තේව් !

Por Mrs_wang_kavi

6.6K 579 113

මං උඹට ආදරෙයි තේව් ! මගෙ ජීවිතේ තියෙනකල්ම තේව් යුහස් අහිංස මගෙ වෙලා ඉන්නයි ඕනෙ!🍃🖤 ... Más

හැඳින්වීම...
°°°පළවෙනි පරිච්ඡේදය°°°
°°°දෙවනි පරිච්ඡේදය°°°
°°°තුන්වෙනි පරිච්ඡේදය°°°
°°°හතරවෙනි පරිච්ඡේදය°°°
°°°පස්වෙනි පරිච්ඡේදය°°°
°°°හයවෙනි පරිච්ඡේදය°°°
°°°හත්වෙනි පරිච්ඡේදය°°°
°°°අටවෙනි පරිච්ඡේදය°°°
°°°නමවෙනි පරිච්ඡේදය°°°
°°°දහවෙනි පරිච්ඡේදය°°°
°°°එකොළොස්වෙනි පරිච්ඡේදය°°°
°°°දොළොස්වෙනි පරිච්ඡේදය°°°
°°°දහතුන්වෙනි පරිච්ඡේදය°°°
°°°දාහතරවෙනි පරිච්ඡේදය°°°
°°°දාසයවෙනි පරිච්ඡේදය°°°
°°°දාහත්වෙනි පරිච්ඡේදය°°°
°°°දහ අටවෙනි පරිච්ඡේදය°°°
°°°දහනමවෙනි පරිච්ඡේදය°°°
°°°විසිවෙනි පරිච්ඡේදය°°°
°°°විසි එක්වෙනි පරිච්ඡේදය°°°
°°°විසිදෙවනි පරිච්ඡේදය°°°
°°°විසිතුන්වෙනි පරිච්ඡේදය°°°
°°°විසිහතරවෙනි පරිච්ඡේදය°°°
°°°විසිපස්වෙනි පරිච්ඡේදය°°°
°°°විසිහයවෙනි පරිච්ඡේදය°°°
°°°විසිහත්වෙනි පරිච්ඡේදය°°°
°°°විසි අටවෙනි පරිච්ඡේදය°°°
°°°විසිනවවෙනි පරිච්ඡේදය°°°
°°°තිස්වෙනි පරිච්ඡේදය°°°
announcement

°°°පහලොස්වෙනි පරිච්ඡේදය°°°

177 18 2
Por Mrs_wang_kavi

අභිසෙස් අයිය නිතරම කතා කරල පරිස්සම් වෙන්න කිව්වත් මට කිසිම අනතුරක සේයාවක්වත් දැනුනෙ නෑ... සමහරවිට අර කුණාටුවක කලින් පරිසරය නිසලයි කියනවනෙ... එහෙම එකක් වෙන්නත් පුලුවන්. ඉතින් මමත් හිමීට ඕක හිතෙන් අතෑරල දැම්ම.. අනික මොකක් උනත් මම බබා හුකුං වෙන්න කැමති කොල්ලෙක් නෙමේ.. හිතාගන්න බැරි අභිසෙස් අයියගෙ ප්‍රශ්නයක් කොහොමද මට එන්නෙ කියල.. ඒත් බිස්නස් ප්‍රශ්න?? සමහරවිට එයාලගෙ තාත්තගෙ ඇමතිපට්ටම පස්සෙ අයිය යයි කියල වෙන්න ඇති කියලත් නොහිතුනාම නෙමෙයි..  වෙනදටත් වඩා අශියා ඉන්නෙ සතුටෙන් කියල මට මේ දවස් ටිකේ තේරුනත් අශෙල් අයිය හේ බැහැල ගිහින් තිබ්බා.. ඌ තාම පසුතැවෙනව ඇති. අභිසෙස් අයිය උනත් එයා ගැන මහ ලොකුවට කතා නොකරෙ අයියටත් එක්සෑම් එක්ක තව ප්‍රශ්න ගොඩක් තියෙද්දි... ඇරත් අපි ඔක්කොම ගවර්න්මන්ට් යුනි යන්න අදහසක් නෑ. ප්‍රයිවට් ඩිග්‍රි එක කරන්න තමා බලාපොරොත්තුව. එහෙම උනොත් අයිය කිව්වෙ මං එක්සෑම් කරල එනකල් එයා ඉන්නං කියල... තමන් වෙනුවෙන් කෙනෙක් ඉන්නව කියන එක තරං සතුටක් කොයිද ඉතිං.. මං බයික් එකෙන් පාරෙ ගිය කාර් එකකට වෙට්ටුවක් දාල ඊට ඉස්සරහින් ගිය කාර් එකටත් වෙට්ටුවක් දාද්දි මට මීටර් උනේ මං පිටිපස්සෙන් එන  වෑන් එකටත්  ඒ වගේම කරන්න ගිහින් ආයෙ පස්සට ගියා... එච්චර ගනන් නොගත්තත් මං ආයෙ යන්නෝන පාරට නැතුව වෙනින් පාරකට හැරිල ෆෝන් එක අතට ගත්තෙ ඒක රිං වෙන නිසා.. අභිසෙස් අයියගෙන් කෝල් තුනක් තියෙනව කියල දැක්කම මගෙ බොක්ක රත් වෙලා කූල් වෙලා ගියා. මලහත්තිහුත්තයි බැනුං අහන්න වෙයිද දන්නෑ.. මං ඒක කනේ ගහගත්තා.. කොහොමත් එයාල වැඩිය මූණ පෙන්නන්නෑහ්. ලොකු ලයින් නෙ දැන්. නෑනෑ ලොකු ලයින් නෙමේ එයාල පාඩං කරනො

