වෙස් ( Ongoing )

Da kim__yuong

1.2K 131 49

හැබැහින් පෙම් බැන්දෝ... සසරේ එක්වූවෝ.. 🥺❤️ Altro

හැඳින්වීම..
1 කොටස
2 කොටස
3 කොටස
4 කොටස
5 කොටස
6 කොටස
7 කොටස
8 කොටස
9 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස

16 කොටස

38 6 0
Da kim__yuong

" ⁣කිර් කෝඩු හිතට.. ආල නුබේ දෑස යා උනා...
මගේ කෝල කමට.. ලෝල හැගුම නුබට පේ උනා..
සබදේ.. සුවදේ.. කුලුදුල් ආදරේ..
උතුරා.. ගැලුවේ.. අමමී ජීවිතේ..
නන නා නා නනන.. නාාන නනනා.. නාන නාන නා..."

" ඔය කින් කිනි නාදේ නවත්තගෙන උබට ඉක්මනට වොෂ් දාන් එන්න පුලුවන්ද බන්.. "

" උබට කිසිම රස වින්දනයක් නැ ඉරෝන්.."

" රස වින්⁣දනේ නෙවෙයි යකෝ.. අ⁣ද උබේ competition day එක.. පොල් බූරුවා. තව සින්දු කිය කිය ඉදපන්.. උබ යන්නේ සින්දු කියන්න නෙවෙයි නටන්න.. නටන්න.. වරෙන් ඉක්මනට දැන්.."

" පෆ්... "

මන් උට පේන්නේ නැතත් දෙකක් රවලා ඉක්මනට වොෂ් දාගත්තා.. නටන්න යනවා කියලා සින්දු කියන්න හොද නැද්ද.. අනික කොල්ලා දස්සයා නිසා මන් ගිහින් ගැම්මට පහත් වෙලා අත් දෙක ගත්තත් ඇති මන් තේරෙනවා.. ලොකුකන් කියෙව්වට ඇත්තටම එතන සෑහෙන්න ලොකු තරගයක් තියෙයි.. මන් දන්නවා.. ඒත් එහෙමයි කියලා ඔලුවට ඕනෙවට වඩා ස්ට්‍රෙස් එකක් ගන්න ඕ⁣නේ නැනේ අනේ.. පිස්සුනේ..

" උබ කන්නේ නැද්ද.. ඔය perfume එක ඔච්චර නාන්න එපා බල්ලෝ.. තොට පිස්සුද.. ⁣ගොනා.. බූරුවා.. එළුවා.. උබ අමු ගවයනේ.. කාලා ඉදපන්.. කන්නේ නැතුව නටන්නේ කොහොමද.. නොකා ඇවිත් උබ අල්ලපන්කෝ හොද අඩව්වක්.. මන් නම් එන්නේ නැ තෝව ගන්න එතනින්.. ඕයි කන් ඇහෙන්නේ නැද්ද.. පලයන් කේප්ප වස්සෝ යන්න.. "

ඔන්න ඔය ටික රැප් එකක් වගේ මන් ඇකඩමි එකට එනකන්ම ඉරෝන්ගේ කටින් හරිම ලස්සනට පිට උනා.. කියලා වැඩක් නැ. උදේ පාන්දර සූර්යයා අතින් අරන් ආපු මගේ කන් දෙක හරිම නැව්ම් විදියට පිරිලයි තිබ්බේ මී පැණි වලින්.. කොච්චර බැන්නත් උ අන්තිමට මට කියලා ගිය,

" පරිස්සමෙන් ඉදපන්.. ප්‍රශ්නයක් උනොත් කෝල් එකක් දීපන්.. මන් මොන ලෝකේ ඉදන් හරි එනවා.. හොදට කරපන්.. උබට පුලුවන් මන් දන්නවනේ.. උබ තමයි දක්ෂම.. good luck boza.. "

කියලා මට තම්ස්අප් එකකුත් දීලා ගිය එක තමයි මට වටින්නේ.. උ මට පන ඇරලා කියලා මන් දන්නවා.. හරි මාත් එහෙමනේ.. මගේ ගොටුකොල සුනඛයා..

