දඬු මොණරු

By yuchi91

37.7K 5K 1.4K

"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින... More

හැඳින්වීම
දඬු මොණරු 1
දඬු මොණරු 2
දඬු මොණරු 3
දඬු මොණරු 4
දඬු මොණරු 5
දඬු මොණරු 6
දඬු මොණරු 7
දඬු මොණරු 8
දඬු මොණරු 9
A/N
දඬු මොණරු 10
දඬු මොණරු 11
දඬු මොණරු 12
දඬු මොණරු 13
දඬු මොණරු 14
දඬු මොණරු 15
දඬු මොණරු 16
දඬු මොණරු 17
දඬු මොණරු 18
දඬු මොණරු 19
දඬු මොණරු 20
දඬු මොණරු 21
දඬු මොණරු 22
දඬු මොණරු 23
දඬු මොණරු 24
දඬු මොණරු 25
දඬු මොණරු 26
දඬු මොණරු 27
දඬු මොණරු 28
දඬු මොණරු 29
දඬු මොණරු 30
දඬු මොණරු 31
දඬු මොණරු 32
දඬු මොණරු 33
දඬු මොණරු 35
දඬු මොණරු 36
දඬු මොණරු 37
දඬු මොණරු 38
දඬු මොණරු 39
දඬු මොණරු 40
දඬු මොණරු 41
දඬු මොණරු 42
දඬු මොණරු 43
දඬු මොණරු 44
දඬු මොණරු 45
දඬු මොණරු 46
දඬු මොණරු 47
දඬු මොණරු 48

දඬු මොණරු 34

649 93 21
By yuchi91

යශ් අයියා ඊයේ රෑ කිව්ව විදියටම මං සීයත් එක්ක අම්මගෙ දානේ ගැන කතා කරන්න හිතා ගත්තා. අනිත් එක එයාලා දානේ ගැන මුකුත් කරේ නැත්නම් දානේ දෙනකම් හරි මං වැඩට යනවා කියල දැනුවත් කරන්නත් එපැයි.

සීයත් එක්ක කතා කරලා ඉවර වෙලා වැඩට යන එක තීරණය කරන්න හිතන් ඉස්කෝලෙ ඉවර වෙලා ඇවිත් කාලා බීලා එළියට ආවා. හොඳ වෙලාවට සීයා මිදුලෙ තිබ්බ සිමෙන්ති පුටුවක වාඩි වෙලා ඉන්නවා. නැත්නම් ඉතින් අර ගේ අස්සට ගිහින් කතා කරන්න එපැයි. ඊට පස්සේ හැමෝම වටේ එකතු වෙයි.

"සීයේ..... මට පොඩ්ඩක් කතා කරන්න ඕන"

"ම්ම්ම් මෙහෙන් ඉඳ ගත්ත නම්"

පළවෙනි වතාවට මං මේ සීයත් එක්ක ඉදගෙන කතා කරන්නේ.....

"සීයේ මං වැඩකට යන්න ඕනමයි කියල හිතුවෙ මේ මාසේ 27 අම්මගෙ දානේ නිසා. ඒ වෙනුවෙන් මුකුත් නොකර ඉන්න බෑනෙ සීයේ"

"ම්ම්ම් මේ මාසේ 27 ටද එතකොට තුන් මාසෙ"

"ඔව් සීයේ"

ඒ එක්කම ලොකු මාමගෙ බයික් එක මිදුලෙ නතර කරා. සීයා මං එක්ක කතා කරනව දැකලා වෙන්න ඇති එයත් ගෙට නොයා අපේ ලඟට ආවේ.

"පොඩීගෙ තුන් මාසෙ මේ 27 කියන්නේ ලොකු ළමයෝ"

"එහෙමද අප්පච්චි, තුන් මාසෙකුත් වෙලා නේද එහෙනම්"

"ඒකනෙ. මං මේ හිතුවෙ අපේ ලොකු හාමුදුරුවන්ව ගෙදරට වඩම්මලා බණක් කියල පහුවදාට දානයක් දෙන්න"

"ඒකත් හොඳයි අප්පච්චි, එහෙනම් දැම්ම ලොකු හාමුදුරුවෝ එක්ක කතා කර ගමු නේද, මං හවස් වෙලා පන්සලට ගිහින් එන්නද අප්පච්චි"

"ම්ම්ම් ඒකත් හොඳයි, ඒ හැටි කාලයක් නෑනෙ"

ලොකු මාමා එහෙමම ගෙට ගියා. සීයයි, ලොකු මාමයි අකමැති නොවී අම්ම වෙනුවෙන් බණක් කියන්නත් ලෑස්ති කරන එකට මට සතුටුයි.

"සීයේ.... මං එකපාරම නවතින එක හොඳ නෑනෙ, ගිහින් පොඩි මහත්තයාට කියල එන්නම්"

"ඒකත් හැබෑව. එහෙනම් ඒ මනුස්සයාව දැනුවත් කරලා ආවනං"

සීය එක්ක කතා කරපු නිසා ටිකක් පරක්කු වෙලා.මං එද්දිත් හසා කඩුල්ල ලඟට වෙලා බලා ඉන්නවා.ඊයේ සීය කිව්ව දේවල් මං අද ඉස්කෝලෙදි එයාලට කිව්වනෙ.

