Enchanter ♡ [Ala Adawwa Side...

By nithuvihansa

2.6K 441 388

" There are enchanted moments, between the you and me, with every moments l find myself glimpsing into heaven... More

1#
2#
#4
#5.
6#
7#
8#
9#
10#
11#
12#
13#
14#
15#
16#
17#
18#
19#
20#
21#
22#
23#
24#
25#
26#

3#

85 17 7
By nithuvihansa

මගෙ මුලු කාමරේම නිකන් ක්‍රිකට් කෞතුකාගාරයක් වගේ තමා....පොඩි කාලෙ ඉදන් ගත්ත මෙඩ්ල්ස් කප්ස් කබඩ් එක උඩ ගොඩගැහිලා....හයේ ඉදන් ඉස්කෝලෙ ටීම් එකත් එක්ක ගත්ත ෆොටෝස් බිත්ති පුරා.....සැක් අර උගුඩු මොටත් ඔය හැම එහෙකම ඉන්නවා.... ඌත් හයේ ඉදන්ම ක්‍රිකට් ගහනවනෙ....

ඇඳ ළඟ තිබ්බෙ බිත්තිය නම් කෙලින්ම දේව මණ්‌ඩලේ වැඩලා වගේ....කෝලි අයියා... මුරලි සන්ගා මාලින්ග සනත්.... දනන්ජය වනියාගෙ ඉදන්...ස්මිත්ලා මැක්ස්වෙල්ලා වඩේලගෙ ඉදන් ෆොටෝස්..
පොඩි කාලෙ ඉදන් තිබුණ එකම හීනෙ කවදහරි නැශනල් ටීම් එකට ප්ලේ කරන එක....
ඒත් අප්පච්චි කෑගහනවනෙ ඔක්කොටම ඉස්සෙල්ලා ඉගෙන ගන්න වැඩේ කරන්න කියලා....ඒවුණාට ඉතින් නාකි වෙලා හැට පැන්නට පස්සෙ ක්‍රිකට් ගහන්න පුළුවන්ද බෑනෙ....ඉගෙනගන්න නම් පුලුවන්නෙ හැට පැනලත්....ඔය MBA හිටන් ගොඩ දාගන්නෙ වයසක සීයලා...ආච්චිලා....

මන් ටවල් එකත් කරේ දාගෙන වොෂ්රූම් එකට රිංග ගත්තා.... කණ්ණාඩියට එබුනාමයි දක්කෙ නහය මැදම පිම්පල් එකක් එන්න හදන්නෙ.....ජේයියනේ මගේ
සුසිනිදු වත කමලට මෙහෙම වෙන්න දෙන්න බෑ.....

මන් අපේ අක්කණ්ඩිගේ ශේෂ් වොෂ් එක හොයා ගත්තා....මේකි කැම්පස් ගිහින්ගෙ යනකොට ගාන දාහක් ජාති ටිකත් උස්සන්නෙ හොස්ටල් එකට යන්නෙ....මේක විතරයි තියලා ගිහින් තියෙන්නෙ.....
අද සිකුරාදා.....ම්ම්....අක්කණ්ඩි ගෙදර එන දවසනෙ....

නේචර් සීක්රට්....ස්වභාව ධර්මයේ රහස කියුකම්බර් පේෂල් ෆොෂ්....කෝ අප්පා මේකෙ තියනවයි කියන කියුකම්බර්....මුන්ගෙ බොරුවනෙ ඉතිම්.......

" තාත්තේ.......පිපිඤ්ඤා....නැද්ද පිපිඤ්ඤා...."

" ෆ්රිජ් එකේ ඇති.....මොකටද......"

" කන්න අනේ....කන්න "

තාත්තා එලියෙ ඉදන් කෑගහද්දි මන් ටවල් එකත් ඇදන් ඇවිත් පිපිඤ්ඤා ගෙඩියක් තෝරලා ගත්තා....
මේ තියෙන්නෙ ඔර්ජිනල් බඩු.....

