දඬු මොණරු

By yuchi91

41.7K 5.5K 1.4K

"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින... More

හැඳින්වීම
දඬු මොණරු 1
දඬු මොණරු 2
දඬු මොණරු 3
දඬු මොණරු 4
දඬු මොණරු 5
දඬු මොණරු 6
දඬු මොණරු 7
දඬු මොණරු 8
දඬු මොණරු 9
A/N
දඬු මොණරු 10
දඬු මොණරු 11
දඬු මොණරු 12
දඬු මොණරු 13
දඬු මොණරු 14
දඬු මොණරු 15
දඬු මොණරු 16
දඬු මොණරු 17
දඬු මොණරු 18
දඬු මොණරු 19
දඬු මොණරු 20
දඬු මොණරු 21
දඬු මොණරු 22
දඬු මොණරු 23
දඬු මොණරු 24
දඬු මොණරු 25
දඬු මොණරු 26
දඬු මොණරු 27
දඬු මොණරු 28
දඬු මොණරු 29
දඬු මොණරු 31
දඬු මොණරු 32
දඬු මොණරු 33
දඬු මොණරු 34
දඬු මොණරු 35
දඬු මොණරු 36
දඬු මොණරු 37
දඬු මොණරු 38
දඬු මොණරු 39
දඬු මොණරු 40
දඬු මොණරු 41
දඬු මොණරු 42
දඬු මොණරු 43
දඬු මොණරු 44
දඬු මොණරු 45
දඬු මොණරු 46
දඬු මොණරු 47
දඬු මොණරු 48
දඬු මොණරු 49

දඬු මොණරු 30

800 101 21
By yuchi91

දඬු මොණර පිටේ නැගලා නපුරු කුමාරයෙක් එනකන් බලන් හිටිය අහිංසක කුමාරයා කල්පනා ලෝකෙන් මිදුණේ ෆෝන් රාජයා කෑ ගහන්න ගත්ත නිසා.....

"අර #ත්තා ගිහින් නෑ නේද, අර ඉන්නෙ මිදුලට වෙලා"

ආයේ ඉතින් හලෝ බලෝ මුකුත් නෑ කෝල් එක ගත්ත ගමන් යශ් අයියගෙ සුමිහිරි නාදෙන් මගෙ කන් දෙක පිරිලා ඉතිරිලා ගියා.

"ඔයා ආවද අයියෙ"

"දිමුත් එක්ක කතා කරලා එන්නම් බං. දුවිකලත් එක්ක ආවේ. මගේ බයික් එක උන්ගේ ගෙදර දාලා ආවේ. එන ගමන් එන්නම්"

"අද ඉන්නවද"

"මාව නවත්ත ගන්නමයි නේද දඟලන්නේ. හරි හරි ඉන්න තමයි ආවේ.දොර වහන් ගේ ඇතුලට වෙලා හිටු ඇටි කිච්චා"

හම්මෝ හිතට දැනෙන සතුට. හැමදාම අපිට එකට ජීවත් වෙන්න තිබ්බ නම්. මට තනිකමක්, පාළුවක් නැතුව, බයක් සැකක් නැතුව ජීවත් වෙන්න පුළුවන්.ආදරේ කරන කෙනා ඇස් මායිමේ හිටියත් ඒක සතුටක්නෙ.

මං සාලෙට ගිහින් දොර යන්තමින් ඇරලා ආච්චි අම්මලාගේ මිදුල දිහා බැලුවා. ඇත්ත තමයි තඹර අයියා පඩුපුල් ආසනේ රත් කරනවා. ලොකු කල්පනාවක, මාව උස්සන්න වත් ප්ලෑනක් ගහනවද දන්නෙ නෑ.ඒවා කොහෙද මාත් එක්ක.ඔළු බක්කගෙ කලිසම ඔලුවෙන් ගලවලා අතට දෙනවා.....

"අයියෙ තඹර අයියා මිදුලට වෙලා ඉන්නව නේද.මොකක්ද මන්දා එයාට හැදිල තියෙන පිස්සුව.යශ් අයියා අදත් එයිද අයියෙ "

"ඔව්, එනව කිව්ව.අදටත් එයාව නවත්ත ගමු, හෙට තඹර අයියා යනවනෙ"

"හා"

මං තඹර අයියගෙ නම්බර් එක පවා බ්ලොක් කරලා තිබුණේ. ඒත් ෆේස්බුක් එකෙන් බ්ලොක් කරන්න අමතක වෙලා තියෙද්දී ඒකා මැසෙන්ජර් එකට මැසේජ් කරල තිබ්බ. අපි දෙන්නා සහෝදරයෝ නෙවෙයි නිසා ආදරේ කරන්න බැරි කමක් නැහැලු.එයාට හිතල බලල උත්තරයක් දෙන්නලු. කොච්චර හිතුවත් එයා ගැන මගේ හිතේ කැමැත්තක් නෑ කියලා රිප්ලයි කරල එයාව ඒකෙනුත් බ්ලොක් කරා. තඹර අයියා පහුගිය දවස් වල කරපු උදව් මට අමතක නෑ. ඒත් එහෙමයි කියලා එයාගෙ පදේට නටන්න මට බැහැනේ. ෆෝන් එකට එයා දුන්න සල්ලි ආයෙමත් එයාට දෙන්න ඕන. එයා අරන් දුන්න සිම් එකත් ආපහු දීලා මං අලුතින් එකක් ගන්නවා.