"මොකෝ කේස් එක. සීයා මොකද කිව්වෙ"

"අම්ම වෙනුවෙන් බණක් කියල දානයක් දෙනවා කිව්ව බං"

"අඩෝ එහෙනම් හොඳයිනෙ,දිසානායක සර් ඒ නෝනට වඩා නම් කොහොමත් හොඳයි බං. දැන් ඉතින් උබ වැඩට එන්නෙත් නෑ නේද "

"දැන් ඇවිත් පොඩි මහත්තයාට කියල නවතිනවා බං, අපරාදෙ උබ ආයෙත් තනියම නේද"

"ඒ ගැන හිතන්න එපා බං, උබ ගෙදර ඉඳපන්. පොඩි එකාගෙ තනියට හරි ඉන්න ලැබෙන එක ලොකු දෙයක්නෙ"

"ඌ ගැනත් හිතලා තමයි බං මං සීයා කිව්ව දේට කැමති උනේ"

අද යශ් අයියා ආවේ නෑ, මං එයාට කිව්වෙ අද වැඩට යන්නෙ නෑ කියලනෙ. දැන් ඉතින් ඒ යකාට අහු වෙන්න කලින් පොඩි මහත්තයා එක්ක කතා කරලා ගෙදර දුවන්නත් එපැයි.

හසා වැඩ කරන්න යද්දි මං සේන මහත්තයා එක්ක ඔෆිස් එකට ආවේ පොඩි මහත්තයා හම්බ වෙන්න.

"මං හිතුවා දිසානායක සර් මේ ගැන දැන ගත්ත ගමන් ඔය ළමයට වැඩට එන්න දෙන්නෙ නෑ කියලා. එයාලා මේ ගමේ ජීවත් වෙන හැටියට කීයට වත් මුණුපුරාට කුලී වැඩ කරන්න දෙන්නෙ නෑ. මං බයේ හිටියෙ ඔය ළමයට රස්සා දීලා මටත් බැනුම් අහන්න වෙයි කියල. ඒත් ඉතින් ඔය ළමයා ඉන්න තත්වේ නොදැන මට රස්සාවක් නොදී ඉන්නත් බැරි උනා. අම්ම තාත්ත නැති උනාම ළමයි අසරණ වෙන හැටි මං ඕන තරම් දැකලා තියෙනවනෙ"

"මේ දවස් ටිකට මට රස්සාවක් දුන්නට පිං පොඩි මහත්තයා. මං නිසා මොකක් හරි වරදක් උනා නම් සමාවෙන්න"

"ඔය ළමයගෙන් මොන වැරදි වෙන්නද. උදව්වක් ඕන උනොත් ඕනම වෙලාවක බය නැතුව මට කියන්න. දැන් පරිස්සමින් ගෙදර යන්න. අර ලී දඬු ටික තව ටිකකින් වාහනේකින් ගේ ළඟට ගෙනත් දායි"

පොඩි මහත්තයා එක්ක කතා කරලා එළියට එද්දී හසා වැඩ. මං දන්නෙත් නෑ මොකක්දෝ මන්දා දෙයක් උගුරේ හිර වෙලා වගේ හැගීමක් එක්ක මගේ ඇස් දෙකට කදුළු ආවා. ඌ අද ඉඳන් තනියම වැඩ. ඌත් මං වගේම කොල්ලෙක්නේ. මට ඕන ඌ මෙහෙම දුක් නොවිඳ හොඳ ජීවිතයක් ගත කරනවා දකින්න. ඉගෙන ගන්න ගමන් රස්සාවක් කරලා තමන්ගේ අඩු පාඩු වගේම ගෙදර ගැනත් බලනවා.ඌට කවදා හරි උතුරන්න හරි යන්න ඕන.

"හසා"

"ආ.... උබ යනවද"

"ඔව් බං,මට උබව දාලා යන්න දුකයි. උබටත් මෙහෙම දුක් විදින්නේ නැතුව ගෙදරට වෙලා ඉගෙන ගන්න වාසනාවක් ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා බං"

"උබ ඒ ගැන හිතලා දුක් වෙන්න එපා බං, මට මේවා හොඳට හුරුයි. පරිස්සමින් පලයන් යශ් අයියත් නෑනෙ. මං මඟට එන්නද"

"එපා එපා උබ වැඩක් කර ගනින්, මං ඉක්මනට යන්නම්"

"හරි එහෙනම් ගෙදර ගිය ගමන් මට මැසේජ් එකක් දාපන්"

යශ් අයියා දවල් ඉස්කෝලෙ ලඟ ඉඳන් එද්දී කිව්වනේ ටවුන් එකට යන්න ඕන කියලා. ඒ නිසා එද්දී හවස් වෙයි. මං ගෙදරට ඇවිත් පැයක් විතර ගියාට පස්සෙ පොඩි මහත්තයාගෙ මිනිස්සු දෙන්නෙක් ලී දඬු වගයක් ගෙනත් ගේට්ටුව ඉස්සරහින් දාද්දී මමයි මල්ලියි ඒ ටික ගේ පිටි පස්සට ගෙනත් දැම්ම.

