සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎�...

By ___Sky-Heart___

22.3K 4.5K 3.1K

ප්‍රේමයේ සිහිනයන් පුරාම ඔච්චම් කරමින් ප්‍රේමයෙන් හදවත් ඒකාබද්ධ කෙරූ හිරි කෝඩු යෞවනයේ ප්‍රේමාන්විත අරගලය ... More

• හැදින්වීම •
• පළමු වන දිගහැරුම •
• දෙවන දිගහැරුම •
• තුන් වන දිගහැරුම •
• හතර වන දිගහැරුම •
• පස් වන දිගහැරුම •
• හය වන දිගහැරුම •
• හත් වන දිගහැරුම •
• අට වන දිගහැරුම •
• නම වන දිගහැරුම •
• දහ වන දිගහැරුම •
• එකළොස් වන දිගහැරුම •
• දොළොස් වන දිගහැරුම •
• දහතුන් වන දිගහැරුම •
• දහහතර වන දිගහැරුම •
• පහළොස් වන දිගහැරුම •
• දහසය වන දිගහැරුම •
• දහහත් වන දිගහැරුම •
• දහඅට වන දිගහැරුම •
• දහනව වන දිගහැරුම •
• විසිවන දිගහැරුම •
• විසිඑක් වන දිගහැරුම •
• විසි දෙවන දිගහැරුම •
• විසිතුන් වන දිගහැරුම •
• විසිහතර වන දිගහැරුම •
• විසිපස් වන දිගහැරුම •
• විසිහය වන දිගහැරුම •
• විසිහත් වන දිගහැරුම •
• විසිඅට වන දිගහැරුම •
• තිස්වන දිගහැරුම •
• තිස්එක් වන දිගහැරුම •
• තිස් දෙවන දිගහැරුම •
• තිස්තුන් වන දිගහැරුම •

• විසිනව වන දිගහැරුම •

606 101 112
By ___Sky-Heart___

සුපුරුදු පරිදි කැම්පස් එකට ආපු තීනු වෙනදා වගේ තීර්ථව හොයන්න ගත්තා . කෙල්ලෙක් කියලා තීර්ථට කොල්ලෙක් වත් නැති උනත් කැම්පස් එක ඇතුලේදි තීර්ථව හොයා ගන්න හරිම අමාරුයි . දෙතුන් පාරක්ම කැම්පස් එක වටේම ඇවිද ඇවිද තීනු තීර්ථව හොයන්න ගද්දි ඔන්න ඒ පාර නම් තීර්ථ කොල්ලො සෙට් එකක් එක්ක ගහක් යටට වෙලා කයියක් දාගෙන ඉන්නවා තීනු දැක්කා .

කෑල්ලව දැක්කා වගේ තීනු දුව ගෙන දුව ගෙන ඇවිත් තීර්ථගේ අතිනුත් අල්ල ගෙන තීර්ථව වෙන ගහක් අස්සට එක්කන් යද්දි තීර්ථගේ පපුවත් ගැහෙන්න ගත්තා තීනු තමන්ට කරදරයක් වත් කරන්න යයිද කියලා . ඒත් තීනු අත් දෙකේ ඇගිලිත් පටලව පටලව මොනවදෝ කියා ගන්න බැරුව තටමන්න ගද්දි තීර්ථ තමන්ගේ ඉනට අත් දෙකත් තියා ගෙන තීනුගේ මේ විගඩම දිහා බලන් හිටියා .

" මොකද තෝ දැන් ඔය ගෑණු ලමයා වගේ ඇඹරෙන්නේ ?? "

තීර්ථ බැරිම තැන තීනු ගෙන් අහද්දි ඔන්න ඒ පාර තීනුගේ කටට පණ ආවා .

" මේකයි බං සීන් එක දැන් යුගාන් හැම වෙලවෙම මාත් එක්ක ලව් කරන්න එනවනේ හැබැයි මං ඒවට ආස නැහැ . ඒත් මං ඌට ආදරෙයි !! ඌ හෙන ආසයි මං ඌට තුරුලු වෙලා ආදර බස් දොඩව දොඩව ඌව ඉඹ ඉඹ ඉන්නවට ඒත් මට නම් බැහැ කෙල්ලෙක් වගේ ඌට තුරුල් වෙලා ඉන්න . හැබැයි මට දුකයි ඌ ගැන එහෙම කියලා මට බැහැ ගෑණු ලමයෙක් වගේ උගේ අස්සේ ඉන්න "