යශ් අයියා ඇවිත් මැසේජ් එකක් දැම්ම නිසා මං ගිහින් කුස්සියේ දොර හෙමින් ඇරලා එයාව ඇතුළට ගත්ත. මල්ලි නම් කාමරේ. මං යශ් අයියගෙ අතින් අල්ලන් කාමරේටම එක්ක ආවා.

"දුවී අය්යලා ගියාද"

"ඔව්, උන් දෙන්න ගියා"

"ඔයා කාලද ආවේ"

"ඔව් බං, කාලා ආවේ, උබ කෑවද"

"තාම නෑ, සෝම නැන්දා බත් එක ගෙනත් දෙනකම් ඉන්න ඕන "

"පරක්කු වෙලාද බත් එක ගෙනත් දෙන්නේ"

"ඔව් ඉතින්,ලොකු නැන්ද කැමති නෑ අපිට වේලාසන බත් ටික එවන්න"

"අනේ මන්දා බං, මට පුළුවන් උනා නම් උබව මෙහෙ තියන්නේ නෑ කීයට වත්. නේත්‍ර ආයෙත් ඉස්කෝලෙ මාරු කරන්න උනොත් කරදරයි නේද. නැත්නම් මං වෙන ඉස්කෝලෙකට පත් වීම අරන් යනවා උබල දෙන්න එක්ක"

"මෙහෙම ඉමු අය්යේ ඉවසගෙන, අපිට මේවා පුරුදුයි"

මං එහෙම කියද්දි යශ් අයියා මගේ නළල ඉබල මාව තුරුල් කර ගත්ත.

"මගේ ලඟට ගත්තම දුක් විදින්න දෙන්නෙ නෑ"

කාමරේ ලයිට් එක නිවලා අපි දෙන්නා කලුවරේ තුරුල් වෙලා හිටියෙ.සෝමා නැන්ද ඇවිත් කතා කරද්දි මල්ලි ගිහින් බත් එක ගත්ත.ඒ එක්කම මමත් එළියට ආවා.මල්ලිට කන්න කියලා අතත් හෝදගෙන මගේ බත් එකත් අරන් කාමරේට ආවා.

"අය්යේ කාලා ආවට කමක් නෑ බත් කමුද, මං කවන්නම්"

"බඩ පිරිලා මැණික.උබ කාපන්.මං කවන්නද"

"ඔයා"

"ම්ම්ම්"

"හා"

යශ් අයියා ගිහින් අත හෝදන් ආවා. මගෙන් බත් පිඟාන අරන් හෙමින් අනල බාත් කටක් කැව්ව. වෙනදට වඩා රසයි. එයා කවන නිසා වෙන්න ඇති.

"ඔයත් කන්නකො අයියෙ"

"බඩගිනි නෑ මැණික"

යශ් අයියා බත් පිඟානම මට කැව්වා. වෙනදට ඉතුරු කරත් අද නම් එයා කවන ඔක්කොම කෑවා.බෑ කිව්ව නම් කොණ්ඩ කුරුල්ලගෙන් හොඳට අහ ගන්න තිබ්බා. ඒ නිසා ඔහේ කෑවා.හුස්ම ගන්න බැරි තරම්, බඩත් උස්ස ගන්න බෑ......

"නේත්‍ර, මං හෙට හවසට පන්සල් යනවා. ලොකු හාමුදුරුවෝ එක්ක පොඩි දෙයක් කතා කරන්න තියෙනවා. ඒ වැඩේ හරි ගියොත් කියන්නම් මං.මාත් එක්ක යමු හෙට.එතකොට අම්මගෙ දානේ ගැනත් කතා කරන්න පුළුවන්නෙ"

"හා, වැඩට ගිහින් ඉක්මනට එන්නම් එහෙනම්"

"ම්ම්ම්"

"මැණික"

"ම්ම්ම්"

"මටත් කවදා හරි අපේ අම්මටයි, තාත්තටයි දුකක් දීලා උබව තෝර ගන්න වෙනවා. මං ඉතින් දමිත් වගේ මෝඩ දෙයක් කර ගන්නෙ නෑනෙ, එයාලා කවද හරි මට සමාව දෙයි නේද බං"

"අනේ අයියේ.ඔයා ඔහොම කියද්දි මටත් දුකයි.අම්මලා තාත්තලාට දුකක් දීලා අපිට සතුටින් ඉන්න පුළුවන් වෙයිද අයියෙ"

