සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎�...

By ___Sky-Heart___

22.3K 4.5K 3.1K

ප්‍රේමයේ සිහිනයන් පුරාම ඔච්චම් කරමින් ප්‍රේමයෙන් හදවත් ඒකාබද්ධ කෙරූ හිරි කෝඩු යෞවනයේ ප්‍රේමාන්විත අරගලය ... More

• හැදින්වීම •
• පළමු වන දිගහැරුම •
• දෙවන දිගහැරුම •
• තුන් වන දිගහැරුම •
• හතර වන දිගහැරුම •
• පස් වන දිගහැරුම •
• හය වන දිගහැරුම •
• හත් වන දිගහැරුම •
• අට වන දිගහැරුම •
• නම වන දිගහැරුම •
• දහ වන දිගහැරුම •
• එකළොස් වන දිගහැරුම •
• දොළොස් වන දිගහැරුම •
• දහතුන් වන දිගහැරුම •
• දහහතර වන දිගහැරුම •
• පහළොස් වන දිගහැරුම •
• දහසය වන දිගහැරුම •
• දහහත් වන දිගහැරුම •
• දහඅට වන දිගහැරුම •
• දහනව වන දිගහැරුම •
• විසිවන දිගහැරුම •
• විසිඑක් වන දිගහැරුම •
• විසි දෙවන දිගහැරුම •
• විසිතුන් වන දිගහැරුම •
• විසිහතර වන දිගහැරුම •
• විසිපස් වන දිගහැරුම •
• විසිහය වන දිගහැරුම •
• විසිඅට වන දිගහැරුම •
• විසිනව වන දිගහැරුම •
• තිස්වන දිගහැරුම •
• තිස්එක් වන දිගහැරුම •
• තිස් දෙවන දිගහැරුම •
• තිස්තුන් වන දිගහැරුම •

• විසිහත් වන දිගහැරුම •

433 99 138
By ___Sky-Heart___

" අනේ යුගාන් ඇස් ඇරපන් මගේ මැණිකේ
උබට මෙහෙම මැරෙන්න බැහැ යකෝ
මගේ ඇස් පිය වෙන්න කලින් උබේ ඇස් පිය වෙන්න තරම් උබ පව්කාරයෙක් නෙමෙයි
ආදරේ නාමෙන් සුදු මාත්තයෝ නැගිටපන් "

පාක් එකේදී තීනු යුගාන්ට හොද ගල් ගෙඩියකින් සංග්‍රහ කරපු නිසා යුගාන් හිටියේ හොස්පිටල් එකේ ඇදක සිහිය නැති වෙලා . ඩොක්ටර් කොච්චර වත් යුගාන් මැරිලා නැහැ යුගාන්ට සිහිය නැති වෙලා විතරයි කියලා තීනුට කිව්වත් මල ගෙයක් සිද්ද වෙලා වගේ තීනු යුගාන්ව බදා ගෙන අඩන්න ගත්තා .

ඩොක්ටර් නම් හිතුවේ තීනු අඩන විදිහට තීනු යුගාන්ගේ හොද යාලුවෙක් නිසා යාලුකමට අඩනවා ඇතී කියලා ඒත් ඇත්තට තීනු මෙතන අඩන්න ගත්තේ බැරි වෙලාවත් තමන් යුගාන්ට ගලෙන් ගහපු නිසා යුගාන් මලොත් තමන් අඩන නිසා හැමෝටම දුක හිතිලා තමන්ව හිරේට යවන්නේ නැති වෙයි කියලා . ඒ කොහොම උනත් තීනු ගලෙන් දීපු ශොට් එකට යුගාන්ගේ නලලට මැහුමකුත් දාන්න සිද්ද උනා .

" ඔය දරුවා දැන් අඩන්නේ නැතුව ඉන්නකෝ ඔයාගේ යාලුවට ඉක්මනට සිහිය එයි "

" අනේ බුදු දොස්තර මහත්තයෝ ... සිහිය නම් ඕකට නො එන තරමට හොදයි ... ඕකට සිහිය ආවොත් මම අඩි හයක් යට බුදු මාත්තයෝ ... "

තීනු ඩොක්ටර් ගේ ඇගේ එල්ලිලා අඩ කිව්ව කිසිම දෙයක් ඩොක්ටර් ට නම් තේරුනේ නැහැ . දුකට ඔහේ තීනු මොනවා හරි දොඩවනවා ඇති කියලා හිතලා ඩොක්ටත් තීනුගේ ඔලුව අත ගෑවා . හැබැයි ඇත්තටම යුගාන්ට සිහිය ආපු හැටියෙම තීනුව යුගාන් කම්බස් කරන එක ගැන නම් ආයේ දෙකක් නැහැ . වැඩ්ඩා වඩා ගලෙන් කෙලියට තීනු දැන් තමා බයට පුක රත් කරන් දගලන්න ගත්තේ .