"අයියා ගෙදර ඉන්න එකත් ෂෝක් අය්යේ, මට තනියක් නෑනෙ, හෙට වත් බුලත් මැහි ටික හදමු නේද අය්යේ"

"හා, හැබැයි ඒ ගැන දන්න කෙනෙක් ගෙන් උදව් ගන්න වෙයි"

"සෙනාල් ඉන්නවනේ, එයාලගේ බුලත් මැහි ටිකත් හදල තියෙන්නේ එයයි අයියයි දෙන්නා"

"ම්ම්ම් එහෙනම් ඉස්කෝලෙ ගිහින් ඇවිත් හදමු"

"එළවලු ඇට ටිකත් පැල කරා. ඒවටත් මැහි ඕන වෙයි නේද අය්යේ"

"බලමුකෝ ලී දඬු ඉතුරු වෙයිද කියලා. මදි උනොත් මං යශ් අයියට කියල දඬු ටිකක් හොයා ගන්නම්"

"අයියෙ... සීයලා අම්ම වෙනුවෙන් බණක් කියන්න හිතපු එක විශ්වාස කරන්නත් බෑ නේද, අනේ සීයට එහෙම දෙයක් හිතුණු එක කොච්චර දෙයක්ද"

"මටත් සැනසීමක් දැනෙනවා දැන්"

"එතකොට අය්යේ ඔයා එකතු කරපු සල්ලි"

"මං ඒකෙන් දානෙට බඩු අරන් දෙනවා"

"ඒකත් හොඳයි"

හවස පහ හමාර හය වගේ වෙද්දි යශ් අයියා ගේ පිටි පස්සෙ පාරෙන් ගේ ලඟටම ආවා.ඒ වෙලාවේ මමයි, මල්ලියි පැල වලට වතුර දාන ගමන් හිටියෙ.යශ් අයියා ඇවිත් මගෙයි මල්ලිගෙයි අතට බෑග් වගයක් දුන්නා. මොනවද ඇහුවට කිව්වෙත් නෑ. ඒ ටික ගෙයින් තියලා මට ඉක්මනට එන්න කිව්ව. බෑග් වල තිබ්බෙ මොනවද කියලා බලන්න වත් උනේ නෑ මේ මනුස්සයා ඉක්මනට එන්න කිව්ව නිසා.

අපි දෙන්න අඩි පාර දිගේ දොළ ළඟට යන ගමන් හිටියෙ. එයා අද කවදාවත් නැතුව මුළු ඔළුවම වැහෙන්න අයිස් කැප් එකක් දාගෙන හිටියේ. ඒක දාගෙන ඉන්නේ ඇයි කියල ඇහුවට කිව්වෙත් නෑනෙ මේ මෝඩයා......

"නේත්‍ර...... බඩ්ඩක් පෙන්නන්නද"

"මොකක්ද අය්යේ"

අපි හිටියෙ දොළට ටිකක් මෙහායින් තිබ්බ ලොකු ගස් කඳක් උඩ ඉදගෙන. එයා බඩ්ඩක් පෙන්නන්නද කියල අහල දාගෙන හිටිය අයිස් කැප් එක ගැලෙව්වා.

"අනේ අය්යේ"

අනේ මගේ කොණ්ඩ කුරුල්ලා කොණ්ඩෙ කපලා. ඒක දැක්කම මගේ පපුව රිදෙන්න ගත්තා. හරියට ඇගේ කෑල්ලක් ගැලවිලා වගේ දැනුනේ.

"ඒයි.... මොකද මේ ඇස් වල කදුළු, උබ අඩනවද මැණික"

මට ඉකි ගැහෙද්දි යශ් අයියා මාව ඇදලා අරන් පපුවට තුරුල් කර ගත්ත.

"මගෙ පිස්සා.ඇයි දැන් මේ අඬන්නේ ම්ම්ම්"

"අනේ මට දුකයි අයියෙ, ඇයි කොණ්ඩෙ කැපුවෙ"

"මමත් හිතකින් නෙවෙයි බං කැපුවෙ. අම්මයි තාත්තයි දෙන්නම කිව්ව සඳුදා ඉස්කෝලෙට යද්දි කොණ්ඩෙ කපන් යන්න කියල. මටත් හිතුනා බං කොණ්ඩෙ වවාගෙන යන එක හරි නෑ කියල"

"අනේ ඒ උනාට, මං ඔයාගෙ කොණ්ඩෙට ගොඩක් ආසයි අයියෙ"

මං දැන් කොණ්ඩ කුරුල්ලා කියන්නේ කාටද. මගේ කොණ්ඩ කුරුල්ලා දැන් කොණ්ඩෙ කපලනෙ. මං එයාව මුලින්ම දැක්කෙත් කොණ්ඩෙ වවන් ඉද්දිනෙ. මුළු මූණම වහ ගත්ත ඒ කොණ්ඩ කෑලි අස්සෙන් ඒ මූණ බලා ගන්න ඒ දවස් වල මං කොච්චර පෙරුම් පිරුවද. මං එක්ක යාලු උනාට පස්සෙ කොණ්ඩෙට බූල් එකක් දැම්මත් මුලින් එයා හිටියෙ කොන්ඩෙන් මූණත් එක්ක වහගෙන නේ......

නපුරු දඩබ්බර මූණට ඒ කොණ්ඩෙ කොච්චර ලස්සනට ගැළපුණාද......

"මේ විදියට කැතයිද නේත්‍ර"

"ඔයා කොහොම හිටියත් ලස්සනයි අයියෙ. ඒත් මං ආස කොණ්ඩෙ වවාගෙන ඉද්දී"

"මේ විදියට හුරු වෙයි. පස්සෙ කාලෙක ආයෙත් වවන්නම්, කොණ්ඩෙ කපද්දී මගෙත් ඇස් වලට කදුළු ආවා බං"

මං දන්නවා එයත් ඒ කොණ්ඩෙට ආදරේ කරා කියල. කොණ්ඩෙ තිබ්බත් නැතත් එයා මට මගෙ කොණ්ඩ කුරුල්ලම තමයි.