"එහෙමයි කියලා අපිට අපිව නැතුව සතුටින් ඉන්න පුළුවන්ද කියපන්කෝ, මේ දවස් ටිකේම මං ඕක ගැන කල්පනා කරා බං.කොහොම හරි උබ විභාගේ ලියල ඉවර වෙනකම් අපි දෙන්නා ගැන කාටවත් දැන ගන්න දෙන්න බෑ. ඊට පස්සේ මම ගෙදරට කියන්නම්.එයාලා අකමැති උනොත් කරන්න දෙයක් නෑ බං මට උබව තෝර ගන්න වෙනවා"

"ඔයාලගේ ගෙදරින් කැමති උනොත් හොදයි නේද අයියෙ"

"බලමු, අයියයි අක්කයි දෙන්නත් අම්මලාට තේරුම් කරලා දෙයි. ඒත් මට මෙහෙ නම් ඉන්න බෑ. දන්නවනේ ගම් වල මිනිස්සු ගැන. මං හිතන් ඉන්නේ උබත් එක්ක රට යන්න"

"අයියෙ එතකොට මල්ලි"

"උබ හිතුවද මං පොඩි එකාව අත අරී කියල, දැන් ඌ මගෙත් මල්ලිනේ බං.අපි 
මල්ලිටත් හොඳට උගන්නමු"

මං යශ් අයියගෙ නිරුවත් පපුව මැදට හාදුවක් තිබ්බ. අදත් මම හිටියෙ එයාගෙ පපුව උඩ.ටිකක් වෙලා එහෙම ඉද්දී යශ් අයියා නැගිටලා මාව ඇද උඩින් තියලා මගේ ඇගට උඩින් මූණට පාත් උනා. මුලින්ම නළලට තද කරපු සීතල තොල් දෙක ඊට පස්සේ කම්මුල් දෙක පුරාම එහෙ මෙහෙ ගිහින් අන්තිමට ආවේ මගේ තොල් දෙක උඩට. හෙමින් හෙමින් විනාඩි ගානක්ම එයා නිදහසේ මගේ තොල් පෙති එයාගෙ කර ගත්ත.මං අත් දෙකෙන්ම එයාගෙ බෙල්ල බදාගෙන හිටියෙ.

තොල් පෙති ඇදුම් කෑවත් මං ඒ විදියටම හිටියෙ ඒ පහසට වශී වෙලා නිසා. ටිකකින් මගේ තොල් පෙති අත ඇරපු එයාගෙ තොල් පෙති දෙක නතර උනේ මගේ බෙල්ල උඩ.

"හරිම සිනිඳුයි මැණික"

බෙල්ල පුරාම තොල් එහෙ මෙහෙ ගෙනියන ගමන් එයා මුමුණනව. එයාගෙ වගේම මගෙත් උඩු කය නිරුවත් වෙලා තියෙද්දී එයාගෙ තොල් පෙති හිතේ හැටියට මගේ උඩු කය පුරාම එහෙ මෙහෙ ගිහින් අන්තිමට නැවතුනේ හංස තුඩු උඩ. එයාගෙ තොල් පෙති අස්සේ හංස තුඩු මාරුවෙන් මාරුවට හැන්ගෙද්දී මගෙන් පුංචි පුංචි කෙදිරීම් පිට පිට උනේ පළවෙනි පාරට දැනෙන මේ හැගීම් මට දරා ගන්න බැරි නිසාමයි.

මගේ නිදහස් අත් දෙක යශ් අයියගෙ පිට පුරාම එහෙ මෙහෙ ගියා. අපි දෙන්නම හැගීම් වල අවසානයට ලං වෙලා හිටියත් යශ් අයියා බොහොම අමාරුවෙන් එයාගෙ හැගීම් නවත්තගෙන මාවත් තුරුල් කරන් බෙල්ලෙ අස්සේ මූණ ගහ ගත්ත.

හයියෙන් වැටෙන හුස්ම මැද්දේ දෙන්නම ටිකෙන් ටික නිවෙද්දි යශ් අයියා මාව ආයෙත් එයාගෙ පපුව උඩට ගත්ත.

මගේ තොල් පෙති තාමත් පුපුරු ගහනවා වගේ. පපුව පුරාම යශ් අයියගෙ පහස තාමත් දැනෙනවා දැනෙනවා වගේ.දැන් නම් හොඳටම විශ්වාසයි මගේ පපුව හොඳටම රතු වෙලා ඇති. බෙල්ල පුරාම යන්තමින් වැදුණු දත් පාරවල් හෙට උදේට අඩු වෙලා තිබ්බෙ නැත්නම් ඉස්කෝලෙ ගිහිල්ලත් ඉවරයි. මොකද ඉතින් කාගෙන් බේරුණත් එකෙක්ගේ ඇස් දෙකෙන් බේරෙන්න සක්කරයට වත් බැරි නිසා........

°
°
°

"නේත්තරයෝ උඹේ බෙල්ලට මොකක්ද වෙලා තියෙන්නේ, රතු වෙලාද මන්දා"

හරිනෙ ඉතින්, කාගෙන් බේරුණත් මේ හිච්චි පගාගෙන් බේරෙන්න බෑනෙ.දැන් ඉතින් කැරපොත්තෙක් වත් පාවලා දෙන්න වෙයි.