" ඉතිම් උබ දැන් මොකක්ද මට කරන්න කියන්නේ ?? "

" මට රොමෑන්ටික් වෙන්න කියලා දියන්කෝ හැබැයි අත පත ගාන්නේ නැතුව තුරුල් වෙන්නේ නැතුව වෙන කරන්න පුලුවන් දෙයක් කියපන් "

" එහෙනම් කරන්න තියෙන එකම දේ තමයි යුගාන්ව දුටු තැන උගේ කට කන එක !! ඒක තමයි එකම විසදුම ඊට පස්සේ File closed !! "

තීර්ථ කිසිම ගානක් නැතුව කියද්දි තීනු අත දිගෑරලා තීර්ථගේ ඔලුවට පාරක් ගැහුවා . ආදර විශේෂඥයා වගේ තීර්ථ හිටියට ඌ දන්න කිසි දේකුත් නැහැ කියලා තීනුගේ මොල ගෙඩියට තේරෙන්න ගත්තා . ඒත් මේ වෙලාවේ හැටියට තීර්ථයගේ උපදෙස් පට්ටෙටම තීනුට ඕනේ උනා .

" එහෙම නෙමෙයි බං මං අහන්නේ හිතට දැනෙන්න ආදරෙන් කතා කරන්නේ කොහොමද කියලා "

" ආහ් උබ එහෙනම් යුගාන්ව හම්බ උනාම යුගාන්ගේ ඇස් දෙක දිහා බලලා කියපන් ඔය ඇස් දෙක මට ලෝකයක් වගේ කියලා තව කියපන් ඔයාගේ තුරුල මට ගෙදර තියෙන ඇන්ටික් ඇදටත් වඩා සනීපයි කියලා .. ඒ ඒ ඔය මොනවද උබ ඔය කරන්නේ ?? "

තීර්ථ හද පතුලෙන්ම තීනුට කියන්න ඕනේ දේවල් කියද්දි තීනු ඒ තමන්ගේ කරේ තිබුනු බෑග් එකත් ගලවලා පොතකුයි පෑනකුයි අර ගෙන මොනවද ලියා ගද්දි තීර්ථ කිය කිය හිටපු එකත් නතර කරලා තීනු දිහා බැලුවා .

" මම මේ අමතක වෙයි කියලා පොතක ලියා ගන්න හැදුවේ .. උබ දිගටම කියා ගෙන පලයන් ඉතිම් "

තීනු ආයෙ තීර්ථ කියන දේවල් ලියා ගන්න ලෑස්ති පිට ඉද්දි තීර්ථ ආයෙම තමන්ගේ හඩ අවදි කලා .

" උබ යුගාන්ව දකින දකින සැරේට ඇහැක් ගහලා යටි තොල ලෙව කාලා දිවත් පොඩ්ඩක් හපපන් එතකොට යුගාන්ගේ හිත සලිත වෙන එක සත්තයි "

" අහ් පොඩි ප්‍රශ්නයක් "

තීනු පෑනත් කටේ ගහගෙන තීර්ථ ගෙන අහද්දි තීර්ථ තීනු දිහා බලලා ඇහිබැමක් ඉස්සුවා .

" මොකක්ද දැන් උබට තියෙන ප්‍රශ්නේ ?? "

" මම දැන් හපන්න ඕනේ මගේ දිවද නැත්තම් යුගාන්ගේ දිවද ?? "

තීනු තමන්ගේ ඔලුවත් කස කස අහද්දි තීර්ථගේ කටට හොද හොද කුනුහරප පේලියට ගලා ගෙන එන්න ගත්තා .

" උබේ දිව යකෝ උබේ දිව !! උබට ආයේ මගෙන් ප්‍රශ්න අහන්න බැහැ ඇහුවොත් උබව හරහට කපනවා දැන ගනිම් !! "

" හරි හරි නොදන්න කමට දැන ගන්නනේ ඇහුවේ "

තීනු හොටු පෙරා ගෙන නහය උඩට උස්ස උස්ස කියද්දි තීර්ථ වැඩිය තීනුට මුකුත් නොකිය ඉන්න තීරණේ කලේ මොනවා හරි කියලා තීනු මෙතන හෝස් එක ඇරියා වගේ නහයෙන් අඩන්න ගත්තොත් තමන්ගේ මුලු දවසම මුස්පේන්තු වෙන එක ගැන ආයේ දෙකක් නැති නිසා .