"මගෙ මැණික දැන් වැඩට යන්නෙත් නැති එකේ මල්ලිත් එක්ක පරිස්සමින් ගෙදරට වෙලා ඉන්න හොඳද. අඩුපාඩුවක් තිබුණොත් දෙපාරක් නොහිතා මට කියන්න ඕන... ම්ම්ම්... තේරුනාද"

"හරි"

"හරි හරි ගෑවට තියෙන ලොකු කමට මුකුත් කියන්නෙත් නෑනෙ, මං දන්නෙ නැද්ද මගේ ඇටි කිච්චගෙ හැටි"

"අයියෙ"

"ම්ම්ම්"

"හසා පව් නේද"

"ඇයි මැණික"

"නෑ ඉතින් අපි දෙන්නනේ එකට වැඩ කරේ, දැන් ඌ තනියම වැඩ කරනව ඇති. මට වගේ වියදම් කරන්න කවුරු හරි හිටිය නම් ඌටත් වැඩ කරල දුක් විදින්නේ නැතුව ගෙදර ඉන්න තිබ්බ"

"නේත්‍ර"

"ම්ම්ම්"

"උබට මතකද මැණික මුල් දවස් වල මං ඔහේ රස්තියාදු ගගහ හිටපු හැටි, ඒ දවස් වල අපි අයාල් ගැන තරහෙන් හිටියෙ පොඩි මහත්තයා ලඟ වැඩට යන එකටත්. ඒත් මං එදා කිව්ව වගේ උබ මගේ ජීවිතේට ඇවිත් මාව වෙනස් කරා මැණික. මං විතරක් නෙවෙයි පිවිතුරු පවා. අපිට වඩා පුංචි කොල්ලො දෙන්නෙක් වෙච්ච උබල දෙන්න ජිවිතේ ගැට ගහ ගන්න වෙන මහන්සිය අපිට තේරුණා. අයාල් උනත් තාත්ත කෙනෙක් නැති පවුලේ බර කරට ගත්ත කොල්ලෙක් කියල අපිට තේරුනේ පස්සෙ.......

ඒ දවස් වල අපි කතා උනා ඔයාලා වගේ ළමයින්ට ඉගෙන ගන්න උදව් කරන්න මොනව හරි කරන්න.ශිෂ්‍යත්වයක් වගේ දෙයක්. මං ඕක ලොකු හාමුදුරුවෝ එක්කත් කිව්ව නිසා ලොකු හාමුදුරුවෝ එදා පොඩි මහත්තයා ඉන්න තැන ඕක කිව්ව. ඒ මනුස්සයත් මාසෙකට ගානක් දෙන්නම් කියලා ළමයි කීප දෙනෙක් තෝර ගන්න කිව්ව. ඔයාවයි මල්ලිවයි, අයාල්වයි එයාගෙ මල්ලිවයි ඒ ලිස්ට් එකට දාන්න මං හිතන් හිටියෙ"

"අනේ ඒක කොච්චර දෙයක්ද අය්යේ. අපිට නම් නැතත් කමක් නෑ, සීයා මාසෙට ගානක් දෙන්නම් කිව්වනේ, අපිට ඒක ඇති වෙයි. හසාලට ඒ උදව්ව කරල දෙන්න අයියෙ "

"හරි මැණික, උබ මගේ ජීවිතේට ඇවිත් අරමුණක් පෙන්නලා දුන්නා මැණික. ඔහේ ගෙවන්නන් වාලෙ ගෙව්ව ජිවිතේ, ආයෙත් ආදරයක් බලාපොරොත්තු උනේ නැති ජිවිතේ උබ ටිකෙන් ටික වෙනස් කරා බං. මං උබට මෙච්චර ආදරෙන් ඒකනෙ. මගේ නිල් සඳ, මගේ නිල් මැණික. උඹේ වටිනාකම මිල කරන්න බෑ බං. ඇට්ටර කමට හිටියට උබ මට ජීවිතේ කියල දුන්නා මැණික. කැම්පස් ගිහින් වත් අවුරුදු තිහක් ජීවත් වෙලා වත් මට තේරුම් ගන්න බැරි ජිවිතේ උබ පොඩි කමට මට කියල දුන්න මැණික"

"අනේ අයියේ"

"සමහර විට උබ මෙහෙට ආවේ නැත්නම්, එහෙම නැත්නම් මං මේ නිල් ඇස් වල අයිතිකාරයට ආදරේ කරේ නැත්නම් මේ වෙද්දිත් මං කොල්ලො එක්ක ඔහේ කියව කියව පාරක් අයිනෙ බොක්කුවක් උඩ ඉන්න තිබ්බ"

යශ් අයියා හැමදාම කියනව මං නිසා එයාගෙ ජීවිතේ හොඳ අතට වෙනස් උනා කියල. එයත් එහෙම තමයි මගේ ජීවිතේට ඇවිත් මට ලොකු හයියක් උනා.

"මං දැන් යන්නද මැණික, හෙට දමිත්ගෙ බණ නිසා පොඩ්ඩක් එහෙට ගිහින් උදව්වක් කරල එන්නම්. දිමුත්ට එන්න වෙන්නේ නැති නිසා ඌ මට තමයි බලා ගන්න කිව්වෙ "

"හරි අය්යේ පරිස්සමින්, ගොඩක් රෑ වෙන්න කලින් ගෙදර යන්න"

"හරි මැණික මං ගෙදර ගිහින් මැසේජ් එකක් දාන්නම්, මල්ලිත් එක්ක පරිස්සමින් ගෙට වෙලා ඉන්න"

වෙන් වෙන්න ලෑස්ති උනත් මං යශ් අයියගෙ ටිකක් කොටට වෙන්න කපපු කොණ්ඩෙ අතින් එහෙ මෙහෙ කර කර හිටියා. මොනව උනත් මට තාමත් දුකයිනෙ ඉතින්.