"මේ ඊයේ කැරපොත්තෙක් ගෑවුණා බං, කසන්නත් ගත්තා"

"ඇත්තට කැරපොත්තෙක් නේද, කොණ්ඩෙ චුට්ටක් තියෙන එකෙක් නේද, අර රතු පාට Yamaha R6 එකෙන් එහෙ මෙහෙ යන කැරපොත්තා නේද නේත්තරයෝ,ඌ හෙන විසයි හොඳේ, තොල් දෙකත් ඉදිමිලාද මන්දා,උබට ඉන්ජෙස්සන් එකක් වත් විද ගන්න වෙයි නේත්තරයෝ"

චවියා කියද්දි හසාත් මං දිහා බලලා නෝන්ඩි හිනාවක් දැම්ම.මුන් බබාලා කියල හිතුවට බලාගෙන යද්දි මං තමයි මෙතන ඉන්න ලොකුම බබා. මුන්ව රවට්ටන්න නම් උබට තව ටිකක් ඉගෙන ගන්න වෙනවා නේත්තරයෝ, සැක් මං නේත්‍ර.... නේත්‍ර...... නේත්‍ර.....

මුන් දෙන්නගෙ කුපාඩි බැල්ම තමයි ඉවසන්න බැරි.අනූප සර් දැක්කොත් නම් මුන් දෙන්නට වඩා හපන්.මාව නෝන්ඩි කරලම දායි. හැබැයි ඉතින් එයාට මං දිහා බලනවට වඩා වෙන ලොකු වැඩක් තියෙනවා කියලා තේරුනේ පස්සෙනෙ. අපේ ගුරු ජෝඩුව අතරේ මොකාක් හරි වෙලා වගේ.දෙන්නට දෙන්නා දැක්කම මූණත් රතු කරන් ලැජ්ජාවෙන් ඇබරෙන්න ගන්නවා.

"මේ උබල දන්නෙ නෑනේ, අපේ අනූප සර් නැටුම් මිස් ගෙන් කැමැත්ත අහලනෙ, මං හිතන්නේ මිසුත් බලන් ඉදල තියෙන්නෙ සර් අහනකම් වගේ. අහන පරක්කුවට කැමැත්ත දීලා"

ඔය හම්බුනේ ඉතින් ප්‍රශ්න වලට උත්තරේ. හිච්චි රොයිටරේ ලඟ ඉන්නකන් අපිට කිසි දේකට බය වෙන්න ඕන නෑ.

"ඒක තමයි බං මමත් අද උදේ රැස්වීම වෙලේ බලන් හිටියෙ දෙන්නගේ කොමලේ.හැබැයි ඉතින් අපේ තුහින සර් නම් ඒ දිහා බලන් හිටියෙ කලකිරිලා වගේ"

ඇත්ත ඇත්ත ඔය හසා දැකපු දේම මමත් දැක්ක. ඔය ලෝකේ ඉන්න එකම ජෝඩුව වගේ හැසිරෙන කපල් එකක් දිහා බලන් ඉද්දී අපේ පෙනුම කෝමද අන්න ඒ වගේ දෙයක් තමයි අපේ බිම් මලගෙ මූණෙන් පෙනුනේ.......

ඊයේ දමිත් අයියගෙ අවසන් කටයුතු තිබ්බ නිසා අද ඉස්කෝලෙ ප්‍රදාන මාතෘකාව ඒක.මානවී අක්කගෙ යාළුවෝ ටික නම් හොඳ හැටි අහ ගත්ත නිසා අපිට ඇහෙන්න මුකුත් කිව්වෙ නෑ. ඒත් ඉතින් හැමෝම තැන් වලට වෙලා කියවන දේවල් අපිට නවත්ත ගන්න බැහැනෙ.අදත් අනගි ඉස්කෝලෙ ආවේ නෑ.මද්දු මාමල නැන්දගෙ ගමේ ගියාද කියල දන්නෙත් නෑ.

මේ සතියේ සිකුරාදට අපේ ලොකු සර් වෙනුවෙන් උපහාර උත්සවයක් තියෙනව, එදාට තමයි එයා පැන්ෂන් යන්නෙ වගේම අලුත් ප්‍රින්සිපල් සර් කෙනෙක් එන්නේ. අපේ බඩ තඩි නියෝජ්‍ය විදුහල්පති තුමා ඊලඟ විදුහල්පති වෙයි කියල හිතුවට එහෙම උනේ නෑ.දැන් යශ් අයියත් ගුරුවරයෙක් වෙලා මෙහෙට ආවොත් මට හැම තිස්සෙම එයාව දකින්න පුළුවන්. හැබැයි ඉතින් මට ඉගෙන ගන්න සිහියක් තියෙයිද දන්නෙ නෑ.

