Strike 2.0

By Yazwi_03

1.1K 169 173

240401 More

1.
2.
3
4.
5
7
gxb

6

154 24 29
By Yazwi_03


"This whole world is fucking with me..shit.."

පස් වෙනි tequila වීදුරුවත් හිස් කරලා දාපු යේලි බාර් කවුන්ටර් එකට ඔලුව ගහගෙන ම හයියෙන් කෑගැහුවත් ඒ හඬට කන් දෙන්න තරම් හොඳ සිහියක ඉඳපු කෙනෙක් යේලිගේ අහල පහල හිටියේ නෑ.. සෑහෙන කාලෙකට පස්සේ අගනුවර එක්තරා සුඛෝපභෝගී රාත්‍රී සමාජ ශාලාවකට ගොඩ වුණු යේලි මේ වෙද්දි හිටියේ අඩක් විතර මත් වෙලා.. යේලිගේ ඇල්කොහොල් ටොලරන්ස් එක තරමක් හොඳ මට්ටමක පැවතුණු හින්දා යේලිට වොලන්ස් ටෙකීලා වීදුරු කීපයක්ම බොහොම පහසුවෙන් හිස් කරන්න පුළුවන් වුණා..

හිතේ හිරවෙලා තියෙන දුක තරහා කලකිරීම වගේ හැම හැඟීමක් ම කඳුළුවලට පරිවර්තනය නොකර ඉන්න දැඩි උත්සාහයක් ගනිමින් හිටපු හින්දා යේලි දිගින් දිගටම වීදුරු හිස් කරන්න ගත්තේ අවසිහියෙන් වගේ...

බාර් කවුන්ටර් එක වටේ සෙට් කරලා තියෙන දම් කොළ රතු නියෝන් එළිවලින් යේලිගේ මුහුණේ එක එක පැති එක එක පාටවලින් වර්ණ ගැන්වෙද්දි... පසුබිමෙන් ඇහෙන කන් බිහිරි කරවන ඩීජේ සංගීතය ගැන හෝ.. සමාජ ශාලාවේ විනෝද වෙමින් සිටි අනෙක් පිරිස් තම තමන්ගේ මත්පැන් වීදුරු එකිනෙක හප්පා ගනිමින් නගන ඝෝෂාවන් ගැන යේලිට නිනව්වක් තිබුණේ නෑ... ඇය දිගින් දිගටම තමා මිලදී ගත් වොලන්ස් ටෙකීලා බෝතලය හිස් කරන්නට වුණා..

"I hate you bitch........!!! Did you try to take your life... huh well.. that's gooooood..cuz if you didn't do that..... i would... I would definetly do it.. definitely.... I KILL..... you....yeah... ofc I'll tear you into pieces... bitch...."

යේලි එහෙම කිය කිය කෑගහන්න ගත්තේ හිස් වුණු ටෙකීලා වීදුරුවට දබරඇඟිල්ල දික් කරගෙන තවත් වෙලාවක ග්ලාස් එකේ නෙක් එක තද කරලා අල්ලගෙන වීදුරුවට නහය තද කරගෙන...

"And.... babe... ash you dickhead.. how dare you to cheat me with that bitch aah... am I a joke.... you mother fucker..!! You bastard.... Bloody asshole... I'm gonna....gonna aashhh fuck.... i still fucking love you....Huh I'm such a dog poop... Damn it.....!!!"

බාර් කවුන්ටර් එකට අත් දෙකම මිට මොළවලා ගහගෙන ගහගෙන යන ගමන් එහෙම කියපු යේලි එක අතකින් කොණ්ඩෙත් අවුල් කරගන්න ගමන් කවුන්ටර් ටේබල් එකෙන් ඔලුව ගහගත්තේ කොණ්ඩෙත් සම්පූර්ණෙන්ම වගේ මූණට වැටිලා තියෙද්දි.... වීදුරු දහයකට වඩා.. ඒ කියන්නේ ටෙකීලා බොට්ල් එකෙන් ආසන්නව හතරෙන් තුනක්ම වගේ හිස් කරලා ඉඳපු යේලි මේ වෙද්දිත් හිටියේ හොඳටම මත් වෙලා.. මොකද කලින් කිව්වා වගේම යේලිට හොඳ ඇල්කොහොල් දරාගැනීමේ ධාරිතාවයක් තිබුණත් මේ වෙද්දි ඇය ඒ සීමාව ඉක්මවලා ගිහින් තිබුණා.. බිස්නස් පාටීස් වලදි සහ යාළුවොන්ගේ එක එක පාටීස්වලදි ශොට්ස් දෙකක් විතර අරගෙන බොහොම පරිස්සමට අදාළ අවස්ථාවෙන් ලිස්සලා යන්න පුරුදු වෙලා හිටපු යේලි සෑහෙන කාලෙකට පස්සේ ලොකු මත්පැන් ප්‍රමාණයක් ඇඟට එකතු කරගෙන තිබුණා.. යේලිගේ සිරුර ළඟකදි ඒ වගේ ප්‍රමාණයක් දරාගන්න පුරුදු වෙලා නොහිටපු නිසා ඇය මේ වෙද්දි හිටියේ අවසියෙන් කිව්වොත් වඩාත් නිවැරදියි...