" ඔන්න ඊට පස්සේ උබ යුගාන් එක්ක කතා කරද්දි ලස්සනට කතා කරන්න ඕනේ ඒ කියන්නේ දැන් උබ ඔය කුනුහරප කියන එක නැති කර ගන්න ඕනේ "

" අනේ හුත්තෝ කුනුහරප කියන්නේ නැතුව කතා කලාම කෑවේ නැහැ වගේනේ "

" එහෙනම් කුනුහරප කියද්දි ලස්සනට කියපන් හරියට මගේ රත්තරං පකයා මගේ සූකිරි වේසාවා උම්මි උම්මි චූටි බිජ්ජා අන්න ඒ වගේ ඒවා "

තීර්ථ දැන් කියන හැම අකුරක් අකුරක් නෑරම තීනු තමන්ගේ පොතේ ලියා ගන්න ගත්තා . තීනුත් දැන් තමන් කියන දේවල් අහලා වැඩ කරන්න හදන නිසා තීර්ථටත් පොඩි ගැම්මක් ආවා . මොනවා උනත් තීනුයි තීර්ථයි කියන්නේ සූටිනුයි මාටිනුයි වගේ ඩයල් දෙකක් නිසා දෙන්නා හැම ගොන් වැඩකටම අත ගැහුවේ එකට .

" දැන් මේවා කලාම හරි යයිද "

" ආයේ අහලා උබට මම බොරු කියනවද ඕක සීයට සීයක් හරිනවා හැබැයි උබ පොඩ්ඩක් යුගාන්ගේ ඇගේ වෙලිලා කට පොඩ්ඩක් කාලා පොඩි දගර ඩාන්ස් එකක් දැම්මොත් වැඩේ සීයට දාහක් ශුවර් තමා "

" එහෙනම් මම දැන් යන්නම් මේ වෙලාවට යුගාන් ලෙක්ච හෝල් එකට එනවා මම ටකස් ගාලා ගිහින් එන්නම් "

පොතත් බෑග් එක අස්සට ඔබා ගත්තු තීනු දඩි බිඩි ගාලා බෑග් එකත් කරේ දාගෙන දුවලා යන්න හදලා ආයෙම තීර්ථ ගාවට ඇවිත් තීර්ථ දුන්නු උපදෙස් වලට තෑන්ස්ක් කරලා තීර්ථට උම්මා එකක් දුන්නා . ඒ සැනින්ම තීනු දුවලා යද්දි තීනු උම්මා එක දීපු කම්මුල තීර්ථ හරි අප්පිරියාවෙන් පිහිදාන්න ගත්තා . යාළුකමට ඔය මොක කලත් තීනු තමන්ට උම්මා දෙන්න එන එකට නම් තීර්ථ පොඩ්ඩක් වත් ආස උනේ නැහැ .

දුවලා දුවලා තීනු ලෙක්ච හෝල් එකට යද්දි යුගාන් තනියම ලෙක්ච හෝල් එකට වෙලා ෆෝන් එක ඔබ ඔබ හිටියා . හෙන මනමාල සුකුරුත්තන් හිනාවක් දා ගත්තු තීනු උඩ පැන පැන ගිහින් යුගාන් වාඩි වෙලා ඉන්න තැනින්ම බෑග් එක තියලා වාඩි වෙද්දි යුගාන් තමන්ගේ ෆෝන් එකෙන් ඇස් අයින් කරලා තීනු දිහා බැලුවා . වෙනදට වඩා කවදාවත් නැතුව තීනු තමන්ගේ ලගටම ඇවිල්ලා හිනා වෙවී ඉද්දි යුගාන්ගේ හිතට පොඩි බයකුත් දැනෙන්න ගත්තා .

" ගුඩ් මෝනින් තීනු බබා "

" ගුඩ් මෝනින් රත්තරං පැටියෝ "

තීනු යුගාන්ට ඇහැක් ගහලා තීර්ථ කිව්ව විදිහටම තමන්ගේ යටි තොලත් ලෙව කාලා දිවත් හපා ගනිද්දි යුගාන්ගේ ඇස් ඉබේටම ලොකු වෙන්න ගත්තා . තීනු ආයෙම හිනා වෙලා තමන්ගේ අතේ ඇගිලි තුඩු වලින් යුගාන්ගේ කම්මුල් මිරිකන්න ගද්දි කොයි වෙලාවෙ තීනු තමන්ගේ බෙල්ල මිරිකයිද දන්නේ නැහැ කියලා යුගාන්ට හිතුනා .

