සදහිරු pov:
මටනම් වෙලාවකට තේරුම් ගන්න බෑ සුදු බේබී මොන වගේ කෙනෙක්ද කියලා.මම පොඩි කාලේ ඉදලමයි මේ වලව්වෙ ඉන්නෙ.ඉතින් මම සුදු බේබීව පොඩි කාලේ ඉදන්ම දන්නවා.ඒත් සුදු බේබී හැසිරෙන්නෙ හරියට එයා මාව දන්නෙ නෑ වගේ.ලොකු හාමු ඉස්සරහදිවත්, හාමිනේ ඉන්නකොටවත් එයා මා එක්ක එච්චර හොදින් ඉන්නෙ නෑ.ඇයි එහෙම කරන්නෙ.එදා ආව දවසෙත් මන් දිහා හැරිලවත් බැලුවෙ නෑ. ඒත් කවුරුවත් නැති වෙලාවට මට පුදුම ආදරෙන් සලකන්නෙ.ආදරෙයි කියලා මන් දන්නවා. ඒත් ඒක මට හිතෙන්නෙම බොරුවක් වගේ. ඒත් වෙලාවකට මට හිතෙනවා සුදු බේබී කැමති නැතුව ඇති කියලා වලව්වෙ කවුරුවත් ඒ ගැන දැනගන්නවට. මට සුදු බේබී මුලින්ම ආදරේයි කියපු දවසෙත් කිව්වෙ. එයාට මට බොරු බලාපොරොත්තු දෙන්න ඕනේ නැ. ඒත් එයා මාව කවදහරි රැජිනක් වගේ බලාගන්නවා.එතකන් චුට්ටක් හැමදේම ඉවසලා හිටපන් සදූ කියලා.මන් අදටත් ඉන්නෙ ඒ වචන විස්වාස කරලා. ඒ වචන වල කිසිම සැකයක් තිබුණෙ නෑ. ඒත් මට බයයි මේවා කවුරුහරි දැනගත්ත දවසට මට මොනවා වෙයිද කියලා. මට මොනවා වුණත් කමක් නෑ. ඒත් සුදු බේබී. එහෙම කියලා මට වලව්වෙ හාමුලට විරුද්ද වෙන්නත් බෑ.යන්න කිව්වොත් මම ඒකටත් ලෑස්ති වෙලා ඉන්න ඕනේ.මොකද මම මේ වලව්වෙ වැඩකාර කොල්ලා විතරයි. ඒත් මම දන්නෙ නෑ. හමුලා දෙන්නගෙන් කවුරුවත්ම මට එහෙම කතා කරලා නෑ කවදාවත්ම.මන් අහලා තියන විදිහට හරිනම් වලව් වැඩකාරයො ඉන්න ඕනේ වලව්වෙන් පිට වෙනම.ඒත් ලොකු හාමිනේ මාව පොඩි කාලේ ඉදන්ම එයාගේ දරුවෙක් වගේ බලාගත්තෙ.
තව මට කියලා තියනවා වෙලාව ආවහම මම හැම දේම කියන්නම් කියලා. මම අදටත් ඒ මොකද්ද කියලා අහලා නෑ.සමහරවිට අමතක වෙන්න ඇති.
මන් ලොකු හාමුට තේ හදන ගමන් හිටියෙ. ලොකු හාමු හරි කැමතියි මන් ඉගුරු දාලා හදන තේ එකට. ලොකු හාමූ වෙලාවකට විහිලුත් කරනවා මටත් ඉන්න තිබ්බෙ මේ වගේ කොල්ලෙක් කොහෙද ඉතින් අපේ එවුන් මෙහෙම රසට තේකක්වත් හදන්න දන්නවයෑ කියලා. ඉතින් මම සුපුරුදු විදිහටම බන්දේසියේ තියලා තේ එක අරන් ගියේ ඉස්සරහ සාලෙට. ඒත් එක්කම මට ඇහුනෙ සුදු බේබි එක්ක ලොකු හාමු බර කතාවක. ඉතින් මම හාමු මහත්තයාට තේ එක දීලා ආවේ කතාවට බාදා කරන්න ඕනේ නැති නිසා. ඒත් මට ආපහු ඇතුලට එද්දි ඇහුනෙ මන් ජීවිතේටවත් හිතපු දෙයක්නම් නෙමෙයි.
