්වෙම ලස්සන කොන්ඩෙ දිග අහින්සක කෙල්ලො ළඟට...
සෙනුරි එක්ක අෆයාර් එක ඉවරවෙලා තව කෙල්ලො කීපදෙනෙක් එක්කම අෆයාර්ස් තිබ්බා...ඒවා ගොඩාක් කල් තිබුනු ඒවා නෙවෙයි...දවසෙ දෙකේ ඒවා ...සතියෙ මාසෙ ඒවා...

ඊළඟට අවුරුදු 15 දී මන් අෆයාර් එකකට ගියා විහඟි කියලා ගර්ල් කෙනෙක් එක්ක...මගෙ ජීවිතේ ෆස්ට් ටයිම් මම කායිකව සතුටක් වින්ද අෆයාර් එක ඒක...ඒත් ටික කාලයක් යද්දි මට මන් ආදරේ කරන කෙල්ලන්ව එපාවෙන්න ගත්තා...ඉතින් මන් හෙටීට පැත්ත මාරු කලා...ඇත්තෙන්ම ඒක මටත් නොදැනිම වුනු දෙයක්...ඒ අනුව මගෙ අෆයාර් එකක් කියන්න පුලුවන් ෆස්ට් gay රිලෙව්ශන්ශිප් එක ඇතිවුනේ අවුරුදු 16 දී...හරියටම 2020 මැයි 16....මන් ඌට අම්මට සිරි වෙන්න ආදරේ කලා...හැබැයි ඒක තමා මන් කරපු ලොකුම මෝඩකම...ඌ ආදරේ ලබන්නවත් වටින්නෙ නැති වේසාවෙක්...මම අවුරුද්දකට වඩා දුක්වින්ද ඌ නිසා...එතනින් පස්සෙම මම සිරා කලේ නෑ...මම ඒ අතර කාලෙදි ගොඩාක් නරක දේවල් කලා...ගොඩාක් කොල්ලන්ට ආදරේ වගේ ඉඳලා අතෑරියා....මන් එහෙම කලෙ ඇයි කියන්න මම දන්නෙ නෑ....ඒත් මන් හිතුවෙ උනුත් එහෙමයි කියලා....පස්සෙ 2022 මාර්තු 12 මන් මගෙ ඇත්තම ආදරේ හොයාගත්ත....ඒ තමා මගෙ නෙතූ....

ආදරෙයි හරිම පුදුමයි නේද...මුලින්ම රූප මාත්‍රෙකට බැඳෙන හිතක් ටිකින් ටික ආතමෙට කාවැදෙන හැටි....මමත් මුලින්ම බැඳුනෙ එයාගෙ හිරතල් පෙනුමට...ඒත් දැන් මම බැඳිලා ඉන්නෙ එයාගෙ ආත්මෙට...මම එයාට කීපසැරයක්ම කියලා ඇති මේක...ආයෙම කියනවා...

උබට ඇසිඩ් ගැහුවා වුනත් , උබ අබ්බගාතයෙක් වුනත් , බලන්න බැරි තරම් අජූත වුනත් මම උබට ආදරෙයි වස්තුව...රූපෙට නෙවෙයි මන් උබේ ආත්මෙට ආදරෙයි.

.............................................................................................................................

"නැගිටින්න..."

"ම්ම්ම්ම්..."

"නැගිටින්න...කිරි හැදුවා..."

"ම්ම්ම්ම්...."

"කිරි හදලා තියෙන්නෙ...බීලා ඉන්න....නැගිටින්න."

මන්දා මට කොයිවෙලේ නින්ද ගියාද කියන්න...ඒත් මට නින්ද ගිහින්...එයා මාව අවදිකරනවා...එයාට පුලුවන් ඇති මුකුත් නොවුනු ගානට මෙහෙම කතාකරන්න , ඒත් මට බෑ...මගෙ පපුව ඉරිතලපු තැන් තවම සුවවෙලා නෑනෙ...ඒකමයි මම නැගිටපු ගමන් කට පිච්චි පිච්චි කිරි එක එක හුස්මට බීලා දැම්මේ..

"අනේ...ඔයා ඔක්කොම බිව්වද.."

"ම්ම්ම්...ඔව්"

"මටත් එක්කනෙ හැදුවෙ..".

"ආ සොරි...මම දන්නෙ නෑනෙ ඉතින්."

"හරි ඒකට කමක් නෑ...දැන් අද මොකක්ද කරන්නෙ."

"මම ගෙදර යනවා..."