පොඩ්ඩ ඇත්තම් ඇගට කඩන් පනින නිකන් ඉද්දිත් තමන්ට ගහන හැම වෙලාවෙම කුනුහරප කියන එකා එක පාරටම සම්පූර්ණයෙන්ම වෙනස් වෙද්දි යුගාන්ට බය හිතෙන එක කොහොමත් සාදාරණයි . ඊටත් වඩා යුගාන් තීනු දිහා බලන බලන හැම පාරකම තීනු ඇහැක් ගහලා යටි තොල ලෙව කාලා දිව හපා ගනිද්දි යුගාන් හිතුවෙම තීනුට මොකක් හරි අසනීපයක් කියලා .

" තීනු බබා ඔයාට මොකක් හරි අසනීපයක්ද ?? "

යුගාන් තීනුගේ නලලට අතක් තියලා අහද්දි තීනු පරණ පුරුද්දට යුගාන්ගේ අත ගසලා දාලා යුගාන්ගේ ඔලුවට ගහනවා වෙනුවට යුගාන්ගේ අත හිමීට තමන්ගේ අතින් එහාට කරලා තමන්ගේ අත එක්ක යුගාන්ගේ අත පටලවා ගත්තා .

" මට අව්ලක් නැහැ සුදූ මේ ඉන්නේ මම යසාගේට ම්හුක් පිස්සු කොල්ලා "

තීනු යුගාන්ගේ උරහිසට බර වෙද්දි ඇත්තටම යුගාන් හිටියේ මේ වෙලාවේ මෝල් වෙලා වගේ . වෙනදා තීනු ඉන්න විදිහ දැන් ඉන්න විදිහට වඩා දාහෙන් සම්පතක් කියලා යුගාන්ට හිතුනා . ඒත් තීනු ගේ මේ අමුතු හැසිරීම කොයි වෙලාවක වත් යුගාන්ගේ හිත සලිත කලේ නම් නැහැ . ඒ වෙනුවට තීනු කලේ යුගාන්ට නැති පෙෂරුත් හදවපු එක .

යුගාන් පොඩ්ඩක් විතර තීනු ගෙන් හිමීට ඈත් වෙද්දි මෙන්න බොලේ තීනු කාන්දම වගේ යුගාන්ගේ අස්සට එනවා . අද කෙම්මුර දවසක් උනු නිසා තීනුගේ මොලේට යම් බල පෑමක් වෙලා ඇති කියලා යුගාන්ට නිකමට වගේ හිතුනා . ඇත්තටම යුගාන් බලාපොරොත්තු වෙන තීනු නෙමෙයි මේ . යුගාන්ට ඕනේ කෙයාරින් තීනු කෙනෙක්ව .

තමන් එක්ක කොච්චර රණ්ඩු උනත් ආදරෙන් තමන්ව බලා ගන්න කෙනෙක්ව . එහෙම කියලා තීනු යුගාන්ට ආදරේ නැතුව නෙමෙයි . තීනු යුගාන්ට ආදරෙයි ඒත් ඒ ආදරේ කොහොමද පෙන්නන්නේ කියන එක ගැන තීනුට කිසිම අදහසක් තිබුනේ නැහැ . හැබැයි බලාපොරොත්තු නොවන තැන් වලදි ඉදලා හිටලා තීනු ගෙන් ලැබෙන ආදරේට යුගාන් මාර විදිහට ආස කලා .

" යුගාන් සූකිරියෝ අපි අර කොන්සට් එක බලන්න යන්නත් ඕනේ හරිද "

" මොන කොන්සට් එකක් ගැනද බබා කියවන්නේ ??? "

යුගාන් ආත පාත ලෝකෙන් ඇවිත් වගේ කතා කරද්දි ඔන්න තීනුට තද වෙන්න ගත්තා .

" ඇයි උද්දිකයෝ අහස් රැය කොන්සට් එක බලන්න උබ ගිය මාසේ තොටයි මටයි ටිකට් අර ගත්තේ උබට කිසි දෙයක් මතක නැද්ද යුගාන් ?? උබ මොන ලෝකෙද ජීවත් වෙන්නේ ගෙරියෝ !! "

දැන් ටිකකට කලින් ප්‍රේමය උතුරන්න කතා කරපු එකා අනිත් පැත්තට වෙනස් වෙද්දි යුගාන්ගේ මොලේට සමනල් ගැටේ වැටුනා .