"I want...... more....."

තමන්ටම එහෙම කියාගෙන යේලි ආයේම බෝතලේ ඉතුරු වෙලා තිබුණු මත්පැන් ටිකකින් තමන්ගේ වීදුරුව පුරවගත්තා.. ඒත් ඒ පුරවගත්තු වීදුරුව කට ළඟට අරගෙන එන්නවත් යේලිට හැකියාවක් නොතිබුණේ ඒ තරමටම යේලි අවසිහියෙන් හිටපු නිසා.. කවුන්ටර් ටේබල් එක මත තිබුණු ග්ලාස් එක උස්සලා තමන්ගේ පැත්තට අරගෙන ආවත් ඒක බොන්න කලින්ම අත ලෙස්සලා ගිහින් ඒ මුළු ග්ලාස් එකේම තිබුණු ටෙකීලා ටික යේලිගේ ඇඟේ හැලුනා..

"Haha.... you are also doing the fuck with me no ?..."

ටිකක් තරහෙන් අතේ තිබුණු වීදුරුව දිහා බලාගෙන එහෙම කියපු යේලි වීදුරුව රැඳිලා තිබුණු අත ඉහළට එසෙව්වේ මුළු ඇඟේම ශක්තිය යොදලා ඒක පොළොවේ ගහන අරමුණින් වුණත් එකපාරටම යේලිගේ පිටිපස්සෙන් මතුවුණු අතක් යේලිගේ අතේ මැණික් කටුව හරියෙන් අල්ලලා යේලිව නැවැත්තුවා... හදිසියේම තමන්ගේ අත යම්කිසි සීතල දෙයක් අතරට හිරවුණා කියලා දැනුනු හින්දම යේලි වේගෙන් පිටිපස්ස හැරිලා බැලුවා.. ඒ වේගෙට ආයෙම යේලිගේ මූණ කොණ්ඩෙන් වැහිලා ගියා....

හිස් වුණු ටෙකීලා වීදුරුව රැඳිලා තිබුණු යේලිගෙ අත එක අතකින් අල්ලගෙන ඒ ආගන්තුකයා හිටියේ බාර් කවුන්ටර් එකට එක කකුළක් තියලා ජැක් එකක් ගහගෙන... ඒ ආගන්තුකයගේ දිග සීතල ඇඟිලි යේලිගේ අතේ හිරවෙලා තිබුණු වීදුරුව තමන්ගේ අතට අරගනිමින් ඉද්දි ඔහු අඩියෙන් අඩිය යේලි ළඟටම ළං වුණා.. අවසානයේදි තමන්ගේ අතට ගත්තු යේලිගේ හිස් ටෙකීලා ග්ලාස් එක දිහා බලලා කට කොනින් හිනාවක් දාපු ඔහු තවත් අඩියක් ඉස්සරහට තියලා යේලිගේ ආසන්නයටම ආවා.. තත්පර කිහිපයකට ටෙකීලා වීදුරුවේ දාරේ රැඳිලා තිබුණු යේලිගේ රතු පාට ලිප්ස්ටික් සටහන දිහා සරාගි ඇස්වලින් බලන් හිටපු ඔහු ඒ විදුරුව අතේ තියාගෙන යේලිගේ මූණට වැටිලා තිබුණු කොණ්ඩේ අනෙක් අතෙන් පැත්තකට කරන ගමන් වාඩිවෙලා හිටපු යේලිගේ උසට ගැලපෙන විදියට මදක් පහළට නැවුනා..