" අභිශේක් මන් මේ මේක අහන්න ඕනේම නිසා අහන්නෙ . දැන් නරකද කසාදයක් ගැන හිතුවොත්. මොකද අයිය කොහොමත් මේවා බාරගන්න කැමති නැති එකේ ඔයා වත් මේවා බාරගන්න එපෑ."
"මන් කැමතියි අප්පච්චි. ඒත් ඉතින් අප්පච්චි තවම හොදින් ඉන්නවනෙ."
" හිතේ කා ගැනහරි කැමැත්තක් එහෙම තියනවද?"
" ම්ම්..මේ ම..මම මේ මම ම.. හ්ම්ම්.... බොරු කියන්න ඕනේ නෑනේ අප්පච්චි එහෙම කෙනෙක් ඉන්නවා ඒත් මන් හිතන්නෙ නෑ අප්පච්චි ඒකට කැමති වෙයි කියලා."
"කවුද කියලා මන් අහන්නෙ නෑ.මට පුතාගේ කැමැත්තට විරුද්ධ වෙන්නත් බෑ. ඒත් මට පුතාට කියන්න දෙයක් තියනවා.මම මුල ඉදන්ම හිතපු දෙයක් තිබුණා.මට ඒක කරන්නම වෙනවා. මොකද ඒක පොරොන්දු වෙච්ච දෙයක්.ගොඩ කාලෙක ඉදන් මන් ඒකට බලන් හිටියේ.පුතාට ඒකට කැමති වෙන්නම "
"ඒ මො..මොකද්ද අ..අප්පච්චි ? 😟 "
මට තවත් එතන එක විනාඩියක්වත් ඉන්න ඕනේ වුණේ නෑ. මම හිතුවා මෙහෙම දෙයක් වෙයි කියලා.දැන් කොහොමටවත් ලොකු හාමුට විරුද්ධ වෙන්න සුදු බේබිටවත් බෑ. ඉතින් මං මොනව කරන්නද, ඒ කියන්නෙ කවමදාවත් සුදු බේබිව මට ලැබෙන්නෙ නෑ.
මමයි වැරදි මට තිබුණා එහෙම බැදීමක් සුදු බේබී එක්ක ඇතිකරගන්නෙ නැතුව ඉන්න.
ඇස් දෙකට ආව කදුළු ඔහේ ගලන් යන්න දීලා මම මගෙ කාමරේට ගියා. මට දැන් ඕනේ අඩන්න. හයියෙන් කෑ ගහලා මේ දුක නැති වෙනකන් අඩන්න.
At 10.00 p.m
අභිශේක් pov :
අද දවල් සදහිරුව දැක්කට පස්සෙ තවම මන් මගෙ මැණිකව දැක්කෙ නෑ. උබව දකින්නෙ නැතුව මට ඩිංගක්වත් ඉවසන්න බැරිකොට මම කොහොමද උබ නැතුව ජීවත් වෙන්න මේ හිත හදාගන්නෙ සදූ .මට උබව අතාරින්නත් බෑ. අප්පච්චිට විරුද්ද වෙන්නත් බෑ. මම මොකද්ද කරන්න ඕනේ.
නිදාගන්න ගියාට නින්ද යන්නෙත් නෑ බන්. ඕන දෙයක් වෙද්දෙන් කියලා මම ගියා සදූගේ කාමරේට.මන් යද්දි ඇද විට්ටමට හේත්තු වෙලා ජනේලෙන් පේන අහස දිහා බලන් ඉන්නවා. පස්සෙ මාව දැකලා ඉක්මනට නැගිට්ටා.
ළගට ගියාට පස්සෙයි ඒ ඇස් දෙක දැක්කෙ. හොදටම රතු වෙලා. ඒ කියන්නෙ එයා අඩලද, ඇයි ඒ.
" සදූ ඇයි මේ ඇස්වල කදුළු. මට කියන්න මොකද්ද වුණේ."
මන් අහද්දි බිම බලාන ඉන්නවා. මුකුත් කියන්නෙ නෑ.බැරිම තැන මම ඒයාගේ මූණ අත් දෙකෙන්ම අල්ලන් ඒ ඇස් දෙක දිහා බලන් හිටියා.