" සිරාවටම මට ඒක අමතක උනානේ අනිද්දා නේද ඒක තියෙන්නේ "

" ඔව් උද්දික.. අහ් හීහී උද්දික පැටියා මගේ "

මොනවා කලත් කටේ තීන වාචාල කම නැති කර ගන්න තීනුට අමාරු නිසා කොහොම කතා කලත් තීනුගේ කටින් කුනුහරප පිට වෙන එක නතර කර ගන්න බැරි උනා .

" මොකක්ද තීනු තමුසෙට ඔය වෙලා තියෙන්නේ ?? පිස්සෙක් වගේ ඕයි මොකද ඔය අසික්කිත විදිහට කතා කරන්නේ ?? "

" මොකද බොරුවට කෑ ගහන්නේ ?? මට ඕනේ උනේ ටිකක් රොමෑන්ටික් වෙන්න මම එහෙම වෙනවට තමුසෙ ආසයිනේ . පොඩ්ඩක් ආදරෙන් කතා කරන්න ආවමත් කෙහෙල් මලක් කියවනවා ..මං යනවා එහාට "

තීනු යුගාන්ටත් රවලා ගස්ස ගෙන කියද්දි යුගාන් තමන්ගේ කටත් ඉරක් කරන් තීනු දිහා බැලුවා . මූණත් බස්සෙක් වගේ පුම්බ ගෙන යුගාන් දිහා හොර ඇහැ දාලා තීනු බලලා බොරුවට යුගාන්ට පේන්නම යුගාන් ගෙන් ඈත් උනා . ඒත් ආයෙම තීනුගේ අතින් ඇදලා ගත්තු යුගාන් එහෙන්මම තීනුව තමන්ගේ පපුවට තද කර ගත්තා .

" මේ අහනවා තීනු තමුසෙට බැරි දේවල් නොකර ඉන්නවා !! මං කවදාවත් කියලා නෑනේ තමුසෙගෙ විකාර වලට මම අකමැතියි කියලා ඒත් බබා ඔයා මං නිසා මෙහෙම වෙනස් වෙන්න ඕනේ නැහැ අනික තමුසෙට ඕවා ගැලපෙන්නෙත් නැහැ . තමුසෙට ලාදුරු උනාට මට ලාදුරු නෑනේ බබා . තමුසෙ බිංකුණ්ඩෙක් උනත් මං තමුසෙට ආදරෙයි . ආයේ මේ වගේ විකාර කරන්නේ නැතුව ඉන්නවා මං තමුසෙට ආදරෙයි කියලා තමුසේ දන්නවනේ !! "

යුගාන් තීනුගේ නලල සිප ගන්න ගමන් කියද්දි තීනු තමන්ගේ අත් යුගාන්ගේ ඉන වටේ ඔතා ගන්න ගමන් ඇස් පියා ගත්තා .

" තමුසෙට ආදරේ හිතෙනවනේ රෙද්ද "

තීනු යුගාන්ගේ පපුව අස්සෙම ඉදන් මුමුණද්දි යුගාන්ගේ තොල් අතර ඉබේටම හිනාවක් ඇදුනා .

" කොහොමත් මං වගේ ලස්සන කොල්ලෙක් දැක්කම ආදරේ හිතෙන් නැති වෙන්නේ කාටද ?? "

යුගාන් තමන්ගේ එක අතකින් පූෆ් ගාල කොණ්ඩේ පිටි පැස්සට කරද්දි තීනු යුගාන් ගෙන් ඈත් වෙලා යුගාන්ට ඇද කලා . යුගාන් ඇත්තටම ලස්සනයි . හැබැයි ඊටත් වඩා යුගාන් ගෙන් දිස් උනේ රස්තියාදු පෙනුමක් .

" හැබැයි තමුසෙට වඩා තීර්ථ ලස්සනයි "

තීනු තමන්ගේ මූණ අමුතුම හිනාවකින් පුරව ගෙන කිව්වේ තමන් තීර්ථ ගැන කියවන හැම වෙලාවකම යුගාන්ට තද වෙනවා කියලා හොදාකාරවම දැන ගෙන . යුගාන් තමන්ගේ ඇස් දෙකත් රෝල් කරලා කටත් ඇදේට ඇල කරලා තීනු දිහා බැලුවා .

" දැන් තමුසෙගේ බෝයිෆ්‍රෙන්ඩ් මමද නැත්තම් ඌද ??? "

" මෙහෙමයි යුගාන් මම ඔයාටත් කැමතියි එයාටත් කැමතියි මගේ හිත දෙතැනක නතර වෙලා "

තීනු තමන්ගේ පපුවට අතක් තියලා කියද්දි යුගාන් තීනුගේ කොලර් එකෙන් ඇදලා අරන් අරන් තීනුගේ මූණට පහත් උනා .