"ඇයි ඒ...හෙටනෙ යන්න උන්නෙ."

"ඔව්...ඒ වුනාට හෙට වෙනකල් ඉන්න බෑ වගේ."

"ඔයා තාම තරහින්ද මන් එක්ක."

"මන් කා එක්කවත් තරහ නැහැ."

"මට තරහ ගියා ඒකයි."

"ම්ම්ම්...කමක් නෑ...මට පුරුදුයි."

"ම්ම්ම්...උදේට මොනාද කන්නෙ අපි දෙන්නා.."

"ඔයා මොනාහරි ගෙන්නගෙන කන්න...මම ගෙදර ගිහින් කන්නම්."

"මුරන්ඩු වෙන්නෙපා...සමාවෙන්න මට..."

"හ්ම්ම්ම්..."

"ඇයි මේ..."

"නෑ ඔයා අර ඩොක්ටර් අයියට කැමති වෙන්න..."

"මොකක්ද ."

"ඇත්තටම ඔයාට මට වඩා එයාව ගැලපේවි...එයා හොඳයිනම් ඔයා එයාට කැමති වෙන්න...මම අයින් වෙන්නම්..."

"ඔයා ඔය කියන්නෙ සචිත්‍ර අයියා ගැනද...එයා බැඳලා."

"මම කියන්නෙ ඌ ගැන නෙවෙයි...අර ඔයා ඊයෙ කිව්වෙ...ඔයාලගෙ HO...එයා කොහොමත් ඔයාගෙන් ඇහුවත් එක්කනෙ."

"ම්ම්ම්...ඉතින් මන් කිව්වනෙ මට කෙනෙක් ඉන්නව කියලා...ඇයි ඔහොම කියන්නෙ ඔයා..."

"ම්ම්ම්...මට ඕන නෑ ඔයා බලෙන් මන් එක්ක තියාගන්න...ඔයාගෙ හිත ඉල්ලන්නෙ ඒ වගේ කෙනෙක්නම් මම බල කරන්නෙ නෑ මන් එක්ක ඉන්න කියලා..."

"අනේ විකාර කියන්න එපා...ප්ලීස් අප්පා.."

"හ්ම්ම්...දැන් දැන් මට දේවල් හංගන්නෙ ඇයි තමුසෙ...ආ .???"

"අනේ මට අමතක වුනා සචිත්‍ර අයියා ගැනනම් කියන්න...අනික මම අර ඩොක්ටර් අයියා ගැනන්ම් නොකිව්වෙ ඔයා නටන නිසා"...

"හ්ම්ම්...තව මොනාද හංගලා තියෙන්නෙ මට"

"අනේ මට ඔහොම කියන්නෙපා ශෙරෝ."

"ම්ම්ම්..."

"ඒ අපේ ජින් ඇන්ඩ් ඔබ්ස් වෝඩ් එකේ HO...එයා මගෙන් ඇහුව...මට එවෙලෙනම් එක පාරටම  උත්තරයක් දීගන්න බැරිවුනා...මන් කන්ෆියුස් වුනා...එයා මම ආසම විදිහෙ කෙනෙක්...අයියෙක් , ඩොක්ටර් කෙනෙක් , මැචුඅර්ඩ් පෙනුමයි...ඒත් මම එයාට ඉක්මනින්ම කිව්වා මට කෙනෙක් ඉන්නවා කියලා...එයා සොරි කිව්වා , එයා කිව්වා දෙන්නම සතුටින් ඉන්න කියලා."

"හ්ම්ම්...බබා...ඔයා මන් ළඟ උන්නට ඔයාගෙ හිතට වදින කෙනා මම නෙවෙයි නේද."

"එහෙම නැහැ...ඒත් ඔයා අයියෙක් වුනානම් කියලා මගෙ හිත කෑගහන වාර ඕනිතරම්...ඒත් ආයෙම මට මතක්වෙනව මට වඩා අවුරුදු දහයක් බාල වෙලත් ඔයා මාව තාත්තෙක් වගේ පරිස්සම් කරනවා නේද කියලා..."

"හ්ම්ම්."

"අනේ අපි දැන් ඔය කතාව නවත්තමු රත්තරන්...මට සමාවෙන්නකො...මට ඔයාව විතරයි ඕන...මොන තරම් කෑ ගැහුවත් මට ඔයාගෙන් තොර ලෝකයක් නැහැ...මට කේන්ති ගියානෙ...අනේ මම ඔයාව හරියට රිද්දනවා නේද."