එක්කෙනා දෙන්නා තරග කරලා ඉවර වෙලා අන්තිමට ආවේ මගේ වාරේ.. මෙහෙම තැනක හරි වෙන රටකදි තමන්ගේ රටේ නමත් එක්ක තමන්ගේ නම කියවෙද්දි දැනෙන ඒ මොරාල් එක... ඒක තමයි මන් වින්ද ලස්සනම හැගීම කියලා මට හිතුනා.. එතකොට එන ගැම්ම.. ඒ ගැම්මත් එක්ක මන් ගිහින් ස්ටේජ් එකෙන් හිට ගත්තා.. හැමෝම මන් දිහා බලාගෙන ඉන්නේ කියලා මන් දන්නවා..

මේ වෙලාවේ  TV එකේ අපිව පෙන්නුවේ නැතත් ලෝකෙම පිලි ගත්තු ඇකඩමි එකකින් තියන competition එකක් නිසා මේක FB , insta live යනවා.. ඉතින් අනිවාරෙන් නැටුම් වලට ආස කරන හැමෝම මේක බලනවා කියලත් මන් දන්නවා.. ලංකාවේ අය කීයක් බලනවද , මාව අදුරන මිනිස්සු කීදෙනෙක් මන් දිහා බලාගෙන ඇතිද කියලා මට හරියටම කියන්න බැරි උනත් අනිවාරෙන් එක්කෙනෙක් හරි ඉන්න ඕනේ මාව අදුරන.. 

Traditional item එකක් උනත් මන් track එක හැදුවේ සින්දු ගොඩක් එකතු කරලා.. ඒකේ නෝමලි ට්‍රෙන්ඩ් එකට යන සින්දු ගොඩක් තිබ්බා.. මට පුලුවන් ස්ටයිල්ස් වලින් මට පුලුවන් විදියට හැම ස්ටයිල් එකක්ම ඇඩ් කරලයි මන් අයිටම් එක හදා ගත්තේ.. ඒකේ අස්සෙන් අව්රුදු සින්දු දෙක තුනකුත් තිබ්බා.. music ගැන යම් තරමක හරි දැනුමක් තිබ්බ එක ගැන මේ වෙලාවට මන් සෑහෙන්න සතුටු උනා.. මිනිස්සු උනාම ගොඩක් දේවල් ගැන දැනගෙන ඉන්න සහ ඉගෙන ගෙන තියෙන්න ඕනේ.. එතකොට තමයි කල් පැවැත්මක් තියෙන්නේ ඕනෙම දේකදි.. ඒක නොදැනගෙන ඔහේ ආපු උන් තමයි රැල්ලට ඇවිත් රැල්ලට ආයි යන්නේ.. සහ ෆීල්ඩ්ස් වල ඉන්න දන්නේ නැත්තේ.. ඉගෙනගෙන ආපු මිනිස්සු රැල්ලට ඇවිත් රැල්ලට නොයන අය වෙනවා..

මට පුලුවන් උපරිමය මන් කරා කියලා මගේ හිතට සැටිස් නිසාම දැන් මන් පැරදුනත් මට කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැ.. සුපුරුදු පරිදි මට හොද ප්‍රතිචාර අදත් ඕඩියන්ස් එකෙන් හම්බුනු එකේ සතුටටත් එක්ක මන් හිනා වෙලා එයාලට ආචාර කරලා ස්ටේජ් එකෙන් බැහැලා පැත්තකට ගියා.. මේ ගෙව්නු දවස් ටිකට මන් හිතුවටත් වඩා මන් තනියම දේවල් කර ගන්න පුරුදු වෙලා හිටියා.

ගෙදරදි ඉරෝන් හිටියට මට එලියෙදි හැ⁣මදේම කර ගන්න උනේ තනියම.. වෙනදට මට මොනාම හරි තරගයක් , මැච් එකක් තිබ්බ දවසට ගෙදර කව්රු හරි , යාළුවෙක් හරි  , teacher කෙනෙක් හරි ලගින් හිටියට අද මන් ස්ටේජ් එකෙන් බැහැලා ආවම වතුර එකක් දෙන්නවත් අඩුම ' ඔයා හොදට කරා '  කියන්නවත් කෙනෙක් මන් ලග නැ.. ඒ අඩුව මට මේ වෙලාවේ සෑහෙන්න දැනුනා..