" මට තේරෙනවා ඔය දරුවා ඉන්නේ දුකින් කියලා ඒත් පුතා දුක් වෙන්න එපා ඔයාගේ යාලුවට ඉක්මනට සිහිය එයි දැන් හොද පුතා වගේ නාඩා ඉන්නකෝ "

ඩොක්ටර් ට තීනු තමන්ගේ යාලුවා ගැන තියෙන ආදරේ දැකලා හද පතුලින්ම දුක හිතුනා . ඩොක්ටර් කොච්චරවත් තීනුට නහයෙන් අඩන්න එපා කිව්වත් තීනු කලේ නහයේ පැත්තකිනුත් හොටු බේර බේර නහයෙන් අඩලා වැලපුනු එක . තීනුගේ ඇඩිල්ලයි කියවිල්ලයි නිසාම ඩොක්ටර් ගේ ඔලුවේ පැත්තකුත් රිදීගෙන එන්න ගද්දි හිමින් සීරුවේ ඩොක්ටර්ටත් වෝඩ් එකෙන් ලිස්සලා ගියා .

ඩොක්ටර් ගිය එකේ ආයේ බොරුවට අඩන්න ඕනේ නැති නිසා තීනු තමන්ගේ කදුලු පිහිද ගන්න ගමන් ඇදේ සිහිය නැතුව ඉන්න යුගාන් ගාවට ලං උනා . යුගාන්ගේ කන අස්සට ඇගිල්ලා දාලා කරකවපු තීනු බැලුවේ එහෙම කලාම වත් යුගාන්ට සිහිය එයිද කියලා . ඒත් තීනුගේ ගොන් වැඩේ නම් හරි ගිය පාටක් පේන්න තිබුනේ නැහැ . ආදරේ නාමෙන් පැත්තක තිබුනු පුටුවක් අර ගෙන තීනු යුගාන් ගාවින් වාඩි උනා .

" තෞසෙට ගලින් කෙලින්න හිතුවේ නැහැ මං .. ඒත් කොහෙද උබ මෙතන මගේ අවසන් කටයුතු කරලා දාන්නනෙ හැදුවේ ...
හැබැයි යුගාන් උබට අද දවස ඇතුලත සිහිය ආවේ නැත්තම් මම වෙන කෙල්ලෙක්ව සෙට් කර ගන්නවා උබ දන්නවනේ මගේ හැටි !! "

" මොකක්ද උබ කියන්නේ දැන් ??? "

සිහිය නැතුව ඇදේ පත බෑවිලා හිටපු එකාට එක පාරටම පොල්ලෙන් ගැහුවා වගේ සිහිය ඇවිත් කතා කරද්දි තීනු ගැස්සලා ගියා . තීනුට රවා ගෙනම යුගාන් වෝඩ් එකේ තියෙන ඇදට හේත්තු වෙද්දි තීනු තමන් වාඩි වෙලා හිටපු පුටුව යුගාන්ගේ දිහාවට හරව ගත්තා . දෙන්නා දෙන්නට රව රව හිටියා මිසක් වෙන වැදගත් දෙයක් නම් කලේ නැහැ .

යුගාන් නිකන් උගුඩුවා වගේ තීනුට රවද්දි තීනුට හිතුනේ තවත් ගල් භාගයක් අරන් යුගාන්ගේ මූණටම කෙලින්න . තීනු යුගාන්ට ඇද කරලා අහක බලා ගනිද්දි යුගාන් තීනුගේ අතකින් ඇදලා ගත්තු පාර තීනු කෙලින්ම හිටියේ යුගාන්ගේ පපුව උඩ . තමන් මේ ලෝකේ අකමැතිම මනුස්සයා එක්ක ඉන්නවා වගේ තීනු දගලන්න ගද්දි යුගාන් හිමින් සැරේ තීනුගේ ඉන කෙනිත්තුවා .