"This drink has too many calories , but I know a great way to....... burn them off.."

යේලිගේ කන් පෙත්තකට ගෑවෙන නොගෑවෙන මට්ටමෙන් දෙතොල් තියාගෙන හිටපු ඒ තරුණ ආගන්තුකයා අවසාන කොටස කිව්වේ දිවෙන් යටිතොල තෙත් කරන අතරේ යේලි වෙතට ආයෙම ඔහුගේ සරාගි ඇස් එල්ල කරන ගමන්... හැබැයි යේලි හිටියේ කිසිම දෙයක් හරියාකාරව වෙන් කරලා හඳුනගන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි.. ඇල්කොහොල්වලින් මත් වෙලා හිටපු හින්දම ඒ වචන යේලි තුළ අමුතු ගින්නක් ඇති කෙරෙව්වා.. ඒ ගින්න එක්ක වෙන මොනවා හරි තවත් හැඟීම් බැඳිලා තියෙනවද කියලා යේලිට ඒ වෙලාවේ තේරුමක් තිබුණේ නෑ.. එහෙමත් නැත්තන් ඒ ගින්නට දිගටම පිච්චෙනවද නැත්තන් මෙතනින් නැගිටලා ඒ ආගන්තුක මනුස්සයගෙන් ඈත් වෙලා.. යනවද කියන එක ගැනවත් හරිහැටි අදහසක් ගන්න පුළුවන් මට්ටමක සිහිබුද්ධියක් යේලිට තිබුණේ නෑ.. ඇල්කොහොල් අධිමාත්‍රාවකින් මත්වෙලා හිටපු හින්දා යේලි හිටියේ පාවෙන වෙනමම ලෝකෙක... ඒ ලෝකේ ඇතුළේ යේලිට කිසිම බාධාවක් තිබුණේ නෑ.. වින්දනයට සීමාවක් තිබුණෙත් නෑ...

යේලිගේ කන්පෙති වහගෙන තිබුණු කොණ්ඩය මතින් කෙටි හාදුවක් තබාගෙනම වගේ ආගන්තුක තරුණයා ආයෙම කෙළින් වෙලා යේලි දිහාම බලාගෙන හිටියා...

"Babe... "

ඒ සරාගි ඇස් එක්ක තත්පර කිහිපයක් පැටලුණු යේලි දෙතුන් පාරක් ඇහිපිය ගහලා එහෙම කිව්වේ මත් වුණු කටහඬකින්....

"Yes baby... I'm here for you...."

ආගන්තුක තරුණයා එහෙමත් නැත්තන් යේලි මෙනුර විදියට අඳුනගත්තු තරුණයා එහෙම කියලා ටෙකීලා ග්ලාස් එකේ තිබුණු යේලිගේ ලිප් මාක් එක උඩින් සියුම් හාදුවක් තියලා.. ඒ වීදුරුව බාර් කවුන්ටර් එක උඩින් තියලා ආයේම යේලි ගාවට ළං වුණා...

ඔහුගේ දිගැටි ඇඟිලි ආයෙමත් යේලිගේ කම්මුලක් මත දැවටෙන්න ගත්තා.. ඒ අතේ මාපට ඇඟිල්ල යේලිගේ පිරුණු රතු වුණු කම්මුල් මදක් තෙරපවද්දි යේලි දිගින් දිගටම ඒ සරාගි ඇස් අස්සේ හුරු පුරුදු බවක් හොයන්න ගත්තා... කම්මුලේ ඉහළ ඉඳන් පහළට ගමන් කළ ඔහුගේ දකුණු අතේ සිල්වර් පාට මුද්දක් දාපු මාපට ඇඟිල්ලේ මීළඟ නවාතැන වුණේ තොල් සායම් විසිරුණු යේලිගේ මෘදු තොල්පෙති.. තද රතුපාටට හුරු තොල් සායම් ගල්වපු යේලිගේ යටිතොල මත හෙමින් සීරුවට ඔහු ඇඟිලි හසුරුවද්දි.. යේලි ඇස් පියාගෙන තද හුස්මක් ඉහළට ගත්තා...