"ම්ම්ම්."

"අනේ සමාවෙන්න මට...ඒත් මට තාම හිතෙනවා මේ අෆයාර් එක නතර කරන්න."

"හ්ම්ම්.."

"ඔයා අහන්නෙ නැද්ද ඇයි එහෙම හිතෙන්නෙ ක්‍යලා."

"මන් මොනා අහන්නද...ඔයාම උපකල්පන ගොඩ නගාගෙන නඩු අහලා නිගමනවලට ඇවිත් මාව වාරදිකාරයා කරලත් ඉවරකොට මම මොනා කියන්නද."

"මම නිසා ඔයාට ගොඩාක් රිදෙනවා."

"ඔව්.."

"ඉතින් අපි මේක නතරකරමු...මන් නිසාවත් ඔයා දුක් විදින්න ඕන නෑ...මට තරහ ගියාම කියන කරන දේවල් ගැන ගානක් නෑ...ඒත් ඔයා මන් නිසා ගොඩාක් හිත රිද්දගන්නව."

"හ්ම්...මොන වේදනාවත් මං දරාගන්නම් උබ මට අහිමිවෙන වේදනාව ඇර...මට මහන්සියි බබා...මාව තුරුලු කරගන්න..ප්ලීස්."

"එන්න...මගෙ පන...මට සමාවෙන්න..."

"හ්ම්ම්...දැන් ඇති...අපි අද දවල්ට උයමුද.."

"ගෑස් නෑනෙ."

"ගෑස් එකක් අරන් එමු...තව උයන්න ඕනි දේවලුත් ගේමු...කුලුබඩු තියේනෙ."

"ඕ...හැබැයි මන් අතේ සල්ලි නෑනෙ ..".

"බයවෙන්නෙපා...මන් අතේ තියේ."

"මොනාද හදන්නෙ දැන් අපි."

"මොනාද ඕනි ඔයාට...ඔයාගෙ ෆේවරිට් හදමුද."

"මොනාද මගෙ ෆේවරිට්...කියන්න බලන්න."

"නාසිගිරෙන්ග්."

"ම්ම්ම්....හදමුකො අනේ...ඔයා දන්නවද..."

"දන්නවා..."

"ම්ම්ම්....මට ඔයාගෙන් නාසි එකක් කන්නම ඕන...අර අලුත්ගම එකා ඉන්නෙ...ඌ මට ඒකාලෙ නාසියක් හදලා දුන්නා...හැබැයි කොනාවුනත් ඒකනම් සුපිරියටම තිබුනා."

"මොකාද..."

"අර මගෙ එක්ස්.".

"බබාහ්හ්හ්හ්..."

"මොකද අනේ..."

"මම කිව්වනෙ...තවුසෙට කලින් අෆයාර්ස් තිබ්බෙ නෑ...තමුසෙගෙ ෆස්ට් ලව් එක මම...තවුසෙට උගෙ නාසි ඕනනම් උගෙන්ම ඉල්ලගනින්."

"අනේ මම එහෙම හිතලා නෙවේනෙ කිව්වෙ...අහන්නකො."

"මොනාද."

"ඌ එක්ක ගිය හැමතැනම මට ඔයා එක්ක යන්න ඕන...මොකද ඌ එක්ක තියන මතක මරල මට ඒ තැන්වල ඔයාගෙ මතකවලින් පුරවන්න ඕන...බේරුවල , දර්ගා ටවුන් , අලුත්ගම කඩවල්වලින් මට ඔයා එක්ක ගිහින් කන්න ඕන..."

"ම්ම්ම්...යමු එහෙනම් දවසක"

"හරී...දැන් ලිස්ට් එකක් හදාගමු ගේන්න ඕනි දේවල්වල."

"ම්ම්ම්...."

"කියන්න මම ලියාගන්නම්."

"චිකන් , ඉස්සො , මාලු , සොසේජ්ස් , කැරට් , ලීක්ස් , බොංචි , ගෝවා , ලූනු , සුදුලූනු ,අමු ඉඟුරු ,  අමුමිරිස් , තක්කාලි...."

"ම්ම්ම්....තව."

"ආ තව චිලිපේස්ට්."

"ආ හරී..."

"යමුද එහෙනම්."

"ආ යමු...ඔයා වොශ් දාගෙන එන්නකො.."

"හරි ...වතුර එකක් තියලා කිරි එකක් හදන් බොන්න බබා මම එනකල්."

"හලී.."