පොත්ත සුද්ද කරලා කෑලි වලට කපපු පිපිඤ්ඤ ගෙඩිය හොඳට බ්ලෙන්ඩර් කරලා එන පල්ප් එක මන් අක්කගෙ බාගයක් ඉතුරු වුණ ෆේෂ් වොෂ් බෝතලේට පිරෙව්වා.....ඉතුරු වුණ පිපිඤ්ඤ ජූස් ටිකත් කියුකම්බර් සාරය කියලා ගහලා තිබ්බ ෂැම්පු එකකට පිරෙව්වා....ම්ම්..... දැන් තමයි ඔර්ජිනල්ම කියුකම්බර් ෆේෂ් වොශ් ඇන්ඩ් ෂැම්පු.....

හිච්චි විද්‍යාඥයා...

කියුකම්බර් ගාලා නාගත්ත මන් කෑමත් කාලා ඉකෝන් පොත පෙරල ගත්තත් ඇහි පිහාටු වල ගල් එල්ලලා වගේ දඩාර නිදිමතක් සෙට් වේගෙන එනවා.....

" සුදු මහත්තයා....කිරි එකක් හදලා ගේන්නද....."

එහෙන් තාත්තා කිරි දීලා නිදි කරවන්න තමයි ඔය හදන්නෙ....තාත්තා කාමරේට එද්දි නිදිමතේ උන්න මන් ඇස් ඇරගෙන පාඩම් කරනවා වගේ පොතට එබුනා....

" මේ කොණ්ඩෙ තෙතයිනෙ ළමයො....."

තාත්තා රැක් එකට දාපු ටවල් එක අරන් මගේ ඔලුව පිහදාන්න ගද්දි මන් තාත්තාගෙ ඉන වටේ අත් දෙක යවලා පපුවට ඔලුව තියාගත්තා.....
තාත්තා ගාව හරිම සනීපයි..... නිදිමතත් ඩබල් වෙනවා....

" අප්පච්චි මාත් එක්ක අවුලෙන් නේද....."

" ටිකකින් ඇරිලා යයි....එයාගෙ හැටිනෙ..."


හවස හය විතර වෙනකම් පාඩම් කරමු මන් අක්කා ආව සද්දෙට එයාගෙ කාමරේට රිංගුවෙ සතියකට පස්සෙ කැම්පස් එක පැත්තෙ ගියපු ඕපයක් එහෙම කතා කරන්න...

" මගෙ දයාබර අක්කණ්ඩිය....."

" ආ.....මොකක් හරි ගොන් වැඩක් කරන්න නෙමයිනෙ ආවෙ....."

" පිස්සුද අනේ....පුරා සතියක් තිස්සෙ මගෙ සුදු අක්කාව මේ ඇස් වලට දකින්න නැතිව සාංකාව වගේ...."

" ආනේ.......තමුසෙ මොකද ඔච්චර බටර් ගාන්නේ...."

" කවුද බටර් ගෑවෙ...මන් මගෙ හද පතුලෙන් නාගෙන සෝකය ප්‍රකාශ කලේ..."

" මන් යනවා නාන්න තමුසෙ ඉන්නවනම් කාමරෙ බඩු අදින්නෙ නැතුව ඉන්නවා හරි"

අක්කා ඇදුම් ටිකකුත් අත් අරන් නාන්න යද්දි මන් දුවලා ගිහින් එයාගෙ ඇඳට පැන්නා....මෙයා උලන ක්‍රීම් ජාති වල සුවඳ ඇදෙනුත් එනවා....මගෙ වගේ නම් නෙමෙයි හෙන පිලිවෙලයි....සුදු පාට බඩ මහත ලොකූ ටෙඩියෙකුත් ඉන්නවා.....
මන් උගෙ බූල් පිරුණ බඩ මැද්දට මූණ ඔබාගෙන පොඩි නින්දක් දැම්මා....

" ඕයි...! බූරුවෝ...!!"
නිදාගන්න දෙන්නෙ නෑනෙ මොකේක් හරි එනවා....

" ඇයි...වදේ...."