මේ වෙද්දි යේලි මත් බවත් අනුරාගයත් මුසු වුණු හැඟීම් සමුදායක පැටලිලා හිටියා.. මොළයෙන් ගන්න තීරණ ක්‍රියාත්මක නොවන්නට අධික මත්බව බාධකයක් වෙද්දි ආගන්තුක තරුණයා දිගින් දිගටම ඇය තුළ උද්දීපනය කරවන රාගික හැඟීම් සහ එම දැනීම්වලින් යේලිට මිදෙන එක බොහෝ සෙයින් අපහසු වුණා.. ඇය දිගින් දිගටම ගිනි පුළිගුවකට ඇදෙන කණාමැදිරියෙක් වගේ... ඇය තුළ ඇතිවෙමින් පැවතුණි ගිනි ජාලාවේ දැවෙන්නට ම පොර බදිමින් හිටියා...

"Honey...!! I love your dress....."

නැවතත් ඔහුගේ සරාගි කටහඬ ඇයව වසඟ කරගන්නට වුණා.. ආගන්තුක තරුණයාගේ ඇඟිලි යේලිගේ ගෙල මතින් පහළට පැමිණ ඇය ඇඳගෙන හිටපු ක්‍රොප් ටොප් එකේ කර පුරා රටා මවන්නට වුණා...

"it would look much better on the floor though....."

ඔහු තමන්ගේ වාක්‍ය අවසන් කළේ ආයේම යේලිගේ කන්පෙතිවලටම මුමුණන ගමන්.. තවදුරටත් තමන්ව පාලනය කරගන්න බැරි වුණු නිසා යේලි වාඩි වෙලා ඉඳපු බාර් චෙයා එකේ ඉඳගෙනම ඒ චෙයා එකේම දෙපැත්තට අත් දෙක ගහගෙන තමන් දිහාවට නැවිලා හිටපු ආගන්තුක තරුණයාගේ ශර්ට් කොලර් එකෙන් ඇඳලා පහළට අරගෙන ඔහුගේ දෙතොල් මතින් ඇයගේ දෙතොල් තද කළා....

ඒ නිමේෂයේම.. ඒ ලැබුණු අවසරයෙන්ම ඒ ස්පර්ශය හාදුවක් බවට පෙරළගන්න ඒ ආගන්තුක තරුණයා මොහොතක්වත් ප්‍රමාද වුණේ නෑ.. ටිකෙන් ටික යේලිගේ ඇල්කොහොල් මිශ්‍ර රසකින් යුක්ත වුණු දෙතොල්වල රස බලන්නට යොමු වුණු ඔහු තත්පරයක් තත්පරයක් පාසා එන හාදුවේ ගැඹුරු බව.. රළු බව සහ වේගවත් බව තව තවත් වැඩි කළා.. වටපිටාවේ ඇහෙන ඩිස්කෝ සංගීත රටා වෙනුවට යේලිගේ කන් පිරිලා ගියේ ඒ රාගය පිරුණු රළු හාදුවේ වෙලිලා හිටපු තරුණයාගේ බර හුස්ම රටාවල සද්දෙන්...

නමුත් යේලිගේ යටිහිත ඒ හාදුවට ඒ හැටි කැමැත්තක් නොදක්වපු නිසා ඇය බොහොම ඉක්මනට ඔහුගෙන් තම දෙතොල් මුදවගත්තා... නමුත් මොහොතකවත් විරාමයක් නොගෙන ඔහු තමන්ගේ දෙතොල් ඇයගේ ගෙල පාමුල රැඳවෙව්වා...ඒ අතර ඉබේටම යේලි බාර් චෙයා එකෙන් නැගිට්ටුනේ ඔහුගේ හැසිරවීම මත.. අනතුරුව ඔහුගේ අකීකරු දෑත් යේලිව තව තවත් ඔහුට සමීප කරගත්තා... යේලිගේ නිරුවත් බඳ මත රඳවලා තිබුණු ඔහුගේ එක් අතක් මේ ආගන්තුකයා කිසිදු අවසරයක් නොපතාම.. යේලිගේ ක්‍රොප් ටොප් එක ඇතුළට අරගෙන ඒ තුළ සීතල ඇඟිලිවලින් රටා මවන්න ගත්තේ යේලිගේ තව තවත් හුස්ම ඉහළ පහළ හෙළීමේ නාද රටා තීව්‍ර වෙද්දි...