අපි දෙන්නා ඉතින් ඇඳපැලඳගෙන එලියට ඇවිත් සොයිසාපුරට ආවා..

."බබා ලාෆ්ස් එකෙන් ගමු ."

"ම්ම්ම්...මේකෙන් ලූස් සොසේජ්ස් ගමු..."

"හරි..."

එයා ලාෆෙ එකට ගිහින් සොසේජ්ස් අරගත්තා...පස්සෙ අපි දෙන්නා ආවෙ මස් කඩෙට...මූ මේ මස් කඩේ කොල්ලා එක්කත් යාලුවෙනවා කිව්වා දවසක්...අනේ මට මූව මරලා දාන්න ඇත්නම්...පගයා..

"අපිට චිකන් කිලෝ එකක් වගේ දෙන්න.."

"හරි...පීකුදු ඕනද."

"ඔව් දාන්න."

"ආ මෙන්න...හත්සිය හෙටයි ගාන.."

"ආ හරි මෙන්න."

අපි ඉතින් චිකනුත් අරගෙන එලවලු කඩවලින් එලවලුයි අරවා මේවා ගොඩාක් උස්සගෙන ආයෙම බෝඩිමට ආවා....හැබයි අපිට ගෑස් එකක් තමාගන්න බැරිවුනේ...ගෑස් කඩේ වහලා තිබ්බා..

"බබා...ගෑස් එකක් ඩිලිවර් කරගන්න බලමුද."

"ම්ම්..ඉන්න බලන්න..."

"ආ එතකොට රුපියල් දෙසීයක් වැඩියිනෙ."

"ආ කමක් නෑ...ඔයා ඕඩර් කරන්නකො."

"හරි එහෙනම්..."

"ගෑස් එක එනකල් අපි මේවා සුද්ද කරමුද."

"හදිසි නෑනෙ අනේ...ඉන්නකො...මම චිකන් ටික විතරක් මැරිනේට් වෙන්න දාන්නම්...අනිත් ඒවා ඔහොම තිබුනදෙන් ඔයා කතාවක් කියන්නකො මට අහන් ඉන්න."

"මොනාද බබා...කොයිවෙලෙත් කතානෙ...මම ඔයතරම් කතා දනන්වද."

"මොනාහරි කියන්නක්ක් අප්පා එහෙනම්."

"ම්ම්ම්...කතාවක් නෙවෙයි...මම බොලිවුඩ් ගැන කියන්නම්ද."

"අපෝ...හා හා ...කමක් නෑ කියන්නකො බලන්න."

"ඔයා අහලා තියේද මෙහෙම දෙයක්...බොලිවුඩ් වල නිලියො ගත්තම මුල් කාලෙ නිලියන්ගෙ සමාන ලක්ශන ගොඩාක් තිබ්බා...සඳක් වගේ පිරිපුන් මුහුන , දිග කොන්ඩෙ , පිරිපුන් සිරුර....හොඳට බැලුවොත් අඳුනගන්න පුලුවන් 60 , 70 ' 80   දශකයේ නිලියෝ ඔක්කොමම ලැඟ මේ ලක්ශන තිබ්බා...ඒ තියරි එක බින්ද පලවෙනි නිලිය මදුරි...මදුරිට පස්සෙ ප්‍රීති , රානි , කාජල් , කරිශ්මා , කරීනා ඒ නියමත බිඳලම දැම්මා."

"ඒ කාලෙ නිලියො කව්ද අනේ...."

"මීනා කුමාරි , මාලා සින්හා , හේමා මාලිනී , තනූජා , මුම්ටාස් , නන්දා , ශර්මිලා ටැගෝර් , හෙලන් , ආශා පාරෙක් , වහීදා රහ්මාන් , නූතන් , මදුබාලා , සයිරා බානු , වෛජයන්තිමාලා , නර්ගිස්, ජයා බච්චන් , ශ්‍රීදේවි , ජයප්‍රදා , රාකී , රේකා , නීතු සින්ග් , පද්මිනී කොල්හපුරේ , සීනත් අමන් , පූනම් දිලෝන් , රීනා රෝයි , අනීතා රෝයි , සාද්නා ,  .."

"අනේ මම ඔය කිසි කෙන්ක්ව දන්නෙ නෑනෙ අප්පා..."

"මම කියලා දෙන්නම්කො ඔයාට එයාලා ගැන...ඒ හැමෝගෙම ජීවිතවල රසකතා තියේ..."