"උබ ඔහොම දුක් වෙන බවක් දන්නවා නම් කොණ්ඩෙට අතක් වත් තියන්නේ නෑ බං"

"නෑ නෑ අය්යේ ඒ ගැන හිතන්න එපා, අද මුල්ම දවස නිසානේ දුක වැඩි. ඕක එහෙම්ම අඩු වෙලා යයි "

කළුවර වැටෙන නිසා අපි දෙන්න දොළ ලඟ ඉඳන් ගේ පැත්තට ඇවිදන් ආවා. යශ් අයියා ටිකක් වෙලා මාව තුරුල් කරන් ඉදල නළලට හාද්දක් දීලම මාව අත ඇරිය. මමත් එයාගේ ශර්ට් එක එහා මෙහා කරලා ඒ පපුවට තොල් තද කරල ගේ පැත්තට දුවන් ආවා. මං දුවන ගමන් පිටි පස්ස හැරිලා බලද්දි මං දැක්ක යශ් අයියා හිනා වෙවී බලන් ඉන්නවා.

යශ් අයියා ලඟ හිටියම මට මුළු ලෝකෙම අමතක වෙනවනේ, ඒ නිසා ඉතින් ගෙදරට ආවත් හවස යශ් අයියා දීලා ගිය බෑග් ගැන මට සිහියක් තිබ්බෙ නෑ. මල්ලි ඒ ගැන කියද්දි තමයි මටත් මතක් වෙලා ඒ මොනවද කියලා බලන්න ගියේ, මල්ලි වේලාසනින් බලලා බෑග් වල තියෙන දේවල්.....

"මේ බලන්නකෝ අය්යේ ගෙනත් තියෙන දේවල්. යශ් අයියා පව් අය්යේ"

ඒ බෑග් වල අපිට තේ හදා ගන්න ඕන කරන හැම දෙයක්ම තිබ්බ. ලොකු ජෝගුවක් එක්ක හීටරයක්, ලස්සන මග් දෙකක්. තව පොඩි ජෝගුවක්, තේ පෙරනයක්, හැඳි තුන හතරක්.ඒ විතරක් නෙවෙයි සීනි, තේ කොළ, කිරි පිටි පුරවපු ලොකු බෝතල් තුනක්.තව පොඩි බෝතලේක කෝපි කුඩුත් තිබ්බ. ලොකු ක්‍රීම් ක්‍රැකර් බිස්කට් පැකට් එකක් පවා තිබ්බ.....

"අනේ මන්දා මල්ලි මගේ හිතට හරි බරක් යශ් අයියා මේ කරන දේවල්. අපිව එයාට බරක් කියලත් මට හිතෙනවා. මාව පරිස්සම් කරන්නත් මහන්සි වෙනවා"

"එයා කැමැත්තෙන් කරන දේවල්නෙ අයියෙ. ඒ නිසා හිත රිද්දන්නේ නැතුව බාර ගමු"

මල්ලි බෑග් වල තියෙන දේවල් ආසාවෙන් කුස්සියේ පිළිවෙලට අඩුක් කරද්දි මං කාමරේට ආවා. යශ් අයියා වැඩක ඇත්තේ ඒ නිසා කෝල් කරන්නත් බෑ. එයා මට ආදරේ තමයි. ඒත් ඉතින් මං එයාගෙ ජීවිතේට අනවශ්‍ය බරක් කියල මට හිතෙනවා.එයා මං වෙනුවෙන් ගොඩක් දේවල් කරනවා.

හිත රිද්දන්නත් බැරි නිසා එයා දුන්න දේවල් වලට ස්තූති කරලා මැසේජ් එකක් දැම්ම.

°
°
°

"නේත්‍ර අද අපේ මල්ලි එහෙ එනවා කිව්ව නේද බුලත් මැහි ටික ගහල දෙන්න, මාත් එන්නම්. ඔය දෙතුන් දෙනාට තනියම ඕක කරන්න බැහැනේ"

"උඹේ වැඩ පාඩු වෙනවනේ බං"

"එක දවසක් කමක් නෑ බං, උඹටයි, මල්ලිටයි ඕවා පුරුදු නෑනෙ"

හවසට හසාත් එනවා කිව්ව නිසා අපිට වැඩ කරන්න ලේසි වෙයි. ඇත්තටම බුලත් වැල් වලට මැහි ගහන හැටි මං වත් මල්ලි වත් දැනන් හිටියෙ නෑ, අපිට ඉතින් මල් පැලයක් වත් වවා ගන්න ඉඩක් තිබ්බෙ නෑනෙ. හසාල එහෙම නෙවෙයි, උන්ගේ වත්ත පුරාම ඌයි මල්ලියි දෙන්නා එක එක දේවල් වගා කරල තියෙනවා.

අපි උදේ අනිත් අය එනකන් කතා කර කර ඉද්දී යශ් අයියා මුලින්ම ආවා. බයික් එක චවියගේ ගෙදර දාලනෙ දැන් එන්නේ. ඊට පිටි පස්සෙන් හිච්චි රොයිටරේ අනූප සර් එක්ක කතා කර කර ආවා. දෙන්න මොකක් හරි ලොකු කතාවක්. අපේ ක්‍රීඩා ගුරාත් ඉතින් චවියා තරම් නැතත් එයත් රොයිටරයක් තමයි. එයත් නොදන්න දෙයක් නෑ. ඊටත් හපන් කම්මැලි වෙලාවට රස කර කර බොරු කතා කියන්න රුසියා.