" ඇත්ත කියපන් තීනු බබා තීර්ථ උබේ හොර එකද ?? "

" මං ඔව් කිව්වොත් ඔයා මොකද කරන්නේ "

" එහෙම උනොත් මම ඌව පෙති පෙති කපලා ගගට විසික් කරනවා "

" අපි යාලුවෝ විතරයි සුදු තාත්ති ඔයාට ඔය තරම් මාව සැකයි නම් මේ හෙන ගහන අවුව්වේ මගේ පතිවත කෙලෙසන්න "

තීනු එක අතක් තමන්ගේ පපුවට තියලා අනිත් අත නලලට තියා ගෙන අති දැවැන්ත රංගනයක යෙදෙන්න ගත්තා . තීනුයි තීර්ථයි වෙලාවක ගෑණියි මිනිහයි වගේ හැසිරෙද්දි යුගාන් නම් ඒ දිහා බැලුවෙම වැරදි කෝණයෙන් .

" ඉක්මනට මං ඒක කරනවා බබා ඒක නිසා බය වෙන්න එපා "

" අඩෝ සිරාවටම කවදද කරන්නේ දැන් "

තීනු යුගාන්ගේ ඇගට බර වෙලා අහද්දි යුගාන් තමන්ගේ ඔලුව දෙපැත්තට වැනුවේ තීනු කවදාවත් හැදෙන එකෙක් නෙමෙයි නිසා .

" ඇයි බං උබ ඔහොම ?? මම ජීවීතේට තමුසෙ වගේ වනචර කොල්ලෙක් දැකලා නැහැ ඕයි "

" දැන් බෝයිෆ්‍රෙන්ඩ් ඉස්සරහා ඕපන් වෙන එක වනචරකමක් ද ?? කරන්න තියෙන බිබික්කම් සේරම මම තෝ එක්ක කරන්නේ නැතුව වෙන කාත් එක්කද කරන්නේ ?? "

" ඇයි උබේ හොර එක තීර්ථ ඉන්නේ ?? "

" අනේ මේ කටවහපන් !! හපනවා උබව දැන් මම . මගේ යකා අවුස්ස ගන්න එපා තෝ "

මේසෙ උඩ තිබුනු යුගාන්ගේ පොත අරන් තීනුගේ යුගාන්ගේ ඔලුවටම පාරක් දෙද්දි යුගාන් තමන්ගේ ඔලුවත් අල්ල ගෙන මේසෙට බර උනා . නලලේ දාලා තියෙන මැහුමත් එක්ක යුගාන්ගේ ඔලුවට කවුරු හරි පොඩි තට්ටුවක් දැම්මත් කොල්ලට ඒක සුපිරියටම රිදෙන්න ගත්තා .

" අහ් තීනු උබ කොයි වෙලේක හරි මගෙන් ගුටි කනවා "

යුගාන් තමන්ගේ මැහුම් දාලා තියෙන තැන ඇගිල්ලෙන් පිරි මදිද්දි යුගාන්ගේ බැනුම් මැදම තීනු යුගාන්ගේ නලලේ රැදිලා තිබුනු ඇගිලි අහකට කරලා යුගාන්ගේ නලලින් හාදුවක් තැවරුවා .

" තාමත් රිදෙනවද යුගාන් ?? "

" හ්ම්ම් !! "

" කෝ මගේ ඔඩොක්කුවෙන් ඔලුව තියා ගන්නකෝ "

තීනු කියන පරක්කුවෙන් යුගාන් තීනුගේ ඔඩොක්කුවෙන් තමන්ගේ ඔලුව තියා ගත්තා . එහෙන්මම තීනු තමන්ගේ ඇගිලි තුඩු යුගාන්ගේ හිස කෙස් අතරින් යවද්දි යුගාන්ගේ දෑස් ඉබේටම පිය උනා . තීනු හිමින් සීරුවේ යුගාන්ගේ ඔලුව අත ගාද්දි යුගාන් තමන්ගේ අතකින් තීනුගේ නිදහස්ව තිබුනු අතක් අල්ලා ගත්තා .