අහී ඔයා කොහෙද ඉන්නෙ

පාරෙ ඉන්නෙ අයියෙ මොකත

ඉක්මනට ගෙදර යනව

ඒ මොකද?

පණ්ඩිතය වෙන්නෙපා. දැන් පස්සෙන් කළුපාට වෑන් එකක් ආව නේද?

ඔව්නෙ ඔයා කොහොමද දන්නෙ

කියන දේ අහල ඒක ඉක්මනට මගෑරල එනව අහී... පුලුවන්නං ගෙදර නොයා වෙන කොහෙහරි යන්න...මිනිස්සු ඉන්න දිහාකට.... ඉඳල යන්න

ඇ-ඇයි අයියෙ මොකක් හරි අව්ලක්ද

මෙච්චර කියලත් තේරෙන්නැද්ද ගොං වස්සො තමුසෙව කිඩ්නැප් කරන්න හදන්නෙ

හම්මටසිරි ඒම එකක්ද...මේ තේව් එක්ක ඒව කොහෙද අයියාහ් ඉන්නකො බඹර වගේ විදල යන්නං මං... 

මං ඉක්මනට බයික් එක ස්ටාට් කරන් අතුරු පාරකට දාද්දි මට පිටිපස්සෙන් නවත්තන් ඉඳපු වෑන් එකෙන් බැස්ස මිනිස්සු දඩිබිඩි ගාල ආයෙ නැගගත්ත... මමත් ඉක්මනට බයික් එක සීයට විතර රේස් කල්ලා එහෙං මෙහෙං දදා පුළුවන් තරං උන්ව මිස් කරල අපෙ ගෙවල් ගාව මොන්ටිසෝරියකට පැනගත්තා...එතන තමා අපෙ පොඩිකාලෙ න'සරිය... බයික් එක පේන්නැතිවෙන්න ඇතුල්ට දාල මං ඉක්මනට ඒක ඇතුල්ට පැනගත්ත...

මලමගුලයි තව පොඩ්ඩෙං අභිසෙස් අයියගෙ අහිංස මල්ලි ලෙප්ට්!

ඒතන ටිකක් වෙලා කාලෙ කාල මං ශේප් එකේ ඉක්මනට බයික් එක රේස් කරන් ගෙදරට ආව. ඒ එනගමන් හොඳට වටපිට බැලුව . මැරෙන්න තමා වෙන්නෙපොඩ්ඩ ගැස්සුනොත්... දෙයියනේ අභිසෙස් අයියට මල්ලියෙක් නැතිකරන්ට බෑ මයෙ දෙයියෝ.... මං ගේට්ටුව ඇතුල්ට බයික් එක දාද්දි මුර කරන අංකල් ගේට්ටුව වහල දැම්ම. අයියට කතා කරල ගෙදර ආව කියන්නෝන..මං අයියට කෝල් එකක් ගත්ත තුන් පාරක් රිං වෙන්න කලින් අයිය ෆෝන් එක ඉස්සුවා

රත්තරන් මොකද උනේ ප්‍රශ්නයක් නෑ නේද??