"තඹර අයියා අද යන්න ඇති නේද බං, දැන් ඉතින් ආයෙත් එනකම් මේ දවස් හතර පහ සැනසිල්ලෙන් ඉඳපන්"

"අනේ මන්දා හසෝ, සමහර විට යන්න ඇති "

"ගිහින් නැත්නම් මට කියපන්, මං ඕකව යවන්නම් කොළඹටම වෙලා ඉන්න. ආයේ ගම පැත්ත බලන් බත් කටක් වත් කන එකක් නෑ "

අම්මෝ හිච්චි පගාගෙ සැර. තඹර අයියා අද ගියාද දන්නෙත් නෑ හැබැයි. සෝමා නැන්දගෙන් අහන්න ඕන ගෙදර ගියාම.



හවස වැඩ ඉවර වෙලා ගෙදර ඇවිත් මං ඉක්මනටම මල්ලිත් එක්ක ලෑස්ති උනේ පන්සල් යන්න. ගමේ හිටියට අපි තාම පන්සලට ගියේ නෑනෙ.තඹර අයියා උදේ පාන්දර ගිහින් තිබ්බ නිසා හිතට බයක් නෑ.මල්ලියි මමයි පාරට එද්දී යශ් අයියා බයික් එක නවත්තන් ඉන්නවා. දුවික අයියත් ඇවිත් එයාගෙ බයික් එකේ. මල්ලි දුවී අයියගේ බයික් එකට නගිද්දි මං යශ් අයියගෙ බයික් එකට නැග්ගා. මද්දු මාමගෙ කඩේ එහෙමත් පහු කරල අපි පන්සලට ගියේ. කඩේ වහල. ගේත් වහල දාලා වගේ. ඒ කියන්නෙ ගමට යන්න ඇති.....

පන්සල ගොඩක් පරණ රජ කාලේ පන්සලක්. ආවාස ගේ විතරයි අලුත් තාලෙට හදල තිබ්බෙ.ලොකු කළු ගල් පන්සල් වත්ත පුරාම.නිධන් වස්තු තියෙනවා කිව්ව කතාව ඇත්තක් වෙන්න ඇති......

පන්සලේ ලොකු හාමුදුරුවෝ ටිකක් වයසයි.තව තරුණ හාමුදුරුවෝ දෙන්නෙක් එක්ක පොඩි සාමණේර හාමුදුරුවෝ දෙතුන් දෙනෙක් හිටිය.යශ් අයියා මුලින්ම ලොකු හාමුදුරුවන්ට අපි දෙන්නව අදුන්නල දීලා දානේ ගැන කතා කරා. එදාට උදේ දානේ විතරයිලු තියෙන්නේ. ඒ නිසා අපි දවල් දානේ බාර ගත්ත.

ඊට පස්සේ යශ් අයියා ලොකු හාමුදුරුවොයි, තරුණ හාමුදුරුවෝ දෙන්නයි එක්ක කතා කරේ ඉගෙන ගන්න ළමයින්ට පන්සලේ පන්ති කරන එකක් ගැන.ගමේ ළමයි එකතු කරලා නොමිලේ පන්ති කරන්න තමයි එයා ප්ලෑන් කරන්නේ.හාමුදුරුවොත් ඒකට කැමති උනා. යශ් අයියා එහෙනම් මට කියන්නම් කිව්වෙ මේ ගැන වෙන්න ඇති.

අපි ආයෙත් එන්න කලින් පන්සලේ ටිකක් ඇවිද්ද. තරුණ හාමුදුරුවරු දෙන්න යශ් අයියලත් එක්ක හිතවත්. පන්සලේ පන්ති කරොත් එයාලත් උදව් කරන්නම් කිව්ව. එක හාමුදුරුවෝ කෙනෙක් ඉස්කෝලෙක බෞද්ධ ශිෂ්ටාචාරය උගන්නවලු. දැන් පන්ති පටන් ගත්තොත් මටත් එන්න වෙයිද දන්නෙ නෑ. ආවේ නැතොත් අපේ මිනිහ මාව ඇදගෙන හරි එයි. එතකොට මට වැඩට යන්න බැරි වෙයිද දන්නෙ නෑ....

පන්සල් ගිහින් ගෙදර එද්දී චූටි මාමා ඇවිත් රුවී බබා එක්ක.කෙල්ල අපිව දැක්ක විතරයි ඇවිත් මගේ ඇගේ එල්ලුනා.

"ලොකු පුතේ නැන්දව ඉස්පිරිතාලේ නැවැත්තුවා බං, බබා ලැබෙන්න අමාරු උනානෙ, මං මේ ආයෙත් ඉස්පිරිතාලෙට යන්න ඕන නිසා කෙල්ලව නවත්තලා යන්න ආවේ.සෝමා නැන්දත් එක්ක නංගිව චුට්ටක් බලා ගන්න පුළුවන් නේද පුතේ "

"අනේ හරි මාමේ බය වෙන්න එපා අපි නංගිව බලා ගන්නම්"