ඒ දිගැටි ඇගිලිතුඩු යේලිගේ පිට මත්තේ හඳුනානොගත් රටා මවද්දි... ඔහු ගැඹුරු සාගරයක කිමිදෙනවා වගේ යේලිට රිදවමින්ම ඇයගේ ගෙල පුරාවටම නොනවත්වා හාදු තියමින් උන්නා....තමන්ගේ පිටේ තිබුණු ඔහුගේ ඇඟිලි එන්න එන්න ඉදිරියට ඇදෙන ස්පර්ශය දැනුනු වහාම යේලි ආයෙම ඔහුගෙ ඈත් වෙන්න උත්සාහ කළේ ඒකෙන් ඇයට ඒ තරම් සුවපහසු හැඟීමක් නොදැනුනු හින්දා...ඔහුගේ කිසිම ස්පර්ශයක් තුළ ඇය හොයපු සුවපහසු හැඟීම කිසිම වෙලාවක ඇයට නොදැනුනත්... ඇයගෙන් වගේම ඔහුගෙනුත් වහනය වුණු ඇල්කොහොල් සුවඳ ඒ ඇතිවුණු අපහසුව ගැන කල්පනා කිරීමට මත්බවෙන් තිත තැබුවා....

යේලිගේ පසුබට වීම් තඹ සතයකට හෝ මායිම් නොකළ එක් තවදුරටත් ඇයව තමන් අසලටම ළං කරගත්තේ ඔහුගේ සිරුරේ උණුහුම ඇයට වඩාත් හොඳින් සංවේදනය වීමට ඉඩ හරින ගමන්... ඇයගේ ගෙලෙන් දොතොල් අහකට ගත්තු ඔහු කොණ්ඩය මතින්ම ඇයගෙ කන්පෙත්තක් සීරුවට සිපගන්නට වුණා....

"This is not a place for us..... I will bring you to heaven today..."

ඇයගේ කනට කරලා එහෙම මුමුණපු ඔහු ආයෙම නියෝන් එළියෙන් දිලිසෙන ඇයගේ සරාගි සිරුර දිහා මත්වුණු දෑසින් ම බැලුවා.. වායු සමීකරණය කරන ලද රාත්‍රී සමාජ ශාලාවක හිටියත් යේලි මේ වෙද්දි හිටියෙන් රාගයෙන් මත් වෙලා ගිනියම් වෙලා.. ඒකෙ ප්‍රතිඵලයක් විදියට යේලිගේ තියුණු චෙස්ට් ලයින් එක දිගේ අතරමං වෙලා පාර හොයාගන්න බැරිව වගේ පහළට ගලාගෙන ගිහින් අතුරුදහන් වෙන දාඬිය බිඳු කිහිපය දැකපු හැටියෙම ආගන්තුක තරුණයාට තවත් ඉවසුම් නැති වුණා.. යේලිගේ බඳ වටේ එක් අතක් යවලා තදින් ඇයව තමන්ගේ සිරුරට වත්තම් කරගත්තු ඔහු ඇයවත් රැගෙන සමාජ ශාලාවේ පෞද්ගලික කාමර තිබුණු දෙවන මාළය වෙත යෑමට විදුලි සෝපානය වෙත නැගුණා...

.

.

.

.

.

.

.

.

.

.

.