අන්තිමටම ආවේ අපේ මල් ජෝඩුව. බිම් මලයි හිනා මලයි. වෙනදට නම් පිවිතුරු අයියා එන්නේ නෑ, අද මොකද දන්නෙ නෑ. සමහර විට ඊයේ ඉන්න ඇත්තේ දුවී අයියලාගෙ ගෙදර. එයාට මේ දවස් වල ගෙදර ප්‍රශ්නනෙ.නපුරු කුඩම්මා කෙල්ලෙක්ව කරේ එල්ලන්න හදනවලුනෙ.

"අඩෝ යශ් අයියා කොණ්ඩෙ කපලා නේද, අදුර ගන්නත් බෑ"

"ඔව් හසා ඊයේ හවස කපන් එනකන් මං දන්නෙත් නෑ"

මං යශ් අයියත් එක්ක ඉස්සර වෙද්දි අනික් අය පිටි පස්සෙන් ආවා.

"උදේ කිරි එකක් හදා ගත්තද මැණික"

"අනේ ඔව් අය්යේ, ඔයාට පින්. මල්ලිට හරි සතුටුයි ඒ ටික දැකල. ඒකා කියෝ කියෝ හිටියෙ තේ ටිකක් වත් හදා ගන්න තිබ්බා නම් කියල. එයාගෙ යාලුවො ඇවිත් වගාවට උදව් කරද්දි තේ ටිකක් වත් දෙන්න විදියක් තිබ්බෙ නෑනෙ"

අද උදේම අපි සෝමා නැන්දට කිව්ව ආයෙත් තේ එපා කියලා. උදේ බත් දෙකත් පුළුවන් නම් පාර්සල් දෙකක් බැදලා දෙන්න කිව්වෙ අපිට උදේට කිරි එකයි බිස්කට් තියෙන නිසා බත් කන්න ඕන නැති නිසා. දැන් ඉස්කෝලෙට බත් එක ගෙනිහින් දවල්ට කන්න පුළුවන්නෙ.

"අද නම් හවසට එන්න වෙන්නේ නෑ හොඳේ, බණ ගෙදර වැඩනෙ. ඔයාට බණ ගෙදර එන්න ඕනද. ඕන නැත්නම් ගෙදරට වෙලා ඉන්න"

"අනිත් අය යනවා කිව්වොත් විතරක් එන්නම්"

"හා, තුහින එහෙම ආවොත් බලමුකෝ"

යශ් අයියයි, පිවිතුරු අයියයි ඉස්කෝලෙ ළඟටම ඇවිත් හැරිල ගියා. අපි වැඩිය ගණන් ගත්තේ නැතුවට ඉස්සෙල්ලා වගේ නෙවෙයි දැන් දැන් සමහර අයට ඒ දෙන්නගේ මේ උදේ, දවල් ගමන් බිමන් ප්‍රශ්නයක් වෙලා වගේ. සමහර ළමයි එහෙම බලන විදියෙන් ඒක තේරෙනවා. අපිට මීට වඩා පරිස්සම් වෙන්න වෙයි......

අද දවසේ උගන්නනවට වැඩිය තිබ්බෙ හෙට උත්සවේට ලෑස්ති වෙන එක. ස්ටේජ් එක සරසල ඒ හෝල් එකේ පුටු ටික පිළිවෙලට අස් කරා. ඩෙස්ක් ටික උස්සන් ගිහින් හෝල් එකට එළියෙන් පේලියට ගොඩ ගැහුවා. ඊට පස්සේ ඔෆිස් එකෙන් අනවුන්ස් එකක් කරා අනිත් හෝල් වල ළමයින්ට තමන්ගේ පුටු අරන් උත්සවේ තියෙන හෝල් එකට එන්න කියලා. ඊට පස්සේ ඒ පුටුත් පේලියට හදන්න උනේ අපිට.

"ළමායි හෙට උදේට එද්දී පුළුවන් හැමෝම ඇන්තූරියම් මල් අරන් එන්න ඕන. එක මලක් උනත් කමක් නෑ හොයා ගන්න පුළුවන් විදියට ගේන්න"

ටීචර් කෙනෙක් ඇවිත් කෑ ගහල කියල යද්දි ළමයි ටික කසු කුසු ගාන්න ගත්තා.

"මොකක් හරි උත්සවයක් තිබ්බොත් ඇන්තූරියම් මලක් උස්සන් එන්න ඕන. එපා වෙනවා බං. පොඩි කාලේ අම්මගෙන් බැනුම් අහල ඉවරයක් නෑ එයාගෙ ඇන්තූරියම් මල් කපනවා කියල"

චවියත් ඒ අස්සෙන් චරු චුරු ගාන්න ගත්තා. උන්ගේ ගෙදර නම් ලස්සනට ඇන්තූරියම් වවලා. අනික ඒවා ගොඩක් වටින ඇන්තූරියම් ජාති. මං හිතන්නේ තුහින සර්ලාගේ බෝඩිමේ ඇන්ටියි චවියගේ අම්මයි දෙන්න තරගෙට ද කොහෙද මල් වවන්නේ. මටත් ලොකු නැන්දගෙ ඇන්තූරියම් ටිකේ මල් දෙක තුනකට වැඩේ දෙන්න හිතෙනවා.........

අනූප සර් පබා මිස් එක්ක ඇවිත් ස්ටේජ් එකේ සැරසිලි බල බල හිටියා.හැබැයි ඉතින් බිම් මල නම් පේන තෙක් මානෙක පිපිලා හිටියෙ නෑ.අනූප සර්ලගෙ ලව් එකත් දැන් ටික ටික ඉස්කෝලෙට ප්‍රසිද්ධ රහසක් වෙයි. එතකොට ඒ දෙන්නට ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද මන්දා. අනික යශ් අයියා ආවම අපි දෙන්නත් පරිස්සම් වෙන්න ඕන. තුහින සර් ගැන උනත් අනිත් අය දැන ගත්තොත් එයාටත් ප්‍රශ්න.