"සඳාගෙ අම්මත් ඉස්පිරිතාලේ නැවතුනා පුතේ.මද්දු අයියල හිටිය නම් කෙල්ලව එහෙ නවත්තන්න තිබ්බ.මේ වගේ වෙලාවක වත් අපේ අම්මගෙන් පිහිටක් බලාපොරොත්තු වෙන්න බෑ පුතේ. කරන්න දෙයක් නැති කමට සෝම අක්ක ඉන්න නිසා මේ කෙල්ලව තියලා යන්න ආවේ"

"මද්දු මාමල නැන්දගෙ ගෙදර ගිහින්ද "

"ඔව් ඊයේ පාන්දර ගියේ. මං එහෙනම් යන්නම් පුතේ මං එන ගමන් කෙල්ලව එක්ක යන්නම්"

"හරි මාමේ අපි නංගිව බලා ගන්නම්. මාමා නැන්දව බලල එන්නකෝ"

චූටි මාමා ගියාට පස්සෙ අපි රුවී බබාවත් එක්කන් ගෙට ආවා. එද්දී ආච්චි අම්මා එක්ක ලොකු නැන්දා කුස්සියේ ලොකු කතාවක්.

"බැරි වෙලාවත් කොල්ලෙක් හම්බ උනොත් එහෙම උඩ යයි අම්මේ"

"අනේද කියන්නෙ"

"එහෙම උනොත් නම් අපිට ඉන්න වෙන එකක් නෑ අම්මේ. උරුමෙ ඉල්ලන් එයිද දන්නේ නෑ"

"මේවා අපේ සුදු බබාගෙ විතරයි. ඔය කවුරු නැටුවත් කරන්න දෙයක් නෑ "

අනේ ඉතින් මෙහෙමත් මනුස්සයෝ. තමන්ගේ හැම දරුවෙක්ටම එක වගේ ආදරේ කරන අම්මලා අතරේ මේ වගේ අම්මලත් ඉන්නවා.නැන්දට පුතෙක් හම්බ උනොත් හොදයි. මේ දෙක ඉරිසියාවෙ පැලෙයි. අනේ මහ ලොකු සුදු බබා. ඕකා මගෙන් හොම්බට හැටක් ඇන ගත්ත දවසට තමයි. මේ ජෝඩුවට උණ ගැනෙන්නේ.

චූටි කෙල්ලත් එක්ක කියව කියව ඉද්දී වෙලාව යනවා දැනුනේ වත් නෑ.චූටි මාමයි, නැන්දගෙ අම්මයි දෙන්න ඇවිත් නංගිව එක්කන් ගියා.මමත් එයාලා එක්ක මිදුලට ආවම සීයා චූටි මාමගෙන් නැන්දා ගැන විස්තර ඇහුවා.ආච්චි අම්මා නම් නිකමට වත් එළියට ආවේ නෑ.

සඳා නැන්දව ඉස්පිරිතාලේ අරන් ගිහින් තියෙන්නේ පොඩි මහත්තයාගෙ වාහනේක.ඇත්තටම ඒ මනුස්සයාගෙන් ගමේ මිනිස්සුන්ට ගොඩක් උදව් ලැබෙනවා.ගමේ දුප්පත් මිනිස්සු වැඩි දෙනෙක්ම ජීවත් වෙන්නේ පොඩි මහත්තයා ලඟ වැඩ කරලනෙ.......

යශ් අයියා හවස කිව්වනෙ අද රෑට මාව බලන්න එනවා කියලා.ඒ නිසාම මං බලන් හිටියෙ එයා එනකන්.අර පන්ති කරන එක ගැන දැන ගන්නත් එපැයි.

එයා ආවට පස්සෙ පුරුදු විදියටම බංකුව උඩට වෙලා එයාගෙ තුරුලේ ඉද්දී එයාම පන්ති කතාව පටන් ගත්ත.

"මං හිතන් ඉන්නේ අනූප සර් තුහින සර් දෙන්නත් එක්කත් මේ ගැන කතා කරන්න. දැන් ගියාම ඒ දෙන්නත් දුවිකලාගේ ගෙදරට සෙට් වෙයි, සෙනසුරාදා ඉරිදා දවස් දෙක මේ වැඩේට දාගන්න පුළුවන් උනොත් හොදයි"

"මමත් එන්න ඕනද අයියෙ"

"නැත්නම් ඉතින්. උබ ගැනත් හිතලා තමයි මේ වැඩේ පටන් ගත්තේ, ආවේ නැත්තම් ඉතින් කණෙන් ඇදන් එක්ක යන්නෙ, කණෙන් ඇදන් හරිද"

මං හිතුව වගේම තමයි.ඒත් ඉතින් ඕක කියන්න කන් පෙත්ත හපන්න ඕන නෑනෙ. මට මැවිලා පේනවා නපුරු අහංකාර කොණ්ඩ කුරුල්ලෙක්, අහිම්සකම අහිම්සක ලස්සන පුංචි කුමාරයෙක්ගෙ කණෙන් ඇදන් ටියුෂන් ක්ලාස් එක්ක යනවා.......