"මීනා කුමාරි කියන්නෙ බොලිවුඩයේ කඳුලු බින්දුව කියන අනුවර්ත නාමයෙන් හඳුන්වන අකාලයේ මියගිය පට්ටම ජනප්‍රිය තාරකාවක්...එයා ලන්කාවෙත් ගොඩාක් ජනප්‍රිය වුනු කෙනෙක්...ඉන්න මම ඔයාට එයාගෙ සින්දුවක් පෙන්නන්නම්..."

බොලිවුඩයේ කඳුලු බින්දුව
මීනා කුමාරි ❤️‍🔥

" thaare rahiyo o bake yarare
thaare rahiyo "

"අනේ ශෙරෝ එයාගෙ ලස්සන...අනික ඒ මූව්ස්."

"ඒක තමා කියන්නෙ...ඒ තරම් පරන කාලෙක අද තරම් රූපලාවන්‍ය පැත්තත් නොදියුනු කාලෙක මේතරම් ලස්සන වෙන්න එයාලාගෙ ස්වාභ්හාවික ලස්සන කොයිතරම් වෙන්න ඇතිද....අනික ඒ කාලෙ ගොඩාක් නිලියන්ගෙ මූව්ස් වල තියෙන්නෙ කතක් සෛලිය...ඔය ඩාන්ස් එකෙත් තියෙන්නෙ කතක්."

"ම්.....ඇයි මෙයා නැතිවුනෙ."

"මෙයා පස්සෙ කාලෙක බීමට ඇබ්බැහි වෙනවා...එහෙම ගිහින් තමා පස්සෙ අන්ත්‍රාවෙන්නෙ...ලන්කාවටත් කීප සැරයක් ඇවිත් තියේ...අද කාලෙ අය දන්නෙ නැතුවට ලන්කාවෙ පරන අය මේ නිලියට පන ඇරලා....ඊළඟට මාලා සින්හා කියන්නෙත් ලස්සන පරන නිලියක්...මේ නිලිය ඉන්දියාවෙ නෙවෙයි නේපාලෙ...මෙයා ගීත් කියන ෆිල්ම් එකෙන් පුදුමාකාර විදිහට ලන්කාව ඇතුලෙ ජනප්‍රිය වෙනවා...ඉන්න මම එයාගෙත් සින්දුවක් පෙන්නන්න."

මාලා සින්හා❤️‍🔥
the napal beauty of the bollywood


"මම ඒ සින්දුව අහලා තියෙනව ශුඩු මාත්තයා...ඒක ලන්කාවෙ රේඩියෝ එකෙත් යනවනෙ."

"ඔව් ඔය සින්දුව මාරම ජනප්‍රියයිලු ඒ කාලෙ...අපේ ආච්චිලා මේ ෆිල්ම් එක බලලා තියෙන්නෙ ෆිල්ම් හෝල් එකට ගිහින්."

"අනේ ඒ සින්දු මාරම ලස්සනයි නේද අනේ...ඇත්තෙන්ම..."

"ම්ම්ම්...ඒකනෙ කියන්නෙ...old is gold කියන්නෙ නිකන් නෙවේනෙ බබා...ඊළඟ කෙනා තමා  the dream girl of the bollyeood කියන නමින් හඳුන්වන හේමා මාලිනී...මෙයා ගැන වැඩිය කියන්න ඕනි නෑ...මෙයාව නොදන්න කෙනෙක් නෑ...මෙයා තමා ඊශා ඩියෝල් , සනී ඩියෝල් , බොබී ඩියෝල් ඔය සේරගෙම අම්මා...තව the he man of bollywood කියන දර්මේන්ද්‍රගෙ වයිෆ්...හේමා මාලිනී"

dream girl of the bollywood
හේමා මාලිනී❤️‍🔥

"ආ එයාවනම් දැකලා තියේ...එයා අලුත් ෆිල්ම්ස්වලත් ඉන්නවනෙ.."

"ඕ ඕ...එයා අලුත් ෆිල්ම්ස්වල අම්මට ඉන්නවා දැන්...එයා නිලියක් විතරක් නෙවේ සුපිරි භරත නාට්‍යම් ශිල්පිනියක්...ඊළඟ කෙනා තනූජා...තනූජා කියන්නේ...අපි කවෘත් දන්න කාජල්ගෙ අම්මා..."

තනූජා❤️‍🔥

"o mere dil ke chain
chainai mere dilke dua ki jiye "

"ආ එයා හැබැයි කාජල් වගේ නෙවෙයිනෙ..."