වෙලාවත් ගිහිල්ලා places ගත්තු අයට මෙඩ්ල් & සෙටිෆිකෙට්ස් දෙන වෙලාව ආවම තමයි ආයිත් මගේ ඇගේ මාළු නටන්න ගත්තේ.. මේ චාන්ස් එක මිස් උනා කියලා මට ප්‍රශ්නයක් නැ තමයි.. ඒත් ඊට වඩා මේක මන් වින් කරොත් මට ඉස්සරහට දේවල් ගොඩක් ලේසි වෙන්න ⁣පුුලුවන්.. ඒ නිසාම මේක ගොඩක් වැදගත් උනා මට.. 3rd place එකට රටවල් ගොඩකින් අය සිලෙක්ට් වෙලා තිබ්බා.. මොකද එකම පොයින්ට්ස් ගාන එන එක සාමාන්‍ය දෙයක් මේකෙදි.. මොකද මැරතන් එකක් නෙවෙයිනේ. අපේ ටැලන්ට් එකටනේ ⁣පොයින්ට්ස් ලැබෙන්නේ.. 2nd place එකෙත් ගොඩක් අය හිටියා.. ඊට පස්සේ ආවේ first place එක.. එතන මුලින්ම කියවුනේ පාකිස්තාන් ⁣ඩාන්සර් කෙනෙක්ගේ නමක්.. ඒත් එක්කම තව ඉන්ඩියා , ⁣ඇමරිකා , තුර්කී කියන රටවල් තුනේ නම් කියවිලා ඉවර උනාට පස්සේ අන්තිමට අපේ රටේ නමත් එක්ක මගේ නම කියවුනාම මට දෙන්න ඕනේ රිඇක්ෂන් එක මොකක්ද කියලා හිතා ගන්න බැරුව එක තැන ගල්උනා..

දෙයියනේ අම්මේ !!! අම්මගේ වීරයා එහෙනම් ඒකත් කරා..

මන් ගිහින් මෙඩ්ල් එකයි සෙටිෆිකෙට් එකයි අරන්.. තඩි මල් බොකේ එකත් උස්සන් පොටෝස් වලටත් ඉදලා එතනින් එන්න හදද්දි කෙනෙක් මට කතා කරා..

" Hello handsome boy.. You are a really good dance i have ever seen.."

" Thank you so much Mr.. "

" මම ලන්කන් කෙනෙක්.. ලන්කාවේ කෙනෙක් මේ වගේ place එකක් ගන්නවා මන් මේ අව්රුදු ගානට දැක්කමයි.. ගොඩක් වෙලාවට මෙතන තරග කරන ලන්කාවේ අය ගන්නේ 3rd place එක පුතා.. ඉතින් මන් පලවෙනි වතාවට මේ වගේ දක්ෂ කොල්ලෙක් දැක්කේ.. මට ඒක නිසාම කතා කරන්න හිතුනා.. ඔයාගේ වටිනාකම කොච්චරද කියලා ඔයාට තේරෙන්න ඇතිනේ දැන්.."

" අනිවාරෙන්ම අන්කල්.. මන් කොහොමත් මට සෑහෙන්න ලොකු වටිනාකමක් දීලා ඉන්න කෙනෙක්.."

මන් දැක්කා අන්කල් ලස්සනට හිනා වෙනවා.. සමහරවිට ඒ හිනාවේ තියෙන්න ඇත්තේ ' මේ කොල්ලගේ පන්ඩිතකම ' කියලා වෙන්නත් පුලුවන්..

" මෙතනින් පස්සේ පුතාගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙයි පුතා.. ඔයාට දිග ගමනක් තියෙනවා.. ඒවා ලස්සනට කර ගන්න.. මන් ඔයාට විෂ් කරනවා.."

" Thank you so much uncle.."

මන් එයාට හිනා වෙලා එතනින් එන්න ආවා.. මේ තඩි මල් බොකේ එකත් එක්ක මට ඒ මනුස්සයව hug කරන්නවත් පුලුවන් කමක් තිබ්බේ නැ.. ස්⁣ටේඩියම් එක ඇතුලට එලියක්වත් වැටෙන්නේ නැති නිසා වෙලාව කීයද කියලා හිතා ගන්න අමාරුයි.. ගහලා තියෙන තඩි ඩිජිටල් වොච් එකේ වටෙන වෙලාවවත් බලා ගන්න බැරි උනු නිසා එලියට එනකන් මන් දැනගෙන හිටියේ නැ වෙලාව කීයද කියලා.. ඒත් එලියට ඇවිත් බලද්දි තමයි දැක්කේ ගොඩක් රෑ වෙලා කියලා.. දෙයියනේ මුලු දවසක් මේ මගුල තිබිලනේ..