මේ වෙද්දි යේලිට දැනුනේ ඔලුව පුපුරන්න යන තරමේ වේදනාවක්.. ඒ තරම් වේදනාවක් වගේම...ඔලුව බර ගතියක් වෙන කවමදාකවත් යේලිට දැනුනේ නෑ.. අවදිවෙලා විනාඩි කිහිපයක් ගතවුණත් මේ වෙනකන් ඇස් දෙක ඇරගන්නවත් යේලිට පුළුවන්කමක් තිබුණේ නැත්තේ ඒ ඔලුව බර ගතිය නිසාමයි... ඒත් යේලි බොහොම අමාරුවෙන් අත්වලින් ඇස් පිහිදාගන්න ගමන්ම යන්තමට ඇස් ඇරල බැලුවා.. යේලිට ලාවට වගේ පෙනුනේ හිස් සිවිලිමක්...ඇස් සම්පූර්ණයෙන්ම වගේ විවෘත කරලා සිවිලිමේ තමන්ට දැකගන්න පුළුවන් ප්‍රදේශය පුරා ඇස් යවපු යේලිට ඒ සිවිලිමේ පාලු මකන්න විදුලි පංකාවක් වගේම වීදුරුවලින් අගනා හැඩ මැවූ තරමක් විශාල විදුලි පහනක් තිබුණු බව දැකගන්න පුළුවන් වුණා...ඉතාම නුපුරුදු මේ පරිසරය ගැන හිතේ කුකුසක් උපන් වහාම යේලි සම්පූර්ණයෙන්ම අවදි වුණා.. මේ වෙද්දිත් ඔලුව කැක්කුම අඩුවක් නැතුව පැවතුණත් යේලිට ඊට වඩා අපහසුවත් තමන්ගේ සිරුරේ පහළින් දැනෙමින් තිබුණා.. සම්පූර්ණයෙන් අවදි වුණු වහාම ඇඳේ හෙඩ් බෝඩ් එකට හේත්තු වුණු යේලි තමන්ගේ ඇඟේ තිබුණු සුදු පාට ශර්ට් එක දිහා බැලුවේ කිසිම දෙයක් හිතාගන්න බැරුව....

ඒත් එක්කම සැකේට යේලි තමන්ගේ ඇඳේ එහාපැත්ත බැලුවා.. ඒ වෙලාවේ ඇයට කෑගැහෙන්න ගියත් යේලි එහෙමම අත් දෙකෙන්ම කට වහගත්තේ කිසිම සද්දයක් තමන්ගෙන් පිට නොවෙන්න වග බලාගන්න ගමන්...

ඇඳේ එහාපැත්තේ සුවපහසුවට උඩුකය නිරුවත්ව නිදාගෙන ඉන්න තරුණයා දිහා ඇඳ උඩ වාඩිවුණු යේලි එබි එබී බලන්න ගත්තා.. කාමරය ඇතුළට හොරෙන් එබිකම් කරපු ළා ඉර එළිය දැනටම ඔහුගේ නිරුවත් පපුව එක්ක හාදකම් කරන්න පටන් අරගෙන තිබුණා...ඔහුට තිබුණේ ඔලිව් පාට සමක්... මස් පිඬු මනා ගානට නඩත්තු කරලා තියෙන බවක් හොඳින්ම පේන්න තිබුණා...අත් බාහුවල නහර ඇතැම් ස්ථානවලින් ඉහළට මතුවෙලා තිබුණේ ඔහුගේ කඩවසම් බව තව තවත් වැඩි කරවන ගමන්.. ඔලිව් පාට උඩුකයට පහලින් දකින්න තිබුණේ සුදු පාට ලූස් පෑන්ට් එකක්.... යේලි මේ කඩවසම් තරුණයා දිහා ඇස් අදහගන්න බැරුව වගේ බලාගෙන හිටියා.. ඔහුගේ පියවුණු ඇස්මත ලැගුම් ගෙන හිටපු දිහු ඇහිපිහාටු... ඝන ඇහිබැමි නළලට වැටුණු කෙස් රොද කිහිපය යේලිගේ ඇස්වලට අහකට යන්න දුන්නෙම ම නැති තරම්....

එහෙමම තමන්ගේ කම්මුලට සැර පාරක් ගහගත්තු යේලි අමාරුවෙන් පෙර දින රාත්‍රිය සිහි කරන්න ගත්තා... ඒත් ඒ වෙලාවේ යේලිට තේරුණා ඒ රැයේ සිද්ධ වෙච්ච දේවල්වලින් බාගෙට බාගයක්ම ඇයට අමතක වෙලා තියෙන බව... එක්තරා තරුණයෙක් එක්ක කොහේට හෝ තමා පිටත් වුණු බව හැර එතනින් එහාට කිසිවක්ම ඇයගේ මතකයේ තිබුණේ නෑ...