" ආව්වා චපල වැඩ කරන්න එපා උබ !! ඔච්චරට අසහනේ නම් කොනිත්ත ගනිම් තොගෙ අහවල් එක "

යුගාන්ගේ අතට පාරක් ගහලා තීනු එහාට වෙද්දි යුගාන් තමන්ගේ අත් දෙකත් හරහට බැද ගෙන තීනු දිහා බැලුවා ඒත් තීනු නම් කලේ ඇහේ පොට යනකල්ම යුගාන්ට රවපු එක .

" මොකක්ද තමුසෙ දැන් ටිකකට ඉස්සෙල්ලා කිව්වේ මට සිහිය ආවේ නැත්තම් තමුසෙ කෙල්ලෙක් එක්ක යාලු වෙනවා කියලා "

" සොත්තියා වගේ හිටියට හෙන මීටරේනේ මේකා "

තීනු තමන්ගේ ඇගිලිත් පූට්ටු කර කර ඇහෙන නොහෙන ගානට මුමුණද්දි යුගාන් ඒ දිහා බලලා තමන්ගේ ඇස් හීනි කර ගත්තා .

" මොනවද තමුසෙ මුමුණන්නේ ඇහෙන්න කියපන් කියන දෙයක් "

" තෝ මලොත් මම සුගර් ඩැඩී කෙනෙක් එක්ක යාලු වෙනවා කිව්වේ ඇයි මොකද උබ ?? "

තීනු නිකන් ගහ ගහන්න වගේ වෝඩ් එක ඇතුලේ ඉදන් බෙරිහන් දෙද්දි වෝඩ් එක ගාවින් ගියපු සමහරක් අය තීනු දිහා හැරිලා බැලුවේ අංගොඩ ඉන්න ඕනේ එකෙක් මේකේ අස්සේ මොනවද කරන්නේ කියලා . තීනුට ඇදලා අරන් හක්ක පනින්න දෙකක් යුගාන්ට දෙන්න ඕනේ උනත් දෙනෝ දහක් ඉන්න මේ වෝඩ් එකක් අස්සේ එච්චර කුරිරු වෙන්න තරම් යුගාන්ට හිතක් නොතිබුනා .

" ඉදපන්කෝ තීනු මගේ ටිකට් කපන කල් උබට සුගර් ඩැඩී කවුද කියලා මම පෙන්නන්න "

" තොට සිහිය ගාවම ගෙදර යවනවා කිව්වා එතකොට බලා ගමු උබට බය නැහැ යකෝ මම .. මගේ කිරි කෑ මී මුත්තා පර සුද්දෝ එක්කත් සටන් කරලා තියෙනවා .. මගේ ඇගේ දුවන්නේ වීර කැප්පෙටිපොළ ගේ ලේ "

" කැප්පෙටිපොළට ඕක ඇහුනා නම් එහෙම උබට වලෙන් නැගිටලා ඇවිල්ලා ගහන්නේ "

තීනු යුගාන්ට පෙන්නපු බොඩියත් හකුල ගෙන යුගාන්ගේ ඇදේ එහා පැත්තෙන් තීනු වාඩි උනා . යුගානුත් කිසිම ලැජ්ජාවක් නැතුව තීනුගේ කරට අතක් දාද්දි යුගාන්ට තරම් වත් ලැජ්ජාවක් නැති තීනු හීමීට යුගාන්ට හේත්තු උනා . ආදරේ අන්ධයි කියන්නේ කට කහනවට නෙමෙයිනේ ඉතිම් !! කොහොමත් යුගානුයි තීනුයි යාලු උනු දා ඉදලම හැසිරුනේ පොට්ටයො දෙන්නෙක් වගේ .

තීනුයි යුගානුයි නිකන් ෆිල්ම් එකක් බලන්න ඇවිත් වගේ කරට අත දාන් වෝඩ් එකේ ඇදට හේත්තු වෙලා ඉද්දි වෝඩ් එකේ හිටපු ගොඩක් අයට තීනුගෙයි යුගාන්ගෙයි මේ අමුතු හැසිරීම විකාරයක් උනා . ඒත් ඉතිම් මේ රට හරක් පැටව් දෙන්නට ඒ කෙහෙල් මල් වලින් නම් වැඩක් උනේ නැහැ . පතා ගෙන ආවා වගේ දෙන්නා ඔතා ගෙනම තුරුල් වෙලා රහස් මුමුණන්න ගත්තා හැබැයි රහස් කියනවටත් වඩා ගැලපෙන්නේ දෙන්නා රහසින් බැන ගත්තා කියන එක .