"එතකොට වැඩ"

"මමත් තව සතියකින් දෙකකින් වගේ ඉස්කෝලෙ උගන්නන්න එනවනේ මැණික. මට පුළුවන් උබයි මල්ලියි ගැන බලා ගන්න.ඒත් ඉතින් වැඩට යන්න ඕන නම් සතියේ දවස් පහේ විතරක් යන්න. රස්සාව විතරක් කරල හරි යන්නෙ නෑ බං. උබ ඉගෙන ගන්නත් ඕන"

"ම්ම්ම් හරි"

"සල්ලි දීලා ටියුෂන් ක්ලාස් යන්න බැරි ගොඩක් දෙනෙක්ට මේක උදව්වක් වෙයි මැණික.මෙච්චර කාලයක් මං බොරුවට රස්තියාදු ගගහා හිටිය මිසක් මේ වගේ දෙයක් හිතුනේ නෑනෙ.ඇත්තමයි මැණික උබ මේ ගමට ඇවිත් තියෙන්නේම මගේ ජීවිතේ වෙනස් කරන්න. හැබැයි හොඳ පැත්තට"

අපේ ලොකු සර්ගෙ මොට්ටපාලයගෙ ජිවිතේ මං නිසා හොඳ පැත්තට වෙනස් උනා කිව්වම මට සතුටුයි, එයා ඒ විදිහට හොඳ පැත්තට වෙනස් උනේත් මේ මට තියෙන ආදරේ නිසානේ. ඒත් මේ මනුස්සයා සිගරට් බොන එක නම් තාම නවත්තලා නෑනෙ. ඒකත් නවත්තන්න වෙන්නේ මටම තමයි.

"අයියෙ"

"ම්ම්ම්ම්"

"සිගරට් බොන එකත් ඔහොමම නවත්තන්න බැරිද"

"ඇබ්බැහි වෙච්ච දෙයක් ලේසියෙන් අතාරින්න බෑ බං.ඒකටත් මං උපරිම උත්සාහ කරනව.ඇත්තම කිව්වොත් උබ ලඟ හිටිය දවස් දෙකට මට සිගරට් ඕන උනේ නෑ.වෙනදට රෑට සිගරට් දෙක තුනක්ම ඉවර කරනවා"

"එහෙනම් හැමදාම මගේ ළඟ ඉන්න"

"මගේ කපටි ඇටි කිච්චා, එහෙම ඉන්න මාත් කැමති බං. ඒත් එහෙම කරන්න බෑනේ මැණික"

"චවියා උදේ ඇහුවා බෙල්ල රතු වෙලා තියෙන්නේ ඇයි කියලා"

"නෑ ඉතින්"

"මං කිව්ව කැරපොත්තෙක් ගෑවිලා කියල"

"එහෙනම් ශේප් නේද"

"පිස්සුද අයියෙ"

"ඇයි"

"අර රතු පාට බයික් එකේ එහෙ මෙහෙ යන කොණ්ඩෙ ටිකක් දිග කැරපොත්තද ඇහුවා"

"මූ යකෝ. දැන් ගියාම බෙල්ලෙන්ම අල්ල ගන්නම්කෝ ඕකව"

"අන්න හරි අයියෙ, බෙල්ල ටිකක් තදට මිරිකල හුස්ම හිර වෙන්න කලින් අතාරින්න"

"අම්මෝ යකෝ උබ ලඟ ඉන්නත් බයයි. මිනී/මරු අදහස්නෙ තියෙන්නේ. මොනා උනත් උබයි යාළුවයි දෙන්නත් එක්ක එකතු වෙලා මාව කැරපොත්තෙක් කරා නේද"

"නෑ ඔයා ලස්සන කොණ්ඩ කුරුල්ලෙක්"

"මොකෙක්"

"ඔයාගෙ කොණ්ඩෙ ලස්සනයි කියලා කිව්වෙ අනේ"

"උබ දැන් ඕනවට වඩා වැඩියි ඇටි කිච්චෝ"

යශ් අයියා මාව තද කරල බදා ගත්තා. චප්ප චුරු වෙන්නම,මගේ කම්මුල එයාගෙ පපුවට තද වෙලා.අර හිච්චි පගාගෙ නෙවෙයි මේකා මගේ හුම්ම හිර කරයිද දන්නෙ නෑ.

ඊයේ රෑ තරම් දරුණු උනේ නැතත් අදත් මගේ කට කාලම තමයි මගේ කොණ්ඩ කුරුල්ලා යන්න ගියේ. මං ගෙට ඇවිත් දොරත් වහගන්නකන් එයා දොර ළඟ එළියේ හිටිය.තඹර අයියා නැතත් එයා මාව ආරක්ෂා කරනවා.

එයා දුවී අයියලාගේ ගෙදරට ගිහින් සර්ල එක්කත් කතා කරලම ගෙදර යනවා කිව්වනේ.ගෙදර ගිහින්ම මැසේජ් කරන්නම් කිව්ව නිසා මමත් පාඩුවේ හිටිය. ඒ අතරේ තමයි මට ජූඩ් අයියා කතා කරේ.හැබැයි ඉතින් එයා දුන්නෙ නම් හොඳ ආරංචියක් නෙවෙයි.