"ඔව් කාජල් කියන්නෙ කලා පව්ලකින් ආව කෙනෙක්...කාජල්ගෙ ලොකු අම්මා තමා ඉන්දීය සුපිරි නිලි නූතන්...අම්මා තනූජා...ඒත් තනූජා පස්සෙ කාලෙකදි පුදුම විදිහට ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වෙනවා...ඒ හේතුවනිසා ලමයි එයාගෙන් ඈත්වෙනවා...ආයෙ වයසට ගියාම තමා ලමයි එයා එක්ක ආයෙම සම්බන්දකම් පටන්ගන්නෙ..."

"ආ මරු වැඩේ තමා....එතකොට නූතන් කියන්නෙ කව්ද.

".නූතන් කියන්නෙ ඉන්දීය සිනමාවෙ අහින්සකාවිය...තනූජාගෙ අක්කා."

නූතන් ❤️‍🔥

"tumhi meri mandir
tumhi meri pooja
tumhi dewata ho
tumhi dewata ho"

"අනේ ඒ සින්දුවෙ ලස්සන සුදු මහත්තයා..."

"ඕ බබා...ඒ සෝන්ග් එකේ තේරුම දනන්වද...ඒකෙ කියන්නෙ ඔබ මගේ දෙවොලයි , ඔබ මගේ පූජාවයි , මගේ දේවතාවාද ඔබයි...."

"අනේ....🥺!

"ඕ බබා...හින්දි සින්දු කියන්නෙ මාස්ටර්පීස්...කියලා වැඩක් නෑ....ඊළඟට මුම්ටාස්...මුම්ටාස් කියන්නෙ ඒ කාලෙ අතිශය ජනප්‍රිය විනු නිලියක්...ඒකබාර් සින්දුවෙ ඔරිජිනල් එකේ ඉන්නෙත් මුම්ටාස්."

මුම්ටාස්❤️‍🔥

"mei tere ishq mein
marna jau kahin
tu mujhe aasamaneki
koshish na kar"


"ම්ම්ම්...එයත් ලස්ස්නයි ඉතින්.ඔයා කොහොමද අනේ මේ දේවල් දනෙ"

"ම්ම්ම්...මම බොලිවුඩ් පිස්සෙක්...මම විතරක් නෙවේ අපේ අම්මා , නංගී , පුංචි හැමෝම බොලිවුඩ් පිස්සො...ඉන්නකො කියන්න අනිත් නිලිය ගැන...ඊළඟ කෙනා නන්දා...මෙයාත් අකාලෙ නැතිවුනු කෙනෙක්."

නන්දා ❤️‍🔥

"pardesiyo se na akhiyan milana
pardesiyon mere ek din jana"

"ආ ඒක අර සින්හල සින්දුවෙ තාලෙටනෙ යන්නෙ..."

"ඕ බබා...සුදු සඳරැස් ගලන ගන්ගාවෙ පිහිනා කියන සින්හල සින්දුවෙ ඔරිජිනල් හින්දි එක තමා ඔය."

"එතකොට ශර්මිලා ටැගෝර් කියන්නෙ."

"ශර්මිලා ටැගෝර් කියන්නෙ ඉන්දියාවෙ රැජිනක්...එයා රජ පෙලපතකට අයිති කෙනෙක්...එයා තමා සායිෆ් අලී කාන්ගෙ අම්මා..."

ශර්මිලා ටැගෝර් ( තාගෝර් ) ❤️‍🔥

"gun guna rahe hai bamare
khil rahi hai khali khali"


"ආ ඒකත් ජනප්‍රිය සින්දුවක්නෙ.."

"ඔව් බබා...මේ සින්දුවටත් සින්හල එකක් තියේ...සුසුදු වැල්ල රැල්ලෙ පෙරලි ගීත ගයයි යලි යලි..."

"ආ ඔව්මයි."

"තව එකක් තියේ...!

"ඒ මොකක්ද"

"ජෝතිපාල වැල්ලේ රීලා කහ පාටට ගුලි ගුලී"

"ඊයා සුදු මහත්තයා...දෙනවා දෙකක් මම..."

"ම්ම්ම්..අහගන්නකො ඊළඟට ආශා පාරෙක් කියන්නෙ jubilee queen of bollywood....එයා රඟපෑව හැම ෆිල්ම් එකක්ම වාර්තා පිට වාර්තා ගැහුවා..."