" මේ යුගාන් මම ටුකුස් ගාලා ඩොකා ගාවට ගිහින් තමුසෙට සිහිය ආවා කියලා ටකස් ගාලා එන්නම් එතකොට තමුසෙට ගෙදර යන්න පුලුවන් ඉක්මනට "

" ඇයි හදිස්සීයේ වත් මාව මෙහෙ තියා ගත්තොත් තමුසෙට පාලුයිද "

යුගාන් හෙන කබර හිනාවක් දාලා අහද්දි තීනු යුගාන්ගේ හිසේ සිට පාදාන්තය තෙක් රවන්න ගත්තා .

" උබ මලත් මට පාලු හිතෙන් නැහැ ඒක වෙනම කතාවක් ඒත් තෝව ඉක්මනට මම ගෙදරට කුදලගෙන යන්න හදන්නේ තෝව මේ හොස්පිටල් එකට ඇඩ්මිඩ් කරපු වෙලාවේ ඉදන් තෝ නිසා ඩොක්ටර් ලා ලස්සන නර්ස් අක්කලා නොසෑහෙන්න මහන්ස්සි උනු නිසා .. තෝ ඇමති පුතෙක් නිසා මුන් මෙතන ගෙබි සන්නිය නැටුවා "

" එහෙම සන්නියක් නටන්න ඕනේ නෑනේ තමුසෙ මට ගලෙන් කෙලියේ නැත්තම් .. ශික් මම හිටියේ ලබන සතියේ තමුසෙවත් එක්ක ගෙන දුර ඈත් ගමකට ගිහිල්ලා හේනක් කොටන ගමන් මඤ්ඤොක්කා අලයක් කාලා ජීවත් වෙන්න "

" Eww මට නම් බැහැ මඤ්ඤොක්කා කන්න ගොඩයා "

තීනු ගත් කටටම එහෙම කියද්දි යුගාන්ගේ මූණ කබරයා ගහලා වගේ වෙනස් උනා . ඇත්තටම යුගාන්ට තාම හිතා ගන්න බැහැ තීනුට රොමෑන්ටික් කියන වචනේ ඇලජික්ද නැත්තම් තීනු රොමෑන්ටික් වෙන්න දන්නේ නැද්ද කියලා . යුගාන්ගේ මූණ අට පට්ටම වගේ වෙලා කියලා දැකපු නිසාම තීනු හිමින් සැරේ ඇදෙන් ලිස්සලා යුගාන්ගේ එහා පැත්තෙන් හිට ගත්තා .

" අහ් මේ ඔලුව රිදෙනවද ගොඩක් අමාරුයිද ?? අමාරුයි වගේ නම් තව දවස් දෙක තුනක් හොස්පිටල් එකේ ඉන්න අව්ලක් නැහ් .. "

මමිය වගේ බැන්ඩේජ් කරලා තියෙන යුගාන්ගේ නලලට තීනු ඇගිල්ලකින් අනිද්දි තීනුගේ අත තද කරලා යුගාන් අල්ල ගත්තා . කියන්න පුලුවන් සේරම අලුගුත්තේරු කතා සේරම කියලා මේකා නිකන් දැන් දෙකට ගනින්න බැහැ වගේ ඉද්දි තීනුට ඇද අස්සට විසික් වෙන්න පාරක් යුගාන්ට දෙන්න හිතුනා . යුගාන් තද කරන් අල්ලන් ඉන්න තමන්ගේ අත අහකට කෙරුව තීනු තමන්ගේ අත් දෙක හරහට බැද ගනිද්දි යුගාන් තීනුගේ උඩ ඉදන් පහලට බැලුවා .

" යනවා දැන්ම අර ඩොකාට කියපන් මට සිහිය ආවා මගේ ටිකට් කපන්න කියලා "

" අහ් .. තොගේ හදිස්සියට මෙතන වැඩ කරන්න බැහැ මේක හොස්පිටල් එකක් නැතුව කෝලම් මඩුවක් නෙමෙයි .. අනික උබේ තාත්තගේ ඇමති කෙහෙල් මල් වෙන එකෙක්ට පෙන්න ගනිම් ගොබ්බයා "

" උබ නිසානේ මම මේ හොස්පිටල් එකක ඇදක් උඩට වෙලා ඉන්නේ දැන් මගෙන් මැරුන් නොකා පලයන් තීනු යන්න "

" යකෝ මේක මාර කෙලියක් උනානේ "

තීනු යුගාන්ටත් ගස්ස ගෙනම ඩොක්ටර් ඉන්න දිහාවට යන්න ගත්තා . යුගාන්ගේ නලල බැන්ඩේජ් කරලා තිබුනත් යුගාන්ට එහෙම ලොකු අමාරුවක් තිබුනේ නැහැ . ඕනෙම නම් එක මැහුමක් දාන්න ඇති ඊට වඩා දෙයක් නම් උනේ නැහැ . ඇදට හේත්තු වෙලා ගස්ස ගෙන ගියපු තීනු එනකල් යුගාන් කකුලත් වන වන හිටියා . ඩොක්ටර්ව හොයා ගන්න බැරුව තීනු වෝඩ් එක වටේට ඇවිදින හැටි දැකලා යුගාන් වෙනම ආතල් එකක් ගත්තා .