" හෙට රෑට අපි කුරුණෑගල යමු "

" එක පාරටම ?? "

" ඇයි කොන්සට් එක බලන්න ඕනේ නැද්ද ඔයාට ?? "

" ඒත් හෙටම යන්නේ ?? "

" අනිද්දා කොන්සට් එක නම් එදාටම යන්න බෑනේ තීනු ඊට කලින් දවසෙ වත් අපි යන්න ඕනේ "

යුගාන් ඒ ගැන මතක් කරද්දි තමයි තීනු උනත් මතක් උනේ කොන්සට් එක බලන්න යන්න තියෙන වගක් වත් තමන් ගෙදර අයට කිව්වේ නැහැනේ කියලා . ඒක නිසාම එක පාරටම තීනු අම්මගෙන් කුරුණෑගල යන්න ඇහුවොත් අම්මා කොහොමත් තමන්ට මේ ගමන යන්න දෙන්නේ නැති විස්තිය තීනු දැනන් හිටියා .

" මට අම්මට කියන්න බැරි උනානේ ඕයි ඒ ගැන . දැන් මම එක පාරටම කුරුණෑගල යන්න ඕනේ කිව්වොත් අම්මා මට බනියි "

" ඕකත් මහ ලොකු දෙයක්ද තීනු බබා ?? මම ඔයාලගේ අම්මගෙන් අහන්නම් මම පොඩි ගමනක් යනවා ඒකට තීනුව එක්කන් යන්නද කියලා අනික මගේ නැන්දම්මා එයාගේ බෑණගේ මූණට බැහැ කියන්නේ නැහැ කියලා මං දන්නවා "

යුගාන් තීනුගේ නහය යාන්තමින් මිරිකලා කියද්දි තීනුගේ මූණට ඉබේටම වගේ හිනාවක් ආවා . යුගාන්ගේ මූණ දිහා බලා ගෙනම තීනු යුගාන්ගේ ඔලුව අත ගාද්දි යුගාන් තීනුගේ අත තමන්ගේ අත් අතරට අර ගෙන තීනුගේ අල්ල මතින් හාදුවක් තැවරුවා .

" ඔහොම කරන්න එපා ඕයි මට ලැජ්ජ හිතෙනවා "

තීනු ඉක්මනට තමන්ගේ අත ඇදලා ගනිද්දි යුගාන් හිනා වෙන ගමන් නැගිටලා හරි බරි ගැහිලා ඩෙස් එකෙන් වාඩි උනා .

" කතාව නම් පැය විසි හතරෙම දර පලන්න ඒත් පොඩ්ඩක් ලගට අරන් උම්මා එකක් දෙද්දි මූ බික්කම් සේරම රතු කර ගෙන ඇඹරිලා ඉවරයි "

" අනේ මේ යනවා යන්න තමුසෙ ඉතිම් කරන මගුලක් කාටවත් නොපෙනෙන්න කරන්නෙත් නෑනේ දෙනෝ දහක් ඉන්න අස්සක ඔය මගුල් කරද්දි මලක් වගේ හැදුනු මට ලැජ්ජ හිතෙන එක අහන්නත් දෙයක්ද ?? "

තීනු අමුතු ගැස්සිල්ලක් යුගාන්ට දාලා කියද්දි යුගාන් තමන්ගේ අතින් කට තද කර ගත්තා . තීනුගේ හැදිච්ච මල ගැන යුගාන් කියන්න ගියොත් තමන්ට නිස්කාරනේ තීනුගෙන් ගුටි කන්න සිද්ද වෙන නිසා යුගාන් පාඩුවේ නෝන්ඩි හිනාවක් තීනුට දැම්මා .

" ඒකෙන් වැඩක් නැහැ දැන් අපි කොන්සට් එක බලන්නේ යන්නේ කොහොමද "

" අහ්හ් මං බැලුවේ කාර් එකේ යන්න කෝච්චි වල බස් වල යනවට වඩා අපි දෙන්නට යන තැනක නිදහසේ ගිහින් එන්න පුලුවන් නේ "

" ඒකත් ඇත්ත තමයි හැබැයි "

" මං අද ලෙක්චස් ඉවර උනාම තමුසෙලගේ ගෙදර එනවා තීනු .. අම්මට විස්තරේ කියලා කතා කරන්නත් එපැයි "

" ඒක නම් හොදයි ටිකක් බටර් ගාලා කතා කරනවා එතකොට අම්මගේ හිත තවත් වෙනස් වෙයි "

බටර් ගාන්න හොදට කුපාඩි වැඩ කරන්න තීනුට වෙනම ඩිග්‍රියක් තිබුනා . යුගාන් ඔය තරහ වෙන සමහර වෙලාවට තීනු ගාන්න පුලුවන් බටර් සේරම ගාලා පිරිමි මායම් දෙක තුනකුත් දාලා කොහොම හරි යුගාන්ව යාලු කර ගන්නවා . ඒ වගේ දැනුත් තීනු බටර් ගාන විදිහ ගැන යුගාන්ට කියද්දි යුගාන්ගේ මූණට ඉබේටම වගේ හිනාවක් ආවා .