මොනව හරි ප්‍රශ්න ඇති වෙලා අපෙන් ටික දෙනෙක්ට හරි විසිරිලා යන්න උනොත් මට ඒක දරා ගන්න බැරි වෙයි. මගේ ජීවිතේට ලං වෙච්ච මේ සීමිත පිරිසට මං ඒ තරම් බැඳිලා. අපි හැමෝම එකට හිනා වෙවී සතුටින් ඉන්න වෙලාවට මගේ හිතම පිරිලා යනවා.

ඉස්කෝලෙ ඉවර වෙලා එළියට එද්දී යශ් අයියල දකිද්දී මට තවත් මේ ප්‍රශ්න බරපතල විදියට දැනුනා. ලෝකෙට හොරෙන් ආදරේ කරන්නේ කොහොමද ඉතින්. ඒත් මේ ගැන කතා කරල අපි හැමෝම මොකක් හරි විසදුමක් හොයා ගත්තේ නැත්නම් ඉස්සරහට ලොකු ප්‍රශ්ණයක් වෙයි. මේ සමාජෙ අපි දිහා කොහොම බලයිද කොහොම පිළි ගනීද, හැබැයි ඒ එකක් වත් හොඳ පැත්තට වෙයි කියල නම් හිතා ගන්න බෑ.

"මං මෙහෙම්ම ගෙදර ගිහින් හතර වගේ වෙද්දි දමිත්ලාගේ ගෙදරට යන්න ඕන බට්ටෝ"

"හරි අය්යේ, මටත් වැඩක් තියෙනවා. මල්ලිට බුලත් මැහි ගහන්න උදව් කරන්න ඕන"

"මට පුළුවන් උනා නම් උදව් කරන්න එනවා බං. ඒත් අද බෑනෙ"

"නෑ නෑ අයියෙ ඕන නෑ. හසාත් වැඩට යන්නෙ නැතුව එනවා කිව්වා"

"ම්ම්ම් එහෙමද. උබට හොඳ යාළුවෝ දෙන්නෙක් හම්බ වෙලා තියෙන්නේ බං"

"ඒක නම් ඇත්ත අයියෙ. උන් දෙන්න මගේම සහෝදරයෝ වගේ"


මල්ලියි මමයි ගෙදරට ඇවිත් ඉක්මනට කාලා ලෑස්ති උනේ අනිත් අය ආවම වැඩ පටන් ගන්න.

"අය්යේ, අද නම් කට්ටියට තේ හදල දෙන්න පුළුවන්, බිස්කටුත් තියෙනවා"

මල්ලිට තිබ්බ ලොකුම ප්‍රශ්නයක්නෙ ඔය විසදුනේ. වැඩ කරන අතරේ තේ හදන්න බැරියෑ.අනිත් අය එනකම් මං මල්ලි එක්ක ගේ පිටි පස්සට ආවා. මගේ ෆෝන් එකට කෝල් එකක් ආවේ ඒ අතරේ. දන්නෙ නැති නම්බරයක්. පළවෙනි පාර ආන්ස්වර් නොකර හිටියත් දෙවෙනි පාරටත් රින්ස් යද්දි මං ආන්ස්වර් කරලා කනේ තියා ගත්තා.

"හලෝ නේත්‍ර"

කටහඩින්ම අදුර ගන්න පුළුවන් ඒ තඹර අයියා කියල. ආයෙත් අලුත් නම්බර් එකක්. එයාගෙ පරණ නම්බර් එක බ්ලොක් කරාම එයා මැසෙන්ජර් එකෙන් කෝල් මැසේජ් ගන්න ගත්තම මං එයාව ෆේස්බුක් එකෙනුත් බ්ලොක් කරලා දැම්ම. මීට කලිනුත් එක පාරක් වෙන නම්බර් එකකින් කෝල් ගත්තම මං ඒකත් බ්ලොක් කරා. දැන් ආයෙත් කෝල් ගන්නෙ ඇයිද මන්දා.

දැන් අනිද්දට එයා ගෙදර එයිනෙ. එතකොට ඒ දවස් දෙක තුන බයෙන් ඉන්න එපැයි.

"නේත්‍ර මං ගැන වැරදියට හිතන්න එපා, එදා මට ඕන උනේ ඔයාව පොඩ්ඩක් බය කරන්න විතරයි. මාව මඟ අරින්න එපා, මාත් එක්ක කතා නොකර ඉන්න එපා. ඉස්සර වගේම මං එක්ක කතා කරන්න නේත්‍ර"

තඹර අයියා අනිත් අතට මැසේජ් එකක් එවද්දි ඒක කියවලා රිප්ලයි නොකරම මං ඒ නම්බර් එකත් බ්ලොක් ලිස්ට් එකට දැම්ම. මට එපා උනොත් එපා උනාම තමයි. එයාට සමාව දෙන්න පුලුවන්. ඒත් ඉස්සර වගේ කතා බහ කරන්න නම් කොහොමවත් බෑ.

"අර බලන්නකෝ අය්යේ පෙරහැරක්ද මන්දා"

කල්පනා කර කර හිටපු මං මල්ලි කිව්ව නිසාම අපේ වත්තෙන් හසාලාගේ වත්තට තියෙන පාර දිහා බැලුවා. ඇත්ත තමයි අපි බලාපොරොත්තු උනාට වඩා වැඩි දෙනෙක් ඒ පාරෙන් අපේ වත්තට ආවා.