ආශා පාරෙක් ❤️‍🔥
the jubilee queen of bollywood

"sathiya nahi jana
ke jeena lage
saathiya nahi jana ke
jeena lage

mausam hai suhana
ke jeena lage"

""ආ ඔයා ටෙලිග්‍රම් ඉන්න කාලෙ...මම යාලුවෙන්න කලින් මේ නිලිය ගැන ප්‍රෝග්‍රම් එකකුත් කල නේද..."

"ආ ඔව් ඔව්...හී 😁"

"එතකොට කව්ද වහීදා කියන්නෙ."

"ආ වහීදා රහ්මාන් කියන්නෙත් ඉන්දියාවෙ ජාතික සම්මාන වැඩියෙන්ම ගත්ත නිලියක්...මේ නිලිය ශාස්ත්‍රීය සිනමාවෙ තමා වැඩියෙන්ම උන්නෙ."

වහීදා රෙහ්මාන් ❤️‍🔥

"aaj phir jeene ki thamanna hai
aaj phir marne ka erada hai"

"අනේ ඒ සින්දුවල අමුතු ගතියක් තියේ නේද..."

"ඔව්..ඒ සින්දුවල සංයීතමය වටිනාකම ගොඩාක් වැඩියි...මේ සින්දු නාහන්නෙ රසවින්දනය අන්තිම අය තමා...පොඩි හරි රස වින්දනයක් තියෙන කෙනෙක්...මේ සින්දු මගෑරගන්නෙ නෑ...මොකද මේවා කනට සනීපයි...හිත සැහැල්ලු කරනවා."

"මදුබාලා කියන්නෙ."

"ඔන්න අපි ආවා හරිම තැනට...මදුබාලා කියන්නෙ බොලිවුඩයේ නිලි රැජින...venus of the bollywood කියලා තමා එයාව අඳුන්වන්නෙ..."


මධුබාලා ❤️‍🔥
the goddess venus of the bollywood


"achcha ji mein har chalo
man jao na"

"බුදු අම්මෝ...එයාගෙ ලස්සන."

"ඔව් ඔයා පිලිගන්නවද ...මේ ළඟදි පත්තරේ තිබුනා මදුබාලාගෙ පින්තූර අදටත් පැරිස් වල ලන්ඩන් වල ලොකු ගනන් වලට අලෙවි වෙනවා කියලා...එයා එච්චරට ලස්සනයි."

"අම්මෝ...."

"තව කීපදෙනෙක් ගැන විතරයි කියන්න වෙන්නෙ බබා...ගෑස් එක දැන් ළඟ ඇත්තෙ...."

"ආ කියන්නකො ඒනම්.."

එයා මේ කතාව අතරෙම චිකන් ටික කපලා සෝයිසෝස් , ටොමෑටෝ සෝස් , පෙපර් , සෝල්ට් දාලා පොඩ්ඩක් මැරිනේට් වෙන්න තිබ්බා...ගෑස් එකත් ළඟම එනව ඇති දැන් නම්...දැන් උදේ 10.45 යි.

"බබා ඊළඟ නිලිය තමා සයිරා බානු...මෙයා තමා ඉන්දීය සිහින කුමරා දිලීප් කුමාර්ගෙ වයිෆ්...මාරම ලස්ස්නායි මෙයත්.."

සයිරා බානු ❤️‍🔥

"mein chali mein chali
yuhi pyaarki gali"

"ආ ඒ සින්දුවත් අහලා තියේනෙ.."

"ඕ ඒකටත් සින්හල එකක් තියේ...මතක නෑ මට...ඉන්න මම ඉඅනින් තව දෙන්නෙක් ගැන වගේ කියන්නම්...අර මනුස්සයා ඇල්ඟ ඇත්තෙ දැන්..."
වෛජයන්‍තිමාලා....මෙයා හඳක් වගෙ...දැන් ඩොක්ටර් රේට්...මාරම නිහතමනී නිලියක්..."

වෛජයන්තිමාලා බාලි ❤️‍🔥

"ud jab jab zulfen teri
kowariyaka dil machale
kowariyaka dil machale
jind meriye."

"අයියෝ මේ අර අපේ කොල කඩ කඩ කියන සින්දුවනෙ..."

"ඕ ඒකෙ මුල් සින්දුව...හින්දි එක..."

"ආ අනික් නිලිය කව්ද එතකොට පද්මිනී..."

"ආ පද්මිනී කොල්හපුරේ කියන්නෙ ඒ කාලෙ කොල්ලො පිස්සු වැටිලා උන්නු නිලියක්...ලස්සනයි...මාරම අහින්සක ලස්සනක්.."