" හරි හරි මං ඒක ඒ වෙලාවට බලා ගන්නම්කො "

වාඩි වෙලා හිටපු තැනින් නැගිටපු යුගාන් ඇග පතේ හිරි ඇරලා තමන්ගේ බෑග් එක ආයෙම කරෙන් එල්ල ගද්දි තීනු තමන්ගේ නලලත් රැලි කර ගනිමින් යුගාන් දිහා බැලුවා .

" ඒ කොහෙද ඔය යන්න හදන්නේ ?? තාම ලෙක්චස් වත් පටන් ගත්තෙත් නැහැ "

" බඩගිනියි බං ලෙක්චස් පටන් ගන්න තව පැය භාගයක්ම තියෙන එකේ මං බැලුවේ කැන්ටිමට ගිහින් මොනවා හරි බඩට දාගන්න "

" ඉන්නවා මාත් එන්නම් අද අම්මා මට තඩි බත් එකක් ඔතලා දුන්නා තමුසෙ ආසම දේවල් තියෙන්නේ "

ඔන්න තීනු එහෙම කියද්දි යුගාන් ගේ  මූණ සිරියාවන්ත හිනාවකින් පිරුනා . තීනුගේ මූණටම ලං උනු යුගාන් කැකිරි පැලෙන ටිකිරි හිනාවකුත් දාගෙන තීනුගේ කම්මුලක් මිරිකුවා .

" මොනවද බත් එකේ තියෙන්නේ "

" මෝජුයි , කජු මාලුයි , මාලු ඇඹුල් තියලුයි "

" ඉක්මනට වරෙන් යකෝ යන්න තියෙන කෑම ටික අහලා බඩගින්න තවත් වැඩි උනා වගේ "

යුගාන් තීනුගේ අතින්න ඇද ඇද ඩෙගා නටද්දි තීනු තමන්ගේ බෑග් එකත් කරෙන් දා ගත්තා . බත් එකේ තියෙන ව්‍යංජන ජාති මතක් වෙන වාරයක් පාසා යුගාන්ගේ බඩ කෑ ගහන්න ගද්දි යුගාන් ඉක්මනින් තීනුවත් ඇද ගෙනම කැන්ටිමට ගියා .  තීනු බත් එක මේසෙන් දිග අරිද්දි යුගාන් බත් එකට අත නොදා තීනු දිහා බලන් හිටියා .

යුගාන් ඔය නොකියා කියන්නේ තමන්ටත් කවන්න කියලා නිසා තීනුත් බත් එක කන අතරෙම යුගාන්ට හොදට අනලා බත් කටවල් කවන්න ගත්තා . යුගාන්ගේ තොල් දෙපැත්තේ ඉදුල් ගෑවෙද්දි ඒවා තමන්ගේ ඇගිලි වලින්ම තීනු පිහිදාලා දැම්මා . පලවෙනි පාරට කොල්ලෝ දෙන්නා රණ්ඩු වෙන්නේ නැතුව හිටියා නම් ඒ මේ බත් කන වෙලාවෙම විතරයි ....


To be continue

_________________________________________

ඔන්න මම ආවා

දෙන්නා කොන්සට් එකක් බලන්න යනවලු නේ

බාල්දියක් අදින්නද 🌚

වෝට් කමෙන්ට් කරන අයට කුමාවෝ 💕

Continue Reading

You'll Also Like

3.4K 656 4
" ඒ බන් ටේ..." " කියපන් ශාන්" " අපේ කොල්ලො දෙන්නගෙන් බොටම් එකා කවුද?" " මටත් හිතාගන්න බෑ බන්...යිබෝ නේද බොටම්" " නෑ මගේ කොල්ල බොටම් නෙවෙයි...ජන්කුකා...
19.4K 606 53
˚ ༘ ❃ ·˚ ₊˚ˑ༄ 𝗬𝗢𝗨𝗥𝗘 𝗟𝗢𝗦𝗜𝗡𝗚 𝗠𝗘 𝘿𝙔𝙇𝘼𝙉 𝙃𝙊𝙁𝙁𝙈𝘼𝙉 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 the childhood best friends ...
79.7K 1.1K 20
In the supernatural world, there's tons of individual beings just waiting for the story of their rise to greatness to start. A story where they rise...