"ඇහැට රොඩ්ඩක් ගියා සුදු බේබී ඒකයි මට ප්‍රශ්නයක් නෑ. සුදු බේබී දැන් යන්නකො මේ මහ රෑ නැගිටගෙන මහත්තයත් මොනවා කරනවද මන්දා."
බොරු හිනාවක් හදාගෙන මාව යවාගන්න හදනවා.කාටද මේ බොරු කරන්නෙ මැණික. මුළු මූණම රතු වෙලා ඇස් ඉදිමිලා රතු වෙලා තියනකොට ඒ ඇහැට රොඩ්ඩක් ගිහින් කියලා හිතන්න තරම් මම මෝඩයෙක් නෙමෙයි මැණික.
"උබ මට බොරුත් කියනවද බන් දැන්. මට කියපන් මොකද්ද උනේ කියලා. මට බලන් ඉන්න බෑ උබ මෙහෙම අඩද්දි."
මන් අහද්දි ආයම අඩන්න පටන්ගත්තා. මම කදුළු පිහින්න පිහින්න ඒවා අලුත් වෙනවා. මේ කදුළු තමයි මගෙ එකම දුර්වලකම. අඩන්න එපා බන්.මට මේ තරම් දුකක් දැනිලා නැහැ කවමදාවත්. උබේ කදුළු වලට මම වෛර කරනවා.ඒත් එකපාරටම,
"මන් මේ හිතට හරි ආදරෙයි මහත්තයො.ඒත් මන් මේ වලව්වෙ වැඩකාර කොල්ලා.මන් මගෙ මහත්තයට ගැලපෙන කෙනෙක් නෙමෙයි.අනේ මට සමාවෙන්න මහත්තයො."
ම්ම්ම්.... එහෙනම් ඒකයි හේතුව. උබ දවාලේ අහන් ඉදලා. මමයි අප්පච්චියි කතාකරනවා උබ අහන් ඉදලා.බයයිද මම උබව අතඇරලා දාලා දුරකට යයි කියලා. කවදාවත් නෑ.මට කියන්න ඕනේ උනත් මම කිව්වෙ නෑ. මන් එයාව තද කරලා බදාගත්තා. යන්න දෙන්නේ උබට මගෙන් ගැලවිලා ඒ වගේම මම උබව දාලා යන්නෙත් නෑ.
"මට උබ කවුරු වුණත් වැඩක් නැහැ.මට ඕනේ උබ විතරමයි.මේ දේවරාජ පොඩිහාමු ආදරේ කරන්නෙ සදහිරු කියන රෝසමලට විතරමයි."
"පොඩි කාලේ ඉදන්ම උබේ පස්සෙන් ඇවිත් උබ මේ වලව්වෙ වැඩ කරද්දි උබට මම උදව් කලේ ඇයි කියල හිතෙන්නෙ නැද්ද, උබව මම ඉස්සල්ලම දැක්ක දවසෙ මට ජීවිතේ කවදාවත් දැනිලා නැති විදිහෙ සතුටක් දැණුනා. අයියයි, මමයි, තිසෙන්දියි උබයි එකට සෙල්ලම් කරද්දි උබ අපේ අයියා එක්ක ඉන්නවටවත් මම කැමති වුණේ නෑ. මම උබ ළගට වෙන කවුරුවත් ළංවෙනවට කැමති නෑ සදහිරු. උබ මගෙ විතරයි. එහෙම එකේ මම කොහොමද උබව දාලා යන්නෙ. මම කලින් කියලා තියනවා මට උබ ඇරෙන්නෙ වෙන කවුරුවත් ගැන හිතන්නවත් ඕනේ නෑ. මම මේකට මොනවම හරි කරනවා. එතකන් මාත් එක්ක මේ විදිහට ඉන්න. කවදාවත් මාව මගාරින්න එපා."
අදට ඉවරයි 😁
Vote කරන්න , comment කරන්න
I love my readers
තව සතියකින් විතර දෙන්න හැදුවෙ. ඒ උනාට දුන්නා ඔන්න.
JeonJJT ✍️