පද්මිනී කොල්හපුරේ ❤️‍🔥

"yeh galiyan yeh chaubara
yaha aana na do bara
pardesi ke tera yaha koi nahi"


"ම්ම්ම්.....ඔය සින්දුවක් අහලා තියේ..."

"ඒකටනම් සින්හල එකක් නෑ මම දන්න තරමින්...මේක ජනප්‍රිය සින්දුවක්...ඒ නිසා රේඩියෝ එකේ එහෙම යනවා..."

"ආ ඒක තමා..."

"මම ඔයාට කියලා දෙන අන්තිම නිලිය...පූනම් දිලෝන්...මෙයා පරන ෆිල්ම්ස් වල පෙම්වතිය...අද ෆිල්ම්ස්වල අම්මට ඉන්නවා..."


පූනම් දිලෝන් ❤️‍🔥

"tu tu hai wahi
dilme jise apna kaha"


"ආ මෙයා නේද අර රාමයියා වස්තාවයියා එකේ කොල්ලගෙ අම්මට ඉන්නේ.."

"හරියට හරි.."

"ඒකනේ මම බැලුවෙ."

"අදට ඇති නේද නේද මගෙ නෙතූ බට්ටෝ..."

"ඇති ඇති...මට දැන්නම් බඩිගිනියි මිනියෝහ්හ්හ්..."

"අනේ මගෙ සන්කුචියට බඩිගිනිලුනෙ...කෝ එන්න සූට්ටක් තුරුලු කරගන්න මගෙ පැංචව."

"ම්ම්හුක්...ආවා..."

"ආ එන්න....උම්මා කැටේ මගේ...කෝලම."

පීප් පීප්   📢📢📢📢📢📢

"අන්න මැනික ගෑස් එක ඇවිත්ද කොහෙ...බලන්න ජනේලෙන්."

"ගෑස් එක තමා..."

"ආ මම අරන් එන්නම් ...."

"ඉන්නකො සුට්ටක්.."

"ඇයි බබා..."

"උම්මක් දීලා නන්නකො..."

"උම්මාහ්හ්හ්හ්හ්හ්...ඇතිද."

"ඇති..."

"කෝලම මගෙ...❤️‍🔥"

.............................................................................................................................

මතු සම්බන්දයි 🥰

ආයෙම ඊළඟ ස්වරයෙන් හමුවෙමු...අද සින්දු ටිකක් වැඩියි තමා...ඒත් මට ඒක එහෙම ලියන්න හිතුනා...මම ආඅසයි බොලිවුඩ් ගැන කතාකරන්න...මෙහෙමයි සෙක්ස් සීන් වලට අකමැති අය ඒවා අතෑරලා කියවනවා වගේ මුල් කොටස කියවලා බොලිවුඩ් ගැන තියෙන කොටස මේකත් අතෑරලා කියවන්න පුලුවන් ....ඒකෙන් කතාවට අව්ලක් වෙන්නෙ නෑ....මම ඔයාලගෙ ශෙරෝන් ❤️‍🔥

Continue Reading

You'll Also Like

7.4K 1.8K 22
ආදරයෙන් ලියමි....🖋️ සත්‍ය සිදුවීම් ඇසුරෙන් මා ලද අත්දැකීම් මෙලෙස ආදරයෙන් අකුරු කිරීමට පටන් ගත්තෙමි... මගේ සිතුවිලි ඔබට වඩා වෙනස් වීමට ඇති ඉඩකඩ වැඩිය...
1.2M 109K 41
✫ 𝐁𝐨𝐨𝐤 𝐎𝐧𝐞 𝐈𝐧 𝐑𝐚𝐭𝐡𝐨𝐫𝐞 𝐆𝐞𝐧'𝐬 𝐋𝐨𝐯𝐞 𝐒𝐚𝐠𝐚 𝐒𝐞𝐫𝐢𝐞𝐬 ⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎ She is shy He is outspoken She is clumsy He is graceful...
7.9K 1K 45
"මම අර වගේ ආදරෙයි ,මේ වගේ ආදරෙයි කියන්න මම දන්නේ නැ..එත් මම ආදරෙයි ....ආදරෙයි ..එච්චරයි ..."
2.4K 245 4
නුඹේ මතකයන් රැඳුණු හුස්ම පොදකට පවා මා අසීමාන්තිකව ප්‍රේම කරමි...❤️ නුඹ නිසා උපදිමි, නුඹ නිසා මියදෙමි 🥀🥀🥀