" මොකක්ද හාල්පාරුවො තමුසෙ මගෙ ෂැම්පු එකට කරලා තියෙන්නේ..."

ඌප්ස්....ප්‍රඩක්ෂන් එකේ කාර්මික දෝෂයක්...

නාන්න ගිය අක්කා යස්සනී වගේ කොණ්ඩෙ කඩන් මගෙ ඉස්සරහ... අක්කගෙ මැගි නූඩ්ලස් වගේ දිග රැලි කොණ්ඩෙ තැනින් තැන පිපිඤ්ඤා ඇට හිටලා.....

මුන්ට ඉතින් ස්භාවික දෙයක් ගාලා කියලා පුරුද්දක් තියනවද නෑනෙ නෑනෙ.....

" අද මන් තමුසෙව......ඔහොම ඉන්නවා
දුවන් නෑ......"

නින්දෙන් ඇහැරිලා මල පෙරේතයා වගේ මන් කාමරෙන් එලියට පැනලා දිව්වා.... අක්කාත් අංගුලිමාල වගේ ෂැම්පු බෝතලේ අමෝරාගෙන බාත්රොබ් එක පිටින්ම මන් පස්සෙ පන්නගෙන එනවා....

" සුදු පුතා.....!! දෝනි....! "

" තාත්තෙ ඔය බූරුවා මගෙ ෂැම්පු එකට පිපිඤ්ඤා දාලා.....! "

අප්පච්චි ඉන්න පැත්ත පලාතෙ යන්නෙ නැතුව මන් ගේ පිටිපස්සෙන් දුවන් ගියා....තාත්තා වැලේ රෙදි වනනවා.... කරන්න දෙයක් නෑ මගෙ ධාවන පථය රෙදි වැල හින්දා හරස් වෙලා....අක්කත් එන වේගෙට වනාපු බෙඩ් ශීට් එකක පැටලුණ මන් භූතයා වගේ ඒකත් ඇදන් දිව්වා.....

" කොල්ලෝ....හ්  ඔය බෙඩ් ශිට් එක....! "

ගේ පිටිපස්සෙන් කැරකිලා ආයෙත් ඉස්සරහට එද්දි මන් දැක්කෙ ගේට්ටුවෙන් ඇතුලට එකපාරම දැම්මෙ ස්කූටරේ....

" යෝ......සෙනුක අයියේ....බ්‍රේක් නෑ.. බ්‍රේක් නෑ....එහාට....!."

කෑගැහුවට වැඩක් වුණේ නෑ ඌ බෙඩ්ශීට් එකත් ඔලුවෙ ඉදන් පෙරෝගෙන එන මන් දිහා බය වෙලා බලන් හිටියා....කකුල් වලට බ්‍රේක් නැති වුණ මාත් ගිහින් අක්කා බලන්න ආව මස්සිනාගෙ ස්කූටරෙත් පෙරලගෙනම වැටුණා....

" බ්.බබා....! "

වැටිලා තිබ්බ කණ්ණාඩි දෙක බිම අතගාලා හොයන් දාගත්ත සෙනුකයා අනිත් පාර බය වුණේ කොණ්ඩෙත් කඩන් බාත්රොබ් එක පිටින් දුවන් ආව අක්කාට...

අක්කත් සෙනුක අයියව දැක්කා විතරයි මූණත් රතු කරන් යූ ටර්න් එකක් ගහලා කඩාගෙන ගේ ඇතුලට දිව්වා....

" මිහින්....!! "  හපොයි අප්පච්චි......
අද බොට ඒරාෂ්ඨකයක් සුදු පුතේ.....