ලග ඉන්න ඉන්න නර්ස් ලගෙනුත් අහ අහ තීනු කොහේදෝ මන්දා අස්සකට ගිහින් අන්තිමේදී ඩොක්ටර් ව හොයා ගත්තා . යුගාන්ට සිහිය ආවා කිව්ව හැටියෙම ඩොක්ටර් ඉක්මනට යුගාන් ගාවට ඇවිත් ආයෙම වතාවක් යුගාන්ව චෙක් කරලා යුගාන්ගේ ටිකට් කපන්න සේරම රෙඩි කරලා දුන්නා . ඩොක්ටර් ගේ පර්මිෂන් එක ඇතුව යුගාන්ට ගෙදර යන්න ලැබෙද්දි එක විනාඩියක් වත් නාස්ති නොකර තීනු යුගාන්වත් ඇදන් වෝඩ් එකෙන් එලියට ආවා .

යුගාන්ගෙ අතින් අල්ල ගෙනම තීනු එහෙන් මෙහෙන් අස්ස වල් වලින් රිංග රිංග කොහොම හරි හොස්පිටල් එකෙන් එලියටම යුගාන්ව එක්ක ගෙන ආවා . යුගාන්ගේ ටිකට් කැපුවත් තීනු හැසිරුනේ හරියට තමන්ගේ ටිකට් කැපුවා වගේ . තමන්ගේ අත පටලවන් ඉන්න තීනුගේ අත අයින් කරපු යුගාන් හිමින් සැරේ තමන්ගේ බැන්ඩේජ් එක ගලවන්න ගද්දි තීනු යුගාන්ට පාරේ මැද ඉදන්ම කෑ ගහන්න ගත්තා .

" මොකක්ද හුත්තෝ ඔය කරන්නේ තොගේ පැලුනු තැනට බෙහෙත් දාලා තියෙන්නේ "

" තමුසෙ කියන්නේ දැන් මං මේ බැන්ඩේජ් එකත් නලලේ ඔතන් ගෙදර යන්න කියලද ?? එතකොට මම මොනවද ගෙදර උන්ට කියන්නේ ?? තමුසෙ මට ගලෙන් ගහලා මට සිහිය නැති වෙලා හොස්පිටල් එකේ ඉදලා නලල බැන්ඩේජ් කර ගත්තා කියලද ?? "

යුගාන් තීනුගේ නලලට ඇගිල්ලෙන් ඇන ඇන කියද්දි තීනු තමන්ගේ අතේ වැරැද්දක් තියෙන නිසා කට වහ ගෙන බුම්මට්ටා වගේ හිටියා . ගහපු ගල් පාර කෙලින්ම යුගාන්ට වලජ්ජට යන්නම දුන්නා නම් දැන් යුගාන්ගේ බලු කතා අහන් ඉන්න ඕනේ නෑනෙ කියලත් තීනුට නොහිතුනාම නෙමෙයි . නමට හරි යුගාන් දැන් තමන්ගේ බෝයිෆ්‍රෙන්ඩ් නිසා බොරුවට හරි ආලෙන් වෙලෙන්න තීනු ෆුල් ට්‍රයි එක දුන්නා .

ඒත් යුගාන්ගේ බොම්බයි මුටයි මූණ දකිද්දි තීනුගේ ආලේ හුලගේ ගහ ගෙන ගියා . සාක්කුවට අත් දෙකත් ඔබා ගෙන යුගාන් මූණ උල් කර ගනිද්දි තීනු පාරේ යන ත්‍රීවීල් එකකට අත දාලා නතර කර ගන්න ට්‍රයි කලා . තීනු නිකන් යුගාන්ගේ වැඩ කාරයා වගේ වාහනයක් අල්ල ගන්න දගලද්දි යුගාන් ලොකු මහත්තයා වගේ තීනු දිහා බලලා අහක බලා ගත්තා . නිකමට වත් යුගාන් වාහනයක් අල්ල ගන්න බලන්නෙ නැතුව ඔහේ ඉද්දි ඔන්න ටිකෙන් ටික තීනුට නගින්න ගත්තා .