මාම් ඉරෝන්ට කෝල් කරන්න අමාරුවෙන්ම phone එක අතට ගන්න හද්දිම වගේ උ ඇවිත් කාර් එක මගේ කකුල් දෙක ඉස්සරහින් නැවැත්තුවා..

" අඩෝ උබ එහෙනම් කිව්වා වගේම වැ⁣ඩේ කරා නේ.. නැගපන්.. යන් දැන් ගෙදර.."

මන් හිනා වෙලා කාර් එකට නැග්ගට පස්සේ උ කාර් එක ජෙට් එකක් බවට පරිවර්තනය කර ගත්තා.. හරි සන්තෝසයි වෙරි ගුඩ්.. ඒ නිසාම වැඩි වෙලා නොගිහින් අපි ගෙදරට ආවා.. එද්දිම වගේ ඔන්න ඉතින් කෝල් එන්න ගන්නවා අපේ අම්මගෙන්.. ම්ම් නිව්ස් එක ගිහින් වගේ..

" පුතා.. අනේ මගේ රත්තරන්.. දින්නා නේද ඒකත්.. මයේ අම්මට බුදුසරණයි!! වරදින්නේ නැ මයේ පුතාට.."

" කොල්ලා කොහොමත් දක්ෂයිනේ බබී.. පුතාට මහන්සි ඇතිනේ ගිහින් වොෂ් එකක් එහෙම දාගන්න.. ගෙදර එන ගමන් කියලා කිව්වා ඉරෝන් පුතා.."

මන් එහෙම්ම ඉරෝන් දිහාට හැරුනා.. මු තමයි හිබිච්චා වගේ ඉදගෙන ඔක්කොම කරන්නේ..  මන් උට රවලා දිවත් දික් කරලා ආයි පෝන් එක කනෙන් තියා ගත්තා..

" හරි තාත්තා.. මන් පස්සේ ඔයාලට කෝල් කරන්නම්.. "

එහෙම කියලා කෝල් එකත් කට් කරලා මන් washroom එකට රින්ග ගන්න හැදුවා විතරයි තව කෝල් එකක් ආවා.. මොන හු#ක්ද මේ.. රෙද්ද..

Call ID එකවත් බලන්නේ නැතුව මන් කනෙන් තියාගෙන කෑගැහුව පාර මන් හිතන්නේ එහා පැත්තේ හිටපු උන් බය උනාද කොහෙද..

" Congratulations hansa.."

ගොඩ දෙනෙක්ගේ කටහඩවල් ඇහුනු නිසා call id එක බැලුව මට දකින්න ලැබුනේ රවීන් අයිය⁣ගේ number එක.. හරිම උදාරයි.. ඒත් මට තිදැස් අයියාගේ වොයිස් එක ඇහුනේ නැනේ.. මාස දෙකක් පුරාවට අගුලු දාලා තිබ්බ හැගීම් ආයිමත් උඩට එන්න ගත්තේ අන්න ඒක මතක් උනාට පස්සේ.. අනේ එක පාරක් මට ඒ කටහඩ අහන්න තිබ්බනම්..

_________________🥀

ගැම්ම ගන්න ළමයි.. ගැම්ම ගන්න.. 😪

Continua a leggere

Ti piacerà anche

1.5K 196 10
එදිනෙදා ජීවිතයේදී කාර්යයන් සාර්ථක කර ගැනීමට මනෝ විද්‍යා දැනුම රසවත් ලෙස භාවිතා කල හැකිය...☺️ .. ජීවිතේ හීනයක් තියෙන නංගිලා මල්ලිලා හැමෝටම.. (By an In...
32.8K 35 89
Stories you love to read by yourself. SPG. For offline reading. *All about: DXD | Non-Human
687 100 23
අමාවකටත් පායන්න පුලුවන් ද සඳක්.. නොවෙන බව දැන දැනත් බලන්ඉන්න ඇය අමාවක තරුවක්.... නෑසෙනා බව දැන දැනත් හීතලේ හුලගට මුමුණපු කවි පෙලක් අසාගෙන හුලග...
1.3K 177 26
යුන්ගි සහ ජොන් හොසොක් අතර තිබුනේ වචනයෙන් කියල නිම කරන්න බැරි තරම් බැඳීමක් ... ඔව් ඒ බැඳීම අනිත් බැඳීම් වගේ එකිනෙකාට ගැලපෙන්නෙ නෑ තමයි.. ඒත් එයාලා එයා...