මන් එකොළොස් වෙනි වතාවටත් ඇඳේ
බිත්තිට මුල්ලට පෙරලිලා ගියා.....නින්ද යන්නෙත් නෑ....පෙරලිලා පෙරලිලා ඇගත් රිදෙනවා...අප්පච්චි සෙනුකයා ඉස්සරහම මගෙ කන අනිත් අතට අඹරලා ඔලුවට එකක් දුන්න පාර දැන් පාඩම් කරන්නත් හිතෙන්නෙ නෑ රෙද්ද....
අප්පච්චි ආදරේ වුණාට කේන්ති ගියහම හිට්ලර් වගේ අප්පා....තාත්තා නැත්තම් සෙනුකයා ඉස්සරහ අප්පච්චි මට ඉස්කෝලෙ ඒවත් අල්ලලාම දෙනවා....

මන් ඇඳ පාමුල තිබුණ කොල ගුලියටත් පයින් ගහන් ඇඳෙන් නැගිට්ටා.. ඒ මන් මෙච්චර කල් ආසාවෙන් තියන් උන්න
Bowled over by the game.....කියලා quote එකක් ගහපු ICC World Cup එකක පෝස්ටරයක්...තැලුණු හැඟීම් එක්ක ඒකත් මගෙ අත් වලින් ඉරිලා පොඩි වෙලා ගියා....

මට කෑ ගහලා අඬන්න ඕන....මට කාශ්‍යප අයියා එක්ක දැනුනෙ පුදුම තරහක්....අද ඔය ගල් මූසලය හම්බ නොවී තිබුණනම් ඒකත් උගෙයි මගෙයි දෙන්නගෙම වෙලාව අර මන්ත්‍රීයා නම් පුතණ්ඩියව කොහොමහරි ටීම් එකට දා ගනියි....මට....මට මොකද වෙන්නෙ.. මගෙ හීන....මගෙ බලාපොරොත්තු......

මන් කළුවරේම පහළ තට්ටුවෙ තාත්තලා උන්න කාමරේට ගියා....අප්පච්චිට නම් හොඳටම නින්ද ගිහින්...එයාව නම් ආයෙ පොඩි දේකටවත් මැදදි ඇහැරෙන්නෙ නෑ...
ඒත් තාත්තාට නම් නින්ද ගියාට සද්දයක් එහෙම ඇහුණොත් ඉක්මනට අහරිනවා...

" සුදු මහත්තයා....නිදි නෑ...."

මන් ගිහින් තාත්තාගෙ පපුවට තුරුලු වෙද්දි ඇහැරුණ තාත්තා මාව අප්පච්චියි එයයි උන්න අතරට ගත්තා....මගෙ comfortable zone එක මගෙ තාත්තා ළඟ....මුලු ලෝකෙන්ම මාව...මගෙ හැඟීම් ගැන තේරුම් ගත්ත එකම මනුස්සයා...ඕනිම හිතේ වේදනාවකට එයාගෙ ආදරේ මැජික් එකක් වගේ.....

මගෙ සුවපහසුම කලාපය ඇතුලෙ අද මාව අන්තෙටම කඩන් වැටිලා... තාත්තාගෙ කමිසෙ තෙමාගෙන මගෙ කදුළු පිටාර දැම්මා....බැරිවෙලාවත් අප්පච්චි මන් අඬන සද්දෙට ඇහැරෙයි කියලා බයෙන් මම කට අතින් වහගනිද්දි තාත්තා මාව අත් දෙකෙන්ම තුරුල් කරගෙන ඔලුවට හාද්දක් දුන්නා....

" ඇයි මගෙ චණ්ඩි කොල්ලා දැන් අඬන්නෙ ම්ම්....."

" මාව ආයෙ ටීම් එකට ගන්නෙ නැති වෙයිද තාත්තෙ...."

" ශ්ශ්....it's ok....every thing will be fine..."

" not will be fine....I ruined everything........I...I...ruined my dreams...."

" මිහින්....be patient....ඉස්සෙල්ලම ඔයා ඔයාගෙ පැත්තෙන් තියන වැරැද්ද හදාගන්න....දැන් ඔයා ලොකු කොල්ලෙක් ඔයාට හරි වැරැද්ද තේරෙනවා....ඔයා ඔයා ගැනම වගකීමක් ගන්න...අප්පච්චිව තරහ ගස්සන වැඩ දැන්වත් නවත්තන්න...
He is a precious soul... නපුරුයි වගේ පෙනුනට ඔයාට හිතාගන්න බැරි තරම් එයා අපිට ආදරෙයි....අප්පච්චිගෙ හිත රිද්දන්න එපා...වස්තුව....."