එයාට ආරංචි උන විදියට නම් කේෂ් අයියා තුහින සර් ඉන්න තැන දැනගෙන. ඒ වගේම රුකී අයියත් මං ඉන්න තැන දැනගෙන වගේම අයියයි මල්ලියි දෙන්නම කොයි වෙලේ හරි මෙහෙ එයි කියලයි එයා කිව්වෙ.දෙන්නම එකට එයිද එහෙම නැත්නම් දෙන්නට දෙන්නගෙ වැඩ රහසක් ද කියල නම් එයා දන්නෙ නෑලු. තව විස්තර දැනගෙන කියනකම් අපිට පරිස්සම් වෙලා ඉන්න කියල තමයි එයා කිව්වෙ.

තුහින සර් දැන් ඇත්තේ දුවී අයියලාගේ ගෙදර. ඒ නිසා මේ වෙලාවේ එයාට කතා කරන්න බෑ. ටිකකින් මැසේජ් එකක් දාලා හෙට ඉස්කෝලෙ ගියාම මේ ගැන වැඩි විස්තර කතා කරනවා.එක පිට ප්‍රශ්න කඩන් වැටෙනවා.සැනසීමක් ඇත්තෙම නෑ.මගේ වටේ ඉන්න අයවත් මේ ප්‍රශ්න වලින් ඈත් කරලා තියන්න වෙනවනේ. තඹර අයියට වඩා රුකී අයියා භයානකයි. යශ් අයියටත් මේ දේවල් හංගලා බෑ. හෙට එයා එක්ක හැම දෙයක්ම කියන්න ඕන, සදීර අයියා ගැන පවා.....

හිතට තවත් බරක් එකතු වෙද්දි මං ෆෝන් එක අරන් ඩේට ඔන් කරලා ෆේස්බුක් පැත්තේ ගියේ මේ දේවල් ටිකකට හරි අමතක කරන්න.හිතේ තියෙන පීඩනය අඩු කරන්න වගේ ඒ වෙලාවෙම යශ් අයියගෙන් පෝස්ට් එකක් වැටුනා. මේ දවස් වල නිතරම ඇහෙන පරණ සින්දුවක් ෆොටෝ එකක ටයිප් කරලා. ඒ ෆොටෝ එක තමයි අපි දෙන්නා අත් අල්ලන් ඉද්දී ගත්ත ෆොටෝ එකක්.....

ඒ එක්කම ඒ සින්දුවේ ඉතුරු ටික ටයිප් කරපු ෆොටෝ දෙකක් පිවිතුරු අයියයි, අනූප සරුයි ෆේස්බුක් එකට අප්ලෝඩ් කරලා තිබ්බා. අනූප සර් නම් නැටුම් මිස් එක්ක ගත්ත ඒ දෙන්නගේ හෙවනැල්ලේ ෆොටෝ එකක් උඩ සින්දුව ටයිප් කරලා තියෙද්දී පිවිතුරු අයියා යශ් අයියා වගේම එයාගෙයි තුහින සර්ගෙයි අත් වල ෆොටෝ එකක සින්දු කොටස ටයිප් කරලා තිබ්බා.


එක පේලියට ඒ ෆොටෝ තුන දකිද්දී මට හරිම සතුටුයි.හිතේ තිබ්බ ප්‍රශ්න ටිකකට අමතක උනා.....

*
*

අනංග රන් හී⁣ මල් සැරය වැදීලා
හිතක් හිතක ලැගුම් ලබාලා
අනංග රන් හී⁣ මල් සැරය වැදීලා
හිතක් හිතක ලැගුම් ලබාලා

සමන් ලතාවේ මලක් හිනා..වේ
යොවුන් හිතට නැවුම් සුවඳ ගෙනාවේ

පැතුම් පතාලා පෙරුම් පුරාලා
මැව්ව විමන සෙව්ව සෙවන පිරීලා.

අනංග රන් හී⁣යෙ මල් සැරය වැදීලා
හිතක් හිතක ලැගුම් ලබාලා

_____________________________________
දඬු මොණරු යළිත් ඉගිල්ලෙන තුරු 🏍️

කතාව කියවන වෝට්, කමෙන්ට් කරන හැමෝටම ගොඩාක් ස්තූතියි ආදරෙයි
                               ❤️💐

✍️ යූචි

Continue Reading

You'll Also Like

45.8K 7.8K 28
විහිලුවක් ගිය දුරක්...... දගකාර හදවතක් ලඟ නැවතුන අහිංසකයෙක්...
81K 12.1K 72
නුඹ නිසා දැවුණි.....💙 නුඹෙන් මා නිවෙමි......💙
24.2K 3.5K 12
ආදරේ කරන්න නොදන්න හිතකට ආදරේ කරන්න කියලා දුන්නු එයා ඒ ආදරේ අමතක කරන විදිහ කියලා දුන්නේ නැත්තන්...? ° nonfiction °