" මේ උබ මහ තැන වගේ අත් දෙකත් සාක්කුව සාක්කුවට දාගෙන ඉන්නේ නැතුව වාහනයක් නතර කරපන් තොටයි මටයි ගෙදර යන්න "

" Excuse me ?? ඇයි මම එහෙම කරන්නේ ?? උබ නිසයි අපිට දැන් උනත් මෙහෙම මහා පාරේ හිටන් ඉන්න සිද්ද උනේ ඒක නිසා තීනු බබා තමුසෙම වාහනයක් අල්ල ගන්නවා අනික මට නම් බැහැ ඔය ත්‍රීවීල් වල යන්න .. Uber එකෙන් හොද Wagon r එකක් දානවා ගෙදර යන්න මට "

" තොගෙ අප්පොච්චගේ සල්ලි මගේ ගාව තියෙනවා කියලා හිතුවද ?? ත්‍රීවීල් එකක තමා මම ගෙදර යන්නේ උබට එහෙම එන්න බැරි නම් wagon r එකක නෙමෙයි හෙලිකොප්ටර් එකෙන් ගෙදර ගියත් මට කමක් නැහැ "

මහ පාරේ ඉදන් තීනු යුගාන්ට මොකාද එකා වගේ කෑ ගහද්දි පාරේ ගියපු මිනිස්සුත් හැරි හැරි තීනුයි යුගානුයි දිහා බලන්න ගත්තා . තීනුගේ බෝක්කු කට ඇරුනම ආයේ ඉතිම් මහා පාරෙද නැත්තම් ජනාධිපති මන්දිරේද ඉන්නේ කියලා අදාලම නැහැ කටට එන එක එහෙන්මම කියලා දානවා . තීනුව අව්ස්ස ගත්තොත් ලැට් එකක් අව්ස්ස ගත්තා වගේ වෙන නිසා යුගාන් එහෙන්මම කට වහ ගත්තා .

අනික දෙනෝදහක් යන එන පාරක තීනුගෙන් ගුටි කන්නත් යුගාන්ට ඕනේ උනේ නම් නැහැ . හෙන ගේමක් දීලා පාර දිහාවට අතක් දික් කර ගෙන තීනු කොහොම හරි ත්‍රීවීල් එකක් නතර කර ගත්තා . යුගාන්ගේ ඇදුමෙන් ඇදලා ගත්තු තීනු යුගාන්ව ත්‍රීවීල් එක ඇතුලට තල්ලු කරද්දි යුගාන් මූණත් කුණ්ඩහට්ටිය කර ගෙන ත්‍රීවීල් එකට නැග ගත්තා . තීනුත් ත්‍රීවීල් එකෙන් වාඩි උනාට පස්සේ යුගාන් තීනුගේ ඇගට බර වී ගෙන එන්න ගත්තු නිසා තීනු දෙපාරක් නොහිතාම යුගාන්ගේ බිබික්කම මිරිකලා දැම්මා .

යුගාන් එහෙන්මම වකුට්ටා වගේ අදාල ස්ථානයත් අල්ල ගෙන පහත් වෙද්දි තීනු හොදට ශීට් එකට හේත්තු වෙලා විසිල් පාරක් ගහන්න ගත්තා . ඇස් කොනින් තීනු දිහා බලලා රවපු යුගාන් සද්ද නොකරම ඉවසන් හිටියේ මේ සේරටම අල්ලලා තීනුට හොද ගුලියක් අඹරනවා කියලා හිතා ගෙන . ත්‍රීවීල් එකේ යන අතරෙදි දෙන්නා නිකන් කතා බහ නොකර හිටියේ තරහාකාරයෝ දෙන්නෙක් වගේ .

වාහනේ එන්න එන්නම යුගාන්ලගේ ගෙවල් ගාවට කිට්ටු කරන්න ගද්දි යුගාන් දැන්මම ත්‍රීවිල් එකෙන් බහින්න ලෑස්ති උනා . අව්ල් උනු කොණ්ඩෙත් පොඩ්ඩක් අතින් හදා ගන්න ගමන් ශර්ට් එකේ ගැලවුනු බටන්ස් ටිකත් යුගාන් දා ගත්තේ තමන් රස්තියාදුකාරයා වගේ ගෙට රිංගනවට තමන්ගේ අම්මා පොඩ්ඩක් වත් කැමැති නැති නිසා . හරියටම යුගාන්ලගේ ගේ ගාවින් ත්‍රී වීල් එක නතර කරද්දි තීනුවත් පෙරල ගෙනම යුගාන් බැහැ ගත්තා .