තාත්තා මගෙ හිත හදන්න නොකිව්ව දෙයක් නෑ....හිත නිවන කතා අස්සෙ මට එයාලගෙ ඇඳේම නින්ද ගිහින් තිබුණා....
උදේ සීතලත් එක්ක මන් මගෙ ඔලුව අතගාන උණුහුමට තුරුල් වුණා...ඒත් ඒ තාත්තා ගාවින් එන සුවඳ නම් නෙමෙයි....
අප්පච්චි.....පොඩි කාලෙ ඉදන් අප්පච්චි ආදරේ දුන්නෙ හංගගෙන ගෙන...ගොඩක්ම අපිට නින්ද ගිය වෙලාවට එයා ඇවිත් නලල ඉඹලා ඔලුව අතගානවා....මට ඇස් අරින්න ලෝබයි....තාත්තා වගේ නෙවෙයි අප්පච්චි ගාව ඉන්න හම්බවෙන්නෙ හරි කලාතුරකින්.... සතියෙ දවස් වලට එයා උදේ ඉදන් රෑ වෙනකම් කැම්පස් එකේ...
වීක් එන්ඩ් එකේ තමා ගෙදර හිටියොත්....

" මිහින්....නැගිටින්න....දැන් නමෙටත් ළඟයි... "   අප්පච්චි කියන්නත් කලින් මන් හිටියෙ ඇහැරලා ඒත් නිදි වගේ....අප්පච්චි මගෙ පිටට හිමින් තට්ටු කරද්දි මන් ඇඳෙන් ඉදගෙන ඒ උරහිසක ඔලුව තියාගත්තා....

මම මුලු රෑම හිතලා තීරණේකට ආවා.....
මන් අප්පච්චිට ඕනි කරනවා වගේ හොඳට ඉගෙන ගන්නවා....මෙච්චර කල් මගෙ එකම ටාගට් එක වුණ ‍ක්‍රිකට් කියන්නෙ ඉස්සරහට මගෙ නිකම්ම විනෝදාංශයක් විතරයි....

සෙනසුරාදා දවසම ටියුෂන් ගෙදර එද්දි හවස හයත් පහුවෙලා....වෙනදට ක්ලාස් එකක් කට් කරලා යාලුවෙක් එක්ක රෝන්දෙ ගැහුවට අද මට ඒ කිසිම දේකට හිතක් දුන්නෙ නෑ..... ඔලුවෙ තිබ්බෙ එකම දේ කොහොම හරි විභාගෙ කරගන්න....

මන් කාමරේට එද්දි මගෙ කාමරේ ලයිට් එක දාලා.....දොර ගාවට ගිය මන් එහෙම්මම නැවතුනා..... අප්පච්චි.....එයා මන් අර ඉරලා දාපු පෝස්ටරේ කෑලි එකින් එක අලවනවා.....මට දැනුනෙ උගුරෙ මොකක් හරි හිරවෙලා වගේ....මන් හොරෙන් බලන් ඉද්දිම අප්පච්චි ඒ පෝස්ටරේ සම්පූර්ණම හදලා...හිස්වුණ බිත්තියෙ හිඩැස පිරෙව්වා.....

To be continued........

Continue Reading

You'll Also Like

14.3K 760 20
How would the world look if after Sultan Ahmed's death, new Sultan wouldn't be his brother Mustafa but instead his uncle Iskender? Valeria was Veneti...
13.9K 549 27
The curse is broken. Everyone is their true selves again, but is that a good thing? Who is the Dark One's daughter really? The truth has come, and...
192K 20.4K 56
"කේතු දන්නවද මම කේතුට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්...
21K 3K 63
No one can touch you except me. I am the sole owner of both your body and heart. You're my everything. I'll do anything for you.❤️ I knew exactly tha...