"ඔන්න ඉලංදාරි දෙන්නට උදව් කරන්න අපිත් ආවා"

අනූප සර් එහෙම කියාගෙන ලී බංකුවේ ඉඳ ගත්තේ අත පය හතරම,හතර අතේ දාගෙන. සර්ලා දෙන්නත් එක්ක චවී, දුවී, පිවිතුරු අයියත් ඇවිත්. හසයි, සෙනාල් මල්ලි, ධනුක මල්ලි දෙන්නත් ඉන්නවා. දැන් ඉතින් අදම මේ වැඩේ ඉවර කර ගන්න පුළුවන් වෙයි වගේ.

තුහින සර් මගේ ලඟට ඇවිත් ටිකක් ලොකු පාර්සලයක් මගේ අතින් තිබ්බ.

"මේවා යශ් අයියා ගානේ. එයා කිව්වට පස්සේ තමයි පුතේ අපි දන්නෙත් ඔයාලා අද වැඩ කියල. අපිටත් කිව්ව නම් උදව් කරන්න නෑවිත් ඉන්නෙ නෑනෙ"

"අනේ කරදර කරන්න බැරි නිසයි සර් මං කිව්වෙ නැත්තේ"

"මොන කරදරයක්ද පුතේ"

මං සර් දුන්න පාර්සලේ අරන් කුස්සියට ඇවිත් මොනවද තියෙන්නේ බැලුවා. උඩම තිබ්බෙ කෙසෙල් ඇවරියක්, ඊ ළඟට ලොකු අයිස් කප් එකක තිබ්බෙ සමපෝෂ ගුලි හදලා. යශ් අයියා මං වෙනුවෙන් මේ කරන දේවල් වලට මට කවදාවත් ණය ගෙවලා ඉවර කරන්න බැරි වෙයි. කව්ද දෙයියනේ හිතුවෙ අර නපුරු කොණ්ඩ කුරුල්ලා ලඟ මේ තරම් ආදරණීය මනුස්සයෙක් හැංගිලා ඉදී කියල. එයා කිව්ව වගේම එයා බාගෙට ආදරේ කරන්නේ නෑ. පුංචි දෙයක් ගැන පවා හිතනවා. එහෙම නැත්නම් අපිට උදව් කරන්න එන අයට සංග්‍රහ කරන්න ඕන දේවල් පවා එවයිද.....

"තුහින අය්යේ මං ඔයාටත් එක්ක හරි යන්න වැඩ කරන්නම්, ඔයා අර බංකුවට වෙලා හොඳ ළමයෙක් වගේ ඉඳන් ඉන්න"

"මං මෙතනට ආවේ කේක් ගෙඩිය වගේ බලන් ඉන්න නෙවෙයි සඳ,වැඩ කරන්න ආවේ. මං හිතන්නේ ඔයා බංකුවට වෙලා වාඩි වෙලා හිටිය නම් වඩාත් හොඳයි. ළූණු ගෙඩියක් සුද්ද කරලා කපා ගන්න දන්නෙ නැති මනුස්සයා මෙතන මොනව කර ගනීද දන්නෙ නෑ "

"මල්ලි මේ ජෝඩුවත් එක්ක නම් අද උබලගෙ බුලත් මැහි ගහන වැඩේ කරන්න බැරි වෙයි වගේ"

දුවී අයියා හරී....දුක හිතෙන මූණක් මවාගෙන මගේ පිටට තට්ටුවක් දාලා අර ලී දඬු ගොඩ ළඟට ගියා. ඒත් ඉතින් මං නම් කටත් ඇරන් කල්පනා කරේ වෙන දෙයක්. තුහින සර් දන්නෙ කොහොමද සඳ කුමාරයාට ළූණු ගෙඩියක් සුද්ද කරන්න, කපන්න බෑ කියලා. දෙන්න එකට උයාගෙන කෑවේ කොහේ ගිහින්ද......

_____________________________________
දඬු මොණරු යළිත් ඉගිල්ලෙන තුරු 🏍️


කතාව කියවන වෝට්, කමෙන්ට් කරන හැමෝටම ගොඩාක් ස්තූතියි ආදරෙයි
                              ❤️💐


✍️ යූචි

Continue Reading

You'll Also Like

1.5K 146 15
ආ.......ද.....ර.....ය ඒ අකුරු 4 නිසාම උන්මන්තකයෙකු වු තරුණයෙක් ...... ඒ උන්මන්තක තරුණයා වෙනුවෙන්ම කැප වෙන තරුණයෙක්...... නොසිතු ආරම්භයක්........ නො...
6K 686 10
මල් කිනිත්ත ට වුනත් දරාගෙන ඉන්න බැරි වෙන්න ඇති.. ඒ තනි මල දැරූ ප්‍රේමය ඉතින් ගිලිහෙන්න දෙන්න ඇති වැස්ස එක්ක ලා හැමූ හුලගක මම කියනවා අදටත් උබ දන්නෙ නෑ...
3.1K 284 10
එයා හරි ලස්සන පිරිමි ලමයෙක්😌❤
3.7K 562 16
" උබ කියන්නෙ පාර කොනක තියෙන මඩ පාරක් වැදිච්ච මලක වුනත් ලස්සනක් හොයන් ලියන්න පුලුවන් කෙනෙක්.. ලිලැක් පාටට හුරු අහසක කෝපි පාට කුඩයක් ඉහලන් ලැවැන්ඩර් මල...