" කීයද අන්කල් ගාන "

" තුන්සිය පනහක් දෙන්න පුතේ "

ත්‍රීවීල් එකේ ඉන්න මනුස්සයා මීටර් එකෙන් ගාන බලලා කියද්දි තීනු ලග හිටපු යුගාන්ගේ සාක්කුවට අත දාලා යුගාන්ගේ පර්ස් එක එලියට ගත්තා . එහෙන්මම ඒකෙන් ත්‍රීවීල් එකේ මනුස්සයට දෙන්න මාරු සල්ලි හෙව්වත් යුගාන්ගේ පර්ස් එකේ තිබුනේ පන්සීයේ කොලයි දාහේ කොලයි විතරයි . ඒක නිසාම රුපියල් දාහක් අතට ගත්තු තීනු ඒක එහෙන්මම ත්‍රීවීල් එකේ මනුස්සයා අතට දෙද්දි යුගාන් ගේ ඇගෙන් ඇටයක් ගියා වගේ පොරට දැනුනා .

" ඔහොම ඉන්න පුතා ඉතුරු දෙනකල් "

" ඉතුරු ඕනේ නැහැ අන්කල් ඔයා ඒක තියා ගන්න "

ත්‍රීවීල් එකේ මනුස්සයා තීනුට ඉතුරු දෙන්න හද්දි යුගාන් සුටුස් ගාලා තමන්ගේ අත දික් කලේ ඉතුරු ගන්න උනත් තීනු ඉතුරු එපා කියද්දි යුගාන්ගේ සුසුම්නාව ආමාංශේ එතුනා වගේ ෆීලින්ස් එකක් කොල්ලට ඇති උනා . තීනු කරපු මේ සත් ගුණ වත් වැඩේට ත්‍රීවීල් එකේ මනුස්සයා තීනුට පින් දිදීම යද්දි මද්දුම බණ්ඩාර වගේ තීනු හෙන ගැම්මට යුගාන්ගේ කරට අතක් දැම්මා .

" මගේ පර්ස් එකට කෙලියේ ඇයි තෝ අමාරුවෙන් තාත්තගේ පොකට් එකෙන් උස්සපු රුපියල් දාහා .. ශිට් චීස් කොත්තුවක් කන්න තිබ්බ සල්ලිනේ "

" තණ්හාය ජායතී සොකො

තණ්හාය ජායතී භයං

තණ්හාය විප්පමුත්තස්ස නත්‍ථි සොකො

කුතො භයං !! "

" අනේ සාදු සාදු !! ඒ පාර උබ බණ දෙසන්නත් පටන් ගත්තද ?? උබ එහෙනම් මෙතනට වෙලා බණ දෙස දෙස හිටපන් මං යනවා ගෙට "

තීනු කියන මෙලෝ හත්තිලව්වක් යුගාන්ට තේරුනේ නැති නිසා යුගාන් ගෙට යන්න හදද්දි තීනුත් යුගාන්ගේ නැට්ට වගේ යුගාන්ගේ පස්සෙන් ආවා . යුගාන්ගේ කොණ්ඩේ තරමක් වැවිලා දිගට තිබුනු නිසා යුගාන් තමන්ගේ කොණ්ඩේ නලලට දා ගත්තේ නලලේ තියෙන මැහුම ගෙදර අයට පේන්නේ නැති වෙන්න . ගෙදරින් යන කොට සුදු කොක්කු වගේ හිටපු උන් දෙන්නා ගෙදරට එනකොට මඩ කොක්කු වගේ ඉද්දි යුගාන්ගේ අම්මා කොල්ලෝ දෙන්නව දැකලා පපුවට අත තියා ගත්තා .

" මොකද ලමයිනේ මේ කපුටු පැටව් දෙන්නෙක් වගේ ගෙදර එන්නේ ?? ඔය ඇදුම් වල මඩ පැල්ලම් කොහෙන්ද ?? කුකුල් පොරේකට ගිහින් වගේ ඇදුම් කිලිටු වෙලා දෙන්නා එන ගමන් රණ්ඩුවකට එහෙම පැටලුනේ නෑනේ ?? "

" අපෝ නැහැ ආන්ටි මේ යුගාන්ගේ කකුල ලිස්සලා බිම වැටුනනේ ඒකයි ඔය "

යුගාන් වෙන මොකක් හරි බෙටි කතාවක් කියන්න කලින් තීනු අමු කෙපරයක් යුගාන්ලගේ අම්මා ඉස්සරහා ඇද බෑවා .