එයා අහද්දි මං හිනා උනා...පව් දෙයියනේ.. එක්කො වෙලාවකට මේ එක්සෑම් ඉවර වෙනකල් නවත්තමු අයියෙ කියන්න හිතෙන වාර අනන්තයි.. ඒත් පස්සෙන් එන මිනිස්සු නවතීවිද?? මට අභිසෙස් අයියව නැති කරගන්න බැ... එයාලගෙ තාත්ත කොච්චර නරක උනත් පුතාට නරකක් වෙන්න දෙන එකක් නෑ.. වෙන ප්‍රශ්නයක් උනා නං එහෙම අයිය මෙලහට අංකල්ට කියල උනත් මේකට මාත් ගෑවුනේ කොහෙන්ද ඇහුවොත්?? ඒ නිසා අපිට මේක තනිය්‍ර්න්  විසඳගන්න වෙනව.... ඒත් මේක පස්සෙන් එන මිනීමරු අතකොළුවොන්ගෙන් බේරෙන්න මට අයියට පුලුවන් වේවිද?? එහෙම බැරිවෙයිද? තුවක්කු උස්සගත්ත මිනිස්සු එක්ක මං වගේම මග්‍ර් අයියත් කෝමද තනිය්‍ර්න් හැප්පෙන්නෙ කියල හිතනකොට ඇඟේ හිරියක් ගිහින් නැති වෙලා ගියා...

නෑහ් අයියෙ මං ගෙදර ආව

පරිස්සමෙන් ආව නේද??

ඔව් අයියෙ

පස්සෙන් ආවද ගෙදරට එනකල්.

නෑ අයිය්‍ර් මං විදල ආව ඇරත් මොන්ටිසෝරියෙන් එලියට එද්දින් ප්‍රශ්නයක් උන්නෑ.

හ්ම්.. එහෙනම් පරිස්සමට තව ටික දවසකින් අපිට නිවාඩු හම්බවේවි මේ වසංගත මගුලක් නිසා එක්සෑම් වෙලාවකට කලාවකට තියෙන්නෑ. මගුල

ඒකනං ඇත්ත තමයි අයියල මලපයින එක සාදාරනයි හරින‍ං මීට කලින් අපි ලියන්නෝනි

මං ඔහේ උඩ බලන් හිටියා... බලමු වෙන දෙයක් මොනව උනත් මං අයියව අතෑරෙන්න දෙන්නෑ...අයිය කතා කරල කෝල් එක කට් කරයින් පස්සෙ මං බාතෲම් එකට ගිහින් හොඳට නාගෙන ආව. මගෙ ශැම්පො දහයක් විතර අතරෙන් කැමති හිතුන ශැම්පො එක අරන් ගාලරැව්ලත් කපල මල වගේ ඇඳට පැනල නින්දක් දැම්ම. පාඩං කරන්නත් ඕන....














අනේ ළමයි මට කතාව බෝරිං වේගෙන එනව😒💔

ටුඩූලා මේම්ක දැම්ම කැමති අය බලඤ්ඤ. ඔන්ගොයින් වලට මොකද වෙන්නෙ කියල අහන්නෙපා අම්නේ ඒවත් දෙඤ්ඤ‍ං😫

https://www.wattpad.com/1439747858?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=MOoONAnGeL7

ලිංක් එක ඈහ්. ඔයාලගෙ yizhan යාවුවො ඉන්නෝනං කියන්න.එන්න කියල



Seguir leyendo

También te gustarán

2.1K 250 8
බොරුව බොරුවමයි මැණික! බොරු කොහොම කිව්වත් වැරදි! -යසිරු යුගත්-
13K 1.1K 23
When Wei Wuxian fall from the cliff, instead of getting summon back to the living world by Mo Xuanyu. He woke up in the distance future....the modern...
3.7K 707 14
Just friends... Right ? AYUSH ♡ ADHEER Start - 03.06.2024 End - * Cover credits goes to - Miku_Sasuke
18.5K 1.6K 10
"තමුන් කොයි ලොකේද ආහ් ඉන්නේ. anyway තමුන් කොයි ලොකේ හිටියත් මට මොකද ඔහේ උඩ බලාගෙනද යන්නෙ.. බලනවා තව පොඩ්ඩෙන් මගේ මල්ලිට තුවාල වෙනවා.. තමුන්ටනම් කිස...