අත් දෙකෙන්ම කොණ්ඩය තද කරලා ඇදගත්තු යේලි වැඩි සද්ද බද්දයක් නැතුවම ඇඳෙන් බිමට බැස්සේ ඉක්මනින් එතනට පැනලා යන්න හිතාගෙන... නමුත් ඇඳෙන් බිමට බැස්සාම ඇයගේ ඇඳුම් කිසිම දෙයක් ඇඳේ පහළ වැටිලා නැතිබව ඇයට අවබෝධ වුණා.. ඇඳෙන් පහළට බැහැලා බිම පය ගහලා අඩියක් තියන්න හැදුවත් ඇයගේ යටිබඩ දෙසින් ආපු අමිහිරි වේදනාව ඇයව මදකට නැවැත්තුවා...නයිට් ස්ටෑන්ඩ් එක අල්ලගෙන ඒකේ වාරුවෙන් ආයෙම නැගිටපු යේලි සද්දයක් නෑහෙන්න කාමරේ පුරාම ඇස් යවල බැලුවේ තමන් ඇඳගෙන හිටපු සුදු අත් දිහ ශර්ට් එක උඩින් දාගන්න යමක් ඒ කාමරය ඇතුළේ තියෙනවද කියලා හොයලා බලන්න...

කාමරයේ එක් කොනක තිබුණු සෝෆා එකක් උඩ කළු පාටට හුරු යමක් තියෙනවා දැකපු හින්දා යේලි අමාරුවෙන් එතනට අඩි සද්දේ නෑහෙන විදියට ගියා.. ඒ සෝෆා එක උඩ තිබුණේ ලෙදර් ජැකට් එකක් කියලා සෝෆා එක ළඟටම ගියාම යේලිට පැහැදිලි වුණා.. ඒක ඇඳේ නිදාගෙන ඉන්න තරුණයාගේ විය යුතු බවට අනුමාන කරපු යේලි ඒ ජැකට් එක අතට අරගෙන ඒ මේ අත හරවලා පරීක්ෂා කළේ ඒක.අරගෙන යන්න කලින් ඔහුට අයිති යමක් එහි තිබුණොත් ඒක එහෙමම තියලා ජැකට් එක විතරක් අරගෙන යෑමේ බලාපොරොත්තුවෙන්...

ජැකට් එකේ එක් පසක සාක්කුවක් තුළට අත දැම්මාම යේලිට පොඩි වොලට් එකක් හම්බුණු නිසා යේලි ඒක අරගෙන සෝෆා එක උඩින් තියලා ජැකට් එක විතරක් අරගෙන ඒක ඇඟ වැහෙන්න දාගත්තා.. ඊළඟට යේලිට උවමනා වුණේ තමන්ගේ හෑන්ඩ්බෑග් එක හොයාගන්න...ඒකත් එච්චර අමාරු නොවුණේ ඒ සෝෆා එකේම එහාපැත්තේ යේලිගෙ බෑග් එක පරිස්සමට තියලා තිබුණු නිසා..

ඊටත් පස්සෙ කාමරෙන් එළියට යන්න හිතාගෙන ටිකක් දුරක් දොර දිහාවට ඇවිදගෙන ආපු යේලි ආයෙම නැවතිලා සෝෆා එක උඩින් තිබ්බ වොලට් එක දිහා බැලුවේ අඩුම තරමේ මේ මනුස්සයගේ නම හරි මන් දැනගන්න ඕන කියලා හිතන ගමන්...ආයෙම යන්න ගියපු ගමන නවත්තපු යේලි සෝෆා එක ළඟට ඇවිත් වොලට් එක අතට අරගෙන ඒකේ ඒ තරුණයගේ අයිඩී කාඩ් එක හොයන්න ගත්තා...

වොලට් එකේ එක සයිඩ් එකක දාලා තිබුණු ඔහුගේ අයිඩී එක දැකපු හැටියේ යේලිගේ අතින් ඒ වොලට් එක අතඇරුණා... යේලි එහෙමම ආයේ අතින් කට වහගත්තේ කලින් වගේම කෑගැස්සෙයි කියලා බය හිතුණු හින්දා...

ඒ අයිඩී එකේ උඩින්ම තිබුණු රාජකීය ලාංඡනය දැකපු ගමන් යේලිට දැනුනේ එයා තමන් වටේ භ්‍රමණය වෙනවා වගේ.... ඒත් එක්කම ඊට පහලින් තිබුණු නම යේලිගේ පුදුමය සිය දහස් ගුණයකින් වැඩ කරවන්නත් සමත් වුණා....