" යුගාන් වැටුනු නිසා එයා පිස්සා වගේ ඉන්නවා කියමුකෝ එතකොට තීනු පුතා ඔයත් මොකද ඇදුම් කැත කර ගෙන ?? "

" ආහ්හ් ඒකද ආන්ටි ... මම මේ ... යුගාන්ව උස්ස...න්න ගිහින් ... බිම වැටු...නනේ ඒකයි... මේ.. "

තීනු තමන්ගේ ඔලුවත් කස කස කියද්දි යුගාන් බොරුවට ඔලුව වනන්න ගත්තේ තීනු කියන දේවල් ඇත්ත කියන්න වගේ .

" එහෙනම් දැන් දෙන්නා ඔහොන්මම ගිහින් නාගෙන එන්නකෝ "

" හරි ආන්ටි "

තීනු එහෙන්මම යුගාන්ගේ දිහා බලද්දි යුගාන් උඩ තියෙන තමන්ගේ කාමරේට යන්න ගියා . තීනුත් නිකන් තමන්ගේ ගෙදර වගේ යුගාන්ගේ පස්සෙන් ගිහින් යුගාන්ව පිටි පැස්සට තල්ලු කරලා යුගාන්ට කලින් යුගාන්ගේ කාමරේ ඇතුලට ගියා . තීනු කරපු දේට යුගාන් තීනුට ඔරවන ගමන්ම කාමරේ ඇතුලට ඇවිත් කාමරේ දොර ලොක් කලා . තමන්ගේ කලිසමේ බෙල්ට් එක ගලවලා ඇදට විසික් කරපු යුගාන් ශර්ට් එකේ බටන්ස් ටිකත් ගලවලා දාලා තමන්ගේ ඇගෙන් ශර්ට් එක අයින් කලා .

යුගාන් එහෙන්මම අඩියෙන් අඩිය තීනු ගාවට ලං උනත් යුගාන්ට ඉස්සර වෙලා ජනේලෙන් එලියේ සිරි නරඹ නරඹ හිටපු තීනු නම් යුගාන් තමන්ගේ පිටි පැස්සේ ඉන්නේ කියලා නම් දැනන් හිටියේ නැහැ . ඇගේ පතේ හිරි යවපු යුගාන් පටස් ගාලා තීනුව තමන්ගේ අත් දෙකට උස්සලා අරන් ඇද උඩට ජබොස් ගාලා අතෑරලා තීනුගේ ඇග උඩට එන්න ගද්දි තීනු නිකන් යකා ගහලා වගේ ඇස් ගෙඩි දෙකත් ලොකු කරන් යුගාන් දිහා බලන් හිටියා .

" ආදරේ නාමයෙන් තීනු බබා ගලවපන් ඇදුම් ටික !!! "




To be continue

______________________________________________

ඔන්න එහෙනම් මම ආවා

කතාව අමතකයි වගේ නම් ආයේ පොඩ්ඩක් කියවලා එන්නකෝ

සලලලලා

🌚❤️

වෝට් කමෙන්ට් කරන අයට කුමාවෝ 💕

Continue Reading

You'll Also Like

1.9K 298 3
හැම ලස්සන මලක්ම පිපෙන්නෙ වසන්තෙට නෙවෙයි මන්ධාර........ සමහර මල් තියෙනවා අවාරෙට පිපෙන......... වසන්තෙට පිපෙන මල් වලටත් වඩා ලස්සන....... පිපෙන්න ඕනි කා...
9.9K 1.5K 8
කොහෙන් කොහොම හරි අවසානෙ නිසල වෙන මලකඳකට .., ජීවත් වෙයන් කියලා හුස්ම පිඹලා උඹටම දවසක මහන්සි දැනේවි. අන්න එදාට බැරිවෙලාවත් .. මට දිගටම හුස්ම අරගන්න ආස...
35.1K 804 5
Hiroki has recently discovered that the four women he once knew and loved, his girlfriend (Nao), sister (Koneko), best friend (Ayumu), and mom (Kaede...
53.9K 653 28
Vivian Fisher was the nicest girl you could ever meet. Everyone loved her, but this summer was different. She got quiet, stayed in her room all the t...