~ප්‍රධාන් සහසැස් වෛධීක්ෂ~

එසේ සඳහන් වුණු නමේ අකුරු පවා තමන් හරියට කියවාගත්තාදෝ කියන එක ගැනත් යේලිට යම්කිසි සැකයක් තිබ්බා. මෙච්චර දවස් ජර්නල් එකේ ලියමු හරිම සියුම් මටසිලුටු ප්‍රධාන් සහ දැන් ඇඳේ නිදාගෙන ඉන්න ප්‍රධාන්ගේ ගතිගුණ කෙසේවෙතත් පෙනුමෙම පැහැදිලි වෙනසක් තියෙන බව යේලිට තේරුනා.. තව දුරටත් එතන රැදිලා ඉඳියිත් කිරුළ හිමි කුමාරයා වැරදිලාවත් අවදි වුණොත් සිද්ධ වෙන්නේ නම් හොඳ දෙයක් නොවන බව දන්න හින්දම යේලි ඉක්මනට ජැකට් එකයි බෑග් එකයි දෙකම අරගෙන රූම් එකෙන් එළියට ආවා....

මොහොතකට බාහිර ලෝකේ මීට කලින් සිද්ද වුනු දේවල් අමතක වෙලා තිබුණත් ආයෙම යේලිට ඒ දේවල් මතක් වෙන්න ගත්තා.. තමන්ගෙම මැරුණු අම්මගේ මූණවත් නොබල එක එක මිනිස්සු එක්ක ක්ලබ් ගානේ ඉන්න තරම් තමන් කොච්චර පහත් මට්ටමකට වැටිලද කියලා යේලිගේ හිත යේලිගෙන්ම අහන්න ගත්තා...හෘද සාක්ෂිය පස්සේ පාරේ පන්න පන්න යේලිගෙන් නේක නේක ප්‍රශ්න අහද්දි ඇය බොහොම ඉක්මනට සමාජ ශාලාවෙන් පිටවුණේ ගෙදර ගිහින් ඇඟ පත හෝදගෙන අම්මව බලන්න යන්න හිතාගෙනමයි....

.

.

.

.

කාමරයේ දොර අගුල ඇරිලා ආයෙම වැහුණ සද්දේ ඇහුණු හැටියෙම නිදාගෙන හිටපු ප්‍රධාන් ඇස් ඇරියා.. එහෙමම කෙළින් වෙලා ඇඳේ හෙඩ්බෝඩ් එකට හේත්තු වුණු ප්‍රධාන්... කොට්ටේ ළඟම තිබුණු ෆෝන් එක අරගෙන නම්බර් එකක් ඩයල් කළා....

"ඊයේ රෑ ක්ලබ් එකේ සීසීටීවි මට චෙක් කරන්න ඕන...ඒකට අවශ්‍ය දේවල් රෙඩි කරන්න.. අර ගර්ල් එක්ක ඉඳපු මනුස්සයගේ ඩීටේල්ස් මට හොයාගන්න ඕන...තේරුනාද... පැලස් එකට මේ ගැන දැනගන්න තියන්න බෑ... ඕකේ.... නෑ නෑ... අනවශ්‍ය ඇටෙන්ශන් එකක් ඕන නෑ....මන් මගේ වෙහිකල් එකෙන් පැලස් එකට එන්නම්... තාම මෝනින් බ්ලෙසින්ග්ස්වලට වෙලාව ආවේ නෑනේ..."

දුරකථනය ස්පීකර් ෆෝන් දාගෙන ම කතා කරපු ප්‍රධාන් ෆෝන් එක ආයෙම ඇඳ උඩින් තියලා නැගිට්ටේ ටිකක් මූණ හෝදගෙන ෆ්‍රෙශ් වෙලා ඉක්මනින් පැලස් එකට යන්න හිතාගෙන....

.......................................

Continue Reading

You'll Also Like

4.8K 651 16
උදෑසන, දහවල, සැන්දෑව මොනතරම් සුන්දර උනත් රාත්‍රියත් එලෙසටම සුන්දර වේයැයි සිතිය හැකිද? ඒ රැය සඳ නැති අමාවකක් විය නොහැකිද? ආරම්භය සුන්දර වූ පමණින් අවසා...
1K 214 5
ආදරණීය ආමන්ත්‍රණයකට පුලුවන් ඕනිම ගල් හදවතක් දිය කරලා දාන්න!!!!!!!!!
511K 10.2K 53
The Romano family always had one saying 'Family over anything' Which they stuck to, especially after the disappearance of their youngest daughter...
118K 5.1K 29
Starting from the mumbai track